Divaina - welanda

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

2021-02-23 වන දින කලාපය

HDFC බැංකුවේ වාර්ෂික සම්මාන ප්‍රදාන උළෙල, ආරාධිත අමුත්තන් රැසකගේ ද බැංකුවේ ප්‍රාදේශීය කාර්යාල පහටම අයත් සේවක මණ්‌ඩලයේද, සහභාගිත්වයෙන් පසුගියදා තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනෑක්‌ හිදී පැවැත්විණි.
 
 2016 වසරේ බැංකුවේ සාර්ථකත්වය වෙනුවෙන් කැප වී සේවය කළ කාර්ය මණ්‌ඩලයේ සේවය ඇගයීම සඳහා මෙම උළෙල සංවිධානය කර තිබුණි.
 
 HDFC සේවක සම්මාන ප්‍රදාන උළෙලේ, ප්‍රධාන අමුත්තා වශයෙන් බැංකුවේ සභාපති ආර්. රේ. ද සිල්වා මහතා සහභාගි වූ අතර, HDFC බැංකුවේ අධ්‍යක්‍ෂවරුන් වන පී. එම්. ගුණවර්ධන මහතා, එම්. සුරේන්ද්‍රන් මහතා සහ එන්. විජෙයනාදන් මහතාද, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී උපාලි හෙට්‌ටිආරච්චි මහතාද, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්‌. දිසානායක මහතා ද, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සියලුම සාමාජිකයන් ද, ප්‍රාදේශීය කළමනාකරුවන්, ශාඛා කළමනාකරුවන් ඇතුළු බැංකුවේ සෙසු නිලධාරීන් රැසක්‌ද ඊට සහභාගි වූහ.
 
 2016 වසර තුළදී කැපී පෙනෙන කාර්ය සාධනයන් සලකා, විවිධ අංශයන් ඔස්‌සේ ශාඛාවන්වලට මෙන්ම ජංගම බැංකු සේවකයන් 10 දෙනකුට ද සම්මාන පිරිනැමිණි. බැංකුවේ ජංගම බැංකු සේවාව පිළිබඳ විශිෂ්ටතම කාර්ය සාධනය හඳුනා ගැනීම සඳහා සේවක සම්මාන ප්‍රදානය කරන ලදී. පුද්ගලික ඉලක්‌ක සපුරාගත් ජංගම බැංකු සේවය හා සම්බන්ධ ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරීන් සම්මාන ලබාගන්නා ලදී.
 
 HDFC බැංකුවේ වසරේ හොඳම ශාඛාව සඳහාත්, තැන්පතු අංශයෙA විශිෂ්ටතම කාර්ය සාධනය සඳහාත්, ණය අනුමත කිරීම සඳහා ඉහළම කාර්ය සාධනය සඳහාත් වන සම්මාන පිදුම් ලැබීමට හෝමාගම ශාඛාව සමත් විය.
 
 ඇඹිලිපිටිය ශාඛාව ලීසිං අංශයේ ඉහළම කාර්ය සාධනය සඳහා ජයග්‍රහණය ලබාගත් අතර, රන් ණය අංශයේ විශිෂ්ටතම කාර්ය සාධනය සඳහා ත්‍රිකුණාමලය ශාඛාව සම්මානයට පාත්‍ර විය. ඉතිරි කිරීම් අංශය තුළින් විශිෂ්ටතම ශාඛාව ගම්පහ ශාඛාව වූ අතර, පොළොන්නරුව ශාඛාව සම්මාන ලබාගත්තේ, සංවර්ධන ණය අංශයේ ඉහළම දායකත්වය ලබා දීමෙනි. කාර්ය මණ්‌ඩල කාර්යක්‍ෂමතාව සඳහා වූ සම්මාන ලබාගත්තේ රත්නපුර ශාඛාවයි. හයිඩ් පාර්ක්‌ ශාඛාව අක්‍රීය ණය කළමනාකරණය කාර්යක්‍ෂමතාව සඳහා සම්මාන ලබාගත්තේය.
 
 මෙයට අමතරව, HDFC බැංකු ශාඛාවන් කුඩා, මධ්‍යම හා මහා පරිමාණ යන අංශයන් යටතේ ඇගයීමට පාත්‍ර වන ලදී. හෝමාගම ශාඛාව මහා පරිමාණ අංශය සඳහා සම්මානයෙන් පිදුම් ලැබීය. කුඩා, මධ්‍යම පරිමාණ අංශයේ විශිෂ්ටතම සමස්‌ත කාර්ය සාධනය සඳහා නුගේගොඩ සහ බදුල්ල ශාඛා සම්මාන ලබා ගන්නා ලදී. කුඩා, මධ්‍ය හා මහා පරිමාණ අංශයන්හි දෙවන ස්‌ථානය පිළිවෙළින් පෑලියගොඩ, පිළියන්දල හා කළුතර ශාඛාවන් ලබාගන්නා ලදී.
 
 කලාපයන් අතර හොඳම කලාපය සඳහා සම්මානය දිනා ගනු ලැබුවේ වයඹ කලාපයයි. බස්‌නාහිර, මධ්‍යම, දකුණ, වයඹ හා ඌව කලාපවල හොඳම ශාඛා ලෙස පිළිවෙළින් පිළියන්දල, කුරුණෑගල, කළුතර, යාපනය, බදුල්ල ශාඛා සම්මාන ලබාගන්නා ලදී.
 
 මෙවර HDFC බැංකු වාර්ෂික සම්මාන උළෙලේ විශේෂ අවධානයට ලක්‌ වූ අංගයක්‌ වූයේ, වසරේ නැඟීඑන ශාඛාව තේරීමයි.එම අවස්‌ථාව හිමිකර ගත්තේ මොනරාගල ශාඛාවයි.
 
 තව ද, මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් හා උසස්‌ පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් කාර්ය මණ්‌ඩල සාමාජිකයන්ගේ දූ දරුවන් ද ඇගයීමට ලක්‌වීය. ඔවුන්ට මුදල් ත්‍යාග ප්‍රදානය කරන ලදී.
 
 ඡායාරූපයෙහි දැක්‌වෙන්නේ සභාපති ආර්. රේ. ද සිල්වා මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී උපාලි හෙට්‌ටිආරච්චි මහතා වෙතින් වසරේ හොඳම ශාඛාව ලෙස හෝමාගම ශාඛා කළමනාකාරිනී යූ. කේ. සමරආරච්චි මහත්මිය සම්මාන ලබාගන්නා අයුරුයි. ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්‌. දිසානායක මහතා, වත්මන් ශාඛා කළමනාකාරිනී කාංචනා ජයලත් මහත්මිය සහ දෙවන නිලධාරී නිශාන්ත මීගස්‌තැන්න මහතාද ඡායාරූපයේ සිටී.



සුවහසක්‌ ශ්‍රී ලාංකික ජනතාවට ජීවිතයේ සාර්ථකත්වය ළඟා කරගැනීමට මගපෙන්වීමේ අරමුණ පෙරදැරිව විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක්‌ ආරම්භ කිරීමට යූනියන් ඇෂුවරන්ස්‌ සමාගම පියවර ගෙන තිබේ. මෙම වැඩසටහන 2017 ඔක්‌තෝබර් 9 වැනිදා සිට නොවැම්බර් 17 වැනිදා දක්‌වා දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මිනිසුන් ලෙස අප කාටත් ජීවිතයේ විවිධාකාර වූ අවශ්‍යතා තිබේ. මෙම අවශ්‍යතා බොහෝ දුරට සෞඛ්‍ය හා රැකවරණය, අධ්‍යාපනය, ආයෝජනය හා විශ්‍රාම ජීවිතය වැනි මූලික කාණ්‌ඩ යටතේ වර්ග කළ හැකි වේ. ජීවිතයේ සාර්ථකත්වය තීරණය වන්නේ අප කෙතරම් හොඳින් මේ අවශ්‍යතා කළමනාකරණය කරගන්නේද යන සාධකය මත ය. මෙය හොඳින් අවබෝධ කරගෙන සිටින යූනියන් ඇෂුවරන්ස්‌ සමාගම එසේ සාර්ථකත්වය ළඟා කරගැනීමට ජනතාවට අත්වැළක්‌ වීමේ මෙහෙවරට උරදී සිටී.

සාර්ථකත්වය අත්පත් කරගැනීම යනු අප සැවොම දකින සිහිනයකි. එහෙත් සාර්ථකත්වය කරා යන ගමනේදී අප තෝරාගන්නේ එකිනෙකාට වෙනස්‌ වූ මාවත් ය. මෙසේ ජනතාව තෝරාගන්නා මාවත කුමක්‌ වුවද එම ගමන පුරාම ඔවුන්ගේ ළඟින් හිඳිමින් සාර්ථකත්වය වෙත දිවෙන සැබෑ මංසලකුණු පෙන්වා දීම සඳහා යූනියන් ඇෂුවරන්ස්‌ සූදානමින් සිටී. ඒ සඳහා ජනතාවට උපකාරී වන සැලසුම් රාශියක්‌ද යූනියන් ඇෂුවරන්ස්‌ දැනටමත් හඳුන්වා දී ඇත.

ඒ අනුව අධ්‍යාපන අවශ්‍යතා සඳහා යූනියන් සුපර් ඉන්වෙස්‌ටර් සැලසුම සහ යූනියන් ලයිµa ඇඩ්වාන්ටේඡ් යන සැලසුම් දියත් කර ඇති අතර ඵලදායී ආයෝජන අවස්‌ථා ගැන අවධානය යොමුකරන අය වෙනුවෙන් යූනියන් සුපර් ඉන්වෙස්‌ටර්, යූනියන් චැලෙන්ජර් සහ සිංගල් ප්‍රීමියම් සැලසුම් හඳුන්වා දී තිබේ. සෞඛ්‍ය සහ රැකවරණය සම්බන්ධ අවශ්‍යතා සඳහා පරිපූර්ණ විසඳුමක්‌ වශයෙන් යූනියන් ස්‌මාර්ට්‌ හෙල්ත් හඳුන්වා දී ඇත. මීට අමතරව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහාම සුවිශේෂී වූ සෞඛ්‍ය ආවරණයක්‌ ලෙස යූනියන් 60 ප්ලස්‌ ද හඳුන්වා දී තිබේ. මෙරට රක්‌ෂණ ක්‌ෂේත්‍රයට නිර්මාණශීලී හා පෙරළිකාරී සැලසුම් හඳුන්වාදීම සම්බන්ධයෙන් විශාල කීර්තියක්‌ දිනා සිටින යූනියන් ඇෂුවරන්ස්‌ ජනතාවගේ වෙනස්‌වන අවශ්‍යතාවනA අනුව ඉදිරියේදී තවත් මෙවැනි සුවිශේෂී සැලසුම් හඳුන්වා දීමට කටයුතු කරනු ඇත.

ඔක්‌තෝබර් 9 වැනිදා සිට දිවයින පුරා සංචාරය කරමින් සමස්‌ත ශ්‍රී ලංකාවාසීන් වෙත සාර්ථකත්වයට මග කියා දීමට යූනියන් ඇෂුවරන්ස්‌ කණ්‌ඩායම සූදානමින් සිටී. මෙම කාලසීමාව තුළදී ඔබ වෙත පැමිණෙන යූනියන් ඇෂුවරන්ස්‌ රක්‌ෂණ උපදේශකවරුන් මෙම වැඩසටහන සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරනු ඇත. මනා පුහුණුවක්‌ සහ නවීන තාක්‌ෂණයේ පිටුබලය සමඟින් ඔබ වෙත එන මෙම උපදේශකවරුන් වෙතින් ඔබට ජීවිතයේ සාර්ථකත්වය ළඟා කරගැනීම ගැන බොහෝ දේ දැනගැනීමට හැකිවනු නොඅනුමාන ය.

මේ පිළිබඳව වැඩි විස්‌තර දැනගැනීමට ඔබත් අදම 0770 501 501 අංකය හෝ 0112 990 990 අංකය අමතන්න.

busi2ඩිජිටල් බැංකුකරණය දියුණු වීමත් සමග අනාගතයේදී එල්ලවන අභියෝග වලට මුහුණ දීම සඳහා බැංකුව තුළ මෙන්ම සමස්‌තයක්‌ ලෙස රටේ මූල්‍ය සේවා ක්‌ෂේත්‍රය තුළ ද තීරණාත්මක වෙනස්‌කම් සිදුවිය යුතු බව නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌ බැංකුව විශ්වාස කරයි.
 
 
 බැංකු ක්‌ෂේත්‍රය ඩිජිටල් තාක්‌ෂණයට පරිවර්තනය වීම ක්‍රියාවලියක්‌. ඩිජිටල්කරණය සඳහා අප දැරූ ප්‍රධානතම උත්සහයක්‌ ලෙස අපගේ ජංගම බැංකුකරණ යෙදුම   පෙන්වා දෙන්නට පුළුවන්. ප්‍රධාන භාෂා තුනෙන්ම සේවා සලසන මෙවැනි යෙදුමක්‌ ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දුන්නේ ප්‍රථම වරටයි. එමෙන්ම වඩාත් ඉක්‌මනින් දුරකථනයට පිවිසීමේ හැකියාව ලබාදීමට සහ එහි සුරක්‌ෂිතතාව වැඩිකිරීමට ජෛවමිතික අවසර ක්‍රමය හෙවත් .ඊසදපැඑරසජ Aමඑයෑබඑසජ්එසදබ. ක්‍රමවේදය ද මීට ඇතුළත් කර තිබෙනවා. අපගේ ගනුදෙනුකරුවන්ට එකම මුහුණුවරක්‌ ලබාදීමේ අරමුණින් අපගේ ශාඛාවල පෙනුම සහ අත්දැකීම මෙම නව්‍ය තාක්‌ෂණයන්ට ගෙන ඒමට කටයුතු කළා.
 
 නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌ බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිලක්‌ පියදිගම මහතා පැවසීය.
 
 2017 වසරේදී දියත් කළ නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌ නව ජංගම දුරකථන යෙදුම මේ වනවිට වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින අතර දැනටමත් ඒ හරහා සිදුකරන ලද ගනුදෙනු වල වටිනාකම රුපියල් බිලියන 7 සීමාව ඉක්‌මවා ඇත. මේ වනවිට එම යෙදුම හරහා බැංකුවේ සේවාවන් රාශියක්‌ ගනුදෙනුකරුවන්ට ලබාගත හැකිවේ.
 
 මෙම වසර මුලදී මෙම ජංගම දුරකථන යෙදුම තවදුරටත් වැඩිදියුණු කරමින් 100% ක්‌ අන්තර්ජාලය ඔස්‌සේ ලියාපදිංචි වීමේ හැකියාව ලබාදෙන ලදි. එම නිසා දැන් ගනුදෙනුකරුවන්ට ලියාපදිංචි වීම සඳහා බැංකු ශාඛා වෙත පැමිණීම අවශ්‍ය නොවේ. ඉදිරියේදී ජංගම දුරකථන බැංකුකරණය මෙන්ම අන්තර්ජාල බැංකුකරණය ඔස්‌සේ නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌ බැංකුවේ සේවාවන් බොහොමයක්‌ ගනුදෙනුකරුවන් වෙත සමීප කරවීම බැංකුවේ ඉලක්‌කය වී ඇත. තවද ළඟදීම මෙම ඩිජිටල් ක්‍රමවේද ඔස්‌සේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විසඳුම් සම්පාදනය කිරීමටද බැංකුව සැලසුම් සකස්‌ කර තිබේ.
 

singer1සිංගර් ශ්‍රී ලංකා සමාගමේ නියෝජ්‍ය අලෙවි අධ්‍යක්‍ෂ (අලෙවි) ධම්මික විඡේසුන්දර, සිංගර් ශ්‍රී ලංකා සමාමේ අලෙවි අධ්‍යක්‍ෂ කුමාර සමරසිංහ, හේලීස්‌ හා සිංගර් සමූහයේ සභාපති මොහාන් පණ්‌ඩිතගේ, සිංගර් ශ්‍රී ලංකා සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස්‌, සිංගර් ශ්‍රී ලංකා කර්මාන්තශාලා අධ්‍යක්‍ෂ කැලුම් කොස්‌පැලවත්ත යන මහත්වරු සිංගර් GEO Smart ශීතකරණ හඳුන්වාදීමේ අවස්‌ථාවට එක්‌ වූ අයුරු.

 singerපාරිභෝගික භාණ්‌ඩ අලෙවියේ මෙරට ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා විසින් සිංගර් GEO Smart ශීතකරණ වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය.
 
 පෙරේදා (09වැනිදා) පස්‌වරුවේ කොළඹ කිංග්ස්‌බරි හෝටලයේ පැවති උත්කර්ෂවත් උළෙලකදී මෙම සිංගර් GEO Smart ශීතකරණ හඳුන්වාදීම සිදු කෙරිණි.
 
 ආසියාවේ වඩාත්ම කාර්යක්‌ෂම සහ බලශක්‌තිය පිරිමසින ශීතකරණයක්‌ ලෙස මෙම GEO Smart ශීතකරණය වෙළෙඳපොළට හඳුන්වාදී තිබේ.
 
 වසර 2003 දී සිංගර් විසින් හඳුන්වා දුන් සිංගර් ඨෑධ ශීතකරණ තාක්‌ෂණය තවදුරටත් වර්ධනය කරමින් මෙම නවතම GEO Smart ශීතකරණය නිපදවා තිබේ. 100% ක්‌ම පරිසර හිතකාමී ශීතකරණයක්‌ වන මෙම GEO Smart ශීතකරණය R600a ක ශීතකරණ හැකියාවෙන් යුක්‌ත වෙයි. එමෙන්ම 50% ක බලශක්‌ති අරපිරිමැස්‌මක්‌ සහිතවීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. භාවිත කරන කාලය පුරාම වගකීමක්‌ සහිත තඹ නල වලින් සැදුම් ලත් මෙම ශීතකරණය අවම නඩත්තුවක්‌ සහිත එකක්‌ වන අතර එහි LED දීප්තිමත් බල්බ් පද්ධතිය සහ දිගු කළක්‌ බලශක්‌තිය පිරිමසා ගැනීමට හැකිවීම ආදී විශේෂතා රැසකි.
 
 singer2දේශීය නිෂ්පාදනයක්‌ වන මෙම සිංගර් GEO Smart ශීතකරණය Regnis කර්මාන්ත ශාලාවේ නිපදවනු ලබයි. මෙම නවතම සිංගර් GEO Smart ශීතකරණ දිවයින පුරා පිහිටි සිංගර් අලෙවිසල්වලදී වසර 10ක සිංගර් වගකීමේ සහතිකය සමග මිලදී ගැනීමට හැකියාව ඇත. Inverter, No Frost සහ Direct Cool වශයෙන් වන විශේෂතා අනුව මාදිලි 6කින් මෙම සිංගර් GEO Smart ශිතකරණ මිලදී ගත හැකිය. මෙම සිංගර් GEO Smart ශිතකරණවල උපරිම ප්‍රමාණය ලීටර් 240 ක ධාරිතාවයෙන් යුක්‌ත වෙයි.
 
 සිංගර් GEO Smart ශිSතකරණය නවතම Smart තාක්‌ෂණයෙන් යුක්‌ත වන අතර ආහාර නැවුම්ව තබාගැනීම සහ බලශක්‌තිය අරපිරිමැස්‌ම සඳහා මෙහි ඇති විශේෂතා රැසකි. ඒ අතර පරිසර උෂ්ණත්ව සෙන්සරය මගින් ශීතකරණය තබා ඇති කාමරයෙන් පිටත ඇති උෂ්ණත්වයට සමගාමීව ශීතකරණය අභ්‍යන්තර උෂ්ණත්වය ස්‌වයංක්‍රීයව සකස්‌වීම ප්‍රමුඛ විශේෂතාවයකි. එමෙන්ම විදුලි බලය අඩු වැඩි වීමකදී ශිතකරණයේ කොම්ප්‍රෙසරයට හානියක්‌ නොවන ආකාරයට ඊට අනුගතවීමේ ස්‌වයංක්‍රිය ක්‍රමවේදය සහිත ධාරිතා සෙන්සරය මෙන්ම, ශීතකරණයේ දොර විවෘත කිරීමේදී විදුලි බලය වැයවීම වැළැක්‌වීමේ ක්‍රමවේදය හා ද්විත්ව ක්‍රියාකාරි උෂ්ණත්ව පාලන ක්‍රමවේදයන් ආදී තාක්‌ෂණික ක්‍රමවේද රැසකින් මෙම ශීතකරණය සමන්විත වෙයි.
 
 නවතම සිංගර් GEO Smart ශීතකරණ හඳුන්වා දීමේ අවස්‌ථාවට එක්‌වෙමින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්‌ෂ කුමාර සමරසිංහ මහතා සඳහන් කළේ වසර 2013 හඳුන්වාදීමේ සිට අති සාර්ථක අලෙවියක්‌ පෙන්නුම් කරන සිංගර් ඨෑධ ශීතකරණ මේ වනවිට 500,000 ක්‌ පමණ අලෙවි කර ඇති බවයි. බලශක්‌ති අරපිරිමැස්‌ම සහ Smart තාක්‌ෂණය සහිතව හඳුන්වා දුන් සිංගර් GEO Smart ශිතකරණය වත්මන් පාරිභෝගිකයාගේ අවශ්‍යතාව පරිදි නිමවා ඇති බවත් එය ශීතකරණ ක්‌ෂේත්‍රයේ නවතම පෙරළිය බවත් හෙතෙම සඳහන් කළේය. දීර්_ඝ කාලයක්‌ තිස්‌සේ සිදුකරන පර්යේෂණ හා සංවර්ධන කටයුතුවල ප්‍රතිඵලයක්‌ ලෙස නවතම කාර්යක්‌ෂම ශීතකරණයක්‌ හඳුන්වාදීමට හැකි ව ඇති බවද සමරසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. නියත වශයෙන්ම මෙම නවතම සිංගර් GEO Smart ශීතකරණය මෙරට වෙළෙඳපොළ තුළ අතිශය ජනප්‍රියත්වයට පත්වනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
 

singer3
 ප්‍රභාත් විතාන
 ඡායාරූප - ජූඩ් ඩෙන්සිල් පතිරාජ

busi1ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස්‌ ශ්‍රී ලංකා සමාගම පළමු වරට හෘද සෞඛ්‍යයට උපකාරී වන ශාක ස්‌ටෙරෝල් අඩංගු කිරිපිටි වර්ගයක්‌ පසුගියදා වෙළෙඳ පොළට හඳුන්වාදෙනු ලැබීය.
 
 ශ්‍රී ලංකාවේ වැඩිහිටි පරපුරට සිය ජීවිතය උපරිමයෙන් අත්විඳීමට අත්වැළක්‌ වෙමින් ෆොන්ටෙරා බ්‍රෑන්aඩ්ස්‌ ශ්‍රී ලංකා සමාගම ඇන්කර් ලයිෆ් නමින් අඩුමේද කිරිපිටි වර්ගය මෙසේ හඳුන්වා දී ඇත.
 
 රුධිරගත කොලෙස්‌ටරෝල් අඩු කරන ශාක ස්‌ටෙරෝල් සහ යහපත් හෘද සෞඛ්‍යයට උපකාරී වන ඔමේගා 3 මේද අම්ල, ආහාරමය තන්තු සහ අනිකුත් වැදගත් විටමින් හා ඛනිජ ලවණ යොදාගෙන මෙය නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයකි.
 
 ඒ අනුව රුධිරයේ කොලෙස්‌ටරෝල් අඩු කිරීමේ හැකියාව සහිත සංඝටකයක්‌ යොදා නිෂ්පාදනය කළ ඇන්කර් ලයිෆ් වැඩිහිටියන් සඳහා හඳුන්වාදුන් පළමු කිරිපිටි වර්ගය මෙය වශයෙන් ඉතිහාසගත වනු ඇත.
 
 2015 වසරේ සිදුකළ අධ්‍යයනයකදී කොලෙස්‌ටරෝල් අධික වීම, අධි රුධිර පීඩනය සහ අධික සීනි පරිභෝජනය මෙරට ජනතාවගේ ප්‍රධාන සෞඛ්‍ය ගැටලුව වශයෙන් හෙළි වී ඇති අතර, එයට විසඳුමක්‌ වශයෙන් ඇන්කර් ලයිෆ් කිරිපිටි වර්ගය හඳුන්වාදීමට ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස්‌ ශ්‍රී ලංකා සමාගම තීරණය කර ඇත.
 
 මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස්‌ ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ සුනිල් සේති මහතා - "ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටලු ක්‍රමක්‍රමයෙන් වැඩිවෙනවා. මෙවැනි පසුබිමක්‌ තුළ ඔවුන් වයස්‌ගත වීමේදී නීsරෝගිමත් ක්‍රියාශීSSලී ජීවිතයක්‌ ගත කිරීමට සහ විශේෂයෙන්ම හදවත නීරෝගීව පවත්වාගෙන යැමට අවශ්‍ය සහාය ලබාදීම කාලීන අවශ්‍යතාවක්‌.
 
 වයස්‌ යනු හදවතේ ඇති සිහින හඹා යැමට බාධාවක්‌ විය යුතු දෙයක්‌ නෙමෙයි. වයස්‌ගත වීමේදී ශරීරයට අවශ්‍ය පෝෂණය ලබාදෙන නව නිෂ්පාදනයක්‌ හඳුන්වාදුන්නේ එම නිසයි.
 
 ශ්‍රී ලාංකිකයන්ගේ වෙනස්‌ වන ජීවන රටාවන් සමග ඔවුන්ගේ ජීවිතයේ සියලුම අවධිවලට ගැළපෙන නිෂ්පාදන හඳුන්වාදීමට ෆොන්ටෙරා සමාගම නිරන්තරයෙන්ම කටයුතු කරනවා. මේ නව නිෂ්පාදනයත් එහි එක්‌ වැදගත් පියවරක්‌ ලෙස හඳුන්වන්න පුළුවන්."
 
 ලෝක හදවත් දිනය නිමිති කරගෙන පැවැති විශේෂ සංවාදයකදී ජනප්‍රිය ක්‍රිකට්‌ ක්‍රීඩක මහේල ජයවර්ධන මහතා ඇතුළු අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් ඇන්කර් ලයිෆ් වෙළෙඳ පොළට හඳුන්වාදීම සිදුකෙරිණි.
 
 නවසීලන්තයේ කිරි ගොවීන් 10,500 කට අධික පිරිසකගේ හිමිකාරීත්වය යටතේ පවතින ෆොන්ටෙරා සමාගම වසර 40 ක්‌ තිස්‌සෙ ශ්‍රීS ලාංකික ජනතාව වෙනුවෙන් උසස්‌ තත්ත්වයේ කිරි පෝෂණය සැපයීමට කටයුතු කරන ප්‍රමුඛ පෙළේ සමාගමකි.
 
 ෆොන්aටෙරා බ්‍රෑන්ඩ්ස්‌ ශ්‍රී ලංකා සමාගමේ නවතම නිෂ්පාදනය වන ඇන්කර් ලයිෆ් කිරිපිටි හඳුන්වාදීම වෙනුවෙන් පැවැති උත්සවයට හිටපු ක්‍රිකට්‌ නායක, සමාජ සුබසාධන උපදේශක මහේල ජයවර්ධන, ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස්‌ ශ්‍රී ලංකා සමාගමේ අධ්‍යක්‍ෂ (ආයතනික කටයුතු) වෛද්‍ය අතුල කහඳලියනගේ, ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස්‌ ශීS්‍ර්‍ර ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ සුනිල් සේති, ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස්‌ ශ්‍රී ලංකා සමාගමේ අධ්‍යක්‍ෂ (පර්යේෂණ හා සංවර්ධන, ආහාර සුරක්‍ෂිතතාව, තත්ත්වය හා පෝෂණය) මනිෂ් සිං යන මහත්වරු එක්‌ව සිටි අයුරු ඡායාරූපයෙන් දැක්‌වෙයි.
 
 ඡායාරූප - දිමුතු ප්‍රේමරත්න

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles