ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2020 වර්ෂය අවසානයේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට පත්වෙමින් රක්ෂණයේ දැවැන්තයා ලෙස සිය ආධිපත්‍ය නැවත තහවුරු කරගැනීමට සමත්ව තිබේ.
සාමාන්‍ය රක්ෂණ වෙළඳපල තුළ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 20.3% ක වෙළෙඳපොළ කොටසකට හිමිකම් කියන අතර 2020 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වන වසර සඳහා රු. මිලියන 20,163 ක වාරික ආදායමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.
එමෙන්ම සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්රයේ වර්ධනය -1.5 ක අගයක් ගනිද්දී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 6%ක වර්ධනයක් අත්කරගැනීමට සමත්ව තිබේ.
මෝටර් රථ නොවන රක්ෂණ කාණ්ඩය සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රු.මිලියන 8357ක වාරික ආදායමක් සමගින් 38%ක වර්ධනයක් අත්කරගැනීමට සමත්ව තිබෙන අතර මෝටර් රථ රක්ෂණ කාණ්ඩය රු. මිලියන 11,806 ක වාරික ආදායමක් වාර්තා කරමින් එම කාණ්ඩයේ ප්‍රමුඛයා බවට පත්ව තිබේ.
සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයා බවට පත්වීම සඳහා මෝටර් රථ රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛතම සන්නාමය වන ‘‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස්” සෘජුව දායකත්වය දක්වන ලද අතර ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් වෙතින් මෝටර් රථ රක්ෂණ වෙළඳපල තුල පවත්නා සුවිශේෂී රක්ෂණ අවශ්‍යතා වලට අනුකුලව නවමු රක්ෂණ සැලසුම් රැුසක් හඳුන්වා දෙමින් මෝටර් රථ රක්ෂණ ක්ෂේත්රය තුල පාරිභෝගිකයාට වඩාත් පුළුල් පහසුකම් සැපයීමට සමත්ව සිටී.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් එක්ව 2017 වර්ෂයේදී හඳුන්වා දෙන ලද ‘සුරක්ෂා’ රක්ෂණ ක්‍රමය සඳහා ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ රක්ෂණ සේවා සපයන ආයතනය ලෙස නැවත ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පත් කර තිබෙන අතර මේ ඔස්සේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මිලියන 4.3ක් සඳහා රැුකවරණය සලසමින් ඔවුන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පහසුකම් සලසනු ලැබේ.
කොවිඞ් 19 වසංගත තත්වය මගින් නිර්මාණය කරන ලද අභියෝග හමුවේ වුවද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සාමාන්‍ය රක්ෂණ කාණ්ඩය නවමු රක්ෂණ සැලසුම් හඳුන්වා දෙමින්, රක්ෂණ ක්‍රියාවලීන් විධිමත් කරමින් වඩා කාර්යක්ෂම සේවාවක් අඛණ්ඩව පාරිභෝගිකයන්ට ලබාදීමට පසුගිය වසර තුළ සමත්ව තිබේ.