Divaina - welanda

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

2021-03-01 වන දින කලාපය

mbsl135මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ‍්‍රී ලංකා ඇන්ඞ් ෆිනෑන්ස් පී.එල්.සී. (MBSL ආයතනය* ”MBSL රාජ්‍ය අභිමන්” නමින් රාජ්‍ය සේවකයන්ටද, ”MBSL සැලියුට්” නමින් ත‍්‍රිවිධ හමුදාවේ සමාජිකයන්ටද සුවිශේෂී වරප‍්‍රසාද සහ සේවා රැුසක් සහිත ණය යෝජනා ක‍්‍රමයක් සහ ලීසිං පහසුකමක් අලූ‍තෙන් හදුන්වාදී තිබේ.

devi222පවතින කලබලකාරී වටපිටාව සහ වාහන තදබදය හේතුවෙන් කොළඹ නගරය තුළ වාහනයක් නවතා තැබීමට තැනක් සොයා ගැනීම ඉතා අමිහිරි අත්දැකීමකි. මේ සදහා කදිම විසඳුමක් සපයමින්  පසුගියදා කොළඹ 02, හයිඞ් පාර්ක් කෝනර්හි, අංක 75 දරණ ස්ථානයේ HYDEPARKING රථ ගාල විවෘත විය.


 div mah
 දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ සහ උන්වහන්සේලාගේ පවුලේ සාමාජිකයන් සඳහා රැුකවරණය සැලසීම සඳහා ‘නාගරාජ’ නමින් විශේෂ රක්ෂණාවරණයක් හඳුන්වාදී තිබේ.
 
 මෙම රක්ෂණාවරණය සඳහා වන රක්ෂණ ඔප්පුව නිල වශයෙන් භාරදීම පසුගියදා අරලියගහ මන්දිරයේදී සිදුවූ අතර මේ සඳහා මහා නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජාතික උරුමයන්, ප‍්‍රාසාංගික කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක මහතා සහ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ඉහළ නිලධාරීන්, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ජගත් වැල්ලවත්ත මහතා ඇතුළු ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ඉහළ කළමනාකාරිත්වය මේ සඳහා සහභාගී වූහ.
 
 මෙම සුවිශේෂී ”නාගරාජ” රක්ෂණ යෝජනා ක‍්‍රමය දිවයින පුරා පිහිටි ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශාඛාවලින් ලබා ගත හැකි අතර රු. 2000/-ක වටිනාකමකින් යුතු රක්ෂණාවරණය මිලදීගෙන පිරිකර ලෙස සංඝයා වහන්සේලා සඳහා පූජා කළහැකි ලෙස සැලසුම් කර තිබේ. මෙම ‘නාගරාජ’ රක්ෂණාවරනයද ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මගින් ක‍්‍රියාවට නංවා ඇති ශ‍්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම රැුකවරණය සැලසීම අරමුණු කරගත් ‘සැමට රක්ෂණයක්‘ සංකල්පය යටතේ ක‍්‍රියාත්මක වේ.
 
 ‘නාගරාජ ‘රක්ෂණ ක‍්‍රමය යටතේ රජයේ හෝ පෞද්ගලික රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ගැනීමේදී එක දිනක් සඳහා රු. 1000/- බැගින් උපරිමය දින 15ක් දක්වා ලබාදෙන අතර , වෛද්‍ය නිර්දේශ මත පිටතින් ලබාගන්නා බෙහෙත්, පරීක්ෂණ, එක්ස්-රේ කිරණ රශ්මි
 හා රේඩියම් පරීක්ෂණ හා විදුලිමය ප‍්‍රතිකාර සඳහා රු. 25,000/- ලබාදේ.


 div hon
 රට තුළ පැතිර යන කොවිඞ්- 19 වසංගත තත්ත්වය යටතේ පොදු ප‍්‍රවාහන මාධ්‍යන්හී සේවාවන් ලබාගැනීමට මහජනතාව පැකිළීමක් දක්වන පසුබිමක් තුළ එයට පිළියමක් ලෙස, රට තුළ වර්තමානයේ පවතින වාහන ආනයන තහනම මධ්‍යයේ වුවද, තම වටිනා පාරිභෝගිකයන් අතනොහැර ඔවුන් වෙනුවෙන් ආයතනය මගින් සහතික කළ හොන්ඩා යතුරු පැදි හා ස්කූටර් උසස් තත්වයකින් සහ විශ්වසනීයත්වයකින් යුතුව ලබාදීමට ස්ටැෆර්ඞ් මෝටර්ස් ආයතනය කටයුතු කරමින් පවතී.
 
 මෙය ස්ටැෆර්ඞ් මෝටර්ස් ආයතනය විසින් පාරිභෝගිකයන්ට ලබාදෙන නවමු හා සුවිශේෂී අත්දැකීමක් වන අතර මෙහිදී මූලිකවම සිදු වනුයේ පෙර භාවිතා කරන ලද හොන්ඩා යතුරු පැදි හා ස්කූටර් ආයතනය විසින් මිලදීගෙන එහි ප‍්‍රවීණ හා පළපුරුදු කාර්මික ශිල්පීන් අතින් පූර්ණ තත්ත්ව පරීක්ෂාවකට ලක් කිරීමයි. එමෙන්ම එලෙස මිලදී ගනු ලබන යතුරු පැදි හා ස්කූටර්වල ඇති තාක්ෂණික දෝෂ යථා තත්ත්වයට පත්කොට, ප‍්‍රතිස්ථාාපනය කළ යුතු අමතර කොටස් නියම හොන්ඩා අමතර කොටස් යොදා නවීකරණය කර අදාළ යතුරු පැදි හා ස්කූටර් නවතම මුහුණුවරකින් යුතු පූර්ණ ක‍්‍රියාකාරී එ්කක බවට සහතික කිරීමයි.
 
 ආයතනය මගින් සහතික කරන ලද මෙම යතුරු පැදි හා ස්කූටර් සඳහා මාස 3 ක හෝ කිලෝමීටර 3000 ක වගකීම් කාලයක් ලබාදීමට ස්ටැෆර්ඞ් මෝටර්ස් ආයතනය බැඳී සිටින අතර මෙම යතුරුපැදි හා ස්කූටර් අත්පිට මුදලට හෝ ලීසිං පහසුකම යටතේ මිලදී ගැනීමට තම පාරිභෝගිකයන් හට අවස්ථාව සලසාදී ඇත. තවද පාරිභෝගිකයන් විසින් පෙර භාවිතා කරන ලද හොන්ඩා යතුරු පැදි හා ස්කූටර්, ආයතනය විසින් සහතික කරන ලද යතුරු පැදි හා ස්කූටර් සඳහා හුවමාරු කර ගැනීමේ පහසුකමද තම පාරිභෝගිකයින් හට ආයතනය විසින් ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.
 සෑම විටම තම පාරිභෝගිකයන්ගේ ප‍්‍රවාහන අවශ්‍යතා හඳුනාගෙන අදාළ සේවාවන් තම පාරිභෝගිකයන් හට කඩිනමින් ඉටුකර දුන් ආයතනයක් ලෙස ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ අඛණ්ඩව වසර 40 කට වඩා තම සන්නාමය ඉහළම ස්ථානයක රැුඳවූ ස්ටැෆර්ඞ් මෝටර්ස් ආයතනය නවතම මුහුණුවරකින් යුතු පූර්ණ ලෙස නවීකරණය කරන ලද හොන්ඩා යතුරු පැදි හා ස්කූටර් විශ්වසනීයත්වයෙන් යුතුව මිලදී ගැනීමට වඩාත් සුදුසුම ස්ථානය බවට සනාථ කර ඇත.

lot135ශ‍්‍රි ලාංකික ඔබ වෙනුවෙන්ම වූ උත්තරීතර අරමුණු පෙරදැරිව 1983 වර්ෂයේ ජනවාරි 19 දින සමාරම්භ කරනු ලැබූ සංවර්ධන ලොතරැුයි මධ්‍යස්ථානය එතැන් සිට අද දක්වා පසුකලාවූ වසර 38ක කාලය ඇතුළත පැමිණි සංදිස්ථානයන් සේම බිහිකළාවූ ජයග‍‍්‍රාහකයින් අපමණය. ඔබ ලොතරැුයියක් වෙනුවෙන් වියදම් කරන්නාවූ රුපියල් විස්ස නැවතත් ඔබ අතරටම ගෙන එන්නාවූ සංවර්ධන ලොතරැුයි මණ්ඩලය මෙරට බොහෝ ජීවිත එක් රැුයින් වාසනාවන්ත කරන අතරම රට වෙනුවෙන් සෞඛ්‍යමය සහ අධ්‍යාපනික මෙහෙවරක යෙදෙන්නේය.

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles