Divaina - welanda

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

2021-05-05 වන දින කලාපය

dialog
 
 ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හී සමූහ ප‍්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා විසින් ‘ගමට සන්නිවේදනය‘ වැඩසටහන යටතේ ඉදි වූ පළමු සන්නිවේදන කුලූන කච්චිගලදී විවෘත කළ අයුරු.
 
 ශ‍්‍රී ලංකාවේ පුළුල්තම ජාලයට හිමිකම් කියන ඩයලොග් ආසිආටා පී.එල්.සී. මෙරට ඈත ගම් දනව් දක්වා සිය ආවරණය ව්‍යාප්ත කිරීම වෙනුවෙන් වන තම කැපවීම තවදුරටත් පෙරට රැුගෙන යමින්, ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ‘ගමට සන්නිවේදනය‘ වැඩසටහන හා මුලපිරීම ඇඹිලිපිටිය, කච්චිගලදී සටහන් විය.
 
 dialog2ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ‘ගමට සන්නිවේදනය‘ වැඩසටහන යටතේ වන ව්‍යාප්ත කිරීම්ද ඇතුළුව, ඉදිරිය මාස 6ක කාලය තුළ රටේ දුෂ්කර ප‍්‍රදේශ ආවරණය වන සේ නව සන්නිවේදන කුලූනු 450ක් ඉදිකරමින්, මෙරට සියලූම ජනතාව ආවරණය කිරීමේ ඉලක්කයෙන් යුතුව ඩයලොග් ක‍්‍රියාත්මක වේ. ‘ගමට සන්නිවේදනය‘ වැඩසටහන යටතේ රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් ලබාගත් මේ සාර්ථක ආරම්භයත් සමගින් එහි ඉදිරි පියවර යටතේ කුරුණෑගල, රත්නපුර, මාතර, අනුරාධපුර සහ බදුල්ල යන දිස්ත‍්‍රික්කවල ආවරණයන් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙන බව ඩයලොග් ආසියාටා ඡුඛක්‍ හි ප‍්‍රධාන විධායක සුපුන් වීරසිංහ පවසයි.
 
 මෙම අනපේක්ෂිත කාල වකවානුව තුළ පාරිභෝගික අවශ්‍යතා වෙනුවෙන් අඛණ්ඩ පරිශ‍්‍රමයක යෙදෙමින් මෙම වසංගත සමයේ මේ දක්වා නව කුලූනු 515ක් ස්ථාපිත කළ ඩයලොග්, මෙරට වැඩිම සන්නිවේදන කුලූනු හිමි ජාලය වශයෙන් වන සිය වාර්තාව 4000 වැනි 4ඨ කුලූන දක්වා පෙරට රැුගෙන යෑමට පසුගියදා සමත් විය. ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මෙම ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන හරහා ඈත ගම් දනව්වල සිය ආවරණය ඉහළ නංවන අතරවාරයේ ඩයලොග් සමාගම විසින් මෙරට පාසල් දරුවන් 100,000ක් වෙත ඔවුන්ගේ මාර්ගගත අධ්‍යාපන වෑයමට සවියක් වෙමින් ‘නැනදිරි ඬේටා ශිෂ්‍යත්ව’ වැඩසටහන හරහා ඬේටා ශිෂ්‍යත්ව ද පිරිනමනු ලබයි. එසේම මෙරට දැවැන්තම සෘජු විදෙස් ආයෝජකයා බවට පත්වෙමින් මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියන 2.8ක සමස්ත ආයෝජනයක් සිදු කර ඇති ඩයලොග්, 2021 වසරේදී අදාළ යටිතල පහසුකම් නැංවීම උදෙසා ඇමරිකානු ඩොලර් මිලියන 207ක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබේ. දැනට සිදුකරමින් පවතින මෙම ආයෝජනය 2020 පෙබරවාරි මාසයේදී, ආයෝජන මණ්ඩලය සමගින් ගිවිස ගත් ඇමරිකානු ඩොලර් මිලියන 254.1ක අයෝජනයේ කොටසක්. මෙම ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන හා ඩයලොග් හි මුලපිරීම සටහන් වන මොහොතේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා ”මෙම ‘ගමට සන්නිවේදනය’ වැඩසටන ඇරඹුම මගින් රටේ ඈත පිටිසර පෙදෙස් වෙත ආවරණය සැපයීම වෙනුවෙන් අවශ්‍ය සබඳතා යටිතලය සැකසීමට අප කටයුතු යොදනවා යැයි කීය.

mahajana135ශී‍්‍ර ලාංකීය මූල්‍ය ක්ෂේත‍්‍රයේ මහත් පෙරළියක් ඇති කරමින් ඇරඹි මහජන බැංකුව පිහිටුවා ජූලි මස 01 වන දිනට 60 වසරක් සපිරෙයි. සිය සයවන දශකය සපුරන මේ මොහොත වන විට ගනුදෙනුකරුවා කේන්ද්‍ර කරගනිමින් ඔවුන්ගේ අවශ්‍යතාවයට සරිලන විශාල පරාසයක පැතිරුණු මුල්‍ය සේවා සහ නවීන තාක්ෂණය මුසු සේවා රැසක් හ`දුන්වාදීමට ඇපකැප වූ මහජන බැංකුව මහජනතාවගේ බැංකුව ලෙස ශී‍්‍ර ලාංකිකයින්ගේ හදවත් තුළ ගෞරවනීය ස්ථානයක් හිමිකරගෙන තිබේ.

sltmobitelwethin ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, විදුලි සංදේශ සහ ජංගම දුරකථන සේවා සම්පාදකයා වන SLT MOBITEL, සිය සේවා තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කර ඇත. වසංගත තත්ත්වය ආරම්භයේ පටන් මේ දක්වා ජාතික ඬේටා ඉල්ලූම දෙගුණයක් බවට පත්ව ඇති බැවින් එම අවශ්‍යතාව සපුරාලීමට මෙම පියවර ගෙන ඇති බව එම සමාගම පවසයි. විශේෂයෙන් අධිවේගී බ්‍රෝඞ්බෑන්ඞ් ජාල සහ 4G සබඳතාව පුළුල් කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පසුගිය වසර කිහිපය පුරා වාර්ෂිකව රු. බිලියන 25 ක් ආයෝජනය කර ඇති බවද  SLT MOBITEL නිවේදනය කර සිටී.

p5 1දශක පහකට අධික කාලයක් තිස්සේ මෙරට පාරිභෝගික ජනතාවට ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් නිෂ්පාදන රැසක් හඳුන්වාදුන් උපාලි සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සමාගමක් වන උපාලි කන්සියුමර් ප‍්‍රඩක්ට්” සිය ක‍්‍රිස්ටන් සබන් කාණ්ඩයේ නවතම නිෂ්පාදනය වන ‘ක‍්‍රිස්ටල් කොහොඹ සබන්’ මෙරට වෙළෙඳපොළට හඳුන්වාදෙනු ලැබීය.
 
 දේශීයත්වයට ප‍්‍රමුඛත්වය ලබාදෙමින් සිය නිෂ්පාදනයන් සිදු කරන උපාලි කන්සියුම් ප‍්‍රඩක්ට් සමාගම උපාලි සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධාන කාර්යාලයේ පසුගියදා පැවති චාම් උත්සවයකදී ‘ක‍්‍රිස්ටල් කොහොඹ සබන්’ හඳුන්වාදීම සිදු කෙරිණි.
 
 කොහොඹ කොළවලින් ලබාගන්නා සාර ප‍්‍රතිබැක්රීටියාකාරයක ප‍්‍රතිආසාත්මිකතවන්ගෙන් යුත් ගුණාංගවලින් පොහොසත්වන අතර එය ආසාදන තත්ත්ව, ආසාත්මිකතා හෝ ඕනෑම ආකාරයක සමේ ඇතිවිය හැකි ගැටලූ සඳහා පිළියම් ලබාදෙන ආකාරයට TFM‍ 76.5 ක ඉහළ අගයකින් යුක්තව ශ‍්‍රී ලංකා ප‍්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කර තිබේ.
 
 ‘ක‍්‍රිස්ටල් කොහොඹ සබන්’ මෙරට වෙළෙඳපොළට හඳුන්වාදීමේ අවස්ථාවට එක් වූ (ඡායාරූපයේ වමේ සිට) උපාලි පුවත්පත් සමාගමේ මූල්‍ය අධ්‍යක්‍ෂ ලක්‍ෂ්මන් පෙරේරා මහතා, සිලෝන් චොක්ලට් සමාගමේ අලෙවි සාමාන්‍යාධිකාරි ඉන්දික රණසිංහ මහතා, උපාලි කන්සියුමර් ප‍්‍රඩක්ට් සමාගමේ මෙහෙයුම් සාමාන්‍යාධිකාරි නිශාන්ත කරුණාසේකර මහතා, උපාලි සමූහ ව්‍යාපාරයේ කලමණාකරු අලෙවි අධ්‍යක්‍ෂිකා කරිෂ්මා වෙල්ගම මෙනවිය, උපාලි කන්සියුමර් ප‍්‍රඩක්ට් සමාගමේ අධ්‍යක්‍ෂ ධම්මික ආටිගල මහතා, උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ නිමල් වෙල්ගම මහතා, සිලෝන් චොක්ලට් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි පී. කේ. ඞී. එස්. සමන්ත මහතා ඡායාරූපයෙන් දැක්වේ.
 
 උපාලි කන්සියුමර් ප‍්‍රඩක්ට් සමාගමේ ක්‍ෂේත‍්‍ර විකුුණුම් කළමනාකරු කමල් ජයරත්න මහතා විසින් උපාලි කන්සියුමර් ප‍්‍රඩක්ට් සමාගමේ අතුරුගිරිය අලෙවි නියෝජිත මධුරංග අබේවර්ධන මහතා වෙත ‘ක‍්‍රිස්ටල් කොහොඹ සබන්’ පළමු අලෙවි කිරීම සිදු කළ අයුරු ඡුායාරූපයෙන් දැක්වේ. එම අවස්ථාවට එක් වූ උපාලි කන්සියුමර් ප‍්‍රඩක්ට් සමාගමේ මූල්‍ය කළමනාකරු කිංස්ලි ජයවර්ධන මහතාද ඡායාරූපයේ වේ.

p5 2
 
 සටහන - ප‍්‍රභාත් විතාන
 ඡායාරූප - නිමල් දයාරත්න
 
 

 

nsb135 ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සියලූ ගනුදෙනුකරුවන්ගේ පහසුව සඳහා NSB PAY නමින් නවතම ජංගම දුරකථන ඇප් එකක් හඳුන්වාදීම ජාතික ඉතිරි කිරීමේ බැංකු මූලස්ථානයේදී සිදු විය. එම අවස්ථාවට පැමිණි තරුණ කටයුතු හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාට එම බැංකුවේ සභාපතිනි කේශිලා ජයවර්ධන මහත්මිය විසින් එම ගිණුම් ක‍්‍රමය හඳුන්වා දුන් අයුරු ඡායාරූපයේ දැක්වේ. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප‍්‍රධාන විධායක අජිත් පිරිස් මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles