Divaina - welanda

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

2021-04-08 වන දින කලාපය

nsbmශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපාර සමූහයන් අතරින් එකක්‌ වන ලාෆ්ස්‌ හෝල්ඩින්ස්‌ සමාගම ව්‍යාපාර කළමනාකරණ අංශයේ රන් අනුග්‍රාහකයා වශයෙන් 2017 වසරේ NSBM රැකියා වෙළෙඳපොළ සමඟ අත්වැල් බැඳ ගනී.
 
 NSBM හරිත සරසවියේ නියෝජ්‍ය උපකුලපති වන චමින්ද රත්නායක මහතා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවයේදී අදහස්‌ දක්‌වමින්, අපගේ උපාධිධාරීන් රැකියා වෙළෙඳපොළට උචිත පරිදි සකස්‌ කිරීමට අප ආයතනය නිරන්තරයෙන්ම කැපවී සිටින බවත් මෙම රැකියා වෙළඳපොල ඒ සඳහා මහගු පිටුවහලක්‌ වන බවත් පැවසීය. ලාෆ්ස්‌ හෝල්ඩින්ස්‌ ආයතනයේ මානව සම්පත් බඳවා ගැනීමේ අංශයේ තරිදු සොමිරත්න මහතා අදහස්‌ දක්‌වමින් ශ්‍රී ලංකාවේ වගකිවයුතු ව්‍යාපාර ආයතනයක්‌ වශයෙන් අපගේ අභිලාශය වන්නේ දක්‌ෂ කළමනාකරුවන් සහ කණ්‌ඩායම් මගින් සාර්ථක ව්‍යාපාර ආයතන ගොඩනැංවීම බවත්, අප ආයතන සමුහය මගින් නවක උපාධිධාරීන්ට රැකියා අවස්‌ථාවන් ලබාදීම තුලින් ඔවුන්ගේ අනාගත වෘත්තිය සිහිනයන් යථාර්ථයක්‌ බවට පත්කර දීමට හැකිවීම ගැන ආඩම්බර වන බවත් පැවසීය. මෙම අනුග්‍රාහක සහයෝගිතාවය මගිsන් අපගේ අරමුණු වඩාත් සංවිධානාත්මක ලෙස ඉටුකර ගැනීමට හැකිවනු ඇතැයිද ඔහු තවදුරත් පැවසීය.
 
 ව්‍යාපාර කළමනාකරණ අංශයේ රන් අනුග්‍රාහකත්වය ලද ලාෆ්ස්‌ හෝල්ඩින්ස්‌ සමාගම (www.laughs.lk ), ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාපාර සමූහයන් අතර විශ්වාසවන්ත නාමයක්‌ වේ. එය ව්‍යාපාර ක්‌ෂේත්‍ර 20 ක්‌ පුරා පුළුල් වූ පුරෝගාමියෙකු ලෙස ශක්‌තිමත්ව ස්‌ථාපනය කර ඇත. එම ව්‍යාපාර ක්‌ෂේත්‍ර අතර බලශක්‌ති, වෙළඳ, කර්මාන්ත, සේවා, සංචාරක, දේපළ, සමුද්‍ර ප්‍රවාහන හා අනෙකුත් අංශ සමන්විත වේ.
 
 NSBM හරිත සරසවි නගරය මගින් සංවිධානය කරන රැකියා වෙළඳපොළ-2017 නොවැම්බර් මස 25 සහ 26 යන දෙදින තුළ හෝමාගම පිටිපනදී පැවැත්වේ. මෙම රැකියා වෙළඳපොළට NSBM හරිත සරසවියේ කළමනාකරණ උපාධිධාරීන්, තොරතුරු තාක්‍ෂණ උපාධිධාරීන් සහ උපාධි අපේක්‌ෂකයන් විශාල පිරිසක්‌ සහභාගි වනු ඇත. මෙයට අමතරව අනෙකුත් විශ්වවිද්‍යාල සහ උසස්‌ අධ්‍යාපන ආයතනවල නවක උපාධිධාරීන්ට ද මෙම රැකියා වෙළඳපොළ විවෘතව පවතී.
 
 මෙම රැකියා වෙළෙඳපොළට සහභාගී වන ව්‍යාපාර ආයතන හා සේවායෝජකයන් හට ඔවුන්ගේ රැකියා අවස්‌ථා සහ පුහුණු වීමේ අවස්‌ථාවන් පිළිබඳව ඉහත උපාධිධාරීන් හා උපාධි අපේක්‌ෂකයන් වෙත දැනුම් දීම, සම්මුඛ පරීක්‌ෂණ පැවැත්වීම හා බඳවාගැනීමේ කටයුතු ද සිදුකළ හැකිවේ.
 
 රැකියා වෙළෙඳපොළේ පළමු දිනය නොවැම්බර් 25 කළමනාකරණ ක්‌ෂේත්‍රයට අදාළ වන අතර දෙවන දිනය වන නොවැම්බර් 26 තොරතුරු තාක්‌ෂණ ක්‌ෂේත්‍රය සඳහා වෙන්කොට ඇත. මෙම දෙදින තුළදීම වෘත්තීය මාර්ගෝපදේශන, කුසලතා සංවර්ධන සහ පෞරුෂත්ව සංවර්ධන වැඩමුළු සහ දේශන ගණනාවක්‌ මෙම වෙළෙඳපොළට සහභාගී වන ව්‍යාපාර ආයතන මගින් පවත්වනු ලැබේ.
 

bocමේ වසරේ තම 78 වන වර්ෂ පූර්ණය සැමරූ ලංකා බැංකුවේ එක්‌ වැදගත් අංගයක්‌ වන්නේ එහි ආරම්භයේ සිටම එය සතුව සිංහල සාහිත්‍ය සංගමය සහ දෙමළ සාහිත්‍ය සංගමය මෙන්ම බෞද්ධ සංගමය, හින්දු සංගමය, මුස්‌ලිම් සංගමය, කිතුණු සංගමය වැනි ඉතා ක්‍රියාශීලී බහු සාමයික මෙන්ම සාහිත්‍ය සංගම් පැවතීමය. සෑම වසරකම අගෝස්‌තු මස යෙදෙන සංවත්සර සැමරුම් දිනයේදී බැංකුව බෞද්ධ, හින්දු, මුස්‌ලිම් හා කතෝලික ආගමික වැඩසටහන් පවත්වන අතර මෙම උදෑසන වැඩසටහනට සෑම ආගමකම නායකයෝ සහභාගි වෙති.
 
 ලංකා බැංකු හින්දු සංගමය සැප්තැම්බර් 20 සිට 29 දින තෙක්‌ සිය වාර්ෂික නවරාත්‍රී පූජාව සැමරුවේය.
 
 මේ වර්ෂයේදී විශේෂ දේශනය -ආගම යහපත් ආයතනික පාලනය, අභිසාරිතාවය යන මැයෙන් වූ අතර එය පවත්වනු ලැබුවේ ලංකා බැංකුවේ අධ්‍යක්‌ෂ හා විගණන කමිටුවේ සභාපති මෙන්ම ශ්‍රී ලංකා සුරැකුම් හා විනිමය කොමිසමේ කොමසාරිස්‌වරයකු වන වරලත් ගණකාධිකාරි රනෙල් ටී. විඡේසිංහ මහතා විසිනි.

welda1මෙරට වෙනුවෙන් කලක්‌ තිස්‌සේ සිය ශ්‍රමය කැපකර අද විවේක සුවයෙන් ජීවත් වන විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් පෑන් ඒෂියා බැංකුව ඉදිරිපත් කළ .සම්මාන. ගිණුම අද වන විට ඉතා ජනප්‍රිය තත්ත්වයට පත් වී තිබේ. මෙබැවින් මෑතකදී මෙම ගිණුමට තවත් වාසිදායක අංග රැසක්‌ එකතු කරනු ලැබුණු අතර එම බැංකුවේ අලෙවි සහ පාරිභෝගික බැංකු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නාලක විජයවර්ධන මහතා සමග මේ සාකච්ඡාව පැවැත්වූයේ ඒ නිමිත්තෙනි.
 
 සම්මාන විශ්‍රාමික ණය යෝජනා ක්‍රමය යනු කුමක්‌ද?
 
 මෙයට වසර කිහිපයකට කලින් විශ්‍රාමිකයන්ට ණය දීමට බැංකු මැලි වුණා. පෑන් ඒෂියා බැංකුව තමයි සම්මාන විශ්‍රාමික ණය යෝජනා ක්‍රමය යටතේ රටටම මේ ආදර්ශය ලබාදුන්නේ. කාලයක්‌ තිස්‌සේ රටට ඉමහත් සේවයක්‌ කළ මේ පිරිසගෙන් රටට තව ලබාගැනීමට සේවයක්‌ ඇති බවත් ආර්ථිකයට එය ඉතාම වැදගත් බවත් අපට වැටහුණා. එමෙන්ම කිසිවකුට බරක්‌ නොවී සිය ජීවිත ඉදිරියට ගෙන යැමට ඔවුනට අභිලාෂයක්‌ මෙන්ම හැකියාවක්‌ද ඇතැයි අපිට හොඳින්ම වැටහුණා. එම කාරණා හේතු කොටගෙනයි සම්මාන ණය යෝජනා ක්‍රමය අපි ආරම්භ කළේ. විශ්‍රාම වැටුප පෑන් ඒෂියා බැංකුවට හැරවීමෙන් පසුව එයින් අය කරගන්නා පදනම මත රුපියල් මිලියන 2ක්‌ දක්‌වා ණයක්‌ ගන්න මේ යටතේ පුළුවනි. ආපසු ගෙවීමේ කාලය වසර 10ක්‌ දක්‌වා ලබාගත හැකි වීම තවත් විශේෂ කරුණක්‌.
 
 මේ වැඩපිළිවෙළ යටතේ මෙතෙක්‌ ඇති වූ ප්‍රගතිය මොන වගේද?
 
 මේ වන විට ඉතා විශාල ණය පහසුකම් ප්‍රමාණයක්‌ ලබාදී තිබෙනවා. එයින් බොහෝ දෙනෙක්‌ ස්‌වයං රැකියා පටන්ගෙන විශ්‍රාම දිවියට අමතර ආදායමක්‌ එකතු කරගෙන තිබෙනවා. කාටවත් බරක්‌ නොවන මේ අයට ඇතැම් විට තම දරුවන්ටත් සවියක්‌ වීමට හැකිවීමත්, රටේ ආර්ථිකයට දායක වීමටත් හැකි වීමත් ගැන අපටත් මහත් අභිමානයක්‌ ඇති වෙනවා.
 
 මේ අතර තම දරුවන්ගේ විවාහ උත්සව වැනි යුතුකම් ඉෂ්ට කිරීමට මෙම ණය ලබාගන්නා අයත් ඉන්නවා. තවත් සමහර අය වන්දනා ගමන් යැමටත් මේ ණය ක්‍රමයේ සේවය ලබාගන්නවා. මෙහි ඇති අනිත් විශේෂත්වය තමයි ණය ලබාගැනීමේදී ඔවුන්ට හිමිවන රක්‌ෂණ ආවරණය. මේ නිසා යම් විධියකින් සම්මාන ගනුදෙනුකරුවකු මියගියත් කිසිදු ණය බරක්‌ පවුලේ අනිත් අයට ඉතුරු වන්නේ නැහැ.
 
 මේ ණය ක්‍රමයට මෑතකදී හඳුන්වා දුන් නව පහසුකම් මොනවාද?
 
 විශ්‍රාම වැටුප ලැබෙන්නේ මාසයේ යම් නිශ්චිත දිනයකදී. ඒ අතරතුර දී යම් මුදල් අවශ්‍යතාවක්‌ ඇති වුවහොත් ඕනෑම කෙනෙක්‌ අසරණ වෙනවා. මෙවැනි විටෙකදී උදව් කිරීමට අප නව විශ්‍රාම වැටුප් අත්තිකාරම් ක්‍රමයක්‌ හඳුන්වා දී තිබෙනවා. මේ ම`ගින් ඔවුන්ට විශ්‍රාම වැටුප් ගෙවන දිනයට පෙර දිනයකදී වුවත් පෑන් ඒෂියා බැංකුවකට ගොස්‌ ඉතාම කෙටි කාලයකදී ඉතාම සුළු අමතර ගාස්‌තුවක්‌ යටතේ පොලී රහිත ණය අත්තිකාරමක්‌ ලබාගත හැකියි. මේ පහසුකම ඕනෑම ශාඛාවකින් ලබාගත හැකි වීම තවත් විශේෂත්වයක්‌. මෙම සේවාව හරහා ලබාගත හැකි උපරිම මුදල රු. 30,000/-ක්‌ වන අතර අවමය රු. 5000/-ක්‌
 
 මේ ගිණුම් හිමියන්ට ලැබෙන වෙනත් ප්‍රතිලාභ මොනවාද?
 
 ඉහත සඳහන් කළ පහසුකම්වලට අමතරව අපි සම්මාන ගිණුම් හිමියන්ට වට්‌ටම් ක්‍රමයක්‌ හඳුන්වා දී තිබෙනවා. එමඟින් තෝරා ගන්නා ලද පොත් සාප්පු, ඇස්‌කණ්‌ණාඩි ලබාගන්නා ස්‌ථාන සහ රක්‌ෂණාවරණ වැනි සේවාවන් සඳහා සුවිශේෂී වට්‌ටම් හිමිකර ගත හැකියි.
 
 මෙම ණයක්‌ ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද?
 
 රුපියල් 10,000/-ක්‌ හෝ ඊට වැඩි විශ්‍රාම වැටුපක්‌ හිමි අයට තමන්ගේ විශ්‍රාම වැටුප පෑන් ඒෂියා බැංකුවේ සම්මාන ගිණුමකට බැර කිරීමට උපදෙස්‌ ලබාදීමෙන් මෙම පහසුකම ලබාගත හැකියි. වයස අවුරුදු 70ට අඩු විශ්‍රාම වැටුප් හිමියන්ට ණය පහසුකම සඳහා ඉල්ලුම් කිරීමට පුළුවනි.
 
 විශේෂයෙන්ම සඳහන් කළයුතු කාරණයක්‌ තිබෙනවා, ඒ තමයි සම්මාන ගිණුම් යටතේ ණයක්‌ ලබාගැනීම සඳහා කිසිදු ආකාරයක ඇපකරුවකු අවශ්‍ය නොවීම.
 
 මේ ගැන වැඩි විස්‌තර ලබාගන්නේ කෙසේද?
 
 සියලුම දිනයන්හි පැය 24 පුරා ක්‍රියාත්මකව පවතින අපගේ බැංකුවේ පාරිභෝගික සේවා මධ්‍යස්‌ථානය අංක 0114 667 222 මඟින් ඇමතීමෙන් හෝ පෑන් ඒෂියා බැංකුවේ ළ`ගම ඇති ශාඛාවක්‌ වෙත ගොඩවැදීමෙන් ඔබට මේ ගැන වැඩි විස්‌තර ලබාගත හැකියි.

weda2ශ්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල්, දකුණු ආසියාවේ ප්‍රථම වතාවට නවතම NB-IOT තාක්‍ෂණය (Narrow Band Internet of Things) පසුගියදා අවසන් වූ .ටෙක්‌නෝ 2017. ප්‍රදර්ශනයේදී හඳුන්වාදෙන ලදී.
 
 මෙම ප්‍රදර්ශනය ඔක්‌තෝබර් 13 සිට 15 වැනිදා දක්‌වා ශ්‍රී ලංකාවේදී පැවැත්විණි.
 
 මොබිටෙල් .ටෙක්‌නෝ 2017. ප්‍රදර්ශනයේදී ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරන ලද NB-IOT තාක්‍ෂණය, එම ප්‍රදර්ශනයට සහභාගි වූ සියලු දෙනාම පාහේ අත්හදා බලන ලදී. අඩු බලයකින් ක්‍රියාත්මක පුළුල් ප්‍රදේශ හා සම්බන්ධ තාක්‍ෂණ අවශ්‍යතා (Low Power Wide Area Connectivity) එම අවස්‌ථාවේ විඳින්නට ඔවුන්ට හැකිවීම ඊට හේතුව විය. නාගරික වගාවන් සහ නිවාස ආරක්‍ෂණ පද්ධති වෙනුවෙන් ප්‍රබල තාක්‍ෂණයක්‌ ලෙස NB-IOT තාක්‍ෂණය මොබිටෙල් එහිදී ඉදිරිපත් කරන ලදී. මොබිටෙල් NB-IOT තාක්‍ෂණය මෙගා හර්ට්‌ස්‌ 900 ක වර්ණාවලිය (Spectrum) නාව්‍ය ලෙස විහිඳුම මඟින් සමාන්‍ය මොබිටෙල් ආවරණය 7 ගුණයකින් වර්ධනය කරලීම සහතික කරයි. මේ මගින් කොන්ක්‍රීට්‌ ආකෘති හෝ භූගත ස්‌ථාන කරා විනිවිද ගොස්‌ ආපදා නිරීක්‍ෂණ සංවේදක, ස්‌මාර්ට්‌ මීටර් ආදී මෙවලම්වලට ළඟාවීමට හැකියාව හිමිවෙයි.
 
 බොහෝ විට ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාව නොසලකා හරින පසුබිමක්‌ තුළ සැබෑ තාක්‍ෂණික විසඳුම් ඉදිරිපත් කිරීමට මොබිටෙල් සමත්වීම සම්බන්ධයෙන් ආඩම්බර වන බව මොබිටෙල් හි සභාපති පී. ජී. කුමාරසිංහ සිරිසේන මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ සමස්‌ත නිෂ්පාදන ඵලදායීතාව වර්ධනය කිරීම සඳහා අඩු පිරිවැය ස්‌වයංක්‍රීය විසඳුම් ඉදිරිපත් කිරීමට මොබිටෙල්හි නව NB-IOT තාක්‍ෂණය අත්‍යවශ්‍ය සාධකයක්‌ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.
 
 මොබිටෙල්හි ප්‍රධාන විධායක නිලධාරි නලීන් පෙරේරා මහතා මොබිටෙල් හි ආදර්ශ පාඨය වන ‘We Care Always’ (ඔබ සමගයි සැමදා) ට අනුව ක්‍රියාත්මක වීමේ වැදගත්කම ගැන අවධාරණය කරන ලදී. දැනටමත් සාර්ථකත්වය හිමිකරගෙන ඇති, X Station Stores හරහා බෙදාහරින .නිවසේ ස්‌වයංකරණ විසඳුම්. වලට අමතරව නව්‍ය NB-IOT ජාලය ආයතනයේ දර්ශනය එය තවදුරටත් ශක්‌තිමත් කිරීමට ඉවහල් වන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. .මොබිටෙල් NB-IOT සියලු දෙනා වෙනුවෙනි. එය සුඛෝaපභෝගී සේවාවක්‌ නොවේ. ව්‍යාපාරික ආයතනයක්‌ ලෙස අපි අපගේ සමාජ වගකීම් ගැන දැනුවත්ව සිටින අතර, තවදුරටත් නාගරික සහ ග්‍රාමීය ප්‍රජාව අතර ඇති ඩිජිටල් භේදය යා කිරීමට කටයුතු කරමු. යන ප්‍රබල පණිවිඩය ලබා දෙමින් ඔහු තම කතාව අවසන් කළේය.

weda1පසුගියදා ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් සැම්සුන් Galaxy Note8 Smart ජංගම දුරකථනය බොහෝ පාරිභෝගික ප්‍රතිචාර ලබමින් සුවිශේෂි ප්‍රතිඵල පෙන්වා ඇති බව සැම්සුන් ශ්‍රී ලංකා සමාගම පවසයි.
 
 සැම්සුන් Galaxy Note8 Smart ජංගම දුරකථනය ඇලෙක්‌ස්‍රැන්ඩ්‍රා පෙදෙසෙහි පිහිටි Odel ප්‍රදර්ශනාගාරයේ නොවැම්බර් මස 5වැනිදා තෙක්‌ ප්‍රදර්ශනය කරන අතර මෙමගින් සිය පාරිභෝගිකයන්ට අද්විතීය Reality අත්දැකීමක්‌ ලබා දීමට බලාපොරොත්තු වන බව එම ආයතනය පවසා සිටියි.
 
 J7 max, J7 pro, Galaxy S8 සහ S8 plus වැනි සැම්සුන් Smart දුරකථනයන්හි සුවිශේෂි විශේෂාංග පිළිබඳව අත්දැකීමක්‌ ලබා ගැනීමට මෙය කදිම අවස්‌ථාවක්‌ද වේ. නවීනතම තාක්‌ෂණයෙන් යුතුව ඉතා සිත්ගන්නාසුළු පෙනුමකින් නිර්මාණය කර තිබෙන සැම්සුන් Galaxy Note8 Smart දුරකථනයෙහි ද්විත්ව කැමරාව හා වැඩි දියුණු කළ S pen ඉතා ඉහළ විනෝදාස්‌වාදයක්‌ ලබා දෙයි. මෙය 21වන සියවසේ Smart ජංගම දුරකථනයක සියලු බලාපොරොත්තු සපුරාලමින් නව පරපුරේ අපෙක්‌ෂාවන්ට සරිලන ලෙස නිපදවා ඇත.
 
 පුළුල් තිරයකින් සමන්විත Galaxy S8 දුරකථනය එක්‌ අතකින් පහසුවෙන් හැසිර විය හැකි ලෙස නිපදවා ඇත. අඟල් 6.3 කින් යුත් S Quad HD + Super Amoled
 Infinity තිරය පහසුවෙන් නැරඹීමට, කියවීම හා ඇඳීම සඳහා උපකාරී වේ.
 
 බොහෝ විශේෂාංගවලින් සමන්විත මෙම දුරකථනයෙහි අඩංගු Multi Window Carrier මගින් එකවර App 2ක්‌ නිර්මාණය කළ හැකිය. මෙමගින් පණිවිඩ යෑවීම, වීඩියෝ නැරඹීම, Conference ඇමතුම් ලබා ගැනීමට හැකි වේ. මීට අමතරව Live Message විශේෂාංගය හරහා සජීවී පණිවිඩ යෑවීම, සුවිශේෂී අවස්‌ථාවන් රූප රාමු සමග බෙදා ගැනීම සඳහා උපකාරී වේ.
 
 මෙම සුවිශේෂී විශේෂාංගයන්ගෙන් සමන්විත සැම්සුන් Galaxy Note8 Smart ජංගම දුරකථනය රැහැන් රහිත චාජරයක්‌ සමග ලබා දෙන අතර ඒ සඳහා වසර 2ක වගකීම දෙසැම්බර් මස 31 දින දක්‌වාම ලැබෙනු ඇත.
 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles