Divaina - welanda

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

2021-02-23 වන දින කලාපය

wela11 3 ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙලේ සමාගමක් වන ඞීමෝ, ගෙවතු වගාව ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතුව footprints ස්වයං ගෙවතු වගා කට්ටල  (footprints Do-It- Yourself home gardening kits) හඳුන්වා දීම සිදු කෙරිණි.
 
 මෙම නව සංකල්පය හඳුන්වා දීම පසුගියදා නවතම මුහුණුවරකින් පැවැත්වුණු අතර, ඒ සඳහා ඞීමෝ හි සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා ප‍්‍රමුඛ ගෞරවනීය ආරාධිත අමුත්තන් සහ ප‍්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරීන් කිහිප දෙනකු සහභාගී වී සිටියේය.
 
 ව්‍යාපාරික ක්ෂේත‍්‍ර ගණනාවක ඉහළ පාරිභෝගික විශ්වාසය දිනාගත් ඞීමෝ ඔවුන්ගේ අසම සම භාණ්ඩ හා සේවා විශේෂඥතාවය හේතුවෙන් ඉහළ කීර්තියක් දිනා ගත් සමාගමකි. දේශීය කෘෂි කර්මාන්තයේ වර්ධනය උදෙසා විවිධ කාර්යයන් සහ නවෝත්පාදනයන් සිදු කරමින්, ක්ෂේත‍්‍ර වර්ධනය වෙනුවෙන් කැපවී ක‍්‍රියා කරන ඞීමෝ, ඉදිරි පරම්පරාවන්ට කෘෂිකර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීම උදෙසා විශාල කාර්ය භාරයක් ඉටු කරයි.
 
 වගාව තුළින් නිවසක එකි නෙකා අතර ඇති සම්බන්ධතාවයන් සහ බැඳීම් වර්ධනය කරමින්, ප‍්‍රීතිමත් මතකයන් ජීවිතයට එක් කිරීමේ ප‍්‍රමුඛ අරමුණ ඇතුව, මෙම නවතම footprints වගා කට්ටල ඞීමෝ විසින් හඳුන්වා දී තිබේ. මෙම නවතම වගා කට්ටලයන් තුළ පැලයක් වගා කිරීම සඳහා මූලික අදියරේ සිට (බීජ අවස්ථාවේ) අවසාන අදියර දක්වා (ඵලදාව නෙළන අවස්ථාව සඳහා) අවශ්‍ය කරන සම්පත් සියල්ලම අන්තර්ගත වේ. ගෙවතු වගාවට ප‍්‍රවේශ වීමට බලාපොරොත්තුවෙන් සිටින ඕනෑම අයකුට ඉතාමත් පහසුවෙන් සහ ඉක්මනින් වගාවට යොමු වීමේ අවස්ථාව footprints හරහා දැන් හිමි වේ.
 

wela11 1රට වට බැඳි මත්ස්‍ය අස්වැන්න ජාතික ආර්ථික සංවර්ධනයට දායක කරගැනීමේ අරමුණින් ධීවර කර්මාන්තයේ ප‍්‍රගමනය උදෙසා බහුදින ධීවර යාත‍්‍රා සැපයුම් අංඟනයක් ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුවේ බස්නාහිර පළාත් ප‍්‍රාදේශීය සාමාන්‍යාධිකාරී සිසිල් ද සිල්වා මහතාගේ ආරාධනයෙන් සභාපති මහින්ද සාලිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා පමුණුගම ප‍්‍රදේශයේදී ආරම්භ කරන ලදි.
 
 මේ වන විට අඩි පනහේ බෝට්ටු අච්චු සාදන අතර, එය අඩි හැටේ බෝට්ටු අච්චු සෑදීම දක්වා පුළුල් කිරීමට අපේක්ෂා කරයි. මේ සඳහා රාගම ශාඛාව මඟින් ණය පහසුකම් ලබාදීමට යෝජිත අතර, මෙමගින් දේශීය හා විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් යාත‍්‍රා නිෂ්පාදනය කිරීමට නියමිත වේ. මෙම කර්මාන්තය මඟින් දැනටමත් පුද්ගලයින් 24 දෙනකුට රැකියා අවස්ථා උදාවී තිබීම පැසසියයුතු කරුණකි.
 
 මෙයට සමගාමීව මීගමුව ශාඛාව විසින් අඩි 50ක දිගින් යුත් බහුදින ධීවර යාත‍්‍රාවක් දොඹකරයක් ආධාරයෙන් මුහුදට දියත් කිරීම සභාපතිතුමන් අතින් සිදුවු අතර, මීගමුව ශාඛාව විසින් මූල්‍ය පහසුකම් සපයා ඇත. මෙම කුඩා ප‍්‍රමාණයේ ව්‍යාපාරිකයා සතුව කුඩා බෝට්ටු හයක් ඇති අතර, ඔහුට ජාත්‍යන්තර මුහුදු තීරයේ මසුන් ඇල්ලීම සඳහා අවසරද ලැබී තිබේ. මෙම අවස්ථාවට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මුණසිංහ බණ්ඩාර ජයසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගාගී වූහ.
 

wela1 1 ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බැංකුකරුවන්ගේ වගකීම් රක්ෂණය වෙනුවෙන් රු. 157,484,139 ක වටිනාකමින් යුත් හිමිකම් මුදලක් ලංකා බැංකුවේ තලාව ශාඛාව වෙනුවෙන් ගෙවන ලද අතර මෙම හිමිකම් ගෙවීම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය රක්ෂණ ඉතිහාසයේ බැංකුකරුවන්ගේ වගකීම් රක්ෂණයට අදාලව ගෙවීම් සිදුකරන ලද විශාලතම හිමිකම් ගෙවීම වේ.
 
 මෙම වන්දි මුදල සඳහා අදාල චෙක්පත ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප‍්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලූ‍ත්ගම මහතා විසින් ලංකා බැංකුවේ මහාකළමනාකරු ඞී. පී. කේ. ගුණසේකර මහතා වෙත ප‍්‍රධානය කරන ලද අතර මෙම අවස්ථාව සඳහා ලංකා බැංකුවේ සහකාර මහාකළමනාකරු - පරිපාලන සේවා ඒ.ආර් මල්ලිකාරච්චි මහතා, ප‍්‍රධාන කළමනාකරු - සැපයුම්/සීබෑන්ක් බැංකු රක්ෂණ සේවා, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප‍්‍රධානි - සාමාන්‍ය රක්ෂණ බෙදාහැරීම් ලලිත් ද සිල්වා මහතා, ජේෂ්ඨ කළමනාකරු - ආයතනික ව්‍යාපාර ප‍්‍රවර්ධන අංශය, මිලංග චන්දිරම් මහතා සහකාර කළමනාකාරිනී - රාජ්‍ය ව්‍යාපාර අචින්තා ජයවර්ධන මිය, යන අය සහභාගී වුහ.
 
 ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බැංකුකරුවන්ගේ වගකීම් රක්ෂණය බැංකු ක්ෂේත‍්‍රයේ දෛනික මෙහෙයුම කටයුතු වලට අදාලව ගිනිගැනීම්,වැඩවර්ජන සහ කැරලි කෝලාහල, සොරකම් සහ මංකොල්ලකෑම් ආදී අවදානම් රැසක් සඳහා රැකවරණය සලසයි.

AIA1 AIA ඉන්ෂුවරන්ස් මෙරට රක්ෂණ ක්ෂේත‍්‍රය වෙත ප‍්‍රථම වරට තවත් නවමු අත්දැකීමක් එක්කරමින් සෞඛ්‍ය සහ සුවතා විසදුමක් හඳුන්වා දෙයි.
 
 මෙහිදී Doc app එක ඔස්සේ සුවතා විශේෂඥයින්ගේ සේවාවන් නොමිලේ ලබා ගැනීමට සේවාලාභීන්හට හැකියාව ලැබේ. වාර්ෂිකව රු.100,000/-කට වඩා වැඩි වාරිකයක් සහිත සියළුම සේවාලාභීන්හට මෙම සේවාව අත්විඳිය හැකි අතර මෙම පුරෝගාමී සේවාව මගින් ශ‍්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි ඕනෑම සුවතා විශේෂඥයෙකුගේ සේවය වසරකට කිහිප වාරයක් ලබා ගැනීමට සේවාලාභියාට හැකි වේ. කායික සෞඛ්‍ය වෘත්තිකයින්, මානසික සෞඛ්‍ය වෘත්තිකයින්, භෞතචිකිත්සකයින් හෝ පෝෂණවේදීන් වැනි සේවාලාභියාගේ ඕනෑම අවශ්‍යතාවයට අනුව සුවතා විශේෂඥයා තෝරාගැනීමට මෙමගින් හැකිවන අතර මෙම දීමනාව මගින් දුරකථන වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගනිමින් වසරකට නොමිලේ වෛද්‍ය සැසිවාර 6ක් නිවසේ සිටම සේවාලාභියාට ලබාගැනීමේ පහසුව සලසා ඇත. AIA සමාගම මෙම වෛද්‍ය සැසියන් එක්-වසරක සැලසුමක් යටතේ ලබාදී තිබුනද, සේවාලාභියාහට පහසු ආකාරයට, අවශ්‍ය වේලාවකට ලබාගැනීමේ නිදහස ද ලබා දී ඇත.
 
 AIA ඉන්ෂුවරන්ස් හි ප‍්‍රධාන විධායක නිලධාරී නිකිල් අද්වානී කියා සිටියේ ”AIA ඉන්ෂුවරන්ස් හි අපගේ කාර්යය, අගනා රක්ෂණ විසදුම් නිර්මාණය කිරීමෙන් ඔබ්බට යන අතර දිගින් දිගටම සේවාලාභියාගේ සුභසිද්ධිය වෙනුවෙන් මෙවැනි නව්‍ය හදුන්වාදීම් ඉදිරිපත් කිරීමට අප වෙහෙසෙනවා. අපගේ සන්නාම ප‍්‍රතිඥාවට අනුව සේවාලාභීන් වෙත වඩාත් සුවපත්, සැපවත් දිගුකල් ජීවිතයක් ගත කිරීමට සහාය වීමට කැපවී කටයුතු කරන සමාගමක් ලෙස සුවතාවයෙන් පිරි ඔවුනගේ ජීවන ගමන් මග, සෞඛ්‍ය සම්පන්නබව රැුකගනිමින් ගමන්කිරීමට අත්වැලක් සැපයිය යුතු අයුරු පිළිබඳව අප සැමවිටම සිතනවා. අපගේ වගකීම සේවාලාභීන්හට වඩාත් සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කිරීමට සහාය වෙමින් ඔවුන්ගේ ජීවිත වලට වැඩි වටිනාකම් එකතු කිරීමයි.”

wela11 4* මෝටර් රථ එකලස් කිරීමේ සියලූ පියවරයන් ලාංකික තාක්ෂණ ශිල්පීන්ගේ දෑතින් 

-  මහින්ද්‍රා අයිඩියල් ලංකා පුද්ගලික සමාගමේ (MILPL) වැලිපැන්න කර්මාන්ත ශාලාවේ ප‍්‍රධානියා වශයෙන් කටයුතු කළ සදාසිවම් දුරෙයිරාජ් මහතා නම් ඉන්දියානු මෝටර් රථ ඉංජිනේරුවරයා විසින් මෙහෙයවනු ලැබූ පුහුණු වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් වූ අතර, මින් ඉදිරියට MILPL කර්මාන්ත ශාලාවේ වැඩකටයුතු 100%ක් ශ‍්‍රී ලාංකික තාක්ෂණ ශිල්පීන්ගේ ශ්රනම දායකත්වය යටතේ සිදු කිරීමට නියමිතය.
 
 
 මහින්ද්‍රා අයිඩියල් ලංකා පුද්ගලික සමාගමේ (MILPL) වැලිපැන්න කර්මාන්ත ශාලාවේ ප‍්‍රධානියා වශයෙන් කටයුතු කළ සදාසිවම් දුරෙයිරාජ් මහතා නම් ඉන්දියානු මෝටර් රථ ඉංජිනේරුවරයා විසින් මෙහෙයවනු ලැබූ පුහුණු වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් වූ අතර, මින් ඉදිරියට MILPL කර්මාන්ත ශාලාවේ වැඩකටයුතු 100%ක් ශ‍්‍රී ලාංකික තාක්ෂණ ශිල්පීන්ගේ ශ්රනම දායකත්වය යටතේ සිදු කිරීමට නියමිතය.
 
 ඉංජිනේරු සදාසිවම් දුරෙයිරාජ් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, වසර දෙකක කාලයක් පුරා ක‍්‍රියාත්මක කෙරුණු තාක්ෂණ හුවරමාරු වැඩසටහන සහ අංශ ප‍්‍රධානී ලෙස එතුමන් විසින් හොබවනු ලැබූ සේවා කාලය 2021 ජනවාරි 31 දිනෙන් අවසන් කළ බවත්, මෙම පුහුණුව හරහා ශ‍්‍රී ලාංකික තාක්ෂණ ශිල්පීන් දැනුම හා නිපුණත්වය අතින් ඉතාමත් සතුටුදායක තලයකට පත් කරන්නට හැකි වීම ගැන තමන් සතුටට පත් වන අතරම ඉන්දියාවේ Mahindra & Mahindra සමාගමේ ක‍්‍රියාවලියට අනුකූලව ඉදිරි මෙහෙයුම් කටයුතු සිදු කරන්නට ඔවුන්ට හැකිවනු ඇතැයි තමන් තරයේ විශ්වාස කරන බවයි.
 
 ''MILPL හි සේවය කරන ශ‍්‍රී ලාංකික තාක්ෂණ ශිල්පීන්ට මෝටර් රථ එකලස් කිරීමේ සිට දෝෂ නිරාකරණය දක්වා ඕනෑම තාක්ෂණික කටයුත්තක් ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලවම සිදු කිරීමේ හැකියාව දැන් ලැබී ඇති බව මට සහතික වශයෙන්ම සඳහන් කරන්නට පුළුවන්”
 
 ”එකලස් කිරීමේ ශිල්පීන්ට තාක්ෂණය සහ යාන්ත‍්‍රික විෂයන් පිළිබඳ මෙන්ම උසස් තත්ත්වයේ නිෂ්පාදන සැලසුම් පිළිබඳවත් ඉතා හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ශ‍්‍රී ලාංකික තාක්ෂණ ශිල්පීන්ට දැන් මඟපෙන්වීමක් නොමැතිව එකලස් කිරීමේ කටයුතු ස්වාධීනව සිදු කිරීමට හැකියාවක් සහ පුහුණුවක් ලැබී තිබෙනවා.”
 
 ”මෙම පුහුණුවේදී ලාංකික තාක්ෂණ ශිල්පීන් 50 දෙනෙකු පමණ මා යටතේ පුහුණුව ලැබුවා. ඔවුන්ට ගුණාත්මක නිෂ්පාදනයක් එකලස් කිරීමේ ඒකකයක වැඩ කිරීමේ අවස්ථාව මේ හරහා නිතැතින්ම ලැබුණා. එය මගේ වෘත්තියත් පහසු සහ තෘප්තිමත් එකක් කරන්නට සමත් වුණා. මා පළමුවරට ඔවුන් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡුාවේදී, ඔවුන්ගෙන් සරල ප‍්‍රශ්න කිහිපයක් අසන්නට සූදානමින් සිටියත් ඔවුන් මා පුදුමයට පත් කරමින් වාහන අමතර කොටස්, මෝටර් රථ පද්ධතිවල වැදගත්කම සහ මූලහේතු වැනි කාරණා පිළිබඳ ඉතාමත් හොඳ අවබෝධයක් ඇතිව කතා කළා. අනාගතයේ දවසක ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතු මෝටර් රථයක් ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන්නට හැකිවනු ඇතැයි එයින් මා තුළ ලොකු විශ්වාසයක් ඇතිවුණා. ප‍්‍රමිතිකරණය, වැඩබිම් සුරක්ෂිතතාව සහ විනය වැනි කාරණාවන් පුහුණුවේ මූලික අදියරයන් ලෙස මා හඳුනා ගත්තා. මෙම කාලය තුළ ඔවුන් ඉතා ඉක්මනින් ඉගෙන ගත්තා. ප‍්‍රමිතිකරණය සහ පිරිවිතරයන් ගැනත් ඉතා හොඳ අවබෝධයක් ලැබුවා. ඔවුන් ඉතා හොඳ ශිෂ්‍ය පිරිසක් වූ බව මට කියන්න පුළුවන්”
 
 ශ‍්‍රී ලාංකික තාක්ෂණ කාර්ය මණ්ඩලය පිළිබඳ සිය පෞද්ගලික අදහස ඔහු මෙසේ සඳහන් කළේය. ”ඔවුන් ඉතා හොඳ ස්වයං විනයක් ඇති අය බව මා දුටුවා. සාවධානය, ගැටලූ විසඳීමේ හැකියාව, තාක්ෂණය ගැන ඇති උනන්දුව සහ පාරිභෝගිකයා ඉලක්ක කරගත් නිෂ්පාදනයක් නිර්මාණය කිරීම යන සියලූ කාරණා අතින් ඔවුන් ඉතා ඉහළ නිපුණත්වයක් පෙන්නුම් කළා.”
 
 ”ගෝලීය මෝටර් රථ නිෂ්පාදන වෙළඳපොළ සැපයුම් දාම ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් වඩා ඵලදායී ප‍්‍රවේශයක් මේ වන විට අනුගමනය කරමින් සිටිනවා. අපගේ මහින්ද්‍රා අයිඩියල් ලංකා වැඩබිම එවැනි ඵලදායී නිෂ්පාදනාගාරයක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්. අමතර කොටස්වලින් 30%ක් අප දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබනවා. ඒ අනුව ආසන, දහන පද්ධති, බැටරි සහ ටයර් වැනි දේශීයව අගය එකතු කළ නිෂ්පාදන මාසික අවශ්‍යතා අනුව ඇණවුම් කොට කලට වේලාවට නිකුත් කිරීමට අප කටයුතු කරනවා. අනෙකුත් භාණ්ඩ සහ කොටස් ආනයනය, තොග රඳවා ගැනීමේ ප‍්‍රතතිපත්තිය මත ක‍්‍රීයාත්මක කෙරෙනවා. ඇසුරුම් කිරීමේ කාලය, නැව්ගත කිරීම හා පාරිභෝගික නිෂ්කාෂණය යන කරුණු මත එය තීරණය වෙනවා.”
 
 ” මහින්ද්‍රා වාහන යනු ඉතා ඉහළ විශ්වසනීයත්වයක් දිනාගත් නිෂ්පාදන පෙළක්. ඉන්දියාව තුළ ස්කෝර්පියෝ සහ බොලරෝ වාහන සමාගම් ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ ද මේ හේතුව නිසාමයි. ශ‍්‍රී ලංකාවේ අයිඩියල් මෝටර්ස් යනු සේවා මධ්‍යසස්ථාන, ප‍්‍රදර්ශනාගාර, සැපයුම් හා පාරිභෝගික සේවා මධ්‍යස්ථාන ජාලයක් ද සහිතව එලෙස පිහිටුවනු ලැබූ ප‍්‍රශස්ථ සමාගමක්. මෙම හවුල්කාරීත්වය තුළින් පාරිභෝගිකයාට වඩාත් විශිෂ්ට සේවාවක් ලබා දීමට හැකිවනු ඇතැයි මා විශ්වාස කරනවා.”
 
 එකලස් කිරීමේ ඒකකයේ ධාරිතාව පිළිබඳ අදහස් දක්වමින් සදාසිවම් මහතා, ”මෙහි වාර්ෂික ධාරිතාව ඒකක 5,000ක් පමණ වනවා. ශීඝ‍්‍රසයෙන් ඉහළ යන වෙළඳපොළ අවශ්‍යතාව වෙනුවෙන් මේ වන විට අප මාසිකව මෝටර් රථ 100කට අධික ප‍්‍රමාණයක් දෛනිකව නිෂ්පාදනය කරනු ලබනවා. අප විසින් හඳුන්වාදෙනු ලැබූ පෙට‍්‍රල් මැනුවල් KUV100 රථයට අමතරව ඞීසල් රථයක්ද වෙළෙඳපොළට හඳුන්වාදීමට ඉදිරියේදී අපි කටයුතු කරන්නෙමු.
 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles