කොමර්ෂල් බැංකුවේ සභාපති, විනිසුරු කේ. ශ්රීපවන් මහතා, බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා (වමේ සිට දෙවැනියා* සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, සනත් මනතුංග මහතා, බැංකුවේ ආයතනික සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයින් සමග එක්ව ති‍්‍රකුණාමලයේ නව ශාඛා ගොඩනැගිල්ල නිළ වශයෙන් විවෘත කරයි.
කොමර්ෂල් බැංකුවේ ත්‍රිකුණාමලය ශාඛාව බැංකුව විසින් සිය ඉඩමක ගොඩනැගූ පරිසර හිතකාමී නව ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ.
මෙම ගොඩනැගිල්ල ඉදිකරන අවස්ථාවේදී පවා පරිසරයට සිදුවන බලපෑම අවම වන අයුරින් එම ඉදිකිරීම් තිරසාර අයුරින් සිදුකළ අතර ගොඩනැගිල්ලේ මෙහෙයුම් කටයුතු සිදුකරන විට එමගින් පරිසරයට මුදාහරින කාබන් ප්‍රමාණය අවම කරන ආකාරයෙන් ගොඩනැගිල්ල නිර්මාණය කර තිබීමද මෙහිදී කැපී පෙනේ. එසේම, පරිසරයට මුල් තැනක් දෙමින් මෙම ගොඩනැගිල්ලේ ගෙවත්ත විචිත්‍රවත් අයුරින් නිර්මාණය කර තිබෙන අතර එම ස්ථානයෙහි වැඩි ඉඩ ප්‍රමාණයක් ගෙවත්ත සඳහා වෙන් කර ඇත.