Divaina - Google's Business Message සමග ඒකාබද්ධ වූ මෙරට පළමු ජංගම දුරකතන සන්නිවේදකයා බවට එයාර්ටෙල් පත් වෙයි

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

gogle1
 
 ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය සමාගම Google's Business Message සේවාව සමඟ සාර්ථකව ඒකාබද්ධ වූ බව නිවේදනය කර ඇත

 මෙම සේවාව හා එක් වීමත් සමඟින් එයාර්ටෙල් සහාය හෝ තොරතුරක් සොයන ඕනෑම කෙනෙකුට Goole Maps සහ Google Search  වෙත පහසුවෙන් පිවිසීමට හැකියාව ඇති අතර මෙම නව විශේෂාංගය මගින් ඒ සඳහා Message Button පහසුකමක් සලසාදී ඇත එමෙන්ම පාරිභෝගිකයෙකුට යම් අංකයක්, තොරතුරක් සෙවීම සඳහා සබඳතා මධ්‍යස්ථානයකට ඇමතීමට ගත වන කාලය මෙම විශේෂාංගය මගින් ඉවත් කරන අතර එමඟින් පාරිභෝගික අත්දැකීම සමස්තයක් ලෙස වැඩිදියුණු කර ඇත

 නුදුරු අනාගතයේදී ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් සිටින ඊධඔ ඒකාබද්ධතාවයත් සමඟින් මෙම වේදිකාවන් වෙත පිවිසීම තවදුරටත් පුළුල් වනු ඇත තවද එයාර්ටෙල් හි පණිවිඩ යවන වේදිකාවල අවම මිනිස් මැදිහත්වීමකින් බාධාවකින් තොරව අඛණ්ඩ පාරිභෝගික අත්දැකීමක් ලබා දීම සඳහා පරිශීලකයාගේ අවශ්‍යතා හඳුනා ගැනීමට හා විසඳුම් ලබා දීමට මෙම ස්වයංක‍්‍රීය ක‍්‍රියාව මගින් හැකි වනු ඇත
 මේ පිළිබඳව අදහස් දක්වන එයාර්ටෙල් ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී, අශීෂ් චන්ද්‍රා මහතා ‘‘වඩාත් හොඳ පාරිභෝගික අත්දැකීමක් ලබා දීම අරමුණු කරගනිමින් ඩිජිටල්කරණ සේවා සඳහා එයාර්ටෙල් අඛණ්ඩව ආයෝජනය කර තිබෙනවා ව්‍යාප්ත වෙමින් පවතින අපගේ විවිධ පරාසයේ ඩිජිටල් වේදිකා ජාලය තුළට Google's Business Message සේවාව ඒකාබද්ධ කිරීමත් සමඟ පාරිභෝගිකයින්ට පහසුවෙන් අප වෙත ලඟා විය හැකි තවත් ආකර්ෂණීය සේවාවක් ලබා දුන් ශ්‍රී ලංකාවේ පළමු ජංගම දුරකතන සන්නිවේදකයා වීමට ලැබීම ගැන අප ඉතා ආඩම්බර වෙනවාx’’ යනුවෙන් පැවසුවේයx

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles