Divaina - SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ඇට්‌ලස්‌ 2020 වසරේ හොඳම ආයතනික සමාජ සත්කාර අංශයේ ලෝකඩ සම්මානය දිනයි

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

atlas1

ඇට්ලස් සිප්සවි වැඩසටහන මෙරට වැඩිම බලපෑම් සහගත  ආයතනික සමාජ සත්කාර ව්‍යාපෘතියක් ලෙස බුහුමන් ලබයි

ශ‍්‍රී ලංකාවේ විශාලතම හා ජනප‍්‍රියම අධ්‍යාපන හා ලිපිද්‍රව්‍ය නිෂ්පාදන සැපයුම්කරු වන ඇට්ලස් සමාගම පසුගියදා පැවති SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී SLIM Brand Excellence 'ඇට්ලස් සිප්සවි’ වැඩසටහන වෙනුවෙන් වසරේ ආයතනික සමාජ සත්කාර සන්නාමය’කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනාගැනීමට සමත් විය.

 

atlas2

පසුගිය මුල්‍ය වර්ෂය තුළ පාසල් දරුවන් 11,200කට වැඩි ප‍්‍රමාණයකට සෘජු සමාන අධ්‍යාපන අවස්ථා බිහිකිරීමට දායක වූ මෙම ඇට්ලස්ිසිප්සවි‘’ වැඩසටහන, අතිශය වටිනා ආයතනික සමාජ සත්කාර වැඩසටහනක් බව දිවයිනේ ප‍්‍රමුඛත ම අලෙවිකරණ වෘත්තීකයින්ගෙන් සැදුම්ලත් සම්මාන උළෙලේ විනිශ්චය සභාවේ මතය විය. ආරම්භයේ පටන්ම ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන සිසු දරුවන් දහස් ගණනකට සමාන අධ්‍යාපන ප‍්‍රවේශ ලබාගැනීම වෙනුවෙන් මෙම වැඩසටහන හරහා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකර තිබේ.

මෙම ජයග‍්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් ඇට්ලස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා පැවසුවේ, ඇට්ලස් සමාගමේ සෑම කටයුත්තකදීිම ළමුන්ගේ ඉගෙනීමේ අවශ්‍යතා කෙරෙහි ප‍්‍රමුඛ අවධානය යොමුවන බවය. ”එම නිසා අපගේ ආයතනික සමාජ සත්කාර කටයුත්තකදී පවා වැඩිම අවධානයක් යොමුවන්නේ දරුවන්ගේ අධාපනයට සහයක් වීම වෙනුවෙනුයි. ඒ වගේම ීඛෂඵ වෙතින්ිවසරේ ආයතනික සමාජ සත්කාර සන්නාමය’ වැනි සම්මානයක් හිමිවීම තුළින් අපගේ සන්නාමයේ විශිෂ්ටත්වය වගේම රටත්, රටේ දරු පරපුර වෙනුවෙනුත් ඇට්ලස් සන්නාමය හරහා ලැබෙන දායකත්වය පිළිබඳ වැදගත් පණිවුඩයක් කියැවෙනවා. එනිසා ශ‍්‍රී ලංකාවේ ජාතික අලෙවිකරණ ආයතනය වන ීඛෂඵ වෙතින් මෙවැනි සම්මානයක් හිමිවීම විශාල ගෞරවයක්”, සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පාසල් අධ්‍යාපනය හැරදමා යාමේ අවදානමට පත්ව සිටින පාසල් සිසුන්ට අධ්‍යාපනයට ඇති පහසුකම් ලබාදෙමින් වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් බිහිකිරීමේ අරමුණින් ඇට්ලස් සිප්සවි වැඩසටහන ආරම්භ විය. ඒ යටතේ ආර්ථික පීඩාවන්ගෙන් යුතු පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව, පාසල් පොත්පත් හා ලිපිද්‍රව්‍ය ආදිය මෙන්ම, පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වැනි අංශ ගණනාවක් ඔස්සේ සේවා සැලසීමට එම වැඩසටහන සමත්ව තිබේ.

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles