Divaina - welanda

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

2021-04-08 වන දින කලාපය

busi2 1VKC නැමති ඉන්දියානු පාවහන් සමාගමක්‌ සඳහා ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය විසින් අනුමැතිය ලබාදී තිබේ.
 
 මෙසේ ආයෝජන මණ්‌ඩල අනුමැතිය යටතේ ලැබෙන බදු සහන හේතුවෙන් ඉන්දියානු පාවහන් සමාගමට ලැබෙන වාසිය නිසා දේශීය පාවහන් කර්මාන්තය දැඩි අවදානමකට ලක්‌ව තිබේ. ඒ සම්බන්ධයෙන් දේශීය පාවහන් නිෂ්පාදන සමාගමක්‌ ලෙස තම සමාගම ඊට දැඩි විරෝධය පළ කරන බව DSI සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ කුලතුංග රාජපක්‍ෂ මහතා පවසයි.
 
 ඒ සම්බන්ධයෙන් දිවයින බිස්‌නස්‌ ලයිෆ් වෙත කරුණු දැක්‌ වු ඒ මහතා මේ ඉන්දියානු පාවහන් සමාගම මෙරටට ගෙනවිත් ඇත්තේ ඩොලර් ලක්‍ෂ දෙකහමාරක මුදලක්‌ පමණයි. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් මිලියන හතළිහක විතර මුදලක්‌. ඒ මුදලින් අඩුම තරමින් කර්මාන්ත ශාලාවකට ගොඩනැඟිල්ලක කොටසක්‌වත් ඉදි කරගන්නට බැහැ. අඩුම තරමින් අලුත් ප්‍රාෙඩ්‍රාa ජීප් දෙකක්‌වත් ගන්න බැරි මුදලක්‌. රටට ගේන විදේශ ව්‍යාපාරයකට ආයෝජන මණ්‌ඩල අනුමැතිය ලබාදීම වැරදියි.
 
 මේ ඉන්දියානු සමාගමට ලංකාවේ සපත්තු අලෙවියට අනුමැතිය ලබාදී තිබෙනවා. ආයෝජන මණ්‌ඩලය ආරම්භ කළේ මෙරට භාණ්‌ඩ නිපදවා පිටරට යවන්නට මිස ලංකාවට විකුණන්නට නෙවෙයි. මේ අය අපේ රටේ නැති කිසිම අලුත් තාක්‍ෂණයක්‌ මෙරටට ගෙන එන්නේ නැහැ.
 
 ඒ වගේම දේශීය අමුද්‍රව්‍ය මේ සපත්තු නිපදවන්නට ඒ අය ගන්නේ නැහැ. ඒවා ගෙන එන්නෙත් ඉන්දියාවෙන්.
 
 මෙරට විශාල පිරිසකට රැකියා සැපයෙන්නෙත් නැහැ. ඉන්දියාවෙන් සේවකයන් යම් පිරිසකුත් ගෙන ආ විට ඔවුන්ගේ වැටුප් ලෙස මෙරට විදේශ විනිමය ඉන්දියාවට යෑවෙනවා. මේ සමාගමට ආයෝජන මණ්‌ඩල අනුමැතිය යටතේ ක්‍රියාත්මක වන්නට නම් අමුද්‍රව්‍ය ලෙස ශ්‍රී ලංකාවෙන් රබර් මිලදී ගත යුතුයි.
 
 මේ සමාගමට සපත්තු කුට්‌ටම් මිලියන දෙකක්‌ හදන්නට දීලා. ලංකාවේ ජනගහනය මිලියන 21 යි. මේ පිරිසෙන් සැලකිය යුතු පිරිසක්‌ පාවහන් පලඳින්නේ නැහැ. ඒ කියන්නේ මේ සමාගමට රටේ සපත්තු අවශ්‍යතාවයෙන් සියයට දහයකට වැඩි ප්‍රමාණයක්‌ හදන්න දීලා.
 
 දැනටත් දේශීය සපත්තු නිෂ්පාදනය ග්‍රාමීයවත් සිදු කරනවා. ඒ නිසා අපේ රටේ දැනටත් මිලියන 4 ක 5 ක නිෂ්පාදන අතිරික්‌තයක්‌ රටේ තිබෙනවා. මීට අමතරව තීරු බදු නොගෙවා පිටරටවලින් මෙරටට සපත්තු ගෙන එනවා. මේ ඉන්දියානු සමාගම නිසා ගමේ කුඩා සපත්තු ව්‍යාපාර වැහිලා යනවා.
 
 මෙරට ඇති ඉන්දියානු සමාගමේ මව් සමාගම අති විශාල ආර්ථික ශක්‌තියක්‌ ඇති සමාගමක්‌. මේ සමාගමට අමුද්‍රව්‍ය ලැබෙන්නෙත් මව් සමාගමෙන්. මව් සමාගමෙන් අර්ධ වශයෙන් නිම වු පාවහන් කොටස්‌ කරන ලද පාවහන් මෙරටට එවිය හැකියි. අවශ්‍ය නම් මෙරට දී අලවන්න විතරක්‌ සපත්තු හදලා එවන්න පුළුවන්. ඒ වගේම බදු අවශ්‍ය ආකාරයට අඩු වැඩිකර මේ සමාගමට තම මව් සමාගම සමඟ කටයුතු කළ හැකියි.
 
 ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට අවුරුද්දක්‌ නොමිලේ සපත්තු ලබා දෙන්නට තරම් ආර්ථික ශක්‌තියක්‌ මේ සමාගමට තිබෙනවා. එහෙම කරලා මෙරට දේශීය පාවහන් කර්මාන්තය වැසීගිය විට කැමති මිලට ඒ සමාගමට පාවහන් අලෙවි කළ හැකියි.
 
 මේ වන විට මෙරට දේශීය පාවහන් කර්මාන්තය සෘජු හා වක්‍ර රැකියා ලක්‍ෂ දෙකහමාරක්‌ සපයා තිබෙනවා. එයින් සැපයෙන පවුල්වල සාමාජිකයන් ලක්‍ෂ ගණනක්‌ මේ ඉන්දියානු සමාගම නිපදවන පාවහන් අපනයනය කරනවා නම් අපේ විරෝධයක්‌ නැහැ. එම සමාගමේ නිෂ්පාදනවලින් සියයට දහයක්‌ මෙරට වෙළෙඳපොළට නිකුත් කලාට කමක්‌ නැහැ. ඒ වගේම පාවහන් නිෂ්පාදනය සඳහා අපේ රටේ නැති අධිතාක්‍ෂණය මේ ඉන්දියානු සමාගම භාවිත කළ යුතුයි.
 

busi4 1මේ වන විට ලෝකය පුරා බිලියනපතියණ්‌ 2000 කට වඩා පිරිසක්‌ සිටිති. එම ගණන තව තවත් ඉහළ යනවා මිස අඩුවීමක්‌ නැත. ඔවුන්ගෙන් සමහරු තමන්ගේම සිතුවිල්ලක්‌ ඔස්‌සේ සිත මෙහෙයවා ධනවතුන් වූ අය ය. තවත් පිරිසක්‌ උරුමයෙන් ලැබුණු ධනය තවත් වර්ධනය කරගෙන ඉහළට පැමිණි අයයි.

නමුත් ලැරී එලිසන්ගේ කතාව මේ දෙකටම වෙනස්‌ය. ඔහුට දෛවයෙන් උරුමව තිබුණේ කඩා වැටීමයි. එහෙත් ඔහු එය වෙනස්‌ කළේය. එහි ප්‍රතිඵලය අද ඔහුට ලැබී තිබේ.

ලෝරන්ස්‌ ජෝසµa එලිසන් 1944 අගෝස්‌තු 17 දා උපන්නේ ඇමරිකන්-ඉතාලි සහිත පියකුට දාව යුදෙව් මවකගේ කුසෙනි. ඔහුගේ පියා එක්‌සත් ජනපද ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකි. නිව්යෝර්ක්‌හි මැන්හැට්‌න් නගRයේ උපන් ලැරීට වැඩිකල් එහි සිටින්නට ලැබුණේ නැත.

අවුරුදු 9 දී දරුණු ලෙස නියුමෝනියාවට ගොදුරු වූ ඔහු මව විසින් භාරකරනු ලැබුවේ නැන්දා හා මාමා වෙතය. එනිසා ඔහු වැඩුණේ චිකාගෝ ප්‍රදේශයේය.

වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉලිනොයිස්‌ මෙන්ම චිකාගෝවල උර්බානා-ශැම්පේන් සරසවිවලට ඇතුළු වුවද වසර දෙකකින් සරසවි ජීවිතයට ආයුබෝවන් කීවේය.

ඔහුට එලිසන් යන නම තැබුවේ ඔහුගේ භාරකාර පියා විසිනි. ඒ තම ඇමරිකානු සංක්‍රමණය හා එලිස්‌ දූපත සිහිවීම සඳහාය. 1966 වසරේදී එනම් අවුරුදු 22 ක තරුණයකු වශයෙන් සිsටියදී ලැරී උතුරු කැලිෆොනියාව වෙත පැමිණියේය.

1970 ගණන්වලදී AMPEX නම් ආයතනයක සේවයට ඔහු එක්‌වූයේය. පසුකලෙක සිය ORACLE ආයතනය සඳහා අඩිතාලම වැටුණේ එහි සිටියදී සිදුකළ පර්යේෂණයකට සම්බන්ධවීම මගිනි. පසුව ඔහු නව පරිගණක මෘදුකාංගයක්‌ නිර්මාණය කිරීමට වෙහෙසුණේය. ඒ සඳහා ඔහු වෙහෙසෙන විට ඔහුගේ යහළුවන් කීවේ එය කාලය නාස්‌ති කරන කිසිදු ලාභයක්‌ නොමැති වැඩක්‌ කියාය. එහෙත් ඔහු පසු බැස්‌සේ නැත. ඉදිරිය පිළිබඳ ඔහු තුළ සුභවාදී දැක්‌මක්‌ මෙන්ම නිශ්චිත ඉලක්‌කයක්‌ද විය. අවසානයේ ඔහු නව මෘදුකාංගය නිර්මාණය කළේය.

මෙම නව මෘදුකාංගයට දැඩි ඉල්ලුමක්‌ බිහිවූ අතර ලැරී තවත් ආයෝජකයන් දෙදෙනකු සමග SDL ආයතනය ආරම්භ කෙරිණි. මෙහි මුල් ආයෝජනය ඩොලර් 2000 ක්‌ වූ අතර ඉන් ඩොලර් 1200 ක්‌ යෙදවූයේ ලැරී එලිසන්ය.

1982 දී එය ORACLE SYSTEMS INCORPERATION ලෙස නම් කරනු ලැබීය. ඔහුගේ ප්‍රගතිය නිසාම අධි තාක්‍ෂණික අංශයෙන් වසරේ හොඳම ව්‍යවසායකයා ලෙස වරෙක ඔහුගේ නමද යෝජනා කෙරිණි.

ඔහු විවාහ කිහිපයක්‌ම සිදුකරගත් අයෙකි. 1967 දී ඇඩ් කුවින් සමග විවාහ වූ ඔහු 1974 දී ඇගෙන් දික්‌කසාද විය. 1977 දී නැන්සි වීලර් විවාහ කර ගත්තේය. එම විවාහය පැවැතියේ වසරක්‌ පමණි. ඔහුගේ ඊළඟ බිරිඳ වූයේ 1983 දී විවාහ කරගත් බාබරා බූත්ය. ඇගෙන්ද දික්‌කසාද වූ ලැරී 2003 වසරේදී මෙලනි ක්‍රාµaට්‌ හා විවාහ විය. 2010 දී ඇගෙන්ද දික්‌කසාද වූයේය. කෙතරම් විවාහයන් කර ගත්තද ඔහුට සිටින්නේ ඩේවිඩ් හා මෙගන් නම් දරුවන් දෙදෙනකු පමණි.

2012 වසරේදී හවායි රාජ්‍යයට අයත් ලනායි දූපත (ISLAND OF LANAI) ඔහු මිලට ගත්තේය. අක්‌කර 90,000 ක්‌ වන එහි වපසරියෙන් අක්‌කර 87,000 ක්‌ම ඔහුට ඒ මොහොතේ අයිති විය. පසුව ලනායි සිට හොනලුලු වෙත ගුවන් ගමන් සේවාවක්‌ද ඔහු ආරම්භ කළේය. මෙම දූපත මිලට ගැනීම සඳහා ඔහු වැය කළ මුදල ඇමරිකන් ඩොලර් මිලියන 300 කි. (එය හවායිහි හයවැනි විශාලම දූපතයි.)

මීට අමතරව සුපිරි පන්නයේ රුවල් නැව් කිහිපයක්‌ද ඔහු සතුය. ඒ මීටර 58 ක්‌ දිග LURSEN මීටර 75 දිග BLOHM මීටර් 138 දිග LURSEN වශයෙනි. මීට කලකට පෙර ලොව එකොළොස්‌වන විශාලතම රුවල් නැව වන RISING SUN ද ඔහුට අයත්ව තිබිණි. මීටර 140 ක්‌ දිග එය සෑදීමට ඔහු ඩොලර් මිලියන 200 ක්‌ වැය කළේය.

මෙපමණක්‌ද නැත. බලපත්‍රලාභී ගුවන් නියමුවකු වන ලැරී එලිසන් තමාගේම ජෙට්‌ යානා දෙකක හිමිකරුවෙකි.

ඔහුගේ වර්තමාන වත්කම ඩොලර් බිලියන 61. 8 කි. ඒ අනුව ඇමරිකාවේ පස්‌වන ධනවතා මෙන්ම ලෝකයේ හත්වන ධනවතා වන්නේද ලැරී එලිසන්ය. ඔහුගේ වැටුප ඩොලර් මිලියන 78.4 කි. සිය වත්කමින් 1% ක්‌ පුණ්‍යාධාර ලෙස වෙන් කිරීමට ඔහු තීරණය කර තිබේ. ලැරී ආ ගමන් මග පුළුන් අතුරා තිබුණේ නැත. රෝගී භාවය හා ඊට සමගාමීව සිදුවූ නොසලකා හැරීම් ඉදිරියේ ඔහු පසුබා ගියේ නම් අද ලැරී එලිසන් කෙනෙකු නැත. ඔහුගේ කතාව අපට කියාදෙන පාඩම නම් "දෛවයෙන් කෙටූ පරාජය පිළිනොගන්න. ඊට එරෙහිව සටන් කරන්න. දිනෙක පරාජය ඔබ ඉදිරියේ පරාජය වනු ඇත" යන්නයි.

වසන්ත විඡේරත්න
 

දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව නිරතුරුවම ශ්‍රී ලංකා වාසීන්ගේ ආර්ථික සංවර්ධනය සඳහා සුවිශේෂ මෙහෙවරක්‌ ඉටු කරනු ලබයි. සකසුරුවම් හා මුදල් ඉතිරි කිරීම දිරිගැන්වීම සඳහා RDB බැංකුව තැන්පතු උපකරණ සහ විවිධ වැඩසටහන් රාශියක්‌ හඳුන්වාදී ඇත.
 
 තරුණ ප්‍රජාවගේ ඉතුරුම් නැමියාව වෙනුවෙන් RDB බැංකුව අලුතින් හඳුන්වාදෙන සුවිශේෂ තැන්පතු උපකරණයක්‌ ලෙස RDB 14+ ගිණුම නම් කළ හැක.
 
 වයස 14 ට වැඩි නව යෞවනයන් වෙනුවෙන් මෙම ගිණුම විශේෂයෙන් සැලසුම් කර ඇත. තරුණ අවදියේ සිටම අනාගතය සැලසුම් කරමින් සකසුරුවම් සහ ඉතුරුම් පුරුද්ද ඇතිකර ගැනීම අනාගත සුරක්‍ෂාවට ඉවහල් වෙයි. ඒ අනුව තරුණයන් ආකර්ෂණය කර ගත හැකි අගය එකතු කිරීම් සහිත RDB 14+ ගිණුම ක්‍රියාත්මක වේ.
 
 ගිණුමේ ශේෂය වර්ධනය වන ප්‍රමාණයට සාපේක්‍ෂව 30% දක්‌වා වූ බෝනස්‌ පොලියක්‌ මගින් වැඩි පොලී අනුපාතයක්‌ RDB 14+ ගිණුමෙන් පිරිනැමේ. එමෙන්ම RDB කාඩ්පතක්‌ පිරිනමනු ලබන බැවින් වයස 14 ට වැඩි දරුවන්ගේ හදිසි අවශ්‍යතා සඳහා මුදල් ආපසු ගැනීමේ අවස්‌ථාව ලැබී ඇත. එබැවින් දරුවාගේ අතේ වැඩි මුදල් තිබීමේ අවශ්‍යතාව නැති වී යයි. එසේම දරුවා ATM මගින් මුදල් ලබාගත් විට භාරකරුගේ ජංගම දුරකථන අංකයට SMS පණිවිඩයක්‌ යෑවෙන බැවින් පාසල් යන දරුවන්ගේ හදිසි අවශ්‍යතා සඳහා භාවිත කළ හැක.
 
 ජන හා සංඛ්‍යා ලේඛන දත්ත අනුව ශ්‍රී ලංකාවේ මුළු ශ්‍රම බලකායෙන් 10% ආසන්න ප්‍රමාණයක්‌ වයස අවුරුදු 15-25 අතර පිරිසෙන් සමන්විත වේ. ශ්‍රම බලකාය තුළ සිටින එම කාණ්‌ඩය සඳහා මෙම ගිණුමෙන් විශේෂ වරප්‍රසාද ලබාගත හැකිය.
 

b3 1කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ පුංචි ගමකින් ඇවිත් අද වන විට ලොව ප්‍රබලතම බහුජාතික ව්‍යාපාරවලට අභියෝගයක්‌ වෙමින් එම සමාගම් සමග කරට කර සිටින අතරම මුළු ව්‍යාපාරික ක්‌ෂේත්‍රයම දික්‌විජය කළ ඔහු අද තම වෙළඳ නාමය පමණක්‌ නොව ශ්‍රී ලංකා නාමයද ලොව සියලු මහද්වීප කරා රැගෙන යන්නට සමත්වී තිබේ. අද ලොව පුරා අතුපතර විහිදුවා ඇති මරීනා එහෙමත් නැත්නම් භඵණ ව්‍යාපාර සමූහයේ අධිපති මංජුල නාරායන තමන් ව්‍යාපාරික ක්‌ෂේත්‍රයේ පැමිණි ගමන් මග දිවයින බිස්‌නස්‌ ලයµa වෙත කිව්වේ මෙන්න මෙහෙමයි.
 
 මගේ පියා එන්. එම්. කරුණාදාස , මගේ අම්මා කේ. එම්. ආයුවර්ධන මැණිකේ. මගේ පියාට කඩයක්‌ තිබුණා ඉන්ද්‍රd ස්‌ටෝර්ස්‌ කියලා දම්වැල්ල, උහුමීය ප්‍රදේශයේ. මම 1978 දී මට ව්‍යාපාරික ක්‌ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ඕන කියලා කිව්වම මගේ පියා මට කඩේ භාර දුන්නා. එතකොට මට වයස අවුරුදු 15 යි. එදා සේවකයෝ දෙදෙනෙක්‌ ගෙන් පටන් ගත් ව්‍යාපාරය අද වෙනකොට සේවකයෝ දෙදහස්‌ පන්සියයක්‌ සේවය කරන දැවැන්ත ව්‍යාපාරයක්‌ බවට මම පත් කර තිබෙනවා. ඊට අමතරව මේ ව්‍යාපාරයට විවිධාකාරයෙන් සම්බන්ධවන සැපයුම්කරුවන් හා විවිධගත ක්‌ෂේත්‍රවල පුද්ගලයන් ආදී ලෙස ගත්විට මේ හරහා ප්‍රතිලාභ ලබන තවත් පවුල් පහළොස්‌දහසක්‌ ඉන්නවා.
 
 b3 2එදා ව්‍යාපාර ආරම්භ කරන විට මගේ පරමාර්ථය වුණේa ඒ ප්‍රදේශයේ කෘෂි නිෂ්පාදන වලට, වී වලට පොල් වලට හරි මිලක්‌ ලබාදෙන්න. ඒ අයට නිසි තැනක්‌ දෙන්න. තෙල් මෝල් හිමියන්ගේ සංගමයේ ලේකම් වරයා ලෙස 1986 සිට මා කටයුතු කළා. පොල්තෙල් මිල ටොන් එකක්‌ රුපියල් හත්දහසකට වඩා අඩුවුණු අවස්‌ථාවේ පොල් කර්මාන්තය රැකගන්න පොල් තෙල් ටොන් එක රුපියල් පහළොස්‌දහසක අවම මිලක්‌ ලබා ගන්න මම සටන් කළා. එහෙම නොකළා නම් පොල් වතු පවත්වා ගෙන යන්නට බැහැ.
 
 එතකොට පොල් ගෙඩියකට ලැබුණේ සත අසූවක මිලක්‌. පොල් ගෙඩියකට රුපියල් දෙකක ස්‌ථාවර මිලක්‌ ලබා ගන්න මම සටන් කළා. ඒ මම ව්‍යාපාරය පැත්තෙන් බලලා නොවෙයි, රටේ ආර්ථිකය පැත්තෙන් බලලා.
 
 අද පොල් ගෙඩියක්‌ රුපියල් සියයක්‌, එකසිය විස්‌සක්‌ වෙනවා. දැන් පොල්තෙල් ටොන් එකක්‌ රුපියල් ලක්‌ෂ හතරක්‌ වෙනවා.
 
 ලංකාව ගොඩනඟන්න නම් අප වෙනස්‌ වෙන්න ඕන. අප හිතන විදිහ වෙනස්‌ වෙන්න ඕන. අපි හැම වෙලාවේම හිතන්නේ අපි පුංචි රටක්‌ කියලා, රටකට දියුණුවෙන්න ඒ රට පුංචි වීම ප්‍රශ්නයක්‌ නෙවෙයි. ස්‌විට්‌සර්ලන්තය අපට වඩා පුංචි රටක්‌. ස්‌විට්‌සර්ලන්තය විශාලත්වය වර්ග කිලෝමීටර් හතලිස්‌ එක දහසක්‌ තියෙන්නේ. අපේ රටේ විශාලත්වය වර්ග කිලෝමීටර් හැටපන්දාහක්‌. ජනගහනය අතින් ගත්තොත් ස්‌විට්‌සර්ලන්තයේ ජනගහනය ලක්‍ෂ 84 යි. අපේ රටේ ලක්‍ෂ 210 ක්‌ ඉන්නවා, අපි හැම වෙලේම හිතන්නේ අපි පුංචි නිසා කරන්න බැහැ කියලා. අපට සම්පත් නැති නිසා කරන්න බැහැ කියලා. ලෝකයේ ආහාර ගැන පර්යේෂණ හා නව නිපැයුම් වැඩිපුර කරන්නේ ස්‌විට්‌සර්ලන්තයේ. හැබැයි එයාල කෘෂිකර්මාන්තයෙන් ඉදිරියෙන් ඉන්න රටක්‌ නොවෙයි. ලොකු වෙළඳපොළකුත් නැහැ. එයාල අමුද්‍රව්‍ය තියෙන රටකුත් නොවෙයි. ඒ විතරක්‌ නොවෙයි ලෝකයේ ඖෂධ පර්යේෂණ කරන්නෙත් ස්‌විට්‌සර්ලන්තය. ඒ විතරක්‌ නොවෙයි වැඩිපුර බෙහෙත් විකුණන්නෙත් ස්‌විට්‌සර්ලන්තය. අද ස්‌විට්‌සර්ලන්තයේ ඒකපුද්ගල ආදායම ඩොලර් 78000 ක්‌. අපේ රටේ ඒක පුද්ගල ආදායම බස්‌නාහිර පළාතේ ඩොලර් 5100 ක්‌ වෙද්දී අපේ ග්‍රාමීය ප්‍රදේශ ගත්තම ඒක ඩොලර් 2700 ක්‌ මේක වෙනස්‌ කරන්න නම් අපේ කෘෂිකර්මාන්තය යළි දියුණු කරන්න ඕන. අපේ තියෙන සම්පත් වලට අගය එකතුකළ යුතුයි. අපේම නිෂ්පාදන අපි අපේ රටේ නිපදවන්න ඕන. මම කියන්නේ නැහැ විදේශීය වෙළඳ නාම ගන්න එපා කියලා. ඒත් ආර්ථිකය ශක්‌තිමත් කළ යුතුයි. ඉතිහාසයේ අපට ශක්‌තිමත් ආර්ථිකයක්‌ තිබිලා තියෙනවා.
 
 හරි විදිහට හරි දෙයක්‌ දැකීම විතරයි රටක්‌ දියුණු කරන්න අවශ්‍ය වෙන්නේ. මරීනා , නියුටි්‍ර මරීනා , කොකෝ ලෑන්ඩ්, කප්තුර යන වෙළෙඳ නාම අප ලෝකයට හඳුන්වා දුන්නා , ඒ තුළින් විශාල ජයග්‍රහණ රැසක්‌ රටට අත්කර දුන්නා. ඕනෑම කෙනෙකුට තමන්ගේම සිහිනයක්‌ තියෙන්න ඕන. ඒකට දැනුම එකතු කරගන්න ඕන. ආත්ම විශ්වාසය තමයි වඩාත් වැදගත් වෙන්නේ.
 
 අද ගොඩක්‌ ව්‍යාපාර තමන්ගේ වගකීම් හා වටිනාකම් අමතක කරනවා. ,මනුස්‌සයෙක්‌ ව්‍යාපාරික ගමන් මගේ ඉදිරියට යන විට තම ව්‍යාපාරයට වටිනාකම් එකතු කළ යුතුයි. ප්‍රතිපත්තිගරුක විය යුතුයි. ඒ තුළ විනය තියෙනවා. වගකීම, විශ්වාසය ඇතිවෙනවා. අපි අපේ පරිසරය ආරක්‌ෂා කළ යුතුයි. අපි කරන දේ වලින් මිනිසුන්ට හානියක්‌ නොවිය යුතුයි. අපි කරන දේවලින් අපේ නමට හානියක්‌ නොවෙන්නත් ඕන.
 
 මේ සියලු දේ අතරේ අපට ඕනෑම අභියෝගයක්‌ ජයගන්න පුළුවන් කියල ආත්ම විශ්වාසය හැමවිටම අප තුළ තිබිය යුතුමයි.
 
 අපි ලෝකෙට පොල්තෙල් හඳුන්වා දෙනකොට ලෝකයේ පොල්තෙල් ගැන තිබුණේa දුර්මත ගොඩක්‌. ඒ වෙනුවෙන් මහජන මතය හදන්න වසර විස්‌සක්‌ අපට සටන් කරන්න වුණා.
 
 පොල්තෙල්, සන්µaලවර් ඔයිල්, පාම් ඔයිල් හා සෝයාතෙල් අප අලෙවි කරනවා. ඒත් මගෙන් මේ අතරින් ශරීරයට හොඳම තෙල් වර්ගය මොකක්‌ද කියලා ඇහුවොත් මම කියන්නේ පොල් තෙල්. ඒත් මේ සේරම තෙල් වර්ග අප අලෙවි කරන්නේ පාරිභෝගික අවශ්‍යතාවය හින්දා.
 
 ලෝකයේ මුලින්ම කිරි වලින් තොරව බටර් එකක්‌ හැදුවේ අපි. කොකනට්‌ බටර් එකක්‌ මුලින්ම ලෝකෙට හඳුන්වා දුන්නේ අපි. ඒකට ඕස්‌ටේ්‍රලියාවේ රන් සම්මානය ලැබුණා. දැන් ශ්‍රී ලංකා වෙළඳපොළේත් මෙය අලෙවි කරනවා.
 
 මම චෙරනිකා සමග 1992 දී විවාහ වුණා. මට දරුවෝ තුන් දෙනයි. උපේක්‌ෂා, තිවේදී දියණියන් සහ හර්ෂිත පුතා.
 
 මම ව්‍යාපාර කළාට මගේ පවුල වෙනුවෙන් වෙන්කරන කාලය අඩු කළේ නැහැ. ඒ නිසා හොඳ පවුලක්‌ ගොඩනඟන්න පුළුවන් වුණා. කාලය කළමනාකරණය අතිශය වැදගත්. ගොඩක්‌ අයට කාලය කළමනාකරණය කිරීම අපහසු වෙලා තිබෙනවා .
 
 තමන්ගේ පෞද්ගලික කටයුතුවලට, ව්‍යාපාරවලට, පවුලට, ආගමික කටයුතුවලට සමාජීය කටයුතු වලට කාලය වෙන් කර ගත යුතුයි. මම ඒ හැම කොටසක්‌ම නිවැරදි ආකාරයට කළමනාකරණය කළා.
 
 මම 1978 දී තමයි මගේ දැක්‌ම ගොඩනඟන්න පටන් ගත්තේ. 1979 දී තමයි මම NMK ලෝගෝ එක නිර්මාණය කළේ . ඒකේ දකුණු ආසියාවයි, උතුරු ඇමරිකාවයි එකතු කරලා ලෝගෝ එක හැදුවේ. ඒත් මම සමාගම හැදුවේ 1982 දී. අද වෙද්දී හැම මහාද්වීපයකටම ව්‍යාපාර පුළුල් කරන්න අපට පුළුවන් වෙලා තියෙනවා.
 
 අපේ ලෝගෝ එකෙන් පරිසරය රැකගෙන සෞඛ්‍යවත් ප්‍රීතිදායක ලෝකයක්‌ NMK සමාගම මගින් ගොඩනඟනවා කියන එක අපේ ලෝගෝ එකෙන් පෙන්නුම් කරනවා.
 
 මට ගොඩක්‌ අභියෝග ආවා. ඒ වෙලාවට අපිට කවුරුත් නැහැ. අපට තනියම තමයි සටන් කරන්න වෙන්නේ. බහු ජාතික සමාගම්වලට ප්‍රශ්නයක්‌ එනකොට ඒ වෙනුවෙන් කතා කරන්න, පෙනී හිටින්න බොහෝ දෙනෙක්‌ ඉන්නවා. ඒත් අපේ රටේ සමාගමකට ප්‍රශ්නයක්‌ එනකොට අපිටම අපි වෙනුවෙන් පෙනී හිටින්න සිදුවෙලා තියෙනවා.
 
 ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යන්න ලාබ ලැබිය යුතුයි. ඒaත් ව්‍යාපාර වලදී මුදල් විතරක්‌ හම්බ කරලා හරියන්නේ නැහැ. මුදල් කියන එක උපදින කොට අරන් එන්නෙත් නැහැ, යනකොට අරන් යන්නෙත් නැහැ. ඒ නිසා ප්‍රතිපත්ති තමයි වටින්නේ.
 
 උහුමීය දිවයින පත්තර ඒජන්සිය තවමත් තියෙන්නේ අපට. දැනට අක්‌කා තමයි ඒ ව්‍යාපාරය කරගෙන යන්නේ ඉන්ද්‍රd ස්‌ටෝස්‌ නමින්.
 
 1978-1979 කාලයේ සහල් ව්‍යාපාරයටත් අතගැහුවා. ඒ ප්‍රදේශයේ වී එකතු කරලා සහල් සැකසුවා. 1982 දී NMK ඔයිල් මිල්ස්‌ පටන් ගත්තා ,
 
 ප්‍රාග්ධනය ගොඩනගන්න ඕන නිසා වාහන ව්‍යාපාරයටත් අත ගැහුවා , මෝටර් සයිකල් ගෙන්නුවා, වාහන ගෙන්නුවා.
 
 මුලින්ම සී. ඩබ්ලිව්. මැකී සමාගමෙන් සීනි තොග මිලදී ගෙන කුරුණෑගලට ගෙනත් විකිණුවා. පසුව මම තනියම සීනි ආනයනය කරලා විකිණුවා. ඒ විදිහට තමයි මම ප්‍රාග්ධනය සොයාගත්තෙ. ඒත් මගේ කැමැත්ත තිබුණේ මගේම නිෂ්පාදන කරන්න.
 
 අද වෙනකොට හැම මහද්වීපයකම අප අලෙවි කටයුතු කරනවා. ලොව රටවල් 52 ක්‌ පුරා අපේ නිෂ්පාදන අලෙවි කරනවා. අප සමාගම හැම වෙලාවේම අලුත් දෙයක්‌ ලොවට දෙන්න අලුත් නිෂ්පාදනයක්‌ නිපදවන්න කටයුතු කරනවා.
 
 අද මුළු ලංකාවම අපගේ නිෂ්පාදන වල තත්ත්වය සුරක්‌ෂිත බව පිළිගෙන තියෙනවා. ඉදිරියේදී නව නිෂ්පාදන රැසක්‌ මෙරට වෙළඳපොළට හඳුන්වා දෙනවා. ආහාරමය තෙල් වර්ග අලෙවියේ මෙරට ප්‍රමුඛතම සමාගම අපේ සමාගමයි.

 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles