Divaina - ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි වෙතින් 'HYDEPARKING’ රථ ගාල

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

devid444
 
 පවතින කලබලකාරී වටපිටාව සහ වාහන තදබදය හේතුවෙන් කොළඹ නගරය තුළ වාහනයක් නවතා තැබීමට තැනක් සොයා ගැනීම ඉතා අමිහිරි අත්දැකීමකි. මේ සදහා කදිම විසඳුමක් සපයමින්  පසුගියදා කොළඹ 02, හයිඞ් පාර්ක් කෝනර්හි, අංක 75 දරණ ස්ථානයේ HYDEPARKING රථ ගාල විවෘත විය.
 
 සාපේක්ෂව සාධාරණ ගාස්තු යටතේ ඕනෑම වාහනයක් කොළඹ කේනද්‍රස්ථානය වන මෙම ප‍්‍රදේශයේ HYDEPARKING හි පහසුවෙන් මෙන්ම ඉතා ආරක්ෂාකාරීව නැවැත්වීමේ පහසුකම් ඇත.
 
 මෙහිදී තමාට අවශ්‍ය පරිදි පැයකට, දිනකට, එක් රාත‍්‍රියකට හෝ මාසිකව  ගෙවීමේ පැකේජ තෝරා ගත හැකිය.
 
 මෙම රථ ගාල භාවිත කිරීමේ තවත් වාසියක් වන්නේ මෙහි වාහනය නවත්වා ඉන් පසු නගර ශාලාව, කොල්ලූ‍පිටිය,
 ගාලූ‍මුවදොර, කොටුව, පිටකොටුව හෝ වාහන නැවැත්වීමේ පහසුකම් ඉතාමත් සීමිත වෙනත් තදාසන්න ප‍්‍රදේශයකට ගමන් කිරීමට HYDEPARKING වෙතින්ම මෙහෙයවනු ලබන ත‍්‍රිරෝද රථයක් ලබා ගැනීමේ හැකියාවයි.
 
 ඬේවිඞ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප‍්‍රයිවට්* ලිමිටඞ් විසින් HYDEPARKING’ කළමනාකරණය සහ මෙහෙයවීම සිදුකරනු ලබයි.
 
 ඉරිදා සහ පෝය දින හැර දිනපතා  පෙ. ව. 7.00 සිට ප. ව. 10. 00 දක්වා HYDEPARKING විවෘතව ඇත. ස්ථාවර සහ මාසික පැකේජවලට වට්ටම්ද සමගින් ආයතනික සහ දිගු කාලීන වාහන ගාල්කිරීමේ පහසුකම් ලබාගත හැකිය.

 

 

 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles