Divaina - welanda

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

2021-01-14 වන දින කලාපය


 div mah
 දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ සහ උන්වහන්සේලාගේ පවුලේ සාමාජිකයන් සඳහා රැුකවරණය සැලසීම සඳහා ‘නාගරාජ’ නමින් විශේෂ රක්ෂණාවරණයක් හඳුන්වාදී තිබේ.
 
 මෙම රක්ෂණාවරණය සඳහා වන රක්ෂණ ඔප්පුව නිල වශයෙන් භාරදීම පසුගියදා අරලියගහ මන්දිරයේදී සිදුවූ අතර මේ සඳහා මහා නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජාතික උරුමයන්, ප‍්‍රාසාංගික කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක මහතා සහ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ඉහළ නිලධාරීන්, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ජගත් වැල්ලවත්ත මහතා ඇතුළු ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ඉහළ කළමනාකාරිත්වය මේ සඳහා සහභාගී වූහ.
 
 මෙම සුවිශේෂී ”නාගරාජ” රක්ෂණ යෝජනා ක‍්‍රමය දිවයින පුරා පිහිටි ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශාඛාවලින් ලබා ගත හැකි අතර රු. 2000/-ක වටිනාකමකින් යුතු රක්ෂණාවරණය මිලදීගෙන පිරිකර ලෙස සංඝයා වහන්සේලා සඳහා පූජා කළහැකි ලෙස සැලසුම් කර තිබේ. මෙම ‘නාගරාජ’ රක්ෂණාවරනයද ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මගින් ක‍්‍රියාවට නංවා ඇති ශ‍්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම රැුකවරණය සැලසීම අරමුණු කරගත් ‘සැමට රක්ෂණයක්‘ සංකල්පය යටතේ ක‍්‍රියාත්මක වේ.
 
 ‘නාගරාජ ‘රක්ෂණ ක‍්‍රමය යටතේ රජයේ හෝ පෞද්ගලික රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ගැනීමේදී එක දිනක් සඳහා රු. 1000/- බැගින් උපරිමය දින 15ක් දක්වා ලබාදෙන අතර , වෛද්‍ය නිර්දේශ මත පිටතින් ලබාගන්නා බෙහෙත්, පරීක්ෂණ, එක්ස්-රේ කිරණ රශ්මි
 හා රේඩියම් පරීක්ෂණ හා විදුලිමය ප‍්‍රතිකාර සඳහා රු. 25,000/- ලබාදේ.


 div hon
 රට තුළ පැතිර යන කොවිඞ්- 19 වසංගත තත්ත්වය යටතේ පොදු ප‍්‍රවාහන මාධ්‍යන්හී සේවාවන් ලබාගැනීමට මහජනතාව පැකිළීමක් දක්වන පසුබිමක් තුළ එයට පිළියමක් ලෙස, රට තුළ වර්තමානයේ පවතින වාහන ආනයන තහනම මධ්‍යයේ වුවද, තම වටිනා පාරිභෝගිකයන් අතනොහැර ඔවුන් වෙනුවෙන් ආයතනය මගින් සහතික කළ හොන්ඩා යතුරු පැදි හා ස්කූටර් උසස් තත්වයකින් සහ විශ්වසනීයත්වයකින් යුතුව ලබාදීමට ස්ටැෆර්ඞ් මෝටර්ස් ආයතනය කටයුතු කරමින් පවතී.
 
 මෙය ස්ටැෆර්ඞ් මෝටර්ස් ආයතනය විසින් පාරිභෝගිකයන්ට ලබාදෙන නවමු හා සුවිශේෂී අත්දැකීමක් වන අතර මෙහිදී මූලිකවම සිදු වනුයේ පෙර භාවිතා කරන ලද හොන්ඩා යතුරු පැදි හා ස්කූටර් ආයතනය විසින් මිලදීගෙන එහි ප‍්‍රවීණ හා පළපුරුදු කාර්මික ශිල්පීන් අතින් පූර්ණ තත්ත්ව පරීක්ෂාවකට ලක් කිරීමයි. එමෙන්ම එලෙස මිලදී ගනු ලබන යතුරු පැදි හා ස්කූටර්වල ඇති තාක්ෂණික දෝෂ යථා තත්ත්වයට පත්කොට, ප‍්‍රතිස්ථාාපනය කළ යුතු අමතර කොටස් නියම හොන්ඩා අමතර කොටස් යොදා නවීකරණය කර අදාළ යතුරු පැදි හා ස්කූටර් නවතම මුහුණුවරකින් යුතු පූර්ණ ක‍්‍රියාකාරී එ්කක බවට සහතික කිරීමයි.
 
 ආයතනය මගින් සහතික කරන ලද මෙම යතුරු පැදි හා ස්කූටර් සඳහා මාස 3 ක හෝ කිලෝමීටර 3000 ක වගකීම් කාලයක් ලබාදීමට ස්ටැෆර්ඞ් මෝටර්ස් ආයතනය බැඳී සිටින අතර මෙම යතුරුපැදි හා ස්කූටර් අත්පිට මුදලට හෝ ලීසිං පහසුකම යටතේ මිලදී ගැනීමට තම පාරිභෝගිකයන් හට අවස්ථාව සලසාදී ඇත. තවද පාරිභෝගිකයන් විසින් පෙර භාවිතා කරන ලද හොන්ඩා යතුරු පැදි හා ස්කූටර්, ආයතනය විසින් සහතික කරන ලද යතුරු පැදි හා ස්කූටර් සඳහා හුවමාරු කර ගැනීමේ පහසුකමද තම පාරිභෝගිකයින් හට ආයතනය විසින් ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.
 සෑම විටම තම පාරිභෝගිකයන්ගේ ප‍්‍රවාහන අවශ්‍යතා හඳුනාගෙන අදාළ සේවාවන් තම පාරිභෝගිකයන් හට කඩිනමින් ඉටුකර දුන් ආයතනයක් ලෙස ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ අඛණ්ඩව වසර 40 කට වඩා තම සන්නාමය ඉහළම ස්ථානයක රැුඳවූ ස්ටැෆර්ඞ් මෝටර්ස් ආයතනය නවතම මුහුණුවරකින් යුතු පූර්ණ ලෙස නවීකරණය කරන ලද හොන්ඩා යතුරු පැදි හා ස්කූටර් විශ්වසනීයත්වයෙන් යුතුව මිලදී ගැනීමට වඩාත් සුදුසුම ස්ථානය බවට සනාථ කර ඇත.



div seyසමස්ත දිවයිනම කොරෝනා දෙවන රැුල්ලට මුහුණ දෙමින් සිටින මෙම අවස්ථාවේදී රෝහල්, රසායනාගාර සහ අනෙකුත් සෞඛ්‍ය සේවා ස්ථාන කරා ගමන් නොකර ONLINE ක‍්‍රමය හරහා සෞඛ්‍ය සේවා ලබාගැනීම ඉතා වැදගත් වේ. සෙලාන් බැංකුවේ ”සෙලාන් හරසර”, ්‍Healthnet.lkසමග හවුල්කාරීත්වයකට පිවිසියේ සියලූම සෙලාන් හරසර ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම් හිමියන්ට බෙහෙත් නිවසටම ගෙන්වා ගැනීමේ සේවාව ලබාදී ඔවුන්ගේ සෞඛ්‍ය සහ ආරක්‍ෂාව තහවුරු කිරීමටයි.

මෙම හවුල්කාරිත්වය තුළින්, සෙලාන් හරසර ඩෙබිට් කාඞ්පත්හිමියන්ට ්‍යැ්කඑයබැඑගකන හරහා නොමිලේ නිවසටම බෙහෙත් ගෙන්වා ගත හැකි අතර, මෙමගින් ජ්‍යේෂ්ඨ පුරවැසියන් ඖෂධ හල් කරා ගමන් කිරීම අවම කරමින් වෛරසයට නිරාවරණය වීමේ අවදානම අවම කරයි. හරසර ගිණුම් හිමියන්ට රු. 1,000/= සිට රු. 5,000/= දක්වා සියලූම ඖෂධ මිලදී ගැනීම් සඳහා 5% ක වට්ටමක්ද රු. 5,000/= ට වඩා වැඩි සියලූම ඖෂධ මිලදී ගැනීම් සඳහා 10% ක වට්ටමක්ද හිමිවේ.
 
රු. 1,000/= ට අඩු ඖෂධ මිලදී ගැනීම් සඳහා බෙදා හැරීමේ ගාස්තු අය නොකෙරේ.

peo135මෙරට වැඩිම ගනුදෙනු කරුවන් පිරිසක් සහ විශාලතම ශාඛා පද්ධතිය හිමි මහජන බැංකුව අසමසම ස්ථාවරත්වයක් සහිත රාජ්‍ය බැංකුවකි. මහජන බැංකුව සතුව ඇති ඇති මෙම ස්ථාවරත්වය සහ බැංකුව පවත්වාගෙන යන විශිෂ්ටතම වෘත්තීමය ප්‍රමිතීන් හේතු කරගෙන 900 අධික විදේශ බැංකු මහජන බැංකුව සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන යනු ලැබේ. එහි ප්‍රතිපලයක් ලෙසින් සියලු විදේශීය ණය ගනුදෙනු කිසිදු තුන්වන පාර්ශවයක් නොමැතිව ඝෘජුවම සිදු කෙරෙන අතර මෙමගින් අවම පිරිවැයක් යටතේ කිසිදු අක්‍රමිකතාවකට ඉඩක් නොමැතිව එම ගනුදෙනු සම්පූර්ණ කිරීමට මහජන බැංකුව කටයුතු කරයි.


div hnb

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ක්ෂේත‍්‍රයේ වඩාත් හිතෛශී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව විසින් දැනට පවත්නා කොවිඞ්-19 වසංගතයෙන් දැඩි බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන් 200 දෙනකුට අතහිත දීමේ අරමුණින් රුපියල් මිලියන 20ක ප‍්‍රදානයක් ලබා දීමේ වැඩසටහන මෑතකදී හඳුන්වා දෙන ලදී.

HNB තිරසාර පදනම හරහා පිහිටුවන ලද මෙම අරමුදල මගින් ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන්ට සිය ව්‍යාපාර නැවත නගා සිටුවීමට සහ ඔවුන්ගේ ව්‍යාපාර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මට්ටමට ගෙන ඒමට කටයුතු කිරීම සඳහා රුපියල් ලක්ෂයක් දක්වා වූ මූල්‍ය පහසුකම් ලබා දෙනු ඇත කොවිඞ්-19 වසංගතයෙන් දැඩි බලපෑමට ලක් ව සිටින තෝරා ගත් HNB ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකින් පිරිසකට අදියර දෙකක් යටතේ බැංකුව මෙම ප‍්‍රදානය ලබා දෙනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන HNB කළමනාකාර අධ්‍යක්‍ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී සහ ්‍යභඊ තිරසාර පදනමේ සභාපති ජොනතන් අලස් මහතා ‘‘ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයන්ට සහාය වීම සඳහා අපගේ තිරසාර පදනම හරහා මෙම වැදගත් වැඩසටහන දියත් කිරීමට ලැබීම ගැන මම ඉතා සතුටු වෙනවා සියලූ දෙනාටම 2020 ඉතා අභියෝගාත්මක වසරක් වූ බව අප සැවොම දන්නා කරුණක්

එහෙයින් මෙරට ව්‍යාපාරවල නැවත ආරම්භ කිරීමට අවශ්‍ය ප‍්‍රාග්ධන අවශ්‍යතා සපුරා


ගැනීමට සුදුසුම අවස්ථාවක මෙම වැඩටහන දියත් කිරීම ඉතාම කාලෝචිතයි’’ යනුවෙන් පැවසුවේය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles