Divaina - welanda

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

2021-02-23 වන දින කලාපය

busi2 1මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්‌ඩ හා සේවා රැසක මිල ඉහළ යැමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. අයවැය යෝජනාවලින් Rජුව නොකියවූ ද මේ වන විට මිල ඉහළ යන ආකාරය හෙළිවී තිබේ. රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට ජනතාව මත අසීමිතව බදු ගැසීම කොතෙක්‌ දුරට ප්‍රායෝගික ද යන්න ගැටලුවකි. ඇතැම් බදු පුද්ගලික සමාගම් හා බැංකු මත පනවන බව රජය පැවසුව ද අවසානයේ එහි බර දරන්නට වන්නේ ජනතාවටය.
 
 පසුගිය තුන් වසර තුළ වැඩි නොකළ රජයේ ගාස්‌තු වැඩිකර තිබේ. තැපැල් ගාස්‌තු, විදුලිය ගාස්‌තු, ජල ගාස්‌තු මේ නිසා ඉහළ යයි.
 
 එසේම උප්පැන්න, විවාහ, මරණ සහතික ගාස්‌තු, ජාතික හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර ගාස්‌තු, උද්‍යාන වලට ඇතුළු වීමේ ගාස්‌තු ආදී රජයේ ගාස්‌තු ගණනාවක්‌ ද මේ නිසා ඉහළ යයි. මේ අතර ආණ්‌ඩුව සුඛෝපභෝගී වාහන බදු විශාල වශයෙන් වැඩි කිරීමත් සමඟ මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර වලට අති විශාල වටිනාකමක්‌ ඇති වී තිබේ.
 
 එසේම රජය මඟින් වසර පහකට වඩා පැරැණි වාහන වලට පනවා ඇති කාබන් බද්ද නිසා මෝටර් සයිකලයකට රුපියල් 62 ක්‌ ද කාරයකට රුපියල් 640 ක්‌ ද බස්‌ රථයකට රුපියල් 980 ක්‌ ද බදු වශයෙන් අය කෙරේ. මේ නිසා ප්‍රවාහන ගාස්‌තු ඉහළ යන අතරම රටේ සමස්‌ත ජනතාවට මෙය අඩුවැඩි වශයෙන් බලපායි.
 
 මේ අතර ණය ආපසු ගෙවීමේ බද්ද ලෙස හඳුන්වා දෙමින් බැංකුවල සිදුවන ගනුදෙනු සඳහා රුපියල් දහසකට ශත විස්‌ස බැගින් රජය පනවා ඇති නව බද්ද සමස්‌ත බැංකු ක්‌ෂේත්‍රයටම අහිතකර ලෙස බලපානු ඇත.
 
 මෙය අවසානයේ ජනතාවට ගෙවන්නට සිදුවුවහොත් ජනතාව බැංකු වලින් ඉවත් වීම සිදුවේ.
 
 මේ අතර පැළ සහ මල්, ප්ලාස්‌ටික්‌ පබළු වර්ග, වීදුරු පබළු වර්ග, නූල්, රෙදි, ලී, ලී බඩු, ඩයි වර්ග, විදුලි භාණ්‌ඩ, ඇස්‌ කණ්‌ණාඩි, ඔර්ලෝසු, යන්ත්‍රොaපකරණ ආදියට වැට්‌ හා ජාතිය ගොඩනැඟීමේ බදු අයකිරීම නිසා එම භාණ්‌ඩවල මිල විශාල වශයෙන් වැඩිවනු ඇත.
 
 දුරකථන කුලුනකින් රුපියල් ලක්‌ෂ දෙක බැගින් අයකිරීමේ බර අවසානයේ දරන්නට වන්නේ ද ජනතාවට ය. මේ නිසා දුරකථන ගාස්‌තු අනිවාර්යයෙන් වැඩිවනු ඇත. රජය මැදිහත් වී රටේ දෙස්‌ විදෙස්‌ ආයෝජන වැඩිකරන්නට යටිතල පහසුකම් ඇතිකරනු වෙනුවට මෙසේ බදු ගැසීමෙන් නව ආයෝජන අඩුවනු ඇත.
 
 එසේම විදේශිකයන්ට ඉඩම් හා දේපළ බාධාවකින් තොරව මිලදී ගන්නට ඉඩදීමෙන් අවසානයේ රටේ ඉඩම් විදේශිකයන් සතුවීම පමණක්‌ නොව සාමාන්‍ය ජනතාවට ඉඩමක්‌ මිලදී ගැනීමට අපහසු තරමට ඒවායේ මිල ඉහළ යැම ද සිදුවනු ඇත.
 

busi1 3අපි බැංකු හා සම්බන්ධ නොයෙකුත් කාඩ්පත් ගැන අසා ඇත්තෙමු. මේවා ලංකාවට අලුත් දේවල් නොවුණත් තවමත් මේ පිළිබඳ නිවැරදි අවබෝධයක්‌ රටේ ජනතාව අතර නොමැතිදොයි හැඟෙන්නේ කාඩ්පත් හා සම්බන්ධව එන විමසීම්වලදීයි. මේ පිළිබඳ ලිපියක අවශ්‍යතාවය මට දැනෙන්නේ මේ සිදුවීම් නිසාමය.

කාඩ්පත් කී විට මුලින්ම සිහියට නැඟෙන්නේ ක්‍රෙඩිට්‌ කාඩ්පත්ය. මින් අනතුරුව ඩෙබිට්‌ කාඩ්පත්, පෙරගෙවුම් කාඩ්පත්, සංචාරක කාඩ්පත් යනාදී නානාවිධ කාඩ්පත් බැංකු ක්‌ෂේත්‍රය තුළ භාවිත වේ. මේ අතරින් ලංකාව තුළ වැඩිපුරම ප්‍රචලිතව ඇත්තේ ඩෙබිට්‌ කාඩ්පත්ය. දෙවැනි තැනට නිතරගයෙන්ම ක්‍රෙඩිට්‌ කාඩ්පත් පත්වෙයි. මේ අතරින් ක්‍රෙඩිට්‌ කාඩ්පත් යනු මොනවාදැයි මඳක්‌ විමසා බලමු.

ක්‍රෙඩිට්‌ කාඩ්

ඉතාම සරලව ගතහොත් තමා සතුව නැති මුදලක්‌ වියදම් කිරීමට පාරිභෝගිකයාට අවස්‌ථාවක්‌ ලබාදීම ක්‍රෙඩිට්‌ කාඩ්පතින් සිදුවෙයි. මෙය සත්‍ය වශයෙන්ම මූල්‍ය ආයතනය විසින් ලබාදෙන ණය මුදලකි. මේ සඳහා මූල්‍ය ආයතනය පොලී මුදලක්‌ අයකරයි. පොලී අනුපාතය මූල්‍ය ආයතනය අනුව වෙනස්‌වෙයි. 2016 තුන්වන කාර්තුව වනවිට ක්‍රෙඩිට්‌ කාඩ් නිකුත් කිරීම සඳහා ලියාපදිංචි වී සිටි මූල්‍ය ආයතන ගණන 13 ක්‌ බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවන් පවසයි.

තම ගනුදෙනුකරුවන්ගේ ආදායම් තත්ත්වය, රැකියාවේ ස්‌වභාවය, ඔහුගේ වෙනත් ණය ලබාගැනීම් හා ණය නැවත ගෙවීමේ ඉතිහාසය යන කරුණු සලකා බලා ඔහුට අවශ්‍ය කාඩ්පත් ණය සීමාව මූල්‍ය ආයතනය විසින් තීරණය කරනු ලබයි. ඉන් අනතුරුව එම කාඩ්පත සකසා ගනුදෙනුකරුට ලබා දෙයි.

ක්‍රෙඩිට්‌ කාඩ්පත්වල ඇති වැදගත්ම ලක්‍ෂණය නම් එම මුදල නැවත පහසු ආකාරයට ගෙවිය හැකි වීමයි. කාඩ්පත් නිකුත්කර ඇති මූල්‍ය ආයතනයෙන් නියම කර ඇති දිනට පෙර ගිණුම් ප්‍රකාශයේ සඳහන් අවම මුදල ගෙවිය යුතුය. එසේ නොකළහොත් තවත් දඩ මුදලක්‌ ගෙවීමට සිදුවිය හැකිය.

ලොව ප්‍රකටම කාඩ්පත් සන්නාමයන් වූ VISA, MASTERCARD හා AMERICAN EXPRESS යන සන්නාමයන් යටතේ මේ කාඩ්පත් දැනට ලංකාව තුළ නිකුත් කරනු ලබයි. කාඩ්පත්වලට අවශ්‍ය පිළිගැනීම ලැබෙන්නේ මේ සන්නාමයන් හා සම්බන්ධවීම සමගිනි.

ඩෙබිට්‌ කාඩ්

මීළඟට අප ඩෙබිට්‌ කාඩ් ගැන කථා කරමු. ඩෙබිට්‌ කාඩ්පත් එසේ නැතිනම් හරපතක්‌ ලබා ගැනීම සඳහා අනිවාර්යෙන්ම අදාළ මූල්‍ය ආයතනය සමඟ ගිණුමක්‌ පවත්වාගෙන යා යුතුය. මෙය ඉතිරි කිරීමේ හෝ ජංගම ගිණුමක්‌ විය හැකිය. කාඩ්පත හරහා ඔබට භාවිත කළ හැක්‌කේ ඔබේ ගිණුමේ ඇති මුදල් පමණි. මෙහිදී ගිණුමෙන් නැවත මුදල් ලබාගැනීමේ අවශ්‍යතාවය මගහැරෙන අතර අවශ්‍ය ගනුදෙනු කාඩ්පත් හරහා සිදුකර ගත හැකිය. ඩෙබිට්‌ කාඩ්පත් එසේ නැතිනම් හරපත් නිකුත් කිරීමේදී ගනුදෙනුකරුගේ තරාතිරම මැන බලන්නේ නැත. ඒ මක්‌නිසාද යත් ඔහු වියදම් කරන්නෙ සිය ගිණුමේ ඇති මුදල වන බැවිනි. මේ කාඩ්පත් වලදී ද අප මතක තබාගත යතු යමක්‌ ඇත. එනම් මේ කාඩ්පත් භාවිතයේදී දෛනික ගනුදෙනුවලදී සීමා පනවා ඇත. මෙයද මූල්‍ය ආයතන අනුව වෙනස්‌වන අතර සමහර විටෙක ගනුදෙනුකරුවන් අවශ්‍යතාවය අනුවද වෙනස්‌ වීමට පුළුවන. ගනුදෙනුකරුවන් ලෙස අප මතක තබා ගත යුතු වන්නේ මෙවැනි සීමාවන් පනවා ඇත්තේ මූල්‍ය ආයතනයට අවශ්‍ය නිසා නොව ගනුදෙනුකරුවන්ගේ මුදල්වල ආරක්‌ෂාවට බවයි. මා සේවා ඉතිහාසය තුළ තම කාඩ්පත් නැතිවුවත් මේ දෛනික සීමාවන් නිසා තමාට සිදුවන්නට ගිය අති විශාල අලාභයන් වළකා ගත් ගනුදෙනුකරුවන් බොහොමයක්‌ ඇත. ඩෙබිට්‌ කාඩ්පත් නිකුතුවක්‌ සිදුවන්නේ ලෝකප්‍රකට කාඩ් සන්නාමයන් වූ VISA, MASTER CARD හා AMERICAN EXPRESS හරහාම වෙයි.

ගයාජිත් ෆොන්සේකා

ධනවතෙක්‌ වීම හැමෝගෙම සිහිනයක්‌. බිලියන 7.5 ක්‌ වන ලෝක ජනගහනයෙන් බිලියනපතියන් ගණයට වැටෙන්නේ 1815 දෙනෙක්‌ විතරයි. ලෝකයේ ම සුපිරි ධනවතුන් 1815 දෙනා වන මේ පිරිස සතු ධනය ලොව බොහෝ රටවල දල දේශීය ආදායමටත් වඩා වැඩියි. මේ අය අතරින් සියයට විස්‌සක්‌ම තරුණ තරුණියන් වීම විශේෂත්වයක්‌. ඒ තරුණ තරුණියන් අතර මේ වෙනකොට ඉන්න ඉහළම දස දෙනා තමයි මේ ඉන්නේ. මේ අය අතරින් බොහෝ දෙනෙක්‌ගේ දෙමාපියන් ධනවතුන් වුවත් තම දෙමාපියන්ගේ ධනය මත යෑපෙන්නේ නැතිව තමන් ද ව්‍යාපාර කරමින් ලොව ඉදිරියට පැමිණි අය වීම මේ අයගේ විශේෂත්වයයි.

busi2 2

busi3 1සීමිත සම්පත් වලින් අසීමිත අපේක්‌ෂා ඉටුකර ගැනීමට යාමෙදී ඔබට අරමුදල් පිළිබඳ ගැටළුවකට මුහුණදීමට සිදුවීම අළුත් සංසිද්ධියක්‌ නොවනු ඇත. එවැනි විටෙක තම ආදායම වැඩිකර ගැනීමට විවිධ මං සොයන, උපක්‍රම සොයන ඔබට ඉහළ ප්‍රතිලාභ ලබාගත හැකි ආයෝජන මාර්ගයක්‌ ලෙස කොටස්‌ වෙළෙඳපොළ ආයෝජනය මුණ හමුවනු ඇත. කොටස්‌ වෙළෙඳපොළ ආයෝජනය යනු බැංකුවක මුදල් දමා පොලිsය ලැබෙන තුරු නැවත ඒ ගැන සොයා බැලීමක්‌ සිදු නොකළ යුතු, මුදලේ වටිනාකම වෙනස්‌ නොවෙතැයි සිතිය හැකි ආයෝජන ක්‍රමයක්‌ නොවන බව මතකයෙහි රඳවා ගත යුතුය.
 
 සමස්‌තයක්‌ ලෙස ගත්විට, විටෙක ඉහළ නගින කොටස්‌ වෙළෙඳපොළ තවත් විටෙක පහළ යා හැකිය. එසේම කොටස්‌ වෙළෙඳපොළෙහි ලැයිස්‌තුගත සමහර සමාගම් වල මිල ගණන් ඉහළ යන අතර තවත් සමහර සමාගම්වල මිල ගණන් පහළද යා හැකිය. ඒ කොටස්‌ වෙළෙඳපොළක ස්‌වභාවයයි. එසේ කොටස්‌ වෙළෙඳපොළක්‌ සමස්‌තයක්‌ ලෙසත්, සමහර සමාගම්වලත් කොටස්‌ මිල ඉහළ සහ පහළ යාමට බලපාන හේතු විවිධාකාර වන අතර ඒ අතරින් විදේශීය ආයෝජකයන්ගේ හැසිරීමද කැපී පෙනෙන හේතු සාධකයක්‌ වන බව දීර්ඝ කාලයක්‌ තිස්‌සේ කොටස්‌ වෙළෙඳපොළ සංඛ්‍යා ලේඛන දෙස අවධානය යොමු කරන්නෙකුට පෙනී යන ලක්‌ෂණයකි.
 
 කොළඹ කොටස්‌ වෙළෙඳපොළ ඉහළ යාමට විදේශීය ආයෝජකයන්ගෙන් වැඩි දායකත්වයක්‌
 
 කොළඹ කොටස්‌ වෙළෙඳපොළ මෙම වසරේ මේ දක්‌වා 5% ක පමණ ඉහළයාමක්‌ පෙන්නුම් කර ඇති අතර එම ඉහළ යාම සඳහා ප්‍රධානවම දායකවී ඇත්තේ විදේශීය ආයෝජනයි. කොටස්‌ වෙළෙඳපොළ සමස්‌තයක්‌ ලෙස ඉහළ ගොස්‌ ඇති බොහෝ අවස්‌ථාවල විදේශීය ආයෝජකයන්ද වැඩි වශයෙන් වෙළෙඳපොළ තුළ ක්‍රියාත්මක වී ඇති බව පෙනී යන කාරණයකි. ඔවුන්ගේ ක්‍රියාත්මකවීම බොහෝ දුරට සාර්ථක බව කිව හැකිය. ඊට හේතුව ඔවුන් ආයෝජන තීරණ ගනු ලබන්නේ යම් යම් නිර්ණායකයන් මත පදනම්වය.
 
 සමාගම් පිළිබඳව යම් තක්‌සේරු කිරීමකට ලක්‌කර, යම් අධ්‍යයනයක්‌ සිදු කොට ආයෝජනය සඳහා සුදුසු සමාගම් තෝරා ගැනීමට ඔවුන් පෙළඹේ. එසේම නිසි වෙලාවට නිසි ආයෝජන තීරණ ගැනීමට ඔවුන් ඉතා දක්‌ෂය. බුද්ධිමත්ය. මේ නිසා ඔවුන් ගනු ලබන ආයෝජන තීරණ ඉතා නිවැරදිය. සමහර දේශීය ආයෝජකයන් විදේශීය ආයෝජකයන් අනුගමනය කරති. සමහරක්‌ එසේ නොකරති. අනුකරණය හෝ පසුපස හඹායාම නුවණක්‌කාර ආයෝජන තීරණයක්‌ නොවේ. එහෙත් ආයෝජකයකුට තවත් ආයෝජකයකුගෙන් ඉගෙනීමට කරුණු ඇත.
 
 විදේශ ආයෝජකයන් මෙන් ආයෝජන තීරණ ගත යුත්තේ සමාගම්වල කාර්යසාධනය දෙස බලාය
 
 ආයෝජන තීරණ ගැනීම ආවාට ගියාට කළ හැක්‌කක්‌ නොවේ. ඒ සඳහා තම දැනුම මෙන්ම ආයෝජන උපදේශකයන්ගේ සහයෝගයද ලබාගත හැකිය. ආයෝජන තීරණ ගත යුතු වන්නේ සමාගම්වල කාර්ය සාධනය දෙස බලමින්ය. කොටස්‌ ඉපැයුම්, කොටස්‌ ලාභාංශ, සමාගමේ අනාගත සැලසුම්, සමාගමේ වත්කම්, සමාගමේ කළමනාකාරීත්වය ඇතුළු සාධක රැසක්‌ කාර්යසාධනය තුළ අන්තර්ගතව පැවතිය හැකිය. මෙම තොරතුරු කට වචනයටවත්, තවත් කෙනෙක්‌ පැවසූ නිසාවත් දැනගෙන ආයෝජනයෙහි නිරතවීමද සුදුසු නැත. මේවා අන්තර්ගතව යම් ලියකියවිලි, වාර්තා, පොත්පත් බොහෝ දක්‌නට ලැබෙයි. තහවුරු කර හැකි වාර්තා පදනම් කරගෙන මෙම සමාගම්වල කාර්යසාධනය අතින් ඉහළ සමාගම්වල ආයෝජනය කිරීමට ඔබ කටයුතු කරන්නේ නම් විදේශීය ආයෝජකයන්ට මෙන් කිසිදා ඔබට අවාසියක්‌ සිදු නොවනු ඇත.
 
 විදේශීය ආයෝජකයන් කිසි විටෙක හැඟීම්වලට ඉඩදී කොටස්‌ මිලදී ගන්නේ නැත
 
 විදේශීය ආයෝජකයන් කිසිවිටෙක කැසිනෝ මානසිකත්වයෙන් කොටස්‌ වෙළෙඳපොළ තුළ හැසිරීමට පෙළඹෙන්නේ නැත. හැඟීම්වලට ඉඩ දෙන්නේ නැත. කොටස්‌ වෙළෙඳපොළ ආයෝජනය යනු ඔට්‌ටු ඇල්ලීමක්‌ නොවන බව ඔවුන් හොඳින් දනී. එය දිගුකාලීන ආයෝජනයක්‌ බවත්, ඉවසීම මේ ආයෝජනයට අවශ්‍ය බවත් ඔවුන් හොඳින් දැන වෙළෙඳපොළ තුළට ප්‍රවිශ්ඨ වෙයි. ඔවුන් තුළ අනවශ්‍ය කලබලයට පත්වීවේ ස්‌වභාවයක්‌ද දක්‌නට නැත. ඔවුන් සිදු කරනුයේ හොඳ සමාගම්වල කොටස්‌ මිලට ගෙන එම සමාගම්වල කාර්යසාධනයන් අනුව සමාගම්වලට දියුණු වීමට ඉඩ හැර කාලයක්‌ බලාසිට නිසි වේලාව පැමිණි පසු තම කොටස්‌ විකුණා ආයෝජනයෙන් පිටවීමයි. එය තේරුම් ගැනීමට අප දේශිය ආයෝජකයන්ගෙන් හැකියාව ඇත්තේ ස්‌වල්ප පිරිසකට පමණි. ඔවුන් ආයෝජනයෙන් නිසි පළ නෙළාගන්නවුන් ලෙස හඳුන්වා දිය හැකිය.
 
 ඊට හොඳම උදාහරණයක්‌ ලෙස පෙන්වා දිය හැක්‌කේ 2009 යුද්ධය උච්චතම අවස්‌ථාවේ කොළඹ කොටස්‌ වෙළෙඳපොළ සමස්‌ත කොටස්‌ මිල දර්ශකය ඒකක 1500 දක්‌වා සීග්‍රයෙන් පහළ වැටුණු විට කොටස්‌ මිලදී ගැනීමට ඉදිරිපත් වූ ආයෝජකයන් ක්‍රියාත්මක වූ අයුරුය. ඉන් අනතුරුව යුද්ධය නිමාවීමත් සමග කොටස්‌ වෙළෙඳපොළ තුළ ඇති වූ පිබිදීම තුළ එම ආයෝජකයන් තමන් ආයෝජනය කළ මුදල මෙන් කිහිප ගුණයකින් ඉහළ ප්‍රතිලාභ ලබමින් අනෙක්‌ ආයෝජකයන්ටද ලබා දුන්නේ මහඟු ආදර්ශකි.
 
 මේ නිසා සියල්ල සිදු වන්නට ඉඩහැර බලා නොසිට ආයෝජනය පිළිබඳව නිසි අධ්‍යනයක්‌ සිදු කර, අවබෝධයෙන් යුතුව සහ ක්‍රමානුකූලව කොටස්‌ වෙළෙඳපොළ තුළ ආයෝජනය කළ යුතුය. ඒ සඳහා උපකාරී වන පියවර කිහිපයක්‌ පහත පරිදි පෙන්වා දිය හැකිය.
 
 ලබන සතියට...

busi1 1ජපානයේ මගී ප්‍රවාහනයේ නිරත දුම්රිය සේවාවක්‌ නියමිත වේලාවට වඩා තත්පර විස්‌සක්‌ කලින් ගමන් ආරම්භ කිරීම ගැන සමාව ඉල්ලා තිබේ. එය එරට පොදු ප්‍රවාහනයේ පවතින උසස්‌ ප්‍රමිති පෙන්වන අවස්‌ථාවක්‌ වන හෙයින් ලෝක ප්‍රජාවගේ අවධානයට ලක්‌ව තිබේ. පුද්ගලික අංශය මෙහෙයවන මෙම දුම්රිය ගමන් ආරම්භ කරන්නට නියමිත වේලාවට වඩා තත්පර විස්‌සකට කලින් ගමන පටන්ගෙන ඇති අතර එයින් අපහසුතාවක්‌ සිsදුවී යෑයි එම සේවයේ බලධාරීහු උපකල්පනය කර තිබේ. ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව රාජ්‍ය ව්‍යවසායක්‌ වන අතර එය නිතිපතා සිදුවන ප්‍රමාදවීම් හෙයින් ප්‍රසිද්ධියට පත්ව තිබේ. 2016 වසරේදී මෙරට දුම්රිය සේවාවේ අලාභය රුපියල් බිලියන 6.8 කි. මහජන යහපත තකා අලාභ මත මෙම සේවාව පවත්වාගෙන යන බව ප්‍රකාශ වෙයි. එහි ගමන දුෂ්කර සහ අපහසුතා ඇති කරන එකකි. වාර්තා දක්‌වන අන්දමට මෙරට දුම්රියක සාමාන්‍ය වේග සීමාව කිලෝ මීටර් විසි පහ නොඉක්‌මවයි. විදුලි දුම්රිය හා මොනෝ රේල් වැනි සැළසුම් ගැන දීර්ඝ කාලයක්‌ තිස්‌සේ සාකච්ඡා වෙමින් තිබේ. වේයන්ගොඩ සිට පානදුර හා මීගමුව වැනි ප්‍රදේශවලට විදුලි දුම්රිය ඇතිකරන අතර ඒ වෙනුවෙන් ණය ආධාර සපයන්නට ආසියානු සංවර්ධන බැංකුව එකඟය. මොනෝ රේල් ව්‍යාපෘතිය බත්තරමුල්ල සිට කොටුව දක්‌වා සැළසුම් කර තිබුණ අතර එයට චීන ආධාර යෝජිතය. රාජගිරිය ගුවන් පාලම හෙයින් මොනෝ රේල් සැලසුම නැවතත් වෙනස්‌ කරන්නට සිදුවී ඇත. 2020 වන විට විදුලිය දුම්රිය ආරම්භ කරන බව ප්‍රකාශ වන අතර එයින් ධාවනය වෙනු ඇතැයි අපේක්‌ෂා කරන දුර කිලෝ මීටර් 64 ක්‌ පමණකි. වසර 2035 වන විට දුම්රිය සේවාව සංවර්ධනය කරන සැළසුමක්‌ ද රජයට තිබේ.
 
 ගාලු මුවදොර කලින් හමුදා මූලස්‌ථානය පැවැති ප්‍රදේශයේ ඉඩම් අක්‌කර දහයක්‌ මිල දී ගත් ප්‍රකට ශැංගිලා සමූහ ව්‍යාපාරය මෙරට ඉදිකරනු ලැබූ බහු කාර්ය හෝටල් සංකීර්ණයේ පළමු අදියර පසුගියදා විවෘත විය. එය කාමර පන්සියයකින් සමන්විත අතර නේවාසික සහ සම්මන්ත්‍රණ සඳහා විශේෂ කලාප සහිතය. එයට යාබද ෂෙරටන් හෝටල් සංකීර්ණය ඉදිවෙමින් පවතින අතර එය ඉන්දියන් ආයෝජනයකි. ශැංගිලා සමාගම සිය දේපොල වෙනුවෙන් රජයට රුපියල් බිලියන 12.5 ක්‌ ගෙවන ලද අතර ෂෙරටන් හෝටල ඉඩම වෙනුවෙන් ඉන්දියාවේ අයි.ටී.සී. සමාගම ගෙවන ලද මුදල ඇමරිකානු ඩොලර් මිලියන 73.5 කි.
 
 ශ්‍රී ලන්කන් ගුවන් සේවාව තෙවැනි වතාවටත් මධ්‍යම හා දකුණු ආසියානු හා සමස්‌ත සේවා විශිෂ්ට ගුවන් සේවා සම්මානය දිනාගෙන තිබේ. අනාගත සංචාරක අත්දැකීම් උදෙසා ආසියානු කලාපයේ පිරිනැමෙන සම්මානයකි. කෙසේ වෙතත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගැන රට තුළ ප්‍රසාදයක්‌ නැත. 2016 වසරේ පාඩුව රුපියල් බිලියන 6.49 කි. ඉකුත් රජයේ නිල කාලය අවසන් වන විට ශ්‍රී ලන්කන් ගුවන් සේවාවේ සම්පූර්ණ අලාභය රුපියල් බිලියන 107 ක්‌ වී තිබිණි. වත්මන් ආණ්‌ඩුව යටතේ එය රුපියල් බිලියන 170 තෙක්‌ පැමිණ තිබේ. 1999 සිට අවුරුදු අටක්‌ එමිරේට්‌ස්‌ සමාගම ශ්‍රී ලංකන් ආයතනය පාලනය කළේය. එම වකවානුවේ ලාභ සහිතව පවත්වාගෙන ගිය බව මූල්‍ය වාර්තා පෙන්වයි. ශ්‍රී ලංන්කන් සමාගම දේශීය හා විදේශීය වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 470 ක්‌ ණය වී සිටින අතර එයින් මිලියන 700 ක්‌ ලංකා බැංකුව හා මහජන බැංකුවටය. මෙයින් සති කිහිපයකට කලින් කැබිනට්‌ මණ්‌ඩලය ශ්‍රී ලන්කන් වෙත රාජ්‍ය බැංකුවලින් ණය නිකුත් කිරීම නැවතත් අනුමත කරන ලදි. ගුවන් සේවාව පුද්ගලීකකරණය සඳහා ලෝක ව්‍යාප්තව යෝජනා කැඳවන ලද නමුත් උනන්දුවක්‌ දක්‌වන පාර්ශ්ව කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු එය අත්හැර දමා තිබේ. මැදපෙරදිග රටක ජාත්‍යන්තර ගුවන් සේවයකට ශ්‍රී ලන්කන් පැවරීමට ඇති හැකියාව සොයා බලමින් තිබේ. එයාර් ඒෂියා අඩු මිල ගුවන් සමාගම ශ්‍රී ලන්කන් සමග නව සේවාවක්‌ ආරම්භ කරන්නට යන බව ද නිල නොවන වාර්තා දක්‌වයි. මෙම වසර තුළ තවත් නව ගුවන් සේවාවක්‌ ආරම්භ කිරීම සඳහා 2017 අය වැය මගින් රුපියල් මිලියන පනහක ආරම්භක ප්‍රාග්ධනයක්‌ වෙන් කර ඇති බව ද මෙහිදී සඳහන් කරන්නට අවශ්‍යය.
 
 විදුලිය බලාගාර සැලසුම් කරන පරිදි ඉදි නොකළහොත් වසරකට සිදුවන පාඩුව රුපියල් බිලියන 51 ක්‌ බව මහජන උපයෝගීතා කොමිසම හෙළි කර ඇත. ප්‍රමාද වන එක මාසයක්‌ පාසා සමස්‌ත ආර්¨ථීකයට සිදුවිය හැකි යෑයි ගණන් බලා ඇති පාඩුව රුපියල් බිලියන 3.43 කි. කෙසේ වෙතත් විදුලිය බල මණ්‌ඩලය සිය අනාගත ජනන සැලැස්‌ම අනුව වසර 2037 තෙක්‌ සැලසුම් සකස්‌ කර ඇත. මණ්‌ඩලයේ උත්පාදන සැලැස්‌ම අනුව වසර 2034 වන විට ගල් අඟුරු විදුලිය උත්පාදනය අද පවතින සමස්‌ත විදුලිය උත්පාදනයෙන් සියයට 12.63 ක සිට සියයට 50 දක්‌වා වැඩි කරන්නට යෝජනා කර තිබේ. එය දීර්ඝකාලීන වැඩපිළිවෙළකි. කෙසේ වෙතත් ගල් අඟුරුවලින් කරන විදුලිය නිපැයුම යහපත් එකක්‌ යෑයි අද පිළිගැනීමක්‌ නැත. ගල් අඟුරු දැවීමෙන් නිකුත් වන කාබන්ඩයොක්‌සයිඩ් සහ ඉවතලන අළු ප්‍රමාණය පරිසරයට ගැටලු ඇති කරන බව පෙනී ගොස්‌ තිබේ. තත්ත්වයෙන් බාල ගල් අඟුරු මගින් ඇති කරන බලපෑම ද එයට හේතුවකි. වසර 2030 වන විට ගල් අඟුරු භාවිතය නතර කරන්නට ලෝකයේ රටවල් 50 ක්‌ එකඟ වී තිබේ. ජර්මනියේ බොන් නුවර පැවැති එක්‌සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සම්බන්ධ සමුළුවක දී මෙම තීරණයට එළැඹ තිබේ. ලබන වසර වන විට තවත් රටවල් පහළොවක්‌ එයට එකතුවනු ඇතැයි අපේක්‌ෂා කෙරේ. සියලු රටවල් පෝලන්තයේ දී ලබන වසරේ දී හමුවීමට නියමිතය. මෙම පසුබිම තිබිය " ශ්‍රී ලංකාව ගල් අඟුරු භාවිතය තව තවත් වැඩි දියුණු කරන්නට සූදානම් වෙමින් සිටී. කෙසේ වෙතත් දැනටත් වැඩිම ගල් අඟු=රු ප්‍රමාණයක්‌ භාවිත කරන චීන, ඇමරිකා, ජර්මන් සහ රුසියාව වැනි රටවල් මෙකී එකඟතාවට තවමත් ඇතුළු වී නැත.
 
 එදිනෙදා ජීවන වියදම වැඩිවීම ජනතාවට බලපාන ප්‍රශ්නයක්‌ වී ඇත. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව දක්‌වන පරිදි පසුගිය වසරේ සමාන කාල පරිච්ඡේදයට සාපේක්‌ෂව අගෝස්‌තු මාසයේ දී ජීවන වියදම සියයට 7.9 කින් සහ සැප්තැම්බර්_ මාසයේ දී සියයට 8.6 කින් ඉහළ ගොස්‌ තිබේ. නොවැම්බර් මාසයේ දී එය තවත් දියුණු වනු ඇති බව දැනටමත් නිරීක්‌ෂණය කළ හැකිය. උත්සව සමය එළැඹෙමින් තිබිය දී එළවළු මස්‌ හා මාළු මිල ගණන් වැඩි වී ඇත. කුකුළු මස්‌ හා බිත්තර නිෂ්පාදකයෝ තම අපහසුතාවන් ගැන ආණ්‌ඩුවට කරුණු දක්‌වමින් සිටී. ඒවායේ මිල ගණන් සංශෝධනය වීමට ඉඩ ඇත. සහල් සහ පොල් මිල ගැන තවමත් ජනතාව දුෂ්කරතාවකය. ඉදිරියේ දී පොල් මිල අඩු විය හැකි බවට පොල් සංවර්ධන මණ්‌ඩලය දක්‌වයි. ලොකු ලූනුq අමුමිරිස්‌ පසුගිය සතියේ දී මිල ඉහළ ගිය ආහාර ද්‍රව්‍ය අතර කැපී පෙනේ.
 
 ගාමිණී සරත් ගොඩකන්ද

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles