ප්රමුඛ පෙළේ ජීවිත රක්ෂණ සේවා සැපයුම්කරුවෙකු වන HNB ඇෂුවරන්ස් PLC (HNBA) සහ එහි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන හා ශීඝ්‍රයෙන් වර්ධනය වන සාමාන්‍ය රක්ෂණ සමාගමක් වනHNBජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් (HNBGI) එක්ව 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා එහි පිරිවැටුම රුපියල් බිලියන 10 සීමාව අබිබවන ලදී.
HNBA හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි වන ලසිත විමලරත්න මහතා තම අදහස් දක්වමින් පැවසුවේ, “ඉහළ තරගකාරිත්වයක් ඇති රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයකු ලෙස අපගේ සේවාලාභීන් හා කාර්ය මණ්ඩලයට ඉහළ වටිනාකමක් එකතු කිරීම හා සේවය සැලසීම යන අපගේ පොරොන්දු ඉටු කිරීමට හැකි වීම පිළිබඳ අපි බෙහෙවින් සතුටට පත් වෙමු. සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීම, නවතම රක්ෂණ විසඳුම් හඳුන්වාදීම සහ කාලෝචිත ව්‍යාපාරික ක්‍රමවේද යොදාගැනීම මගින් අපගේ සියලුම පාර්ශ්වකරුවන්ට විශිෂ්ට ප්‍රතිඵල ලබා දීමට අපට පුළුවන් වී ඇත. මූල්‍ය ක්ෂේත්රයේ වගකීමක් දරන්නා වූ ආයතනයක් ලෙස අවිනිශ්චිත පරිසරයක පවා තීරණාත්මක තීරණ ගනිමින් අභියෝග ජය ගැනීමේ හැකියාව මෙම විශිෂ්ට කඩඉම පසු කිරීම මගින් සනාථ වේ. ඒ නිසාම අප ඉදිරියේ තිබුණා වූ අභියෝග හුදෙක් ගැට නොව නව මං පෙත් කරා යා හැකි අවස්ථාවන් බවට පරිවර්තනය කර ගැනීමට අපට හැකි විය. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ ක්ෂේත්රය තුළ සමූහයක් ලෙස අපට ඇති සවියයි. මේ අවස්ථාවේ අපගේ කණ්ඩායමටත් ඔවුන් දැක්වූ නොපසුබට වීර්යය පිළිබඳවත් මාගේ ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමි.
HNBGI හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි වන සිතුමිණ ජයසුන්දර මහතා සඳහන් කළේ, “රුපියල් බිලියන 10 ක දළ ලිඛිත වාරික කඩයිම පසු කිරීමට අපගේ නියෝජිත නාලිකාව, ව්‍යාපාරික අලෙවි ඒකකය, ටකාෆුල් ඒකකය, බ්‍රෝකර් සහ ලීසිං නාලිකාවන් මහත් දායකත්වයක් ලබා දුනි. වර්තමානයේ අප මුහුණ දෙන්නා වූ ආර්ථික පසුබිමේ මෙවැනි ප්‍රතිඵල අත්පත් කර ගැනීම සැබවින්ම විශිෂ්ට ප්රතිඵලයකි. එලෙසම දීර්ඝ කාලීනව අපගේ සියලු පාර්ශ්වකරුවන් හා සමග අප ගොඩනගා ගෙන ඇති සවිමත් සබැඳියාවන් තුළින් අපට ලැබෙන ආත්ම විශ්වාසය ඉදිරියටත් මෙවැනි ජයග්‍රහණ වෙත යෑමට අත්‍යවශ්‍ය අත්තිවාරමක් හා සවියක් වනු ඇත යන්නයි.
- Hits: 335