Divaina - welanda

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

2021-04-08 වන දින කලාපය

nationsශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්‌ෂේත්‍රයේ ප්‍රථම නවෝත්පාදන මධ්‍යස්‌ථානය (Innovation Centre) ආරම්භ කිරීමට නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌ බැංකුව පසුගියදා කටයුතු කළේය.
 
 නවෝත්පාදන මධ්‍යස්‌ථානයක්‌ යනු නිර්මාණශීලී නව අදහස්‌ අත්හදා බැලීමට සහ එAවා ස්‌ථාපිත කිරීමට පහසුකම් සලසා දෙන ස්‌ථානයකි. නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌ බැංකුව ආරම්භ කළ මෙම නවෝත්පාදන මධ්‍යස්‌ථානය කොළඹ ග්‍රෙගරි පාරේ පිහිටා ඇති අතර එය නම්කර ඇත්තේ ‘Kaffeine Lab’ යනුවෙනි. මේ ඔස්‌සේ තොරතුරු තාක්‌ෂණ ක්‌ෂේත්‍රයේ දක්‌ෂතා දක්‌වන පුද්ගලයන්ට නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌ බැංකුවේ දැනට පවතින තොරතුරු තාක්‌ෂණ යටිතල ව්‍යqහය භාවිතා කරමින් මූල්‍ය ක්‌ෂේත්‍රයට අදාළ නව තාක්‌ෂණික විසඳුම් නිර්මාණය කිරීමට හැකිවන අතර ඒවා බැංකුවේම තාක්‌ෂණික පදනම් ඔස්‌සේ හෝ බාහිර පාර්ශ්වයකට අයත් තාක්‌ෂණික පදනම් ඔස්‌සේ ක්‍රියාත්මක කළ හැකි වේ.
 
 ගනුදෙනුකරුවන් සැබැවින්ම මුහුණදෙන ගැටලු හඳුනා ගනිමින්, නවීන තාක්‌ෂණය ඔස්‌සේ ඒවා විසඳීම සඳහා මූල්‍ය ක්‌ෂේත්‍රයේ පෙරළියක්‌ ඇති කරන විසඳුම් හඳුන්වා දීම සඳහා අනෙකුත් ව්‍යාපාරික ක්‌ෂේත්‍ර, අධ්‍යාපන ආයතන, ආරම්භක මට්‌ටමේ ව්‍යාපාර මෙන්ම ගනුදෙනුකරුවන් සමගද එක්‌වී කටයුතු කිරීම Kaffeine Lab හි එක ප්‍රධාන ඉලක්‌කයකි. එමෙන්ම බැංකුවේ කටයුතු පරිවර්තනයකට ලක්‌ කරන නව නිපැයුම් හඳුන්වාදී ඒවා අත්හදා බලා සාර්ථක කරගෙන ක්‍රියාත්මක කිරීමට සුදුසු නව්‍යකරණ හා තාක්‌ෂණික සම්ප්‍රදායක්‌ නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌ බැංකුව තුළ ස්‌ථාපිත කිරීම මෙහි තවත් ඉලක්‌කයක්‌ වේ.
 
 අනාගත තාක්‌ෂණයන් වර්තමානයේදීම පාරිභෝගිකයන්ට සමීප කරවීම සඳහා නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌ බැංකුව දරන උත්සාහයේ තවත් වැදගත් සන්ධිස්‌ථානයක්‌ ලෙස මෙය හැඳින්වීමට හැකිය. ලෝකයේ වේගයෙන් සිදු වෙමින් පවතින තාක්‌ෂණික වෙනස්‌කම් වලට අප ඉක්‌මනින් අනුගත විය යුතුයි. නැතිනම් ගනුදෙනුකරුවන්ගේ වෙනස්‌ වන අවශ්‍යතාවන්ට ගැලපෙන සේවාවන් ලබාදීමට අපට නොහැකි වෙනවා. එම නිසා අනාගතයට ඉතාමත් හොඳින් සූදානම් වීම සඳහා මෙවැනි මධ්‍යස්‌ථානයක්‌ ආරම්භ කිරීමට අප කටයුතු කළා. විශේෂයෙන්ම මූල්‍ය ක්‌ෂේත්‍රයට අදාළ තාක්‌ෂණික අවකාශය (Fintech) තුළ දක්‌ෂතා පෙන්විය හැකි තරුණ පරපුරට සිය දක්‌ෂතා තවදුරටත් මුවහත් කරගැනීමේ අවස්‌ථාව ලබාදීමේ වැදගත්කම කෙරෙහිත් අප අවධානය යොමු කළා. අනාගතය නුවණැසින් දකින අයට එකට එක්‌වී තම අදහස්‌ යථාර්ථයන් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය පදනමක්‌ මෙරට මූල්‍ය ක්‌ෂේත්‍රය තුළ මෙතෙක්‌ තිබුණේ නැහැ. Kaffeine Lab මේ සඳහා මනා විසඳුමක්‌ වේවි. Fintech Hackathon වැඩසටහනක්‌ සංවිධානය කිරීමටත් අප සැලසුම් කළේ මෙම ඉලක්‌කය පදනම් කරගෙනයි. විවිධ පසුබිම් වලින් පැමිණි අයට එකට එක්‌වී, අවම පහසුකම් සමගින් සුවිශේෂී නිර්මාණයන් සිදු කිරීම සඳහා පදනමක්‌ සලසා දීමට අප මේ ඔස්‌සේ කටයුතු කරනවා යෑයි නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරිනී රේණුකා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
 
 ප්‍රභාත් විතාන
 ඡායාරූපය - සුජාතා ජයරත්න
 

b2ශ්‍රී ලංකා තොරතුරු තාක්‌ෂණ කර්මාන්ත මණ්‌ඩලය (FITIS) විසින් සංවිධානය කරනු ලබන 'ඉන්ෆොටෙල් - 2017' (Infotel-2017) තොරතුරු සහ සන්නිවේදන තාක්‌ෂණ ප්‍රදර්ශනය නොවැම්බර් මස 2 වැනිදා සිට 5 වැනිදා දක්‌වා කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් වේ.
 
 ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ විශාලම සහ පැරණිම තොරතුරු තාක්‌ෂණ ප්‍රදර්ශනය වන 'ඉන්ෆොටෙල් - 2017' මෙවර පැවැත්වෙන්නේ සාර්ථක විසිපස්‌ වැනි වතාවටයි.
 
 මෙවර එහි තේමාව 'ඩිජිටල් ආර්ථිකයක්‌ කරා' (Towards a Digital Economy) යන්නයි.
 
 තොරතුරු සහ සන්නිවේදන තාක්‌ෂණ ක්‌ෂේත්‍රයට සම්බන්ධ දෙස්‌ - විදෙස්‌ සමාගම්වල විධායක නිලධාරීන්, පිළිගත් වෘත්තිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, ව්‍යවසායකයන්, අධ්‍යාපනඥයන්, පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් සහ සාමාන්‍ය ජනතාව ඇතුළු 100000 කට ආසන්න පිරිසක්‌ මෙම ප්‍රදර්ශනය නරඹනු ඇත. රාජ්‍ය ආයතනවල ඩිජිටල් සේවාවන්, ත්‍රිවිධ හමුදාවේ නවීතතම තාක්‌ෂණික ප්‍රදර්ශනය, පරිගණක ක්‍රීඩා, වෘත්තීය මාර්ග උපදේශන සේවා, තොරතුරු තාක්‌ෂණ වෘත්තීයවේදීන් බඳවා ගැනීමේ වැඩසටහන්, තොරතුරු තාක්‌ෂණ නව නිපැයුම්, තොරතුරු තාක්‌ෂණ ව්‍යවසායකයන්ගේ නවෝත්පාදන, පරිගණක දෘඪාංග සහ මෘදුකාංග පිළිබඳ විසඳුම්, විශේෂ වට්‌ටම් සහිත තොරතුරු තාක්‌ෂණ උපකරණ මිලදී ගැනීමේ වෙළෙඳ කුටි, තොරතුරු තාක්‌ෂණ උසස්‌ අධ්‍යාපන සහ පුහුණු ආයතනවල වෙළෙඳ කුටි යනාදිය ඉන්ෆොටෙල් - 2017 ප්‍රදර්ශනයේ ප්‍රධාන විශේෂාංග වේ. ප්‍රදර්ශනයට සමගාමීව තොරතුරු තාක්‌ෂණ කර්මාන්තයේ විධායක නිලධාරීන්ගේ සමුළුව සහ එම ක්‌ෂේත්‍රයේ නියුක්‌ත කාන්තාවන්ගේ සමුළුවද පැවැත්වේ.
 
 'ඉන්ෆොටෙල් - 2017' තොරතුරු සහ සන්නිවේදන තාක්‌ෂණ ප්‍රදර්ශනයේ සම - සභාපති උපුල් දසනායක මහතා මේ පිළිබඳ අදහස්‌ දක්‌වමින්, 'µsටීස්‌ ආයතනය රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සංවිධාන ගණනාවක සහයෝගය සහ අනුග්‍රහය ඇතිව ඉන්ෆොටෙල් - 2017 ප්‍රදර්ශනය සංවිධානය කරනවා. තොරතුරු සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය, ආරක්‌ෂක අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය සහ නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය ප්‍රදර්ශනයට සහයෝගය දක්‌වන අමාත්‍යාංශ අතරින් ප්‍රධාන තැනක්‌ ගන්නවා යෑයි කියා සිටියේය.
 
 

wela2ලෝකයේ සංසරණය වන විශාලතම කාඩ් එකතුව වන UnionPay කාඩ් හිමියන්ට ශ්‍රී ලංකාවේදී සිදු කරන මිලදී ගැනීම් සඳහා එම කාඩ් වලින් POS (point-of-sale) යන්ත්‍රවලින් ගෙවීමේ අවස්‌ථාව කොමර්ෂල් බැංකුව විසින් ලබාදී ඇත.
 
 මේ තුළින් විශේෂයෙන්ම නිවාඩු ගතකිරීම හා ව්‍යාපාරික කටයුතු සඳහා චීනයෙන් පැමිණෙන සංචාරකයන්ට ශ්‍රී ලංකාවේදී මුදල් භාවිතා කිරීමෙන් තොරව ගෙවීමේ පහසුකම ලබාදෙනු ඇත.
 
 කොමර්ෂල් බැංකුවේ ස්‌වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් 2012 වසරේ සිට UnionPay කාඩ් පිළිගනු ලබයි. සිය ස්‌වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය සමග UnionPay සම්බන්ධ කළ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව කැපී පෙනේ.
 
 ව්‍යාජ කාඩ් වංචා වලට එරෙහිව ඉහළ ආරක්‌ෂාවක්‌ ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුවේ ස්‌වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය සිදු කළ නවීකරණයත් සමඟ Eඵඪ තාක්‌ෂණයෙන් සවිබල ගැන්වුණු UnionPay කාඩ් සඳහා කොමර්ෂල් බැංකු ස්‌වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලදී අමතර ආරක්‌ෂාවක්‌ හිමිවන බව බැංකුව සඳහන් කරයි.
 

ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුව අඛණ්‌ඩව වසර 45 ක්‌ මුළුල්ලේ මෙරට ජනතාව දීර්ඝ කාලීනව ඉතිරි කිරීමට යොමු කිරීමේ කාර්යයෙහි නිරතව සිටී. එකී මෙහෙවර සමගින් ඉදිරි ගමනක යෙදෙන අතරතුර ජාතික ඉතිරි කිරීමේ බැංකුව දරුවන් උදෙසා හඳුන්වා දී ඇති පුංචි හපන් හා හපන් ළමා ඉතිරි කිරීමේ ගිණුම්වලට අමතරව ඔවුන්ට මනා අධ්‍යාපනයක්‌ ලබාගැනීමට හා විභාගවලින් ජයගැනීම සඳහා අත්වැලක්‌ වන්නට හැමවිටම උත්සුක වෙයි.
 
 ඒ අනුව 5 ශේ්‍රණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ලැබූ දරුවන් ඇගයෙන හපන් ශිෂ්‍යත්ව ප්‍රණාම උළෙල ජාතික මට්‌ටමේ උත්සවයක්‌ ලෙස සෑම වසරකදීම පැවැත්වේ. වැඩි දරුවන් පිරිසකට හපන් ශිෂ්‍යත්ව හිමිකර දීමේ අරමුණින් මෙවර සෑම දිස්‌ත්‍රික්‌කයකම සිංහල හා දමිල මාධ්‍ය දෙකෙන්ම ඉහළ ලකුණු ලැබූ දරු දැරියන්aගේ දස්‌කම් ඇගයෙනු ඇත.
 
 ජාතික ඉතිරි කිරීමේ බැංකුව 5 ශ්‍රේණිය හපන් දරුවන් වෙනුවෙන් සංවිධාන කරන හපන් ශිෂ්‍යත්ව ප්‍රණාම උළෙල නෝඵම් පොකුණ ර`ගහලේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට ලෝක සකසුරුවම් දිනය යෙදෙන හෙට දින කටයුතු යොදා ඇත.
 
 දිවයිනේ වැඩිම ලකුණු ලබා පළමු, දෙවැනි හා තෙවැනි ස්‌ථාන හිමි කරගත් දරුවන්ට පිළිවෙලින් රුපියල් 100,000/-, 75,000/- සහ 50,000/- බැගින් වූ විශේෂ මුදල් ත්‍යාගද, දිස්‌ත්‍රික්‌ක පදනමේ සෑම දිස්‌ත්‍රික්‌කයකම, සිංහල සහ දමිළ යන මාධ්‍ය දෙක අතරින්ම, පළමු ස්‌ථාන 15 අතර සිටින සෙසු හපන් දරුවන්ට රුපියල් 15,000 බැගින් වන මුදල් ත්‍යාග ද පිරිනැමෙන අතර එම සියලුම දරුවන්ට වටිනා සහතිකයක්‌, පදක්‌කමක්‌ සහ පාසල් බෑගයක්‌ බැගින් හිමි වේ. වාර්ෂිකව පැවැත්වෙන 5 ශේ්‍රණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සෑම දිස්‌ත්‍රික්‌කයකම ඉහළම ලකුණු ලැබූ විභාගයට පෙර ඇරඹූ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හපන් හෝ තැපැල් හපන් ගිණුමක්‌ හිමි, ඔක්‌තෝබර් 01 දා වන විට රුපියල් 3000/- ක අවම ශේෂයක්‌ පවත්වාගෙන ඇති දරුවන්ට මෙහිදී හපන් ශිෂ්‍යත්ව පිරිනැමේ.
 
 මේ අතර බොහෝ දුෂ්කරතා මධ්‍යයේ දස්‌කම් දැක්‌වූ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්aගේ දිරිය අගය කරනු වස්‌ මෙවරද බැංකුව වෙතින් සහතික හා ත්‍යාග සමගින් විශේෂ ප්‍රණාම පුද කෙරෙනු ඇත. එහිදී ඔවුන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුම් හිමියෙක්‌ද යන්න නොසැලකේ. මීට අමතරව, ශිෂ්‍යත්වය සමත්වන සියලුම හපන් දරුවන්ට ශාඛා මට්‌ටමින් උපහාර සහ ත්‍යාග හිමිකර දීම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ විශේෂත්වයයි.
 
 එකී උත්සාහය අර්ථවත් කෙරෙන තවත් එක්‌ මෙහෙවරක්‌ ලෙස අප විසින් වාර්ෂිකව 5 ශේ්‍රණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් සඳහා ශාඛා මට්‌ටමින් සහ දීපව්‍යාප්තව සම්මන්ත්‍රණ මාලාවක්‌ 17 වැනි වසරටත් අඛණ්‌ඩව සංවිධානය කෙරින. ශ්‍රී ලංකාවේ දීර්ඝතම ඉතිහාසයක්‌ ඇති සහ දරුවන් වැඩිම පිරිසකට දැනුම බෙදාදුන් සම්මන්ත්‍රණ මාලාව වන්නේ, හපන් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවයි.
 
 ඒ අනුව මෙවරද තවත් දරු පිරිසක්‌ 5 ශේ්‍රණිය ශිෂ්‍යත්ව විභාගයට සාර්ථකව මුහුණදීම සඳහා සූදානම් කිරීමේ අරමුණ පෙරදැරිව හපන් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව මුළු දිවයිනම ආවරණය වන පරිද්දෙන් ස්‌ථාන 130 ක දී පැවැත්වින. මෙවැනි කර්තව්‍යයන් ඔස්‌සේ දරුවන්ට ඉතිරි කිරීමේ පමණක්‌ නොව අධ්‍යාපනයේද වටිනාකම වටහාදීමට හැකියාව ලැබෙන බව අපගේ විශ්වාසයයි. එසේම එය දරුවන්ගේ අධ්‍යාපනය හා අභිවෘද්ධිය උදෙසා කැපවන දෙමවුපියන්ටද මහඟු අත්වැලක්‌ සපයනු ඇත.
 
 කුඩා කළ සිටම ඉතිරි කිරීම පුහුණු කිරීම සඳහා දැයේ දරුවන්ට ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් පිදෙන අත්වැල හපන් ඉතිරිකිරීමේ ගිණුමයි. ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ ඕනෑම ශාඛාවකින්, තැපැල් කාර්යාලයකින් හෝ උප තැපැල් කාර්යාලයකින් හපන් ගිණුමක්‌ ඇරඹිය හැකිය.
 
 හපන් ගිණුම් හිමියන්ට අනෙකුත් ඉතිරි කිරීමේ ගිණුම්වලට වඩා 1% ක වැඩි පොලියක්‌ සමඟින් තවත් ප්‍රතිලාභ රැසක්‌ හිමි වේ. එසේම පාසැල් දරුවන් අතර ඉතිරිකිරීමේ පුරුද්ද ප්‍රචලිත කිරීම සඳහා බැංකුව විසින් ක්‍රියාවට නංවන ලද පාසැල් බැංකු ඒකක ස්‌ථාපිsත කිරීමේ ව්‍යාපෘතිය තව දුරටත් කාර්යක්‌ෂම හා දීපව්‍යාප්ත කිරීම සඳහාද පියවර රැසක්‌ ගෙන තිබේ.
 

රටපුරා "සිතමු" කාන්තා ගොවි සමිති 25,000 ක්‌ සවිබල ගැන්වීමේ වැඩසටහන අද (01 දා) පෙරවරු 10.00 ට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ආරම්භ කෙරේ.
 
 කාන්තා නායකත්වය පෙරටුකරගත් සමාජ සහ ආර්ථික සංවර්ධනයක්‌ අරමුණු කරගනිමින් ක්‍රියාවට නැඟෙන "සිතමු" ගොවි කාන්තා වැඩසටහනේ දැනටමත් සමිති 20,000 ක්‌ ස්‌ථාපිත කර ඇති අතර එම සමිති සහ නියාමන ආයතන නියෝජනය කරමින් නියෝජිතයින් 200 දෙනකු පමණ සමාරම්භක උළෙලට සහභාගිවීමට නියමිතය.
 
 කාන්තා ගොවි සාමාජිකාවන් ලක්‍ෂ 5 ක්‌, තිරසර ගෙඋයන් ලක්‍ෂ 25 ක්‌, කෘෂි ව්‍යවසායක පවුල් ලක්‍ෂ 5 ක්‌, ආදර්ශ වස විස නැති ගොවිපළ 25000 ක්‌ සහ රුපියල් බිලියන 2.5 ක කාන්තා ක්‍ෂුද්‍ර මූල්‍ය අරමුදලක්‌ පිහිටුවීම ඇතුළු 2018-2020 තෙවසරක ඉලක්‌ක අතර තවත් ප්‍රධාන කරුණු 7 ක්‌ සාක්‌ෂාත් කර ගැනීම "සිතමු" කාන්තා ගොවි ව්‍යාපාරයේ අරමුණයි.
 
 කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ ජනාධිපති කාර්යාලයට අනුබද්ධ 'සෙමා' ආයතනය වැඩසටහන ක්‍රියාවට නංවයි.
 
 
 ජගත් කණහැරආරච්චි

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles