Divaina - ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2020 වර්ෂය සඳහා රු.බිලියන 55.2ක දැවැන්ත ආදායමක් වාර්තා කරයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

slic333
 
 අභියෝගාත්මක වෙළෙඳපොළ තත්වය යටතේ වුවද ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2020 වර්ෂය සඳහා සේවා නවෝත්පාදන රැසක් සමගින් වාර්තාගත සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්ව තිබේ.
 
 මේ අනුව 2019 වර්ෂයේ වාර්තා කල රු.බිලියන 48.6 ක ආදායම ඉක්මවා යමින් 2020 වසර සඳහා රු. බිලියන 55.2 ක ආදායමක් වාර්තා කරමින් විශිෂ්ට වර්ධනයක් පෙන්නුම් කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්ව තිබේ.
 
 2020 වසර තුළ ජිවිත රක්ෂණ වාරික ආදායම් අගය රු.බිලියන 19.2 ක අගයක්  ගන්නා අතර එහි වර්ධනය 30% ක් වේ. එමෙන්ම සාමාන්‍ය රක්ෂණ වාරික අදායම් අගය රු.බිලියන 20.1 ක අගයක් වාර්තා කර තිබෙන අතර එහි වර්ධනය 7% ක් වේ. ඒකාබද්ධ ජිවිත හා ජිවිත නොවන රක්ෂණ වාරික ආදායමෙහි වර්ධනය 17% ක අගයක් වාර්තා කර තිබෙන අතර මෙම ඒකාබද්ධ ජිවිත හා ජිවිත නොවන රක්ෂණ වාරික ආදායම සඳහා ජිවිත රක්ෂණ කාණ්ඩයේ දායකත්වය 49%ක් වන අතර සාමාන්‍ය රක්ෂණ කාණ්ඩයේ දායකත්වය  51% ක් වේ.
 
 රක්ෂණ ක්ෂේත‍්‍රයේ නායකත්වය තහවුරු කරමින් එම ක්ෂේත‍්‍රය තුල ප‍්‍රකාශිත වැඩිම බෝනස් මුදල ලෙසින් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සතු වාර්තාව අභිබවා යමින් 2020 වසර තුළ දී ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජිවිත රක්ෂණ ඔප්පුහිමියන් වෙත රු.බිලියන 8.2 ක දැවැන්ත මුදලක් බෝනස් දීමනාව ලෙස
 
 ප‍්‍රකාශයට පත්කිරීමට සමත්ව තිබේ. මේ අනුව පසුගිය වසර 10 මුළුල්ලේ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් ප‍්‍රකාශයට පත්කරන ලද අසමසම බෝනස් දීමනාවන්හි එකතුව රු. බිලියන 54ක අගයක් ගනී.
 
 මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ජගත් වැල්ලවත්ත මහතා මෙසේ ප‍්‍රකාශ කරන ලදී. 2020 වසරේදී දේශයේ රක්ෂකයා ලෙසින් අභියෝගාත්මක වසරකට මුහුණදීමට අපට සිදුවුණා. මෙම වසංගත තත්වය හමුවේ අපගේ ව්‍යාපාර කටයුතු සහ සේවාවන් සමස්ත සමාජයටම ආරක්ෂාව සැලසෙන අයුරින් සිදු කිරීමට අපට සිදුවුණා. දේශයේ රැුකවරණය වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙරමුණ ගෙන ක‍්‍රියා කරන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙම අවස්ථාවේදීත් පාරිභෝගිකයන්ට අඛණ්ඩව රක්ෂණ සේවාවන් සපයන අතරම රටේ සෞඛ්‍යාරක්ෂාව පවත්වාගැනීම සඳහා විවිධ ක‍්‍රියාමාර්ග
 අනුගමනය කරනු ලැබුවා.
 
 ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම රක්ෂණ ආයතනය ලෙස රක්ෂණයේ වැදගත්කම පිළිබඳ පණිවිඩය ශ‍්‍රී ලාංකේය ජනතාව වෙත ගෙනයාමේ ජාතික වගකීම ඉටුකිරීම සඳහා අප පෙරමුණ ගෙන සිටිනවා. දැනුම කුසලතා, මානව සම්පත් සහ තාක්ෂණයෙන් සන්නද්ධ වෙමින් අපගේ හැකියාවන් තවදුරටත් වර්ධනය කරගනිමින් ”‍සැමට රක්ෂණයක්”‍ යන සංකල්පය ඔස්සේ නව්‍ය රක්ෂණ සැලසුම් පොදු ජනතාවට හඳුන්වා දෙන අතරම රක්ෂණ ක්ෂේත‍්‍රයේ නව මානයන් සනිටුහන් කරමින් තවදුරටත් ශ‍්‍රී ලාංකිකයින්ට ඉහළම රැුකවරණය සැලසීමට අප බැඳී සිටිනවා”. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප‍්‍රධාන විධායක නිලධාරි චන්දන එල්.අලූ‍ත්ගම මහතා මෙසේ අදහස් දක්වන ලදී, ”2020 වර්ෂයේදී පෙර නොවූ විරු අයුරින් අවිනිශ්චිත සහ අස්ථාවර තත්වයන්ට මුහුණ දීමට අපට සිදුවුනා. අපගේ ව්‍යාපාර කටයුතු සාමාන්‍ය ආකාරයට සිදු කල නොහැකි වූවත් මෙම වසංගත තත්වය අපට අපගේ ව්‍යාපාර වපසරිය පුළුල් කිරීමට අවස්ථාව ලබාදුන් අතරම ඉතා සීග‍්‍රයෙන් සිදුවන වෙනස්කම් වැළඳගනිමටත් ඒවාට විසඳුම් සොයමින් අනුවර්තනය වීමටත් අපට සිදුවුනා.
 
 අපගේ විචක්ෂණ ව්‍යාපාර උපායයන් මගින් ක්ෂේත‍්‍රයේ පැනනගින අවස්ථාවන් හඳුනාගෙන ඒ ඔස්සේ ප‍්‍රතිලාභ ලබාගැනීමටත් අභියෝගාත්මක කාල පරිච්ජේද වලට මුහුණ දීමට සහ ඒවා
 
 ජයගැනීමටත් හැකිව තිබෙන අතර ඉදිරියටත් මෙම ධනාත්මක වර්ධනය පවත්වාගෙන යාමට හැකිවන බව අපගේ විශ්වාසයයි”.
 
 සුවිශේෂී ජයග‍්‍රහණය සඳහා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අලෙවි බලකාය ඇතුළු සියලූ‍ම කාර්යමණ්ඩලයේ කැපවීම මෙන්ම සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරිත්වයේ මගපෙන්වීම හේතු වී තිබේ.

 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles