Divaina - welanda

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

2021-02-23 වන දින කලාපය

wela1කොළඹ නගරයට මනරම් දසුනක්‌ එක්‌ කරමින් දර්ශනීය බේරේ වැවට ආසන්න කොළඹ නගරයේ කේන්ද්‍රීය ස්‌ථානයක Colombo City Centre මිශ්‍ර ව්‍යාපෘතිය මේ වන විට කඩිනමින් ඉදි වෙමින් පවතී.
 
 අබාන්ස්‌ ව්‍යාපාර සමූහය සහ SilverNeedle Hospitality සමාගම අතර සහයෝගිතාවයෙන් ඉදිවන Colombo City Centre මිශ්‍ර ව්‍යාපෘතියේ මහල් 30 ක්‌ ඔක්‌තෝබර් මස අවසානයේ නිම කිරීමට අපේක්‍ෂිතව ඇත. ගොඩනැඟිල්ලේ සම්පූර්ණ උසින් 2/3 ක ප්‍රමාණයක්‌ ඉදිවී ඇති මේ අවස්‌ථාවේ එය ආසන්න වශයෙන් පොළව මට්‌ටමේ සිට මීටර් 110 ක්‌ උසින් (අඩි 360 ක්‌) යුක්‌ත වේ.
 
 2018 වසර අවසාන වන විට ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතව ඇති මෙහි සුඛෝපභෝගී නිවාස 192 ක්‌ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්‌තව ඉදිවනු ඇත. ජාත්‍යන්තර ප්‍රමිතියේ වෙළෙඳ නාමයන් බහුල වශයෙන් ලබාගත හැකි දැවැන්ත සාප්පු සංකීර්ණයක්‌, ව්‍යාපාරික පන්තියේ රැස්‌වීම්, හමුවීම් ඇතුළු වෘත්තීමය අවශ්‍යතා සඳහා පහසුකම් සලසන Next හෝටලය ඇතුළුව නවීන ජීවිතයකට සුව පහසුව සලසා දෙන අංග රැසක්‌ එහිදී දැකගත හැකි වනු ඇත.
 
 2018 අලුත් අවුරුදු සමය වන විට CCC සාප්පු සංකීර්ණය, සිනමා තිර 6 කින් යුත් සිනමා සංකීර්ණය, 720 කට අසුන්ගත හැකි භෝජනාගාරය සහ 70 කට අධික වෙළෙඳනාමයන් සංඛ්‍යාවක්‌ විවෘත වීමට නියමිතව ඇත. Abans, Armani Exchange, Apple, Mango සහ Odel ඇතුළුව දේශීයව සහ විදේශීයව සුපතල වෙළෙඳ නාමයන් රැසක අලෙවිසල් එහිදී දැකගත හැකි වනු ඇත.
 
 ඒ අනුව මෙම ව්‍යාපෘතියේ එක්‌ අදියරක්‌ එළැඹෙන සිංහල හා දමිළ අලුත් අවුරුද්ද ඉලක්‌ක කර ගනිමින් ලබන වසරේ මුල් කාර්තුවේදී විවෘත වනු ඇත. COLOMBO CITY CENTRE මිශ්‍ර ව්‍යාපෘතියේ ඉදිවන ජාත්‍යන්තර ප්‍රමිතියේ සාප්පු සංකීර්ණය දීර්ඝ කාලයක්‌ කොළඹ නගරයට පැවති අඩුවක්‌ සම්පූර්ණ කිරීමක්‌ බව ව්‍යාපෘතියේ ප්‍රධාන විධායක නිලධාරි ආනන්ද් සුන්දරම් මහතා පවසා සිටියි.
 

wela2ඔස්‌ටේ්‍රලියාවේ ජනප්‍රියතම මේද තැවරුමක්‌ වන මෙඩෝලී මෙරටට නිල වශයෙන් හඳුන්වාදීමේ අවස්‌ථාවට එක්‌ වූ පිරමිඩ් විල්මර් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ සජාඩ් මව්සූන්, පිරමිඩ් විල්මර් සමාගමේ අධ්‍යක්‍ෂ ඕමාර් සුලෙයිමන්, විල්මර් ජාත්‍යන්තර සමාගමේ කලාපීය ප්‍රධානී ප්‍රතීපන් කරුනාගරන්, පිරමිඩ් විල්මර් සමාගමේ අධ්‍යක්‍ෂ රෙහෙන මව්සූන්, ගුඩ්මන් ෆීල්ඩර් සමාගමේ ජාත්‍යන්තර අලෙවි අධ්‍යක්‍ෂ ෆීයෝනා ජොන්සන්, පිරමිඩ් විල්මර් සමාගමේ සාමාන්‍යාධිකාරි ප්‍රියන්ත කොලොන්නගේ, පිරමිඩ් විල්මර් සමාගමේ සමූහ වාණිජ ප්‍රධානි තන්වීර් සිද්ධික්‌, පිරමිඩ් විල්මර් සමාගමේ අලෙවි සමූහ වෙළෙඳ ප්‍රධානී හිරන්ත් ප්‍රනාන්දු, පිරමිඩ් විල්මර් සමාගමේ වෙළෙඳ ප්‍රධානී හේෂාන් රොඩි්‍රගෝ, පිරමිඩ් විල්මර් සමාගමේ අලෙවි ප්‍රධානී නදීෂා චන්ද්‍රසේකර යන මහත්ම මහත්මීන් ඡායාරූපයෙන් දැක්‌වේ.

ශ්‍රී ලංකාවේ අංක එකේ පිසින තෙල් සන්නාමය වන ෆොචූන් හඳුන්වා දුන් පිරමිඩ් විල්මා සමාගම, ඔස්‌ටේ්‍රලියාවේ ගුඩ්මන් ෆීල්ඩර් හි අනගිතම සන්නාමයක්‌ මෙන්ම ඔස්‌ටේ්‍රලියාවේ ජනප්‍රියතම මේද තැවරුමක්‌ වන මෙඩෝලී මෙරටට නිල වශයෙන් හඳුන්වා දෙනු ලැබීය.

පිරමිඩ් විල්මා සමාගමේ අධ්‍යක්‌ෂ මණ්‌ඩලයේ සහභාගිත්වයෙන් කොළඹ සිනමන් ලේක්‌සයිඩ් හෝටලයේදී පසුගියදා පැවති උත්සවයකදී මෙම නිෂ්පාදන හඳුන්වාදීම සිදු කෙරිණි.

සන්ෆ්ලවර් තෙල් වල යහගුණය සමගින් නිපදවන මෙඩෝලී, විටමින් A,D සහ E වලින් සපිරි මේද තැවරුමකි. මෙම පෝෂ්‍ය පදාර්ථ මනා ඇස්‌ පෙනීමකට උපකාරී වන අතර, ආහාරවල අන්තර්ගත කැල්සියම් හා පොස්‌පරස්‌ අවශෝෂණයට දායක වෙමින්, ප්‍රතිශක්‌තීකරණය ඉහළ නැංවීමට උපකාරී වෙයි. තැවරුමක්‌ වශයෙන් භාවිත කිරීම පමණක්‌ නොව, ඉවුම් පිහුම් වලදී සහ බේක්‌ කිරීම සඳහාද ගැලපෙන මෙඩෝලී ශ්‍රී ලාංකිකයන් ප්‍රිය කරන රසයට අනුව විශේෂයෙන් සකසා ඇත. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ දේශීය තත්ත්ව සහතිකවලට අනුකූලව දේශීයව නිපදවා වෙළෙඳපොළට එන මෙඩෝලී මෙරට පාරිභෝගිකයා රසවත් කිරීමේ ප්‍රමුඛ කාර්යභාරය ඉටු කරයි.

සියවසකට අධික කාලයක්‌ ආහාර නිෂ්පාදනයේ නිරත ඔස්‌ටේ්‍රලියාවේ ගුඩ්මන් ෆීල්ඩර් හා පිරමිඩ් විල්මා සමාගම ඒකාබද්ධව මෙඩෝලී නිෂ්පාදනය කරනු ලබන්නේ මුතුරාජවෙල පිහිටි කර්මාන්ත ශාලාවේදීය.

මෙඩෝලී හඳුන්වාදීමේ අවස්‌ථාවට එක්‌වෙමින් අදහස්‌ දැක්‌වූ පිරමිඩ් විල්මා සමාගමේ කළමනාකාර අධ්‍යක්‌ෂ සජාඩ් මව්සූන් මහතා සඳහන් කළේ ජාත්‍යන්තර තත්වයේ නිෂ්පාදන මෙරට පාරිභෝගිකයා වෙත තිළිණ කරමින් ඔවුන්ගේ ජීවන රටාව උසස්‌ කිරීමේ අරමුණ ඇතිව සිය සමාගම කටයුතු කරන බවයි. එමෙන්ම ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛ සමාගමක්‌ වන ගුඩ්මන් ෆීල්ඩර් හා එක්‌ව ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන හදුන්වාදීමට හැකිවීම පිරමිඩ් විල්මා ලත් භාග්‍යයක්‌ කොට සලකන බවද හෙතෙම පෙන්වා දුන්නේය. මෙවැනි අන්තර්ජාතික සහයෝගීතාවන් ඔස්‌සේ මෙරට පාරිභෝගිකයන්ගේ ජීවිත වඩා ඉහළ මට්‌ටමකට නගා සිටුවීමේ අරමුණ කරා පහසුවෙන් ළඟා විය හැකි බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

ප්‍රභාත් විතාන

ඡායාරූපය - දිමුතු ප්‍රේමරත්න
 

wela3බස්‌නාහිර පළාතේ ව්‍යවසායකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්‌ඩලය හා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සංවිධානය කරනු ලැබූ සම්මාන ප්‍රදාන කිරීමේ උත්සවයක්‌ පසුගියදා එනම් ඔක්‌තෝබර් මස 17 වැනි අඟහරුවාදා අති උත්කර්ෂවත් අන්දමින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා සෙසු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම උත්සවයේදී කෘෂිකර්මය ක්‍ෂුද්‍ර අංශය වෙනුවෙන් හොඳම ව්‍යවසායකයා සඳහා වූ සම්මානය සැන්ඩි්‍රයානා ප්ලාන්ටේෂන් හිමිකරු වන පානදුර පදිංචි සමන්සිරි සේනාමන්තිල විසින් දිනාගන්නා ලදී. ඉතා කෙටි කලක්‌ තුළ ආරම්භ කොට මෙවැනි දස්‌කමක්‌ පෑමට හැකි වූයේ ඔහු තුළ වූ කැපවීමත් අප්‍රතිහත ධෛර්යයත් හේතුවෙනි. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ඔහු පාසල් අවධියේ සිටම තම ප්‍රතිභාව ප්‍රදර්ශනය කළ අයෙකි.
 
 පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා හා ක්‍රීඩා නායකයා හා කරාටේ නායකයා වූ ඔහු පාසල හැර යැමෙන් පසු ජාතික තරුණ සේවා සභාව හා සම්බන්ධ විය. එහිදී කලා, සමාජීය හා සංස්‌කාතික අංශයන්ට දායකත්වය දැක්‌වූ ඔහු වසර 1988 දී යොවුන් කුමරා ලෙස අභිෂේක ලැබ තම සහජ හැකියාවන් විදහා දැක්‌වීය. ජය කොතැනද, මමයි රජා, ජය අපටයි, විරාගය යන චිත්‍රපට වල රංගනයෙන් දායකත්වය දැක්‌වූ ඔහු ඒ සඳහා ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර, ආචාර්ය කාලෝ ෙෆdන්සේකා, මිලිනා සුමතිපාල හා සෝනියා දිසා, සුනිල්සෝම පීරිස්‌ වැන්නවුන්ගෙන් ලද දායකත්වය කෘතගුණව සිහිපත් කරයි. තරුණ සේවා සභාව හැරයැමෙන් පසු මුද්‍රණ කර්මාන්තයට ද සම්බන්ධ වූ හෙතෙම සර්වෝදය විශ්වලේඛා මුද්‍රණාලයෙහි සහකාර වෙළෙඳ කළමනාකරු විය. ගෙස්‌ට්‌ටෙට්‌න ආයතනයේ (නැෂුව ලංකා) සහකාර අලෙවි කළමනාකාර තනතුර ද ඔහුට හිමි විය. 2014 වර්ෂයේදී තමාගේම ව්‍යාපාරයක්‌ ඇරඹූ හෙතෙම කුඩා පරිමාණයෙන් මීගොඩ ඉඩමක සැන්ඩි්‍රයානා වගාවක්‌ ඇරඹීය. තම උත්සාහයෙන් හා කැපවීම මත එය වාණිජ වශයෙන් සාර්ථක ව්‍යාපාරයක්‌ බවට ඉතා කෙටි කලකින් පත්කරවීය. මෙම සම්මානය ලබා බුහුමනට පත්වීම ඔහුගේ උත්සාහය මල්ඵල ගැන්වීමකි.
 
 මෙම සාර්ථකත්වය සඳහා අත්වැල් සැපයූවන් ලෙස රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ මල් සංගමයේ සභාපති කාරියවසම් මහත්මිය, පානදුරේ ප්‍රාදේශීය ලේකම් බුද්ධිනි ගුණවර්ධන, සංවර්ධන නිලධාරිනී ඉරෝෂනි මහත්මිය, බස්‌නාහිර පළාතේ සම්බන්ධීකරණ නිලධාරි ප්‍රියංකා සේරසිංහ මහත්මිය හා පාදුක්‌ක ප්‍රාදේශීය ලේකම්තුමා, කෘෂිකර්ම නිලධාරි සමිත මහතා, ලේකම් කාර්යාලයේ අධ්‍යක්‌ෂිකා සුනිලා රත්නායක මහත්මිය ඉතා ගෞරවයෙන් සිහිපත් කරයි. මීට අමතරව ප්‍රිය බිරිඳ වූ ලේඛා දෙල්පචිත්‍ර දූ වරුන් දෙදෙනා වන දෙව්නි සනාරා, මිලනි මනුල්ජි ඔහුට මෙම ගමනේදී මහඟු සහයෝගයක්‌ ලබා දුන්නෝය. සමන්සිරි තම අත්දැකීම සෙසු වගාකරුවන් සමඟ බෙදාගැනීමට ඉමහත් කැමැත්තක්‌ දක්‌වයි. මෙම ක්‌ෂේත්‍රයට පිවිසීමට කැමති ඕනෑම අයකුට තම දැනුම හා උපදෙස්‌ ලබාදීමට හෙතෙම රුචිකත්වයක්‌ දක්‌වයි. ශ්‍රී ලංකාවේ අපනයන ආදායම වැඩි කිරීමට ඔහු වැනි මල්වගාකරුවන් දක්‌වන්නේ මහඟු දායකත්වයකි. ඔහු වැනි ස්‌වඋත්සාහය මත ගොඩනැඟුණු ව්‍යවසායකයන් වටා රොක්‌වීම හා ඔවුන්ට දිරිදීම රජයේ නිලධාරීන්ගේත් පරම යුතුකම බව ශ්‍රී ලංකාවට ආර්ථික සමෘද්ධිය ළඟාකර ගැනීමට එය වෙසෙසින්ම වැදගත් වෙයි. ඔහු හා සම්බන්ධ වීමට කැමති අයට දුරකථන අංක මෙසේය. 0774718019, 0715196896. ඊමේල් හරහා නම් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. අමතා විස්‌තර දැනගත හැකි අතර එයට දායක වීමට සමන්සිරි කැමැත්තෙන් පසුවෙයි.
 
 සුජීව සෝන්නාදර

nsbශ්‍රී ලංකාවේ කීර්තිමත් රාජ්‍ය බැංකුවක්‌ වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව (NSB) විසින් සෞදි අරාබියේ ශක්‌තිමත් මූල්‍ය ආයතනයක්‌ වන ඇරබ් නැෂනල් බැංකුව (ANB) සමඟ පසුගියදා ප්‍රේෂණ සබඳතා ආරම්භ කරන ලද අතර ඒ සමඟ එහි ප්‍රේෂණ සේවාව වන ටෙලිමනි (TeleMoney) සමඟ අත්වැල් බැඳගනිමින් සිය ගනුදෙනුකරුවන් වෙත වඩාත් පුළුල්වූ ප්‍රේෂණ සේවාවක්‌ තිළිණකිරීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුවට දැන් හැකියාව ලැබී තිබේ.
 
 ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී, ධම්මික පෙරේරා මහතා සහ සෞදි අරාබියේ ඇරබ් නැෂනල් බැංකුවේ ටෙලිමනි අංශයේ ප්‍රධානී, අන්වර් අල් මුර්ෂද් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සෞදි අරාබියේ අල් කොබාර්හි ලා මැරිඩියන් (Le meridian) හෝටලයේදී මෙම සුවිශේෂී අවස්‌ථාව සනිටුහන් කිරීම සඳහා විශේෂ උත්සවයක් පැවැත්විණ.
 
 සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් උපයන මුදල් ආරක්‌ෂාකාරීව සහ ක්‌ෂණිකව ටෙලිමනි සේවාව ඔස්‌සේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත යෑවීමට අවස්‌ථාව සැලසී තිබෙන අතර අනේවාසික විදේශ මුදල් ඉතුරුම් ගිණුම සහ තවත් විශේෂ වරප්‍රසාද මෙන්ම විදේශ මුදල් ඉතුරුම් සඳහා ලබාදෙන නිවාස සහ අනිකුත් ණය පහසුකම් ලබාගැනීමට ද දැන් එරට වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට හැකි බව එහිදී සඳහන් කෙරිණ.
 
 ටෙලිමනි ආයතනය හරහා මුදල් යෑවීමෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව විශේෂයෙන් පැහැදිලි කෙරුණු අතර ටෙලිමනි හරහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත මුදල් යෑවීම පිළිබඳව උපදෙස්‌ හා තොරතුරු ලබාදීමට ඕනෑම මොහොතක ඇරබ් නැෂනල් බැංකු කාර්ය මණ්‌ඩලය සූදානමින් සිටින බවත් NSB සහ ANB ගනුදෙනුකරුවන්හට ලබාදෙන විශේෂ වරප්‍රසාදයක්‌ ලෙස මේ මස (ඔක්‌තෝබර්) 31 වැනිදා දක්‌වා ටෙලිමනි සේවාව ඔස්‌සේ ශ්‍රී ලංකාවට මුදල් ඵවන විට කිසිදු ගාස්‌තුවක්‌ අය නොකරන බවද එහිදී තවදුරටත් සඳහන් කෙරිණි.
 
 සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිතුමා නියෝජනය කරමින් ප්‍රධාන නිලධාරී දුමින්ද මහතා ඇතුළු කාර්යමණ්‌ඩලය සහ තවත් සම්භාවනීය ආරාධිතයන් රැසක්‌ මෙම අවස්‌ථාවට සහභාගී වූහ.
 
 මේ පිළිබඳ වැඩිවිස්‌තර සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ජාත්‍යන්තර අංශය (011 - 2332043/011-2332292), සෞදි අරාබියේ ඇරබ් නැෂනල් බැංකුවේ ප්‍රේෂණ කළමනාකරු, මෙහොමඩ් උවයිස්‌ මහතා (0553059691) හෝ ඵ්. සයන්තන් මහතා (0509962598) අමතන්න.
 

wela1ශ්‍රී ලංකාව ගෝලීයව ගෞරවාදරයට පාත්‍ර වූ දක්‌ෂ කළමනාකරණ ගණකාධිකාරීවරුන් බිහි කළ රටක්‌ ලෙස ලෙස නම් දරා ඇත. මෙම පිරිස අතරට තවත් එවන් දස්‌කම් දැක්‌වූ පිරිසක්‌ එක්‌ කරමින් පසුගිය සැප්තැම්බර් 20 වැනිදා කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සහතික ප්‍රදානෝත්සවයේදී CIMA ශ්‍රී ලංකා ශාඛාව සිය සාමාජිකයන්ට සහ සිසුන්ට උපහාර දක්‌වන ලද අතර මෙම උත්සවයේදී විශිෂ්ට ප්‍රතිඵල ලැබූ ත්‍යාගලාභීන් 8 දෙනෙක්‌, අලුතෙන් තේරී පත් වූ සාමාජිකයන් 350 දෙනකු සහ CIMA විභාග සියල්ල නිම කළ සිසුන් 250 දෙනෙක්‌ තමන් ලද ජයග්‍රහණයන් සමරන ලදී.
 
 මෙහිදී CIMA මැද පෙරදිග, දකුණු ආසියානු, උතුරු අප්‍රිකානු කලාපීය මණ්‌ඩලයේ (MESANA Regional Board) සභාපති කබිරුස්‌සමාන් යාකුරී මහතා (Kabiruzzaman Yaqub) පවසා සිටියේ මෙම දවස සිසුන් සහ සාමාජිකයන් පමණක්‌ නොව ඔවුන්ට සහාය දුන්, ඔවුන් පුහුණු කළ සහ දිරිමත් කළ සියලු උපකාරක ජාලයන් ඇගයීමට ලක්‌වන දිනයක්‌ බවයි. ඔහු පැවසූ මෙවදන් මනාව පිළිබිඹු කරමින් දෙමාපියන්, CIMA අධ්‍යයන පහසුකම් සපයන හවුල් ආයතන සහ CIMA ආයතනයේ වත්මන් සභාපති ඩේවිඩ් ස්‌ටැන්ෆර්ඩ් (David Stanford) මහතා හා එම මහත්මිය උත්සවයට සහභාගි වී සිටියහ.
 
 උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ CIMA සභාපති ඩේවිඩ් ස්‌ටැන්ෆර්ඩ් මහතා උත්සව සභාව අමතමින් සිසුන්ට සහ නව සාමාජිකයන්ට සිහිකර සිටියේ CIMA සහ American CPAs එක්‌ව පිහිටුවන ලද රටවල් 179 ක සිසුන් සහ සාමාජිකයන් 650,000 නියෝජනය කරන the Association මඟින් Chartered Global Management Accountants (CGMA) ගෝලීය සුqදුසුකම ලබාගත හැකි බවයි. සිය කතාවේදී විසඳීමට සිදුවන ගෝලීය අභියෝග පිළිබඳව සිහිකළ ඔහු ඔබගේ රැකියාව ඔබ විවිධ දිශාවන්ට, නොයෙක්‌ රටවල් වලට, විවිධ අංශයන්ට සහ සේවායෝජකයන් වෙතට යොමු කරනු ඇති. ඔබ කුමන දේ කළ ද ඔබට කටයුතු කරන්නට සිදුවන්නේ මගේ සේවා කාලය තුළ මෙතෙක්‌ කිසිදා සිදු නොවූ වේගයකින් වෙනස්‌ වන ලෝකයකයි. කාර්මික විප්ලවය සිදු වූ යුගයට පසු ලෝකය සීග්‍රයෙන් වෙනස්‌ වන අවධිය මෙයයි. අප ලොව කවුරුන් වුව ද කොහේ සිටිය ද කුමක්‌ කළ ද සියලු දෙනාටම මෙම අභියෝගයට මුහුණදීමට සිදුවනු ඇත. එසේම ආයතන පිළිබඳ ජනතාව තුළ ඇති මඳ විශ්වාසය, සයිබර් ආරක්‌ෂණය වැඩි කිරීමේ අවශ්‍යතාව සහ ඉදිරියට යන තාක්‌ෂණය යන ත්‍රිවිධාකාර අභියෝගයන්ට ද ඔබට මුහුණදීමට සිදුවනවා". යි පවසා සිටියේය. විශ්වාසය ගොඩනැඟීම ගෝලීය කළමනාකරණ ගණකාධිකරණ මූලධර්ම හතරෙන් එකක්‌ වන බැවින් 'Global Management Accounting Principles (GMAP)' ව්‍යාජ පුවත් සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරණය වන අවස්‌ථාවන්හිදී ජනතාව තම විශ්වාසයන් ගොඩනඟා ගන්නා අයුරු පිළිබඳව වෘත්තිකයන් ලෙස ඉතාමත් සැලකිලිමත් විය යුතු බව ස්‌ටැන්ෆර්ඩ් මහතා සඳහන් කර සිටියේය.
 
 තවදුරටත් අදහස්‌ දක්‌වමින් ඔහු පහත කරුණු පවසා සිටියේය. ව්‍යාපාර, පාරිභෝගික පදනම පුළුල් කිරීම, කාර්යක්‌ෂමතාව වැඩිදියුණු කිරීම සහ වඩාත් හොඳ පර්යේෂණ සඳහා අවකාශ සලසාදීම යනාදී කරුණු වලදී තාක්‌ෂණය, විශාල දත්ත සහ අන්තර්ජාලය අමිල සම්පතක්‌ ලෙස දැක්‌විය හැක. විශාල දත්ත මඟින් ව්‍යාපාරයක සියලු අංශයන් පිළිබඳ දත්ත ලබාගැනීමට හැකි වන බැවින් එම පහසුකම උපයෝගී කොටගෙන සේවාලාභීන්ට වඩාත් හොඳ සේවාවක්‌ ලබාදීමට මෙන්ම කාර්යක්‌ෂම සේවාවන් පහසුවෙන් ලබාදීමටත් හැකි වේ.
 
 CIMA උරුමයේ වටිනා තිළිණයක්‌ වන්නේ අලුත් කළමනාකරණ ගණකාධිකාරී පරපුර වන CGMA තනතුරුලාභීන් පිරිසයි. ස්‌ටැන්ෆර්ඩ් මහතාගේ වදන් අනුව සැමට විශ්වාසය, අවස්‌ථාව සහ සෞභාග්‍යය වැඩිකරමින් මෙම පිරිසට ව්‍යාපාරයන්හි දියුණුව සදාලීමට ආරාධනා කරනු ඇත.
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles