Divaina - welanda

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

2021-04-09 වන දින කලාපය

slic135 අභියෝගාත්මක වෙළෙඳපොළ තත්වය යටතේ වුවද ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2020 වර්ෂය සඳහා සේවා නවෝත්පාදන රැසක් සමගින් වාර්තාගත සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්ව තිබේ. මේ අනුව 2019 වර්ෂයේ වාර්තා කල රු.බිලියන 48.6 ක ආදායම ඉක්මවා යමින් 2020 වසර සඳහා රු. බිලියන 55.2 ක ආදායමක් වාර්තා කරමින් විශිෂ්ට වර්ධනයක් පෙන්නුම් කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්ව තිබේ.


 
 bus 1
 ප්‍රමුඛ පෙළේ ජීවිත රක්ෂණ සේවා සැපයුම්කරුවෙකු වන HNB ඇෂුවරන්ස් PLC (HNBA)   සහ එහි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන හා ශීඝ්‍රයෙන් වර්ධනය වන සාමාන්‍ය රක්ෂණ සමාගමක් වනHNBජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් (HNBGI) එක්ව 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා එහි පිරිවැටුම රුපියල් බිලියන 10 සීමාව අබිබවන ලදී.

HNBA හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි වන ලසිත විමලරත්න මහතා තම අදහස් දක්වමින් පැවසුවේ, “ඉහළ තරගකාරිත්වයක් ඇති රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු ලෙස අපගේ සේවාලාභීන් හා කාර්ය මණ්ඩලයට ඉහළ වටිනාකමක් එකතු කිරීම හා සේවය සැලසීම යන අපගේ පොරොන්දු ඉටු කිරීමට හැකි වීම පිළිබඳ අපි බෙහෙවින් සතුටට පත් වෙමු. සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීම, නවතම රක්ෂණ විසඳුම් හඳුන්වාදීම සහ කාලෝචිත ව්‍යාපාරික ක්‍රමවේද යොදාගැනීම මගින් අපගේ සියලුම පාර්ශ්වකරුවන්ට විශිෂ්ට ප්‍රතිඵල ලබා දීමට අපට පුළුවන් වී ඇත. මූල්‍ය ක්ෂේත්‍රයේ වගකීමක් දරන්නා වූ ආයතනයක් ලෙස අවිනිශ්චිත පරිසරයක පවා තීරණාත්මක තීරණ ගනිමින් අභියෝග ජය ගැනීමේ හැකියාව මෙම විශිෂ්ට කඩඉම පසු කිරීම මගින් සනාථ වේ. ඒ නිසාම අප ඉදිරියේ තිබුණා වූ අභියෝග හුදෙක් ගැට නොව නව මං පෙත් කරා යා හැකි අවස්ථාවන් බවට පරිවර්තනය කර ගැනීමට අපට හැකි විය. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ ක්ෂේත්‍රය තුළ සමූහයක් ලෙස අපට ඇති සවියයි. මේ අවස්ථාවේ අපගේ කණ්ඩායමටත් ඔවුන් දැක්වූ නොපසුබට වීර්යය පිළිබඳවත් මාගේ ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමි.

HNBGI හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි වන සිතුමිණ ජයසුන්දර මහතා සඳහන් කළේ, “රුපියල් බිලියන 10 ක දළ ලිඛිත වාරික කඩයිම පසු කිරීමට අපගේ නියෝජිත නාලිකාව, ව්‍යාපාරික අලෙවි ඒකකය, ටකාෆුල් ඒකකය, බ්‍රෝකර් සහ ලීසිං නාලිකාවන් මහත් දායකත්වයක් ලබා දුනි. වර්තමානයේ අප මුහුණ දෙන්නා වූ ආර්ථික පසුබිමේ මෙවැනි ප්‍රතිඵල අත්පත් කර ගැනීම සැබවින්ම විශිෂ්ට ප්‍රතිඵලයකි. එලෙසම දීර්ඝ කාලීනව අපගේ සියලු පාර්ශ්වකරුවන් හා සමග අප ගොඩනගා ගෙන ඇති සවිමත් සබැඳියාවන් තුළින් අපට ලැබෙන ආත්ම විශ්වාසය ඉදිරියටත් මෙවැනි ජයග්‍රහණ වෙත යෑමට අත්‍යවශ්‍ය අත්තිවාරමක් හා සවියක් වනු ඇත යන්නයි.



bus 3SDB බැංකුව සම්පූර්ණයෙන්ම ඩිජිටල් ක්‍රමයට ණය ගිවිසුම් අත්සන් කිරීමේ ක්‍රියාවලිය හඳුන්වාදෙමින් සිය ඩිජිටල්කරණ වැඩපිළිවෙළහි තවත් පියවරක් ඉදිරියට තැබීය. සෑම තරාතිරමක් කරාම විහිදුණු සිය පුළුල් පාරිභෝගික පදනමෙහි පුද්ගලික හා ව්‍යවසායක අවශ්‍යතාවයන් සඵල කරවන්නට මෙම නව හඳුන්වාදීම බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇති බවSDB බැංකුව විශ්වාස කරයි.

මෙසේ හඳුන්වාදෙන සරල හා කඩිනම් ණය ක්‍රියාවලිය ඔස්සේ SDB ගනුදෙනුකරුවන්ට පහසුවෙන් ව්‍යවසායකත්වය කරා යා හැකි වන අතර එමඟින් විශාල ආර්ථික වටිනාකමක් ඇති කිරීමටත් ජාතික සංවර්ධනයට දායකත්වය ලබාදීමටත් හැකි වේ. එමෙන්ම, මෙම නව ක්‍රියාවලිය මඟින් පුද්ගලික අරමුණු කරා යාමට අරමුදල් සුරක්ෂිත කරගැනීම සඳහා පහසු මාවතක් සැකසෙන බැවින් සමාජ සුබසිද්ධියද උදාවනු ඇත. තවද මෙමගින් ‘ඔබව වටින SDB බැංකුව’ ලෙසින් රට පුරා අත්කරගෙන සිටින ස්ථානය තවදුරටත් ශක්තිමත් කරවයි.

මෙම සුවිශේෂී හඳුන්වාදීම සිදු කිරීමට පෙරාතුව, ඩිජිටල් අත්සන් ක්‍රමයක් බැංකුව විසින් අභ්‍යන්තර වශයෙන් සාර්ථකව ක්‍රියාවට නංවා තිබූ අතර එමඟින් විධිමත් ණය අනුමත කිරීමක් සේම අත්සන් ක්‍රියාවලියක් සහ ණය මුදාහැරීම්වල සැලකිය යුතු කාර්යක්ෂමතාවක් ඇති කිරීමට සමත්ව ඇත. සිය බැංකුව තුළ ඩිජිටල් අත්සන් ක්‍රමවේදය සාර්ථකව අත්හදාබැලීමත් සමඟ ණය ගිවිසුම් කාර්යයන්හි පහසුව සඳහා මෙම නව ඩිජිටල් ක්‍රමවේදය නව වසරේ පළමු කාර්යය ලෙසින් සිය ගනුදෙනුකරුවන් කරා ව්‍යාප්ත කරවන්නට ීෘඊ බැංකුව මෙසේ කටයුතු කර ඇත. දිවයිනේ ප්‍රදේශ කිහිපයක සමුපකාර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ පාරිභෝගික බැංකු යන අංශවලට අයත්SDB ගනුදෙනුකරුවන් විසින් මෙම ඩිජිටල් අත්සන් ක්‍රියාවලිය විශාල වශයෙන් භාවිත කරන්නට මේ වනවිටත් කටයුතු කර ඇත.

ඳා
මෙය බැංකු ක්ෂේත්‍රයෙහි නව සංවර්ධනයක් ලෙසින් හඳුන්වමින් අදහස් දැක්වූ SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිලක් පියදිගම මහතා මෙසේ පැවසීය. “මෙම තාක්‍ෂණය භාවිත කිරීම ඔස්සේ අපගේ ණය අනුමත කිරීමේ ක්‍රියාවලිය විධිමත් කරන අතරම මූල්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රමිතිය ඉහළ නැංවීමට හැකි වීම සහ ණය ලබාදීමේ ක්‍රියාවලිය වඩාත් කෙටි සහ පහසු කිරීම මගින් ගනුදෙනුකරුවන්ගේ ව්‍යවසායක හා පෞද්ගලික අභිලාෂයන් සඵල කරගැනීමට හැකිවීම පිළිබඳව අප නිහතමානීව සතුටු වන්නෙමු”
 

bus135Samsung සිය නවතම ප‍්‍රමුඛතා ජංගම දුරකථන පෙළ Galaxy S21 එළිදක්වමින් සිය පාරිභෝගිකයින් සමග ඇති විශ්වාසනීය බැඳීම 2021 වර්ෂයේදීත් තවදුරටත් ශක්තිමත් කර ගැනීමට කටයුතු කර තිබේ. අතිනවීන තාක්ෂණික හැකියාවන්ගෙන් සවිබල ගැන්වුණු කැමරාව හා වීඩියෝකරණ හැකියාවල අලංකාරාත්මක නව්‍යකරණ නිමාවමෙන්ම strea mline connectivity හැකියාවන් සමග Samsung Galaxy S21 ප‍්‍රමුඛතා ස්මාර්ට් ජංගම දුරකථන පෙළ ලෝකය තුළ නවතම පෙරළියක් සිදු කරනු ඇතැයි බලාපොරොත්තු තබාගත හැකිය.

 



 bus 2
ARCHITECT 2021 සාමාජික ක්‍රියාකාරකම් සහ වෙළෙඳ ප්‍රදර්ශනය 2020 වර්ෂයේ ඔක්තෝබර් මස 13 වන දින පැවැත්වීම සඳහා සියළු කටයුතු සූදානම් කරගෙන සිටියද, රට තුළ පැවැති වසංගත වාතාවරණය හමුවේ එය පසුගියදා කොළඹදී පැවැත්විණි.
 මෙම වැඩසටහන සම්පූර්ණයෙන්ම රජයේ කොවිඩ්-19 වැළැක්වීමේ ක්‍රියාපටිපාටියට මෙන්ම සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුකූලව, පසුගිය වසරේ මෙම වැඩසටහන හා සම්බන්ධ වූ අනුග්‍රාහක භවතුන්, වෙළෙඳ කුටි හිමිකරුවන්, විශේෂ අමුත්තන් සහ ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ සාමාජිකයින් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීය. මෙම වැඩසටහනේ න්‍යාය පත්‍රයට මෑතකදී එක් කරන ලද සුවිශේෂී අංගයක් වනුයේ මෙම වැඩසටහනට දීර්ඝ කාලීන සහභාගීත්වයක් සහිත සහ සුවිශේෂී ස්ථානයක අත්‍යාලංකාර සහ සිත්ගන්නාසුලු වෙළෙඳකුටි පවත්වාගෙන ගිය පිරිස් ඇගැයීමට ලක් කිරීමයි. එහි ජයග්‍රාහකයින් තෝරා ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්යය ඇගැයීමකට ලක් කරනු ලැබිණි.

 මෙම උත්කර්ෂවත් අවස්ථාවේ සමාරම්භය ප්‍රදර්ශන කමිටුවේ සභාපති වාස්තු විද්‍යාඥ රෝහණ බණ්ඩාර හේරත් සහ ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ සභාපති වාස්තු විද්‍යාඥ වෙරන්ජන් කුරුකුලසූරියගේ මංගල කතාව සමගින් සිදු කෙරිණි. ඉන් අනතුරුව, නව වෙළෙඳකුටිවල පිහිටීම පිළිබඳ පරිගනකගත ඉදිරිපත් කිරීම් සහ ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ සාමාජිකයින්ගේ නවතම ව්‍යාපෘති නිර්මාණ ඉදිරිපත් කිරීම සහ හඳුන්වාදීමද සිදු වේ. මේ සඳහා වෙළෙඳකුටි හිමිකරුවන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය ඉතාමත් යහපත් බව කිව යුතුය.

 ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහාවන ආකර්ෂණීයභාවය තවත් ඉහළ නැංවීමේ අරමුණින්, මහජනතාව දැනුවත් කිරීමත්, ඔවුනට එම ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් සමඟ සම්බන්ධ වීමට අවස්ථා උදාකර දීමත් අරමුණු කොටගෙන මෙම වසරේ වැඩසටහන් තේමාව ‘වාස්තු විද්‍යාඥයායේ සමාජ වගකීම’ ලෙස නම් කොට ඇත. ඒ අනුව, ්ඍක්‍්‍යෂඔෑක්‍ඔ 2021 මහජනතාවට නවමු අත්දැකීමක් වනු නොඅනුමානය. අන් කවරදාටත් වඩා මෙවර ඔවුනට වරලත් වාස්තු විද්‍යාඥයින් සමඟ සම්බන්ධවී ඔවුන් මුහුණ දී ඇති ඉදිකිරීම් සම්බන්ධ ගැටළු නිරාකරණයට සහ අදහස් ලබා ගැනීමට මෙන්ම, පෞද්ගලික මට්ටමින් ඔවුන්ගේ විශේෂඥ සේවාව නොමිලේ ලබා ගැනීමට ද අවස්ථාව සලසාදීම මහජනතාවට අමතක නොවන අත්දැකීමක් වනු ඇත. වර්තමානයේ උද්ගතව ඇති වසංගත තත්ත්වය හමුවේ නිර්මාණය වී ඇති නව සාමාන්‍ය ජීවන රටාවට සහ කොවිඩ්-19 වැළැක්වීමේ ක්‍රියාපටිපාටීන්ට අනුකූලවARCHITECT 2021 වැඩසටහන පැවැත්වීමට නියමිතය. තවද, දින තුනක් පුරා පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනයේදී සාමාජික සංසදය විසින් වාස්තු විද්‍යා වෘත්තීය ක්ෂේත්‍රය හා සම්බන්ධ විවිධ අධ්‍යාපනික දේශන ද පැවැත්වීමට නියමිතය.

 ඉදිකිරීම් ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණපා ඇති ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමත් ඒ සඳහා විසඳුම් යෝජනා කිරීමත් අරමුණු කොටගත් විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයින්ගේ සංගමය විසින් සංවිධානය කර ඇත.

ARCHITECT 2021 වැඩසටහන් මාලාවේ සමාරම්භය 2021 වර්ෂයේ පෙබරවාරි මස 17 වැනිදා සිදු කිරීමට නියමිත අතර ඊට පසු දින ජාතික සම්මේලනය පැවැත්වීමට කටයුතු යොදා ඇත. ්ඍක්‍්‍යෂඔෑක්‍ඔ 2021 ප්‍රදර්ශනය පෙබරවාරි 19 වන දින උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිත අතර, එය පෙබරවාරි, 19, 20 සහ 21 යන තෙදින පුරා පෙ.ව. 10 සිට ප.ව. 10 දක්වා පැවැත්වීමට නියමිතය.

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles