Divaina - welanda

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

2021-02-23 වන දින කලාපය

rocellලංකා වෝල්ටයිල්ස්‌ සමාගම පසුගියදා බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරන ලද '2017 ජනාධිපති පරිසර ආරක්‍ෂණ සම්මාන' උළෙලේදී රසායනික කර්මාන්ත කාණ්‌ඩය වෙනුවෙන් වූ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය.

commercialකොමර්ෂල් බැංකුව ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පාරිභෝගිකයන්ට සලසන සේවාවන් තවත් පුළුල් කරමින් කටාන ප්‍රදේශයේ සිය 257 වැනි ශාඛාව විවෘත ඇත.

සුවසේවා ක්‌ෂේත්‍රයේ ජාත්‍යන්තරව පිළිගත් ACHSI ප්‍රමිතිකරණයෙන් අඛණ්‌ඩව පිදුම් ලැබූ මෙරට ප්‍රථම සහ එකම රෝහල් ජාලය වන හේමාස්‌ රෝහල් සමූහය විවිධාංගීකරණ ප්‍රතිකාර රැසක්‌ ලබාදීමේ සිය සුවසේවා මෙහෙවර තවදුරටත් ව්‍යාප්ත කරමින් විවිධ රෝගී තත්ත්වයන්ට අදාළව එක්‌දින සැත්කම් පැකේජයන් වත්තල හේමාස්‌ රෝහල විසින් හඳුන්වා දී ඇත.
 
 කොළඹින් බැහැරව පිහිටි පුද්ගලික රෝහලක්‌ විසින් මෙබඳු එක්‌දින සැත්කම් පැකේජයන් රැසක්‌ සහ ඒ සඳහාම වෙන්වූ ඒකකයක්‌ හඳුන්වාදුන් ප්‍රථම අවස්‌ථාව මෙය වෙයි. විවිධ රෝගාබාධ රැසක්‌ සඳහා හඳුන්වා දී ඇති මෙම එක්‌ දින සැත්කම් පැකේජයන් වඩාත් පහසු, ගෙවන මිලට ඉහළම වටිනාකමක්‌ ඇති සුවසේවා පැකේජයක්‌ ලෙස හඳුන්වා දිය හැක. එක්‌ දින සැත්කම් පැකේජයන් මෙරට ජනතාව සඳහා නව සංකල්පයක්‌ ලෙස හැඳින්විය හැකි අතර කොළඹින් බැහැරව වෙසෙන ජනතාව සඳහා පළමු වරට මෙම සේවාව හඳුන්වාදීමට වත්තල හේමාස්‌ රෝහලට හැකිව තිබේ.
 
 බාහිර රෝගී සැත්කම් හෝ එක්‌ දින සැත්කම් ප්‍රතිකාරයන් වඩාත් පහසු සහ රෝගීන්ට දැරිය හැකි සාධාරණ මිල ගණන් යටතේ ක්‍රියාත්මක කරන බැවින් මෙම තත්ත්වය රෝගියාට වඩාත් අස්‌වැසිල්ලක්‌ වනු ඇත. එක්‌ දිනක්‌ තුළ සැත්කම සිදුවන බැවින් එදිනම රෝහලෙන් පිටවී යා හැකි පහසුව නිසාම අමතර මුදල් වැයවීමක්‌ සිදුනොවේ.
 
 උගුර, කණ නාසය, මෞත්‍රලිංග, ශරීරයේ අස්‌ථි සම්බන්ධයෙන්, ප්‍රසව හා නාරිවේද, ආමාශය ආශ්‍රිත (GI - hernias, Appendicitis,hydrocele etc.) නහර ගැට ගැසීම් වැළැක්‌වීම, ප්ලාස්‌ටික්‌ (plastic) ශල්‍යකර්ම යන එක්‌ එක්‌ ක්‌ෂේත්‍රයන් සඳහා වත්තල හේමාස්‌ රෝහල මෙම එක්‌දින සැත්කම් පැකේජයන් හඳුන්වා දී ඇත.
 
 වත්තල හේමාස්‌ රෝහලේ එක්‌දින සැත්කම් පැකේජයන් යටතේ මෙම රෝහලේ මෞත්‍රලිංග ආශ්‍රිත නේවාසික විශේෂඥ ශල්‍ය වෛද්‍ය අරුණ ඉන්දක නන්දසේන මහතා විසින් cystoscopy, uretrescopy, renoscopy, laser Lithotripsy (වකුගඩු ගල්). hydroceletromy and bladder tumour resection යන මෞත්‍රලිංග ආශ්‍රිත ප්‍රතිකාර ලබා දෙනු ඇත.

හැටන් නැෂනල් බැංකුව සිය වේගවත් මූල්‍ය කාර්ය සාධනය තවදුරටත් රඳවා ගනිමින් 2017 පළමු මාස 9 ක කාලසීමාව සඳහා සිය ව්‍යාපාර සමූහය වැට්‌ සහ එන්.බී.ටී බදු ගෙවීමට පෙර ලාභය වශයෙන් රුපියල් බිලියන 20.7 ක්‌ වාර්තා කිරීමට සමත් වූ අතර HNB සමූහය මෙම වසරේ ඉකුත් වූ මාස 9 ක කාලසීමාව තුළ බදු පෙර ලාභ වශයෙන් රුපියල් බිලියන 16.8 ක්‌ ද බදු පසු ලාභය වශයෙන් රුපියල් බිලියන 11.8 ක ලාභයක්‌ ද වාර්තා කරන ලදී. මෙම කාලසීමාව තුළ සමූහයේ වත්කම් සංචිතය රුපියල් ටි්‍රලියනය පසුකළ අතර හැටන් නැෂනල් බැංකුව මෙම මාස 9 ක කාලය තුළ බදු පෙර ලාභය ලෙස රුපියල් බිලියන 15 ක්‌ සහ බදු පසු ලාභය වශයෙන් රුපියල් බිලියන 10.9 ක අගයක්‌ ද වාර්තා කළේය.

 

aatශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ (AAT Sri Lanka) 25 වැනි උපාධි ප්‍රදානෝත්සවය 2017 නොවැම්බර් මස 27 වැනි දින උදැසන 9.00 සිට කොළඹ BMICH ප්‍රධාන ශාලාවේදී අති උත්සවාකාරයෙන් පැවැත්විණි. නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්‌කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ (CA Sri Lanka) සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර AAT Sri Lanka සභාපති ඇතුළු පාලක මණ්‌ඩල සභිකයන් ද සහභාගි විය.
 
 මෙම උපාධි ප්‍රදානෝත්සවයේදී 752 දෙනකු MAAT සාමාජිකත්වයෙන් 31 දෙනකු ජ්‍යෙෂ්ඨ (SAT) සාමාජිකත්වයෙන් සහ 17 දෙනකු අධි (FMAAT) සාමාජිකත්වයෙන් පිදුම් ලැබීය. මීට අමතරව, 2017 වර්ෂයේ ජනවාරි හා ජුලි AAT විභාගයන්හිදී ඉහළම කාර්ය සාධනය දැක්‌වූ සිසු සිසුවියන් 49 දෙනකු සඳහා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුකෙරිණි.
 
 1987 වර්ෂයේ ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය (AAT Sri Lanka) දශක 03 ක්‌ මුළුල්ලේ ශ්‍රී ලංකාව තුළ වෘත්තීය ගණකාධිකරණ අධ්‍යාපනය ලබාදීමේ පුරෝගාමී මෙහෙවරක යෙදී සිටින අතර, AAT Sri Lanka ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක්‌ සනිටුහන් කරමින් AAT අවසන් විභාගය සමතුන් (Passed Finalists) වැඩිම පිරිසකට උපාධි ප්‍රදානෝත්සවයකදී සහතික ප්‍රදානය කෙරුණු අවස්‌ථාව බවට මෙම උපාධි ප්‍රදානෝත්සවය ඉතිහාසගත විය.

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles