Divaina - SDB බැංකුව නව ඩිජිටල් ණය ගිවිසුම් අත්සන් ක්‍රමවේදයක් හඳුන්වාදෙමින් ජාතික ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමට දායක වෙයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය



bus 3SDB බැංකුව සම්පූර්ණයෙන්ම ඩිජිටල් ක්‍රමයට ණය ගිවිසුම් අත්සන් කිරීමේ ක්‍රියාවලිය හඳුන්වාදෙමින් සිය ඩිජිටල්කරණ වැඩපිළිවෙළහි තවත් පියවරක් ඉදිරියට තැබීය. සෑම තරාතිරමක් කරාම විහිදුණු සිය පුළුල් පාරිභෝගික පදනමෙහි පුද්ගලික හා ව්‍යවසායක අවශ්‍යතාවයන් සඵල කරවන්නට මෙම නව හඳුන්වාදීම බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇති බවSDB බැංකුව විශ්වාස කරයි.

මෙසේ හඳුන්වාදෙන සරල හා කඩිනම් ණය ක්‍රියාවලිය ඔස්සේ SDB ගනුදෙනුකරුවන්ට පහසුවෙන් ව්‍යවසායකත්වය කරා යා හැකි වන අතර එමඟින් විශාල ආර්ථික වටිනාකමක් ඇති කිරීමටත් ජාතික සංවර්ධනයට දායකත්වය ලබාදීමටත් හැකි වේ. එමෙන්ම, මෙම නව ක්‍රියාවලිය මඟින් පුද්ගලික අරමුණු කරා යාමට අරමුදල් සුරක්ෂිත කරගැනීම සඳහා පහසු මාවතක් සැකසෙන බැවින් සමාජ සුබසිද්ධියද උදාවනු ඇත. තවද මෙමගින් ‘ඔබව වටින SDB බැංකුව’ ලෙසින් රට පුරා අත්කරගෙන සිටින ස්ථානය තවදුරටත් ශක්තිමත් කරවයි.

මෙම සුවිශේෂී හඳුන්වාදීම සිදු කිරීමට පෙරාතුව, ඩිජිටල් අත්සන් ක්‍රමයක් බැංකුව විසින් අභ්‍යන්තර වශයෙන් සාර්ථකව ක්‍රියාවට නංවා තිබූ අතර එමඟින් විධිමත් ණය අනුමත කිරීමක් සේම අත්සන් ක්‍රියාවලියක් සහ ණය මුදාහැරීම්වල සැලකිය යුතු කාර්යක්ෂමතාවක් ඇති කිරීමට සමත්ව ඇත. සිය බැංකුව තුළ ඩිජිටල් අත්සන් ක්‍රමවේදය සාර්ථකව අත්හදාබැලීමත් සමඟ ණය ගිවිසුම් කාර්යයන්හි පහසුව සඳහා මෙම නව ඩිජිටල් ක්‍රමවේදය නව වසරේ පළමු කාර්යය ලෙසින් සිය ගනුදෙනුකරුවන් කරා ව්‍යාප්ත කරවන්නට ීෘඊ බැංකුව මෙසේ කටයුතු කර ඇත. දිවයිනේ ප්‍රදේශ කිහිපයක සමුපකාර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ පාරිභෝගික බැංකු යන අංශවලට අයත්SDB ගනුදෙනුකරුවන් විසින් මෙම ඩිජිටල් අත්සන් ක්‍රියාවලිය විශාල වශයෙන් භාවිත කරන්නට මේ වනවිටත් කටයුතු කර ඇත.

ඳා
මෙය බැංකු ක්ෂේත්‍රයෙහි නව සංවර්ධනයක් ලෙසින් හඳුන්වමින් අදහස් දැක්වූ SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිලක් පියදිගම මහතා මෙසේ පැවසීය. “මෙම තාක්‍ෂණය භාවිත කිරීම ඔස්සේ අපගේ ණය අනුමත කිරීමේ ක්‍රියාවලිය විධිමත් කරන අතරම මූල්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රමිතිය ඉහළ නැංවීමට හැකි වීම සහ ණය ලබාදීමේ ක්‍රියාවලිය වඩාත් කෙටි සහ පහසු කිරීම මගින් ගනුදෙනුකරුවන්ගේ ව්‍යවසායක හා පෞද්ගලික අභිලාෂයන් සඵල කරගැනීමට හැකිවීම පිළිබඳව අප නිහතමානීව සතුටු වන්නෙමු”
 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles