Divaina - welanda

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

2021-03-03 වන දින කලාපය

cbc1කොමර්ෂල් බැංකුවට සම්පූර්ණයෙන්ම අයත් ලියාපදිංචි බැංකු නොවන මූල්‍යායතනය (NBFI) ලෙසින් CBC ෆයිනෑන්ස් සමාගම බැංකුව විසින් එළිදැක්වූ අතර මෙම සමාගම මීට පෙර සෙරන්ඩිබ් ෆයිනෑන්ස් සහ ඉන්ද්‍රා ෆයිනෑන්ස් නමින් අවස්ථා දෙකකදී හඳුන්වන ලදී. 

boc135 දේශීය බැංකු ක්ෂේත‍්‍රය තුළ අද්විතීය සන්නාමයක් සනිටුහන් කරමින්, ලංකා බැංකුව බලාපොරොත්තු සහිතව 2020 වසරට පා තබන ලදී. කෙසේ නමුදු, ගෝලීය Covid-19 ව්‍යසනකාරී තත්ත්වය තුළ අඛණ්ඩ සේවාවන් සැපයීම සඳහා නව්‍ය උපාය මාර්ගික සැලසුම් අනුගමනය කිරීමට බැංකුවට සිඳුවිය. ලංකා බැංකුව සතු පරිණත මානව සම්පත උපයෝගී කරගනිමින්, දේශීය ආර්ථික වර්ධනයට දායකත්වය සපයමින් නව වසරට සාර්ථකව මුහුණ දෙන්නට බැංකුව සමත්ව ඇත.

p9 1රජරට විශ්වවිද්‍යාලයීය උපාධි අපේක්ෂක සිසු සිසුවියන්ගේ ව්‍යවසාය හැකියාවන් වර්ධනය කරමින් ඔවුන්ගේ අනාගතය සවිමත් කිරීමේ අරමුණින් සම්පත් බැංකුව විසින් දියත් කරනු ලබන වෙබ් සම්මන්ත‍්‍රණ මාලාවේ තවත් පියවරක් පසුගියදා සාර්ථකව නිමවිය.  රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ සිසු සිසුවියන් වෙනුවෙන් පවත්වන ලද මෙම සම්මන්ත‍්‍රණය මේ වසර තුළ පවත්වනු ලැබූ දෙවන වෙබ් සම්මන්ත‍්‍රණයයි.

 wela 135නව වසර සඳහා වූ සර්වාගමික ආශිර්වාද ලබාගැනීමේ උත්සවය කොළඹ කොටුව, ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ලේදී ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ සහ මහා කළමනාකරු, ප‍්‍රධාන විධායක නිලධාරි ඞී. පී. කේ. ගුණසේකර යන මහත්වරුන් ඇතුළු ආයතිනක සහ විධායක කළමනාකාරීත්වයේ මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් සිදු විය. මීට සමගාමීව දිවයින පුරා විහිදුනු ලංකා බැංකු ශාඛාවන්හි සර්වාගමික ආශිර්වාද ප‍්‍රාර්ථනාවකින් නව වසරේ වැඩ ඇරඹීමටද කටයුතු යොදා තිබිණි.

ins135අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සියලූ‍ම පාසැල් සිසුන්ට නොමිලේ ලබා දෙන   ”සුරක්ෂා” රක්ෂණ ආවරණය සඳහා පහසුකම් සැපයීම නැවත ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙත ප‍්‍රදානය කර තිබේ. මෙම ‘සුරක්ෂා‘ රක්ෂණ ආවරණය නිල වශයෙන් ප‍්‍රදානය කිරීම පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු වූ අතර අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා, පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්. එම්. ඞී. ධර්මසේන මහතා, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ජගත් වැල්ලවත්ත මහතා සහ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප‍්‍රධාන විධායක නිලධාරී චන්දන එල් . අලුත්ගම මහතා සහභාගී වුහ. මෙම සුවිශේෂී ”සුරක්ෂා” රක්ෂණාවරණය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ සහයෝගීත්වයෙන් 2017 වර්ෂයේදී ආරම්භ කරන ලදී. මේ සඳහා පහසුකම් සපයන්නා බවට නැවත පත්ව ඇති ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශාඛා 158කින් යුතු සිය ශාඛා ජාලය හරහා මේ සඳහා පහසුකම් සපයන අතර මෙම රක්ෂණ ආවරණය රජයේ පාසල්, පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් සහ පිරිවෙන් අධ්‍යාපනයේ යෙදෙන පුජ්‍ය පක්ෂයද ඇතුළුව මිලියන 4.5 ක සමස්ත ශිෂ්‍ය ප‍්‍රජාව  සඳහා රැකවරණය සලසයි.

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles