Divaina - welanda

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

2021-04-08 වන දින කලාපය

AIA1 AIA ඉන්ෂුවරන්ස් මෙරට රක්ෂණ ක්ෂේත‍්‍රය වෙත ප‍්‍රථම වරට තවත් නවමු අත්දැකීමක් එක්කරමින් සෞඛ්‍ය සහ සුවතා විසදුමක් හඳුන්වා දෙයි.
 
 මෙහිදී Doc app එක ඔස්සේ සුවතා විශේෂඥයින්ගේ සේවාවන් නොමිලේ ලබා ගැනීමට සේවාලාභීන්හට හැකියාව ලැබේ. වාර්ෂිකව රු.100,000/-කට වඩා වැඩි වාරිකයක් සහිත සියළුම සේවාලාභීන්හට මෙම සේවාව අත්විඳිය හැකි අතර මෙම පුරෝගාමී සේවාව මගින් ශ‍්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි ඕනෑම සුවතා විශේෂඥයෙකුගේ සේවය වසරකට කිහිප වාරයක් ලබා ගැනීමට සේවාලාභියාට හැකි වේ. කායික සෞඛ්‍ය වෘත්තිකයින්, මානසික සෞඛ්‍ය වෘත්තිකයින්, භෞතචිකිත්සකයින් හෝ පෝෂණවේදීන් වැනි සේවාලාභියාගේ ඕනෑම අවශ්‍යතාවයට අනුව සුවතා විශේෂඥයා තෝරාගැනීමට මෙමගින් හැකිවන අතර මෙම දීමනාව මගින් දුරකථන වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගනිමින් වසරකට නොමිලේ වෛද්‍ය සැසිවාර 6ක් නිවසේ සිටම සේවාලාභියාට ලබාගැනීමේ පහසුව සලසා ඇත. AIA සමාගම මෙම වෛද්‍ය සැසියන් එක්-වසරක සැලසුමක් යටතේ ලබාදී තිබුනද, සේවාලාභියාහට පහසු ආකාරයට, අවශ්‍ය වේලාවකට ලබාගැනීමේ නිදහස ද ලබා දී ඇත.
 
 AIA ඉන්ෂුවරන්ස් හි ප‍්‍රධාන විධායක නිලධාරී නිකිල් අද්වානී කියා සිටියේ ”AIA ඉන්ෂුවරන්ස් හි අපගේ කාර්යය, අගනා රක්ෂණ විසදුම් නිර්මාණය කිරීමෙන් ඔබ්බට යන අතර දිගින් දිගටම සේවාලාභියාගේ සුභසිද්ධිය වෙනුවෙන් මෙවැනි නව්‍ය හදුන්වාදීම් ඉදිරිපත් කිරීමට අප වෙහෙසෙනවා. අපගේ සන්නාම ප‍්‍රතිඥාවට අනුව සේවාලාභීන් වෙත වඩාත් සුවපත්, සැපවත් දිගුකල් ජීවිතයක් ගත කිරීමට සහාය වීමට කැපවී කටයුතු කරන සමාගමක් ලෙස සුවතාවයෙන් පිරි ඔවුනගේ ජීවන ගමන් මග, සෞඛ්‍ය සම්පන්නබව රැුකගනිමින් ගමන්කිරීමට අත්වැලක් සැපයිය යුතු අයුරු පිළිබඳව අප සැමවිටම සිතනවා. අපගේ වගකීම සේවාලාභීන්හට වඩාත් සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කිරීමට සහාය වෙමින් ඔවුන්ගේ ජීවිත වලට වැඩි වටිනාකම් එකතු කිරීමයි.”

wela1 273 වන නිදහස් දිනයට සමගාමීව මහජන බැංකුව විසින් ක‍්‍රියාත්මක කරනු ලබන නිදහසේ උපත වැඩසටහනට සම.ාමීව නිදහස් දින නුවරඑළිය මහජන බැංකුව විසින්ද නුවරඑළිය මහ රෝහල කේන්ද්‍ර කර ගනිමින් නිදහසේ උපත මැයෙන් වැඩසටහනක් ක‍්‍රියාත්මක කෙරිණි.

පෙබරවාරි 01 වන දින සිට 07 වන දින දක්වා සතිය තුළදී උපත ලබන සෑම බිළිඳෙකුටම රු. 2000/-ක් මහජන බැංකු විසින් තැන්පත් කොට ඉසුරු උදාන ගිණුම් විවෘත කොට එම බිළිඳුන්ගේ මව්වරුන් සඳහා නුවරඑළිය මහ රෝහලේදී පරිත්‍යාග කෙරිණි.

මෙම අවස්ථාවට නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න”, ප‍්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ¥ලික දිසානායක, මහජන බැංකුවේ ප‍්‍රධාන කළමණාකරු ඒ. එම්. ඩබ්ලිව්. අනුර කුමාර හා නියෝජ්‍ය කළමණාකාරිනිි එරංගි පතිරණ ඇතුළු නුවරඑළිය මහජන බැංකුවේ හා රෝහල් කාර්ය මණ්ඩලය මේ අවසථාවට සහභාගි විය.

නුවරඑළිය - නාලක රතනායක

auto135 ඔටෝමොබයිල් සංගමය විසින් ඔටෝවීල් නමින් පවුලේ භෝජනාගාරයක් (AUTO WHEEL FAMILY LOUNGE) පසුගියදා විවෘත කරන ලදී. එම සංගමයේ සභාපති ධම්මික ආටිගල මහතා විසින් මෙම ඔටෝවීල් පවුලේ භෝජනාගාරය විවෘත කරනු ලැබීය. AUTO WHEEL FAMILY LOUNGE යනු සාමාජිකයන්ට සහ ඔවුන්ගේ අමුත්තන්ට ලබාදෙන අතිරේක පහසුකමක් වේ. මෙමගින් වරකට අවම වශයෙන් අමුත්තන් 40කට ආහාර ඇණවුම්කර ලබාගත හැකි අතර, සූපවේදී ඇන්ජලෝ විසින් ශ‍්‍රී ලාංකික කෑම වට්ටෝරුවද, පී. කේ. කේටරස් විසින් චීන ආහාර වට්ටෝරුවද ලබාදෙනු ලැබේ.

isuru135සැබෑ නිදහසක් දරුවන් හට උරුම කරදීම ස`දහා ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් දෙමාපියන් තුළ කිසියම් ඉලක්කගත අරමුණක් ඇති කිරීම තේමා කරගනිමින්් මහජන බැංකුව මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන ලද්දේ 2006 වර්ෂයේදීය. ළඟම පිහිටි මහජන බැංකුවට දරුවාගේ උපත තහවුරු කරන ලියකියවිලි සහ මෙම තිළිණ පත ඉදිරිපත් කර දරුවා වෙනුවෙන් ඉසුරු උදාන ගිණුමක් විවෘත කරවාගෙන මුදල් තැන්පත් කරමින් ඉදිරියට පවත්වාගෙන යා හැකිය.

lanka135මෙම ප‍්‍රවර්ධනයෙහි කොටසක් ලෙස, LANKAQR පද්ධතියට ඇතුළු වූ පළමු QR කේත පදනම් කරගත් ඇප් පහසුකම වන කොමර්ෂල් බැංකුවේ ComBank Q+ ඇප් පහසුකම ඔස්සේ එම සති අන්තයේදී ‘දියත උයන’ පරිශ‍්‍රයෙහි මිලදීගැනීම් සිදු කල ගිණුම්හිමියන්ට බැංකුව විසින් දෛනික සීමාවකට යටත්ව 20% ක මුදල් ආපසු පිරිනමන ලදී. මීට අමතරව, LANKAQR ජනප‍්‍රිය කරවීම සඳහා කොමර්ෂල් බැංකුවේ අලෙවි කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් පැලවත්ත සහ බත්තරමුල්ල නගරවල වෙළෙඳසැල් වෙත ගොස් ComBank Q+ ඇප් පහසුකම සඳහා වෙළෙඳ මහත්ම මහත්මීන් ලියාපදිංචි කිරීමක්ද කළේය.

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles