Divaina - 2020 සම්පත් බැංකු කාර්ය සාධනය ජාතික වගකීමට උරදී අභියෝග ජයගනී

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

sampath bank plc1
 
 2019 අගභාගයේ ආරම්භ වූ Covid - 19 වසංගතය 2020 ජනවාරි මස සිට ශීඝ‍්‍ර ලෙස ලොව පුරා ව්‍යාප්ත වීමේ ප‍්‍රතිඵලයක් ලෙස 2020 වසර 21 වන සියවසෙහි වඩාත්ම අභියෝගාත්මක වසරක් ලෙස ඉතිහාස ගතවනු ඇත. බොහෝ රටවල් වසංගතය පාලනය කිරීමේ අරමුණින් ඇඳිරි නීතිය පැනවීම සහ වෙනත් පාලන ක‍්‍රියාමාර්ග ක‍්‍රියාත්මක කළ අතර එය ඇතැම් ආර්ථිකයන් මුළුමනින්ම ඇනහිටීමට ද හේතු විය.
 
 ශ‍්‍රී ලංකාව තුළ Covid - 19 වසංගතය පැතිරීම ආරම්භ වූයේ, 2019 අපේ‍්‍රල් මස වූ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයේ බලපෑම්වලින් රටේ ආර්ථිකය ක‍්‍රමක‍්‍රමයෙන් යථාතත්ත්වයට පැමිණෙමින් තිබූ කාලපරිච්ෙඡ්දයක් තුළදීය. මේ වන විට ද යම් ආතතියකට ලක්ව පැවති දේශීය ආර්ථිකය, Covid - 19 වසංගතය පැතිරී යෑමෙන් තවදුරටත් අභියෝගකාරී තත්ත්වයකට පත්විය. මීට පෙර අත් නොදකින ලද ආර්ථික පසුබෑම තුළින් මහජනතාව මත වූ පීඩනය අවම කිරීමත් සහ ආර්ථික ක‍්‍රියාකාරකම් පුනර්ජීවනය කිරීමත් සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව පුළුල් පදනමක් සහිත සහනදායී ආර්ථික ක‍්‍රමෝපායන් හඳුන්වා දෙන ලදී. එම`ගින් සෞභග්‍යා Covid - 19 පුනරුද සහන ණය පහසුකම සහ ණය අයකර ගැනීම පවා කිරීමේ යෝජනා ක‍්‍රමය යටතේ, Covid - 19 වසංගතය හමුවේ බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයන් හට සහන ලබාදෙන ලදී. තවද ආනයන සීමා කිරීම, ප‍්‍රතිපත්ති පොලී අනුපාත අඩු කිරීම, බලපත‍්‍රලාභී වාණිජ බැංකු සඳහා ව්‍යවස්ථාපිත සංචිත අනුපාත අඩු කිරීම සහ විදේශ විනිමය වෙළඳපොළට සම්බන්ධ වීම වැනි ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ප‍්‍රතිපත්තීන්, ආර්ථික කි‍්‍රයාකාරකම් න`ගාසිටුවීම මෙන්ම රටේ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ආරක්‍ෂා කිරීමේ අරමුණින් ක‍්‍රියාත්මක විය.
 
 අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, සම්පත් බැංකුව සිය බැංකුකරණය සඳහා වූ ඇති ඉහළ ශක්‍යතාවය සහ ශක්තිමත් මූලධර්ම මත පදනම්ව සියලූම පාර්ශවකරුවන්ගේ අවශ්‍යතාවලට මූලිකත්වය දෙමින් කටයුතු කරන ලදී. Covid - 19 හි බලපෑමට එරෙහිව කටයුතු කිරීමේ අරමුණින් රජය විසින් මෙහෙයවන ලද සහනදායී ණය යෝජනා ක‍්‍රම ක‍්‍රියාත්මක කිරීමට බැංකුව කඩිනම් පියවර ගන්නා ලදී. ඒ අනුව, ණය අයකර ගැනීම පමා කිරීමේ (Debt Moratorium) යෝජනා ක‍්‍රමයේ පළමු අදියර ෂ යටතේ සිය මුළු ණය සහ අත්තිකාරම් වලින් 50% කට පමණ සහන ලබාදීමට බැංකුවට හැකිවූ අතර අදියර II යටතේ 29% ට වඩා වැඩි ප‍්‍රමාණයකට සහන ලබා දෙන ලදී. එමෙන්ම සෞභාග්‍යා පුනරුද සහන ණය යෝජනා ක‍්‍රමය යටතේ සුදුසුකම් ලත් ගනුදෙනුකරුවන්ට ණය ලබාදීමටද සම්පත් බැංකුව ක‍්‍රියාකාරීව සහභාගි විය. තවද සිය ගනුදෙනුකරුවන්ට මෙම දුෂ්කර කාලය ම`ගහරවා අවශ්‍ය ඕනෑම විටකදී මූල්‍ය විසඳුම් ලබා දීමට සම්පත් බැංකුව ස්වෙච්ඡුාවෙන්ම ඉදිරිපත් විය. මේ අතර Covid - 19 පළමු රැල්ල තුළ බැංකු සේවා අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප‍්‍රකාශයට පත්වීමත් සම`ග, මාස 02 ක් පුරාවට දිවයින පුරා ක‍්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හේතුවෙන් බැංකු ශාඛා සඳහා පහසුකම් සැලසීමට, ජාලය පුරා ශාඛා විවෘතව තැබීමට සම්පත් බැංකුව සාමූහික ප‍්‍රයත්නයක් දරන ලදී. ඩිජිටල් තාක්‍ෂණය සඳහා බැංකුවේ අඛණ්ඩ ආයෝජනය මෙම කාලසීමාව තුළ පාරිභෝගිකයන්ට මනාව ප‍්‍රයෝජනවත් වූ බව මැනවින් පිළිබිඹු විය. බැංකුව විසින් සපයන ලද සම්පත් විශ්ව (VISHWA) සහ අනෙකුත් ඩිජිටල් බැංකු සේවාවන් ගනුදෙනුකරුවන් විසින් පුළුල් ලෙස භාවිතා කිරීමත් සමග බැංකු සේවාවන් මෙම කාලය පුරා අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවිය. තවද, සියලූ අභියෝගයන් නොසලකා හරිමින් සම්පත් බැංකුව වසර පුරා සිය ආයතනික සමාජ වගකීම් කෙරෙහි අවධානය යොමු කළ අතර ග‍්‍රාමීය කෘෂිකාර්මික ප‍්‍රජාවගේ ජීවනෝපායන් සඳහා දිරි ගැන්වීම අරමුණුකරගත් ‘‘වැවට ජීවයක්’’ ආයතනික සමාජ වගකීම් වැඩසටහන යටතේ වැව් ප‍්‍රතිසංස්කරණය කිරීම සිදු කරන ලදී.
 
 සම්පත් බැංකුව රුපියල් ටි‍්‍රලියනයක ශේෂ පත‍්‍රයකට හිමිකම් ලැබීම.
 
 වර්ෂය තුළ මුහුණ දුන් සුවිශේෂී අභියෝගතාවන් මධ්‍යයේ වුවද සම්පත් බැංකුව 2020 දී අඛණ්ඩව වර්ධනය වෙමින් සිය වත්කම් පදනම 15.4% කින් පුළුල් කරගනිමින් රුපියල් ටි‍්‍රලියනයේ ඓතිහාසික සීමාව පසු කරන ලදී. මුළු වත්කම් 2019 දෙසැම්බර් 31 දිනට වාර්තා වූ රුපියල් බිලියන 962 සිට 2020 දෙසැම්බර් 31 වන විට රුපියල් ටි‍්‍රලියන 1.1 ක් දක්වා වර්ධනය වී ඇත. වසර 33 ක් වැනි කෙටි කාලයක් තුළදී මුළු වත්කම් රුපියල් ටි‍්‍රලියනයේ සීමාව පසු කිරීම සම්පත් බැංකුවේ මේ දක්වා වූ ගමනේ වැදගත් සන්ධිස්ථානයක් නියෝජනය කරයි. මෙම සුවිශේෂී සන්ධිස්ථානයකට ළ`ගා වූ දේශීය බැංකු ක්‍ෂේත‍්‍රයේ ලාබාලතම බැංකුව බවට සම්පත් බැංකුව පත්ව ඇත.
 
 2020 වර්ෂය සඳහා මූල්‍ය කාර්ය සාධනය
 
 සම්පත් බැංකුවේ බදු පසු ලාභය 2019 වර්ෂයේ වාර්තා වූ රුපියල් බිලියන 11.1 සිට 2020 වර්ෂය සඳහා රුපියල් බිලියන 8 දක්වා පහත වැටිණි. මෙය 28% ක පහත වැටීමක් වුවද, ක්‍දඩසා - 19 වසංගතය හමුවේ සිදුවූ දේශීය හා ගෝලීය ආර්ථික පසුබෑම හමුවේ සැලකිය යුතු ප‍්‍රතිඵලයකි. මේ අතර, 2019 දී වාර්තා වූ රුපියල් බිලියන 15.5 ට සාපේක්‍ෂව බැංකුවේ බදු පෙර ලාභය රුපියල් බිලියන 11.2 ක් ලෙස වාර්තා වූ අතර එය 27.9% ක අඩුවීමකි.
 
 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා සම්පත් සමූහයේ බදු පෙර ලාභය සහ බදු පසු ලාභය පිළිවෙලින් රුපියල් බිලින 11.9 ක් සහ රුපියල් බිලියන 8.4 ක් වූ අතර එය පිළිවෙලින් 27.2% සහ 27.6% ක පහත වැටීමකි.

 


 
 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles