Divaina - උපාලි කන්සියුමර් ප‍්‍රඩක්ට්හි නවතම නිෂ්පාදනය ‘ක‍්‍රිස්ටල් කොහොඹ සබන්’ මෙරට වෙළෙඳපොළට හඳුන්වාදෙයි

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p5 1දශක පහකට අධික කාලයක් තිස්සේ මෙරට පාරිභෝගික ජනතාවට ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් නිෂ්පාදන රැසක් හඳුන්වාදුන් උපාලි සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සමාගමක් වන උපාලි කන්සියුමර් ප‍්‍රඩක්ට්” සිය ක‍්‍රිස්ටන් සබන් කාණ්ඩයේ නවතම නිෂ්පාදනය වන ‘ක‍්‍රිස්ටල් කොහොඹ සබන්’ මෙරට වෙළෙඳපොළට හඳුන්වාදෙනු ලැබීය.
 
 දේශීයත්වයට ප‍්‍රමුඛත්වය ලබාදෙමින් සිය නිෂ්පාදනයන් සිදු කරන උපාලි කන්සියුම් ප‍්‍රඩක්ට් සමාගම උපාලි සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධාන කාර්යාලයේ පසුගියදා පැවති චාම් උත්සවයකදී ‘ක‍්‍රිස්ටල් කොහොඹ සබන්’ හඳුන්වාදීම සිදු කෙරිණි.
 
 කොහොඹ කොළවලින් ලබාගන්නා සාර ප‍්‍රතිබැක්රීටියාකාරයක ප‍්‍රතිආසාත්මිකතවන්ගෙන් යුත් ගුණාංගවලින් පොහොසත්වන අතර එය ආසාදන තත්ත්ව, ආසාත්මිකතා හෝ ඕනෑම ආකාරයක සමේ ඇතිවිය හැකි ගැටලූ සඳහා පිළියම් ලබාදෙන ආකාරයට TFM‍ 76.5 ක ඉහළ අගයකින් යුක්තව ශ‍්‍රී ලංකා ප‍්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කර තිබේ.
 
 ‘ක‍්‍රිස්ටල් කොහොඹ සබන්’ මෙරට වෙළෙඳපොළට හඳුන්වාදීමේ අවස්ථාවට එක් වූ (ඡායාරූපයේ වමේ සිට) උපාලි පුවත්පත් සමාගමේ මූල්‍ය අධ්‍යක්‍ෂ ලක්‍ෂ්මන් පෙරේරා මහතා, සිලෝන් චොක්ලට් සමාගමේ අලෙවි සාමාන්‍යාධිකාරි ඉන්දික රණසිංහ මහතා, උපාලි කන්සියුමර් ප‍්‍රඩක්ට් සමාගමේ මෙහෙයුම් සාමාන්‍යාධිකාරි නිශාන්ත කරුණාසේකර මහතා, උපාලි සමූහ ව්‍යාපාරයේ කලමණාකරු අලෙවි අධ්‍යක්‍ෂිකා කරිෂ්මා වෙල්ගම මෙනවිය, උපාලි කන්සියුමර් ප‍්‍රඩක්ට් සමාගමේ අධ්‍යක්‍ෂ ධම්මික ආටිගල මහතා, උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ නිමල් වෙල්ගම මහතා, සිලෝන් චොක්ලට් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි පී. කේ. ඞී. එස්. සමන්ත මහතා ඡායාරූපයෙන් දැක්වේ.
 
 උපාලි කන්සියුමර් ප‍්‍රඩක්ට් සමාගමේ ක්‍ෂේත‍්‍ර විකුුණුම් කළමනාකරු කමල් ජයරත්න මහතා විසින් උපාලි කන්සියුමර් ප‍්‍රඩක්ට් සමාගමේ අතුරුගිරිය අලෙවි නියෝජිත මධුරංග අබේවර්ධන මහතා වෙත ‘ක‍්‍රිස්ටල් කොහොඹ සබන්’ පළමු අලෙවි කිරීම සිදු කළ අයුරු ඡුායාරූපයෙන් දැක්වේ. එම අවස්ථාවට එක් වූ උපාලි කන්සියුමර් ප‍්‍රඩක්ට් සමාගමේ මූල්‍ය කළමනාකරු කිංස්ලි ජයවර්ධන මහතාද ඡායාරූපයේ වේ.

p5 2
 
 සටහන - ප‍්‍රභාත් විතාන
 ඡායාරූප - නිමල් දයාරත්න
 
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles