Divaina - welanda

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

2021-02-23 වන දින කලාපය

wela1ශ්‍රී ලාංකීය ජීවිත රක්‌ෂණ ක්‌ෂේත්‍රයේ වේගවත් වර්ධනයක්‌ වාර්තා කරන සොෆ්ට්‌ලොජික්‌ ලයිෆ් සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සහකරු වන ඩයලොග් සමාගම සහයෝගීතාවයෙන් 'නව ජීවිත රක්‌ෂණ සැලසුමක්‌' හඳුන්වා දෙනු ලැබීය.
 
 ඩයලොග් ආසිආටා සමූහ ප්‍රධාන විධායක නිලධාරි සුපුන් වීරසිංහ හා සොෆ්ට්‌ලොජික්‌ ව්‍යාපාර සමූහයේ සභාපති අශෝක්‌ පතිරගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොල්ලුපිටිය මූවින්පික්‌ හෝටලයේ පැවති උත්සවයකදී මෙම ජීවිත රක්‍ෂණ සැලසුම් ක්‍රමය හඳුන්වාදෙනු ලැබීය.
 
 සොෆ්ට්‌ලොජික්‌ ලයිෆ් විසින් දැනටමත් පවත්වාගෙන යනු ලබන එක්‌දින රක්‌ෂණ සේවා සන්නාමය යටතේ මෙම නව රක්‌ෂණ සැලසුම ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාව තුළ විවිධ ආදායම් මට්‌ටම් හිමි පුළුල් ආදායම් විවිධත්වයකින් යුතු ජන කොටස්‌ වෙනුවෙන් දැරිය හැකි ජීවිත රක්‌ෂණ සැලසුමක අවශ්‍යතාවය ඉතාමත් ඉහළ කාලීන වැදගත්කමක්‌ ගන්නා බැවින් මෙම වෙළෙඳපොළ කෙරෙහි අවධානය යොමු කරමින් සොෆ්ට්‌ලොජික්‌ ලයිෆ් සහ ඩයලොග් ආසිආටා යන සමාගම් සහසම්බන්ධතාව මත දියත් කළ මෙම නව ජීවිත රක්‌ෂණ සැලසුම ජීවිත රක්‌ෂණ ඉතිහාසයේ නව හැරවුම් ලක්‌ෂයක්‌ සනිටුහන් කරනු ඇත.
 
 සොෆ්ට්‌ලොජික්‌ ලයිෆ් විසින් දැනටමත් හඳුන්වාදී තිබෙන 'එක්‌දින ජීවිත රක්‌ෂණ සැලසුම' රෝහල්ගතවීම් සහ හදිසි අනතුරු රක්‌ෂණාවරණයක්‌ වන අතර ඊට නව අගයක්‌ එක්‌ කිරීමට සොෆ්ට්‌ලොජික්‌ ලයිෆ් සහ ඩයලොග් සහයෝගීතාවට හැකියාව ලැබී තිබේ. සාධාරණ අය කිරීමක්‌ යටතේ ඩයලොග් පාරිභෝගිකයන්ට සොෆ්ට්‌ලොජික්‌ ලයිෆ් වෙතින් මෙම රක්‌ෂණ ආවරණය ලබා ගත හැකිය. සෑම ශ්‍රී ලාංකිකයෙකුම ජීවිත රක්‌ෂණ සැලසුමක හිමිකරුවෙක්‌ කිරීම සඳහා ගනු ලබමින් තිබෙන ක්‍රමෝපායික සැලසුම් නිසා ජීවිත රක්‌ෂණය, රක්‌ෂණ ක්‌ෂේත්‍රයෙහි ඉහළ වැදගත්කමක්‌ සහිත නිපැයුමක්‌ බවට පත්ව තිබේ.
 
 දිනකට රුපියල් 01 සිට රුපියල් 10 බැගින් අයකරමින් රුපියල් 100,000 සිට 1,000,000 තෙක්‌ පරාසයක පැතිරුණ රක්‌ෂණාවරණයන් පාරිභෝගිකයාට ලබා ගැනීමේ අවස්‌ථාව මේ යටතේ ලබාදී තිබේ. අවම ලිපි ලේඛන අවශ්‍යතාවය මෙන්ම විනිවිදභාවයෙන් යුතු පහසු ක්‍රමවේදයක්‌ සහිත මෙම සේවාව වයස අවුරුදු 70 දක්‌වා පාරිභෝගිකයන් වෙත විවෘතව පවතී. එමෙන්ම සොෆ්ට්‌ලොජික්‌ ලයිෆ් සමාගම ඵෂඛඪෂණ ලංකා (පුද්ගලික) සමාගම සමග ඒකාබද්ධ වෙමින් එම සමාගමේ පාරිභෝගික සේවා සහයෝගීතා සහකරු වශයෙන්ද කටයුතු කරයි. මෙම සේවාව සෑම ඩයලොග් පෙරගෙවුම් සහ පසුගෙවුම් පාරිභෝගිකයෙකු සඳහාම විවෘතව පවතී.
 
 ඃ107ෆ1ඃ අංකනය කරමින් මෙම සේවාව සඳහා ලියාපදිංචිවීමට ඩයලොග් පාරිභෝගිකයන්ට දැන් අවස්‌ථාව තිබේ. සෑම සාර්ථක ලියාපදිංචිවීමක්‌ අවසානයේදී භාවිතා කරන්නා වෙත අදාළ විස්‌තර සහිත එස්‌එම්එස්‌ පණිවිඩයක්‌ ලැබෙනු ඇත. පෙරගෙවුම් පාරිභෝගිකයන් සඳහා අය කිරීම් ඔවුන්ගේ ණය ශේෂයට දෛනිකව එකතු වන අතර පසුගෙවුම් පාරිභෝගිකයන් මෙම සේවාව ලබා ගැනීමේදී ඔවුන්ගේ මාසික බිලට අදාළ අය කිරීම් එකතු වේ. අවාසනාවන්ත මරණයකදී ඒ පිළිබඳව මරණයට පත් වූ තැනැත්තා විසින් නාම නිර්දේශ කරන ලද තැනැත්තා හෝ තැනැත්තිය විසින් ඒ පිළිබඳව 444 අමතා දැනුම් දිය යුතුය. අදාළ ලියවිලි ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ සඳහා හිමි රක්‌ෂණ වන්දිය පැය 72ක්‌ ඇතුළත වන්දි හිමියා වෙත ලබාදීම සිදු වේ.

ප්‍රභාත් විතාන

කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස්‌ සමාගමේ
 සහකාර සාමාන්‍යාධිකාරී (ක්‌ෂුද්‍ර මූල්‍ය) ප්‍රසන්න පී. කරඳගොල්ල මහතා
 
wela2ක්‌ෂුද්‍ර මූල්‍ය සේවා යනු මෙරටට අලුත් සංකල්පයක්‌ නොවේ. එහෙත් ක්‌ෂුද්‍ර මූල්‍ය සේවාවන් හරහා ලැබෙන ප්‍රතිලාභ මෙන්ම නිසි ක්‌ෂුද්‍ර මූල්‍ය සේවා සම්පාදකයකුගේ කාර්යභාරය කුමක්‌ද යන්න පිළිබඳ ඇත්තේ අඩු අවබෝධයකි. එවැනි කරුණු කිහිපයක්‌ පිළිබඳව කොර්ෂල් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස්‌ සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී (ක්‌ෂුද්‍ර මූල්‍ය) ප්‍රසන්න පී. කරඳගොල්ල මහතා සමඟ පැවැත්වූ සංවාදයක සංක්‍ෂිප්ත සටහන මෙසේය.
 
 ක්‌ෂුද්‍ර මූල්‍ය සේවා කියන්නේ කුමක්‌ද කියන තැනින් කතාව පටන්ගත්තොත්?
 
 ගොඩක්‌ අය හිතාගෙන ඉන්නෙ ක්‌ෂුද්‍ර මූල්‍ය සේවා කියන්නේ ණය ලබාදීම සහ ඒවා එකතුකරගැනීම කියලයි. බහුතරයක්‌ මූල්‍ය ආයතන පවා එහෙමයි කල්පනා කරන්නෙ. නමුත් ක්‌ෂුද්‍ර මූල්‍ය සේවා කියන්නේ ඊට වඩා ගොඩාක්‌ පුළුල් ක්‍ෂේත්‍රයක්‌. සරලව කිව්වොත් කුඩා ව්‍යවසායකයන් අඩු ආදායම්ලාභී තත්ත්වයේ ඉඳන් ඉහළ ජීවන මට්‌ටමක්‌ කරා ගෙනඑන්නත් ඒ අයව ප්‍රධාන මූල්‍ය ප්‍රවාහයට එකතු කරන්නත් ක්‌ෂුද්‍ර මූල්‍ය සේවාවකට හැකියාව තිබෙනවා.
 
 ඔබ ආයතනය ක්‌ෂුද්‍ර මූල්‍ය සේවාවට පිවිසිලා දැන් කොපමණ කාලයක්‌ද?
 
 දැනට අවුරුදු එකහමාරක්‌ විතර වෙනවා. ඒ කාලය තුළ ලක්‍ෂයකට අධික පාරිභෝගික පිරිසක්‌ අපි වටා එකතු වී තිබෙනවා. ඒක ඉතාම වේගවත් වර්ධනයක්‌. අපේ පාරිභෝගික පිරිස සියයට සීයක්‌ම කාන්තාවන්. ප්‍රායෝගිකව ගත්තම ක්‌ෂුද්‍ර මූල්‍ය සේවාවට වැඩි නැඹුරුවක්‌ දායකත්වයක්‌ ලැබෙන්නෙ කාන්තාවන්ගෙන් වීම තමයි ඒකට හේතුව.
 
 ක්‌ෂුද්‍ර මූල්‍ය සේවා වෙනුවෙන් ඔබේ ආයතනය තෝරාගත යුත්තේ ඇයි?
 
 අපි ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍යායතනයක්‌. ක්‍ෂේත්‍රයට ගොස්‌ ඉතිරි කිරීමේ ගිණුම් සඳහා මුදල් එකතු කිරීමට මහ බැංකුවේ ලිත අවසරය තියෙන එකම මූල්‍ය සමාගම අපේ ආයතනයයි. අනෙක්‌ අතට අපි ළඟ ඕනෑම තරාතිරමේ පාරිභෝගිකයෙක්‌ට අවශ්‍ය සියලු මූල්‍ය සේවා තියෙනවා. බැංකුවක්‌ එක්‌ක බැලුවම අපිට දෙන්න බැරි එකම මූල්‍ය සේවාව ජංගම ගිණුම් පවත්වාගෙන යැම විතරයි. අපි ක්‌ෂුද්‍ර මූල්‍ය සේවාවන් ලබාදෙද්දී ඉතිරි කිරීමේ ගිණුමක්‌ වගේම රක්‍ෂණයකුත් පාරිභෝගිකයන්ට ලබාදෙනවා. අපේ බලාපොරොත්තුව අපෙන් ණයක්‌ ගත් කෙනා හැමදාම කුඩා ව්‍යවසායකයෙක්‌ වෙලා ඉන්නවා දැකීම නෙමෙයි. ඒ පුද්ගලයා ටිකෙන් ටික සංවර්ධනය වෙනවා දකින්නයි අපිට අවශ්‍ය. ඒ වගේම අපි ලංකා ඔරික්‌ස්‌ ලීසිං සමාගම යටතේ පවතින ආයතනයක්‌ නිසා හොඳ මූල්‍ය ස්‌ථායීතාවක්‌ වගේම මූල්‍ය සේවා පරිණත භාවයකුත් අප සතුයි.
 
 ග්‍රාමීය ජනතාව තුළ මූල්‍ය ගනුදෙනු පිළිබඳව පවතින අවබෝධය තරමක්‌ අඩුයි. ඉතින් ඒ අය සමඟ ගනුදෙනු කරන්න යන සේවක පිරිසට විශේෂ පුහුණුවක්‌ ලබාදීලා තිබෙනවද?
 
 ඒක ඇත්තටම අපේ සේවාවෙ වැදගත් අංශයක්‌. සේවකයන් බඳවාගැනීමේ පටන් අපි ඒ සම්බන්ධයෙන් විශාල අවධානයකින් කටයුතු කරනවා. ඔවුන් සියලු දෙනා හොඳ අධ්‍යාපන පසුබිමක්‌ තියෙන අය. උපාධිධාරීන් පවා ඒ අතර ඉන්නවා. ඒ වගේම ක්‌ෂුද්‍ර මූල්‍ය සේවා පිළිබඳ නිරන්තර පුහුණුවීම් අපි ඔවුන්ට ලබාදෙනවා.
 
 ඔබ ආයතනයේ ක්‌ෂුද්‍ර මූල්‍ය සේවාව සන්නාමයක්‌ ලෙස දියුණුවූ ආකාරය ගැනත් සඳහන් කළොත්?
 
 අපේ ක්‌ෂුද්‍ර මූල්‍ය සේවාව හැඳින්වෙන්නේ "සී.එල්.සී. වාසනා" නමිනුයි. සෙසු මූල්‍ය ආයතනවලට වඩා වෙනස්‌ නමක්‌ එක්‌ක ඉදිරියට එන්නයි අපට අවශ්‍ය වුණේ. වාසනා කියන නම අපි තෝරාගත්තේ වාසනාව කියන සංකල්පයට ගැමි සමාජය තුළ ලොකු පිළිගැනීමක්‌ තිබෙන හින්දයි. දෙමළ බසින් එය "සී.එල්.සී. අධිෂ්ඨම්" ලෙස නම් කර තිබෙනවා. අපේ හැම ශාඛාවකම වගේ සී. එල්. සී. වාසනා වෙනුවෙන් විශේෂිත කොටසක්‌ වෙන්කර තිබෙනවා. අපේ නිල ලාංඡනයේ තිබෙන්නේ පෙති තුනක මලක්‌. ඉන් මූල්‍ය සේවාව, මූල්‍ය ආයතනය සහ පාරිභෝගිකයා කියන පාර්ශ්ව තුන ඉස්‌මතු කෙරෙනවා. ඒ වගේම අපේ පාරිභෝගිකයන්ගේ තුන්දෙනා බැගින් වන කුඩා කණ්‌ඩායම් ඉන් අදහස්‌ කෙරෙනවා.
 
 ඔබ ආයතනය හා සම්බන්ධ වීමට කැමැති පාරිභෝගිකයෙක්‌ කළ යුත්තේ කුමක්‌ද?
 
 මුලින්ම කළ යුත්තේ අපේ ඕනෑම ශාඛාවකට ගොඩවී එහි ක්‌ෂුද්‍ර මූල්‍ය අංශ නිලධාරීන් හමුවීමයි. අපේ ක්‌ෂණික ඇමැතුම් අංකය (011-5526526) හරහා වැඩි විස්‌තර ලබාගන්නත් පුළුවන්.
 
  

wela2මහේන්ද්‍ර රථ වාහන ලංකාවට ගෙන්වා බෙදා හරින අයිඩියල් මෝටර්ස්‌ පුද්ගලික සමාගම හා අසූදහසකින් සමන්විත දීපව්‍යාප්ත ජාලයකින් යුත් COOPFED පාරිභෝගික සංසදය අතර අවබෝධතා ගිවිසුමක්‌ අත්සන් කිරීම පසුගියදා අයිඩියල් මෝටර්ස්‌ ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.
 
 දිරියෙන් නගින්නට වෙරදරන ලාංකීය ග්‍රාමීය ව්‍යාපාරික ප්‍රජාවගේ ආර්ථික ශක්‌තිය නැංවීමේ අරමුණින් අත්සන් කළ මෙම අවබෝධතා ගිවිසුම මගින් රට පුරා ව්‍යාප්තව ඇති සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අතර, ඔවුන්ගේ අවශ්‍යතාවන්ට අනුව ගැලපෙන මහේන්ද්‍රd රථ වාහන සහනදායි පහසු ගෙවීමේ ක්‍රම මත ලබාදීම හා අනෙකුත් සේවා හා ණය පහසුකම් ලබාදීමේ පසුබිම නිර්මාණය කිරීමත් මූලික කරගෙන මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරනු ලැබේ.
 
 මෙම අවස්‌ථාව සඳහා අයිඩියල් මෝටර්ස්‌ පුද්ගලික සමාගම වෙනුවෙන් අයිඩියල් සමූහ ව්‍යාපාරයේ සභාපති නලීන් වෙල්ගම මහතාද, උප සභාපති අරවින්ද සිල්වා යන මහත්වරුන් ඇතුළු ඉහළ කළමනාකාරීත්වය සහභාගි වූ අතර COOPFED සංසදය වෙනුවෙන් එහි සමස්‌ථ ලංකා සභාපති රුවන් තෙන්aනකෝන් මහතාද සාමාන්‍යාධිකාරි පතිරණ මහතා ඇතුළු සියලුම පළාත් නියෝජනය කරමින් පැමිණි COOPFED විධායක නිලධාරීන් පිරිසක්‌ද සහභාගි වූහ.

wela3විධායක අධ්‍යක්‍ෂ තනතුරට නිලූ විඡේදාස
 
 - ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය පසුගියදා ප්‍රතිස්‌ථාපනය කළ අතර නිලූ විඡේදාස මහතා විධායක අධ්‍යක්‍ෂ තනතුරටත් සාදි වඩූඩ් මහතා අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ සාමාජිකයකු ලෙසත් පත් කරනු ලැබිණි. ආයතනයේ සම කළමනාකරණ අධ්‍යක්‍ෂවරු ලෙස ක්‍රියාකළ ටී. එම්. ආර්. බන්ස ජයා සහ අරුණ සිරිවර්ධන යන මහත්වරුන් තම තනතුරුවලින් ඉවත් වූහ. හේමක අමරසූරිය මහතා විධායක සභාපතිවරයා ලෙස තවදුරටත් ආයතනයේ මුලසුන හොබවන අතර මහාචාර්ය ලාල් ගෝඨාභය චන්ද්‍රසේන, ප්‍රියංග අල්ගම සහ ප්‍රදීප් ලියනමාන යන මහත්වරු අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ අනිකුත් සමාජිකයෝ වෙති.
 
 නව විධායක අධ්‍යක්‍ෂ ලෙස පත්වී ඇති නිලූ විෙ-දාස මහතා ව්‍යාපාරික අංශයේ ප්‍රමුඛ නාමයක්‌ උසුලන අතර දැනට ඇල්කඩුව ප්ලාන්ටේෂන්ස්‌ සමාගමේ සභාපති ධුරය සහ ජනතා වතු සංවර්ධන මණ්‌ඩලයේ අධ්‍යක්‍ෂ ධුරයක්‌ද හොබවයි.
 

wela1ස්‌වභාවිකව හෝ මිනිසුන් විසින් ඇති කරනු ලබන හදිසි ආපදාවකදී ජීවිත නිරුපද්‍රිතව ගලවා ගැනීමෙන් දේපළ ආරක්‍ෂා කර ගැනීමත් ප්‍රායෝගික පෙර සූදානමක්‌ ලෙස පෙරහුරු අභ්‍යාසයක්‌ පසුගිය සිකුරාදා (13 දා) ලංකා බැංකු මූලස්‌ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
 
 ශ්‍රී ලංකා යුද හමුදාව, පොලිසිය, ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය, ජාතික රෝහල, ගිනි නිවීම් ඒකකය සහ මෙම වැඩසටහන සඳහා ලංකා බැංකුවේ තෝරාගත් පුහුණුව ලැබූ මහල් ගිනි පාලකවරුන් ලංකා බැංකුවේ දේපළ සංවර්ධන සමාගම සහ ලංකා බැංකු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් මෙම පෙරහුරු අභ්‍යාස වැඩසටහන මෙහෙයවනු ලැබීය.
 
 මහල් 32 කින් සමන්විතවූ ලංකා බැංකු ගොඩනැඟිල්ල තුළ හදිසි ආපදා තත්ත්වයක්‌ හෝ ගින්නක්‌ ඇතිවූ විට තත්ත්වය මැඩලීම සඳහා මෙම පෙර පුහුණු අභ්‍යාස සිදුකෙරිණි.
 
 සටහන සහ ඡායාරූප - සුජාතා ජයරත්න
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles