- Hits: 187
73 වන නිදහස් දිනයට සමගාමීව මහජන බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන නිදහසේ උපත වැඩසටහනට සම.ාමීව නිදහස් දින නුවරඑළිය මහජන බැංකුව විසින්ද නුවරඑළිය මහ රෝහල කේන්ද්‍ර කර ගනිමින් නිදහසේ උපත මැයෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.
පෙබරවාරි 01 වන දින සිට 07 වන දින දක්වා සතිය තුළදී උපත ලබන සෑම බිළිඳෙකුටම රු. 2000/-ක් මහජන බැංකු විසින් තැන්පත් කොට ඉසුරු උදාන ගිණුම් විවෘත කොට එම බිළිඳුන්ගේ මව්වරුන් සඳහා නුවරඑළිය මහ රෝහලේදී පරිත්‍යාග කෙරිණි.
මෙම අවස්ථාවට නුවරඑළිය මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න”, ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ¥ලික දිසානායක, මහජන බැංකුවේ ප්‍රධාන කළමණාකරු ඒ. එම්. ඩබ්ලිව්. අනුර කුමාර හා නියෝජ්‍ය කළමණාකාරිනිි එරංගි පතිරණ ඇතුළු නුවරඑළිය මහජන බැංකුවේ හා රෝහල් කාර්ය මණ්ඩලය මේ අවසථාවට සහභාගි විය.
නුවරඑළිය - නාලක රතනායක
- Hits: 227
මෙම ප්රවර්ධනයෙහි කොටසක් ලෙස, LANKAQR පද්ධතියට ඇතුළු වූ පළමු QR කේත පදනම් කරගත් ඇප් පහසුකම වන කොමර්ෂල් බැංකුවේ ComBank Q+ ඇප් පහසුකම ඔස්සේ එම සති අන්තයේදී ‘දියත උයන’ පරිශ්‍රයෙහි මිලදීගැනීම් සිදු කල ගිණුම්හිමියන්ට බැංකුව විසින් දෛනික සීමාවකට යටත්ව 20% ක මුදල් ආපසු පිරිනමන ලදී. මීට අමතරව, LANKAQR ජනප්‍රිය කරවීම සඳහා කොමර්ෂල් බැංකුවේ අලෙවි කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් පැලවත්ත සහ බත්තරමුල්ල නගරවල වෙළෙඳසැල් වෙත ගොස් ComBank Q+ ඇප් පහසුකම සඳහා වෙළෙඳ මහත්ම මහත්මීන් ලියාපදිංචි කිරීමක්ද කළේය.
- Hits: 241
සැබෑ නිදහසක් දරුවන් හට උරුම කරදීම ස`දහා ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් දෙමාපියන් තුළ කිසියම් ඉලක්කගත අරමුණක් ඇති කිරීම තේමා කරගනිමින්් මහජන බැංකුව මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන ලද්දේ 2006 වර්ෂයේදීය. ළඟම පිහිටි මහජන බැංකුවට දරුවාගේ උපත තහවුරු කරන ලියකියවිලි සහ මෙම තිළිණ පත ඉදිරිපත් කර දරුවා වෙනුවෙන් ඉසුරු උදාන ගිණුමක් විවෘත කරවාගෙන මුදල් තැන්පත් කරමින් ඉදිරියට පවත්වාගෙන යා හැකිය.
- Hits: 310
කිරි එකතු කිරීම සහ, එම කිරිවල තත්ත්වය ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය ශීතකරණ පහසුකම් පවත්වා ගැනීම, කිරි කර්මාන්තයේ සැපයුම් දාමයේ වඩාත්ම අභියෝගකාරී පැතිමානයන් දෙකක් ලෙස සැලකේ. මෙම අභියෝග සැලකිල්ලට ගනිමින්, කිරිවල තත්ත්වය උසස්ම මට්ටමින් පවත්වා ගැනීම සඳහා සුවිශේෂී තාක්ෂණයන් 3 ක් හඳුන්වා දීමට ෆොන්ටෙරා සමාගම පියවර ගෙන ඇත. කිරිවල තත්ත්වය ක්ෂණිකව ආරක්ෂා කරන නවිඍ්චසා ක්යසකකසබට. තාක්ෂණයක්, ගොවීන් විසින් සපයනු ලබන කිරි උසස්ම තත්ත්වයේ පවතින බව තහවුරු කරගැනීම සඳහා භාවිතා කළ හැකි ිඵසකන ත්සබටැරචරසබඑසබට’ තාක්ෂණය සහ ගොවිපළ වලින් කිරි ලබාගන්නා අවස්ථාවේ සිට වෙළෙඳපොළට නිකුත් කරනු ලබන නිෂ්පාදන දක්වා, ෆොන්ටෙරා නිෂ්පාදනවල ගමන්මග පූර්ණ වශයෙන් පරීක්ෂා කළ හැකිිඔර්ජැ්ඉසකසඑහ’ පද්ධති ක්රමවේදයද මීට ඇතුළත් වේ.
- Hits: 228
ඔටෝමොබයිල් සංගමය විසින් ඔටෝවීල් නමින් පවුලේ භෝජනාගාරයක් (AUTO WHEEL FAMILY LOUNGE) පසුගියදා විවෘත කරන ලදී. එම සංගමයේ සභාපති ධම්මික ආටිගල මහතා විසින් මෙම ඔටෝවීල් පවුලේ භෝජනාගාරය විවෘත කරනු ලැබීය. AUTO WHEEL FAMILY LOUNGE යනු සාමාජිකයන්ට සහ ඔවුන්ගේ අමුත්තන්ට ලබාදෙන අතිරේක පහසුකමක් වේ. මෙමගින් වරකට අවම වශයෙන් අමුත්තන් 40කට ආහාර ඇණවුම්කර ලබාගත හැකි අතර, සූපවේදී ඇන්ජලෝ විසින් ශ්‍රී ලාංකික කෑම වට්ටෝරුවද, පී. කේ. කේටරස් විසින් චීන ආහාර වට්ටෝරුවද ලබාදෙනු ලැබේ.