Divaina - ARCHITECT 2021 - සාමාජික ක්‍රියාකාරකම් සහ වෙළෙඳ ප්‍රදර්ශනය

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය



 bus 2
ARCHITECT 2021 සාමාජික ක්‍රියාකාරකම් සහ වෙළෙඳ ප්‍රදර්ශනය 2020 වර්ෂයේ ඔක්තෝබර් මස 13 වන දින පැවැත්වීම සඳහා සියළු කටයුතු සූදානම් කරගෙන සිටියද, රට තුළ පැවැති වසංගත වාතාවරණය හමුවේ එය පසුගියදා කොළඹදී පැවැත්විණි.
 මෙම වැඩසටහන සම්පූර්ණයෙන්ම රජයේ කොවිඩ්-19 වැළැක්වීමේ ක්‍රියාපටිපාටියට මෙන්ම සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුකූලව, පසුගිය වසරේ මෙම වැඩසටහන හා සම්බන්ධ වූ අනුග්‍රාහක භවතුන්, වෙළෙඳ කුටි හිමිකරුවන්, විශේෂ අමුත්තන් සහ ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ සාමාජිකයින් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීය. මෙම වැඩසටහනේ න්‍යාය පත්‍රයට මෑතකදී එක් කරන ලද සුවිශේෂී අංගයක් වනුයේ මෙම වැඩසටහනට දීර්ඝ කාලීන සහභාගීත්වයක් සහිත සහ සුවිශේෂී ස්ථානයක අත්‍යාලංකාර සහ සිත්ගන්නාසුලු වෙළෙඳකුටි පවත්වාගෙන ගිය පිරිස් ඇගැයීමට ලක් කිරීමයි. එහි ජයග්‍රාහකයින් තෝරා ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්යය ඇගැයීමකට ලක් කරනු ලැබිණි.

 මෙම උත්කර්ෂවත් අවස්ථාවේ සමාරම්භය ප්‍රදර්ශන කමිටුවේ සභාපති වාස්තු විද්‍යාඥ රෝහණ බණ්ඩාර හේරත් සහ ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ සභාපති වාස්තු විද්‍යාඥ වෙරන්ජන් කුරුකුලසූරියගේ මංගල කතාව සමගින් සිදු කෙරිණි. ඉන් අනතුරුව, නව වෙළෙඳකුටිවල පිහිටීම පිළිබඳ පරිගනකගත ඉදිරිපත් කිරීම් සහ ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ සාමාජිකයින්ගේ නවතම ව්‍යාපෘති නිර්මාණ ඉදිරිපත් කිරීම සහ හඳුන්වාදීමද සිදු වේ. මේ සඳහා වෙළෙඳකුටි හිමිකරුවන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය ඉතාමත් යහපත් බව කිව යුතුය.

 ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහාවන ආකර්ෂණීයභාවය තවත් ඉහළ නැංවීමේ අරමුණින්, මහජනතාව දැනුවත් කිරීමත්, ඔවුනට එම ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් සමඟ සම්බන්ධ වීමට අවස්ථා උදාකර දීමත් අරමුණු කොටගෙන මෙම වසරේ වැඩසටහන් තේමාව ‘වාස්තු විද්‍යාඥයායේ සමාජ වගකීම’ ලෙස නම් කොට ඇත. ඒ අනුව, ්ඍක්‍්‍යෂඔෑක්‍ඔ 2021 මහජනතාවට නවමු අත්දැකීමක් වනු නොඅනුමානය. අන් කවරදාටත් වඩා මෙවර ඔවුනට වරලත් වාස්තු විද්‍යාඥයින් සමඟ සම්බන්ධවී ඔවුන් මුහුණ දී ඇති ඉදිකිරීම් සම්බන්ධ ගැටළු නිරාකරණයට සහ අදහස් ලබා ගැනීමට මෙන්ම, පෞද්ගලික මට්ටමින් ඔවුන්ගේ විශේෂඥ සේවාව නොමිලේ ලබා ගැනීමට ද අවස්ථාව සලසාදීම මහජනතාවට අමතක නොවන අත්දැකීමක් වනු ඇත. වර්තමානයේ උද්ගතව ඇති වසංගත තත්ත්වය හමුවේ නිර්මාණය වී ඇති නව සාමාන්‍ය ජීවන රටාවට සහ කොවිඩ්-19 වැළැක්වීමේ ක්‍රියාපටිපාටීන්ට අනුකූලවARCHITECT 2021 වැඩසටහන පැවැත්වීමට නියමිතය. තවද, දින තුනක් පුරා පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනයේදී සාමාජික සංසදය විසින් වාස්තු විද්‍යා වෘත්තීය ක්ෂේත්‍රය හා සම්බන්ධ විවිධ අධ්‍යාපනික දේශන ද පැවැත්වීමට නියමිතය.

 ඉදිකිරීම් ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණපා ඇති ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමත් ඒ සඳහා විසඳුම් යෝජනා කිරීමත් අරමුණු කොටගත් විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයින්ගේ සංගමය විසින් සංවිධානය කර ඇත.

ARCHITECT 2021 වැඩසටහන් මාලාවේ සමාරම්භය 2021 වර්ෂයේ පෙබරවාරි මස 17 වැනිදා සිදු කිරීමට නියමිත අතර ඊට පසු දින ජාතික සම්මේලනය පැවැත්වීමට කටයුතු යොදා ඇත. ්ඍක්‍්‍යෂඔෑක්‍ඔ 2021 ප්‍රදර්ශනය පෙබරවාරි 19 වන දින උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිත අතර, එය පෙබරවාරි, 19, 20 සහ 21 යන තෙදින පුරා පෙ.ව. 10 සිට ප.ව. 10 දක්වා පැවැත්වීමට නියමිතය.

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles