Divaina - සම්පත් බැංකුව QR ගෙවීම් දිරි ගැන්වීම වෙනුවෙන් තවදුරටත් ශ‍්‍රී ලංකා මහ බැංකුව සමග එක්වෙයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 sampath333
 
 සම්පත් බැංකුව 2020 වසරේදී  ශ‍්‍රී ලංකාවට හ`දුන්වා දුන් ක්ෂණික ප‍්‍රතිචාර (QR) කේත ප‍්‍රමිතිය වන LANKAQR පිළිබ`ද අවබෝධය සහ භාවිතය ඉහළ නැංවීම වෙනුවෙන්  ශ‍්‍රී ලංකා මහ බැංකුව සමග අත්වැල් බැඳිගන්නා ලදී.
 
 ගනුදෙනුකරුවන්ගේ එදිනෙදා  ගනුදෙනු ස`දහා LANKAQR භාවිත කිරීමට පාරිභෝගිකයන් දිරි ගන්වමින් සම්පත් බැංකුව විසින් කොළඹ ගාලූ මුව දොර පිටිය අසල, බාල දක්ෂ මාවතෙහි අභිනවයෙන් ඉදිකරන ලද Dining Capsule පරිශ‍්‍රයේදී 2021 ජනවාරි 23 සහ 24 දෙදින තුළ ප‍්‍රවර්ධන වැඩසටහනක් දියත් කරන ලදී.
 
 ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් අධ්‍යක්ෂ ධර්මසිරි කුමාරතුංග, සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප‍්‍රනාන්දු සහ සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මෙහෙයුම් සහ සමූහ ප‍්‍රධාන අලෙවි නිළධාරී තාරක රන්වල යන මහත්වරුන් මෙන්ම අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ද මෙම ප‍්‍රවර්ධන වැඩසටහන සංකේතාත්මක දියත් කිරීමට එක්ව සිටියහ.
 
 සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප‍්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ ‘‘තාක්ෂණය වැඩි පහසුවක් සහ ආරක්ෂාවක් ලබා දෙමින් අපගේ එදිනෙදා ගනුදෙනු සිදු කරන ආකාරය නිරන්තරයෙන් වෙනස් කරමින් සිටිනවා. ශ‍්‍රී ලංකාව තුළද
 
 පාරිභෝගිකයන් මෙන්ම ව්‍යාපාරිකයන් ඩිජිටල් ගනුදෙනු වෙත යොමු වෙමින් තිබීම වර්තමානය වන විට සත්‍ය වශයෙන්ම ඉහළ යමින් පවතිනවා.’’ යනුවෙනි. වැඩි දුරටත් අදහස් දැක්වූ නන්ද ප‍්‍රනාන්දු මහතා ‘‘ සම්පත් බැංකුව ලෙස අපි සෑම විටම නැගී එන තාක්ෂණයන් වැඩි දියුණු කිරීම සහ දිවයින පුරා විහිදී සිටින අපගේ
 
 ගනුදෙනුකරුවන්ට වටිනාකමක් එක් කරමින් වෙළෙ`දපොලට අදාළ විස`දුම් ලබා දීම වෙනුවෙන් අවධානය යොමු කර තිබෙනවා. ඊට සමගාමීව වඩා ප‍්‍රයෝජනවත් මෙන්ම පිළිගත් ගෙවුම් ක‍්‍රමයක් වන ශ‍්‍රී ලංකා මහ බැංකුවේ LANKAQR සම`ග එක් වන්නට ලැබීම පිළිබ`දව ඉතාමත් සතුටට පත්වනවා’’ යනුවෙන්ද පවසා සිටින ලදී.
 
 මේ පිළිබ`දව අදහස් දැක්වූ සම්පත් බැංකුවේ මෙහෙයුම් ප‍්‍රධානී සහ සමූහ ප‍්‍රධාන අලෙවි නිලධාරී තාරක රන්වල මහතා ස`දහන් කර සිටියේ ‘‘ ශ‍්‍රී ලංකාව පුරා LANKAQR සම`ග එක්වන පාරිභෝගිකයන් හා ව්‍යාපාරිකයන් ප‍්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් පවතින අතර QR පදනම් කරගත්  ගෙවීම් තුළින් ලබා දෙන ඉහළ වටිනාකමද අගය කිරීමට ලක්ව ඇත. සම්පත් බැංකුවෙහි සුරක්ෂිත, ඩිජිටල් මුදල් පසුම්බිය වන සම්පත් WePay සේවාව තූළින් සම්පත් බැංකුවේ මෙන්ම වෙනත් ඕනෑම බැංකුවක
 
 ගිණුමක් හෝ ක්‍රෙඩිට් කාඞ්පත් හිමි ගනුදෙනුකරුවකුට ඉතා පුුළුල් ආකාරයේ ඩිජිටල් ගනුදෙනු සිදු කළ හැකියි. සම්පත් බැංකු  ගනුදෙනුකරුවන්ට වගේම අනෙකුත් සියලූ බැංකුවල ගනුදෙනුකරුවන්ටත් සම්පත් WePay වැනි LANKAQR හි බලයලත් ගෙවුම් විස`දුමක් විසින් ලබා දෙන පහසුව හා ආරක්ෂාව සළසා
 ගන්නා අතරම අනාගතය සම`ග එක්වන ලෙස මේ මොහොතේ ආරාධනා කර සිටිනවා.’’යනුවෙනි.

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles