ජාත්‍යන්තර කීර්තියට පත් සම්මාන ලාභී සෞඛ්‍ය සත්කාරක සේවා සපයන්නකු වන ලංකා හොස්පිටල්ස් සීමාසහිත ප්‍රීමා සිලෝන් සමාගමේ ප්‍රමුඛතම විශ්වසනීය
පාරිභෝගීකයන් වෙනුවෙන් ක්‍රියාත්මක ‘පී‍්‍රමා රන් පියවර’ වැඩසටහනේ නිල සෞඛ්‍ය සත්කාර හවුල්කරු බවට පත් වෙයි. ‘පී‍්‍රමා රන් පියවර’ වැඩසටහන යටතේ පී‍්‍රමා සමාගමේ ප්‍රමුඛතම පාරිභෝගියන්ට සිය VISA Debit කාඞ් මගින් රෝහලට ඇතුළත්වීම් හා කාමර ගාස්තු, තෝරා ගත් සැත්කම්, භෞත චිකිත්සා, දන්ත හා අක්ෂි සෞඛ්‍ය සේවා, රූපලාවණ්‍ය, සෞඛ්‍ය පරීක්ෂණ, කාන්තා සුවතා සහ දියවැඩියා සත්කාර ආදී සේවා රැසක් වට්ටම් සහිතව ලබා ගත හැකිය.
‘පී‍්‍රමා රන් පියවර’ වැඩසටහන යටතේ අපේ සේවාවන් ජනතාවට වඩාත් සමීප කරවීමටත් පසුගිය දශක දෙක පුරා අප කෙරෙහි විශ්වාසය තැබූ ප්‍රධාන ආයතනවලට ප්රතිලාභ සැපයීමටත් අවස්ථාව ලැබෙනවා. පී‍්‍රමා සමාගම අසහාය ව්‍යපාරික හවුල්කරුවකු වශයෙන් හඳුනා ගන්නා අතරම ඔවුන්ගේ අඛණ්ඩව වැඩි වන පාරිභෝගිකයන්ට ඉදිරියේදී මීටත් වඩා සහනදායී සේවා සැපයීමට බලාපොරොත්තු වෙනවා. අප මේ සේවා සපයන්නේ අප කෙරෙහි ඔවුන් තැබූ විශ්වාසයට ගරු කිරිමක් වශයෙන්.’’ ලංකා රෝහලේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරි නිමල් රත්නායක මහතා පැවසීය. ‘‘ශ්‍රී ලංකාවේ උසස්ම තත්ත්වයේ තිරිඟු පිටි නිෂ්්පාදකයා ලෙස නම් දැරූ පී‍්‍රමා සමාගම සිය පාරිභෝගිකයන්ට සෑම විටම ගෞරවයෙන් සළකනවා. ලංකා රෝහලත් සමග අප ඇති කර ගත් හවුල්කාරිත්වයෙන් අපේ පාරිභෝගිකයන් විපුල ප්‍රයෝජන ලබනු ඇතැයි අප විශ්්වාස කරනවා. අප සමාගම අපගේ පාරිභෝ්ගිකයන් අලූත් ක්‍රමයකට අගයමින් ඔවුන්ට ප්රතිලාභ සපයන්නට වටිනාකම් රැුසක් එකතු කර තිබෙනවා. මේ ප්‍රමුඛතම පාරිභෝ්ගිකයන් ගතවූ දශක හතර පුරා අප සමග රැුඳෙමින් මෙරට බේකරි හා ආහාර කර්මාන්තයේ ප්‍රමිතිය ඉහළ නැංවීමට දායක වී තිබෙනවා.’’ ප්‍රීමා සිලෝන් අලෙවිකරණ ප්‍රධානී රවීන්ද්‍ර ද කෝන්ගේ මහතා පැවසීය.