Divaina - welanda

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

2021-02-23 වන දින කලාපය

sam134මෙම ශීතකරණයේ විශේෂත්වය වන්නේ ශීතකරණ කොටස හා අධි ශීතකරණ කොටස සඳහා ද්විත්ව සිසිල් කිරීමේ පද්ධතියක්‌ භාවිත කර තිබීමයි. මෙමගින් අධි ශීතකරණයේ ඇති ගන්ධය ශීතකරණය තුළට ගලා ඒම වළක්‌වාලයි. එමගින් ගබඩා කර ඇති ආහාරවල සුරක්‌ෂිතභාවය ඉහළ නංවයි. තවද ආහාරපාන වියළීමෙන් තොරව ආහාරවල 70% ක යෝග්‍ය තෙතමනය ආරක්‌ෂා කර ගැනීමේ විශේෂ හැකියාව මෙම නවීන තාක්‌ෂණයෙන් යුත් 5 in 1 ශීතකරණය සතුය.
 

metropolitanපසුගියදා නිමාවූ මෙරට දෙවන Canon Photomarathon තරගාවලියේ ජයග්‍රාහකයාට, ජපානයේ පැවැත්වෙන Canon Photomarathon Asia 2018 තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවීමේ අවස්‌ථාව උදාවී තිබේ.
 
 මෙවර ශ්‍රී ලංකා තරගාවලියේ ජය හිමිකර ගත් අෂේන් මිලින්ද බණ්‌ඩාර මාරසිංහ ලබන වසරේදී පැවැත්වෙන ආසියානු තරගාවලියේදී අනෙකුත් ආසියානු ජයග්‍රාහකයන් සමග තරගවැදීම සඳහා සූදානමින් සිටී.
 
 ශ්‍රී ලංකා තරගාවලියේ පළමු ස්‌ථානය හිමිකර ගත් අෂේන්ට Canon 6d Mark II DSLR කැමරාවක්‌ද ත්‍යාග වශයෙන් හිමිවූ අතර, දෙවන සහ තෙවන ස්‌ථාන හිමිකර ගත් ගයාන් අසේල ජයතිලක සහ ජී. ඩී. එස්‌. සඳරුවන් කුමාර හට පිළිවෙලින් Canon 80D DSLR සහ Canon EOS 800D DSLR කැමරා හිමි විය.
 
 ශිෂ්‍ය කාණ්‌ඩය යටතේ පළමු ස්‌ථානය ලක්‌නිත් පද්මපෙරුම හිමිකර ගත් අතර දෙවන සහ තෙවන ස්‌ථාන පිළිවෙලින් හංසන වීරරත්න සහ සුනෙත් රෙනුජ හිමිකර ගත්හ.

vivoලොව විශිෂ්ටතම ජංගම දුරකථන සන්නාම 5 අතර ශ්‍රේණිගත කෙරී ඇති කීර්තිමත් Vivo (විවෝ) දුරකථන ශ්‍රී ලංකා වෙළෙඳපොළට පිවිසෙන බව එම සමාගම නිල වශයෙන් නිවේදනය කර සිටී.
 
 විශේෂයෙන්ම තාරුණ්‍යය ඉලක්‌ක කරගත් Vivo ස්‌මාර්ට්‌ ජංගම දුරකථන, නව්‍යකරණයෙන් ලොව පෙරළි කළ දුරකථන සන්නාමයක්‌ වශයෙන් ප්‍රකටය.
 
 ලෝකයේ විවිධ කලාපවලට අයත් රටවල් 20 ක මිලියන 200 ක පමණ පිරිසක්‌ Vivo දුරකථන භාවිතා කරන අතර Vivo ඉතා ඉක්‌මනින් නව වෙළෙඳපොළවලට පිවිසෙමින් ලොව ජනප්‍රියතම දුරකථන සන්නාමයක්‌ බවට පත්ව ඇත.
 
 නව්‍යකරණය එකම අරමුණ කරගත් සන්නාමයක්‌ වශයෙන් කීර්තියක්‌ උසුලන Vivoල ඒ වෙනුවෙන්ම ඇමෙරිකාවේ සැන් ඩියාගෝ ඇතුළුව ලෝකය පුරා ස්‌ථාන 6 ක පර්යේෂණ මධ්‍යස්‌ථාන පවත්වාගෙන යයි. මෙම පර්යේෂණ මධ්‍යස්‌ථාන ඔස්‌සේ කෘතීම බුද්ධිය හෙවත් Artificial Intelligence, 5G සහ photography algorithms වැනි නූතන තාක්‌ෂණයන් පිළිබඳව නව අත්හදා බැලීම් සිදු කරමින්, නවීනතම තාක්‌ෂණයෙන් යුත් ජංගම දුරකතන නිර්මාණය කිරීමට Vivo කටයුතු කරයි. නව්‍යකරණය වෙනුවෙන් ඇති මේ කැපවීම නිසා 2012 වසරේදී උපරිම ශ්‍රවණ අත්දැකීමක්‌ ලබාදෙන Hi-Fi chip සහිත ලොව ප්‍රථම ස්‌මාර්ට්‌ ජංගම දුරකථනය හඳුන්වාදීමට Vivo හට හැකි විය. එයින් අනතුරුව 2014 වසරේදී Vivo විසින් 2K resolution සහිත ලොව ප්‍රථම ස්‌මාර්ට්‌ ජංගම දුරකතථය වන XPlay හඳුන්වා දුන් අතර පසුගිය වසරේදී සෙල්µs ඡායාරූප කලාවේ නව පෙරළියක්‌ ඇති කරමින් මෙගාපික්‌සල් 20 ඉදිරිපස ද්විත්ව කැමරා (20 megapixel: Dual Front) සහිත ලොව ප්‍රථම ස්‌මාර්ට්‌ දුරකථනය වන
V5Plus හඳුන්වා දෙමින් වෙළෙඳපොළේ නව පෙරළියකට මුල පිරීය.
 
 අපි තවත් එක්‌ ස්‌මාර්ට්‌ දුරකථන සමාගමක්‌ පමණක්‌ නොවේ. පාරිභෝගිකයන් තෘප්තිමත් කරන සර්ව සම්පූර්ණ ජංගම දුරකථන නිර්මාණය කිරීම වෙනුවෙන්ම කැපවුණු සමාගමක්‌. නිෂ්පාදන නව්‍යකරණය සහ නව තාක්‌ෂණය අපි ඒ සඳහා උපරිමයෙන් යොදා ගන්නවා. නව්‍යකරණය වෙන හැම වාරයක්‌ පාසාම පාරිභෝගිකයන් පුදුම කරන, පෙර අත් නොවිඳි නැවුම් අත්දැකීමක්‌ අපි ඔවුන්ට ලබා දෙනවා. Vivo වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ දුරකථනයේa ඡායාරූපමය හා සංගීතමය අත්දැකීම තවතවත් දියුණු කිරීමටයි. Vivo නිර්මාණශීලීත්වය සහ විනෝදය සමග ගැලපෙන ඉහළ වෘත්තීය මට්‌ටමක ඇති සන්නාමයක්‌. මේ නිසා Vivo ඉතා ඉක්‌මනින් තරුණ පරපුර අතර ජනප්‍රියම සන්නාමය බවට පත් වන බවට අපට විශ්වාස යෑයි මේ පිළිබඳව නිවේදනයක්‌ නිකුත් කරමින් Vivo මූලස්‌ථානය පවසයි.

hnb134සිසුන්ට සහ සාමාජිකයන්ට අත්‍යවශ්‍ය වන වෘත්තීය දැනුම වර්ධනය කිරීමේ කර්තව්‍යයට සහයෝගය ලබා දීමේ අභිලාෂයෙන් CIMA ශ්‍රී ලංකා ශාඛාව හැටන් නැෂනල් බැංකුව හා එක්‌ව පහසු ගෙවීම් සැලසුම් ක්‍රමයක්‌ හඳුන්වා දෙන ලදී. පසුගිය ඔක්‌තෝබර් මස මේ පිළිබඳ ගිවිසුමට අත්සන් තබන ලද අතර මෙමගින් හැටන් නැෂනල් බැංකුවේ ක්‍රෙඩිට්‌ කාඩ් පත් හිමි අයට CIMA අධ්‍යයන සඳහා ගෙවීම් කිරීමේදී සමාන වාරික 12 කින් සිය ගාස්‌තු ගෙවීමට හැකි වන විශේෂිත මූල්‍ය පැකේජයක්‌ හඳුන්වා දී ඇත.

knorrනවතම වර්ගයේ කෑම රසයන් සඳහා දිනෙන් දින ඉහළ යන පවුලේ අවශ්‍යතා සපුරාදී, Restaurant රසැති ආහාර නිවසේදීම පිසගැනීමට රුකුලක්‌ වෙමින්, Knorr වෙතින් Knorr Chef's Special Mix ලෙස නවතම මිශ්‍රණ හතරක්‌ හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ රුචියට සරිලන රස කැටි කොට බිරියානි, නාසි ගොරෙන්ග්, ඩෙවිල්ඩ් වර්ග, සහ චිකන් කරි ලෙස මෙම රස මිශ්‍රණ පිළිගන්වයි.
 
 Knorr Chef's Special මිශ්‍රන පෙළ විශේෂඥ සුපවේදීන් අතින් නැවුම් අමුද්‍රව්‍ය යොදා ලංකාවේ පදමටත් රසටත් නිසි පරිදි ගැලපෙන ලෙස නිර්මාණය වී ඇත. නව නිර්මාණයට හුරු ලංකාවේ ගෘහණියට මෙම මිශ්‍රණ භවිතයෙන් සුමිහිරි කෑම වේල් සාදා ගැනීමට ඇති හැකියාව වැඩි කරයි.
 
 එදිනෙදා ජීවන රටාවේ කාර්යබහුල බව නිසාම, අපි බොහෝදෙනෙක්‌ අවන්හල් වලින් කෑම ගැනීමට පුරුදුවී සිටී. නමුත් පිටතින් ලබා ගන්නා මෙම ආහාර සඳහා වැයවන අධික වියදම මෙන්ම, ආහාර පිසීමේ ක්‍රියාවලියේ සනීපාරක්‌ෂාව පිළිබඳ සහතික වීමට නොහැක. Knorr Chef's Special Mix මෙයට පිළියමක්‌ ලබාදෙයි. එමගින් සුරක්‌ෂිතව, නිවසේදීම පහසුවෙන් අවන්හලකින් ලබා ගන්නා කෑම වේලක්‌ තරම් රසයෙන් උසස්‌ අහාර සාදා ගත හැක.
 
 Knorr Chef's Special නිර්මාණයේදී මුල් තැනක්‌ ගත් Knorr සන්නාම තානාපති සූපවේදී චතුරිකා අනුරාධා කාර්යබහුල මවක්‌ සහ වෘත්තීය සූපවේදිනියක්‌ ලෙස තමන්ගේ කාර්යභාරය ගැන මෙසේ අවධාරණය කරයි. මවක්‌ හා මගේ නිවසේ Cයෑෙ ලෙස මගේ ලොකුම රසිකයන් හා විචාරකයන් සිටින්නේ නිවසේ කෑම මේසය වටා බව මා හොඳින් දන්නවා. එමනිසා සැමවිට රසයෙන් පිරි ආහාර සාදා ඔවුන් පිනවන්නට මා ලොකු උත්සාහයක්‌ ගන්නවා. නිවසේදී මෙලෙස මිහිරි ආහාර සෑදීමට මගේ ඇති ආශාව Knorr Chef's Special තුළින් රටේ අනෙකුත් මවුවරුන් හා ගෘහණියන් සමඟ බෙදා ගැනීමට හැකිවීම මට සතුටක්‌.
 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles