Divaina - Lanka QR ගෙවීම් පහසුකම ලබාදීමට මහජන බැංකුව හා සෙලින්කෝ ලයිෆ් අත්වැල් බැඳගනී

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 lanka
 
මහජන බැංකුවේ LANKAQR කේතය ඔස්සේ සෙලින්කෝ ලයිෆ් (Ceylinco Life) රක්ෂණ හිමියන්ට ගෙවීමේ පහසුකම් සලසාදීම සඳහා මහජන බැංකුව සහ සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස් ලිමිටඞ් අත්වැල් බැඳගනී.
 
 මේ සඳහා වන ගිවිසුම් හුවමාරු කරගැනීම මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස් විධායක සභාපති ආර්. රෙන්ගනාදන් යන මහත්වරුන් අතර පසුගියදා සෙලින්කෝ ලයිෆ් ප‍්‍රධාන කාර්යාලයේදී සිදුකෙරිණි.
 
 සමාජයේ මුදල් භාවිතය අවම කිරීම සහ මූල්‍ය අන්තර්ගතභාවය අවම කිරීමේ අරමුණින් වේගවත්, ආරක්ෂාකාරී සහ අඩු වියදම් ඩිජිටල් ගෙවීම් ක‍්‍රමවේදයක් ඇති කිරීම උදෙසා ශ‍්‍රී ලංකා මහ බැංකුව මෙම Lanka QR සුවිශේෂී ඩිජිටල් ගෙවීම් ක‍්‍රමවේදය හඳුන්වාදෙනු ලැබීය.
 
 මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු, සෙලින්කෝ ලයිෆ් කළමනාකරණ අධ්‍යක්ෂ/ ප‍්‍රධාන විධායක නිලධාරි ඊ.ටී.එල් රණසිංහ, මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(ගෙවීම් හා ඩිජිටල්) කේ.බී. රාජපක්ෂ, ප‍්‍රධාන තොරතුරු නිලධාරි ධම්මික දාස, අලෙවි ප‍්‍රධානී නාලක විජේවර්ධන, ප‍්‍රධාන කළමනාකර (පීපල්ස් කාඞ්) ප‍්‍රසාද් මාරසිංහ, සෙලින්කෝ ලයිෆ් අධ්‍යක්ෂ (මානව සම්පත් හා පුහුණු) පී.ඩි.එම් කුරේ, අධ්‍යක්ෂ (ප‍්‍රධාන මුල්‍ය නිලධාරි) පාලිත ජයවර්ධන, අධ්‍යක්ෂ( නියෝජ්‍ය ප‍්‍රධාන මුල්‍ය නිලධාරි) රංග අබේනායක යන මහත්වරුන්ද සහභාගී වී සිටියහ.

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles