ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ක්ෂේත්රයේ වඩාත් හිතෛශී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව විසින් දැනට පවත්නා කොවිඞ්-19 වසංගතයෙන් දැඩි බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන් 200 දෙනකුට අතහිත දීමේ අරමුණින් රුපියල් මිලියන 20ක ප්‍රදානයක් ලබා දීමේ වැඩසටහන මෑතකදී හඳුන්වා දෙන ලදී.
HNB තිරසාර පදනම හරහා පිහිටුවන ලද මෙම අරමුදල මගින් ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන්ට සිය ව්‍යාපාර නැවත නගා සිටුවීමට සහ ඔවුන්ගේ ව්‍යාපාර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මට්ටමට ගෙන ඒමට කටයුතු කිරීම සඳහා රුපියල් ලක්ෂයක් දක්වා වූ මූල්‍ය පහසුකම් ලබා දෙනු ඇත කොවිඞ්-19 වසංගතයෙන් දැඩි බලපෑමට ලක් ව සිටින තෝරා ගත් HNB ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකින් පිරිසකට අදියර දෙකක් යටතේ බැංකුව මෙම ප්රදානය ලබා දෙනු ඇත.
මේ පිළිබඳව අදහස් දක්වන HNB කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සහ ්‍යභඊ තිරසාර පදනමේ සභාපති ජොනතන් අලස් මහතා ‘‘ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයන්ට සහාය වීම සඳහා අපගේ තිරසාර පදනම හරහා මෙම වැදගත් වැඩසටහන දියත් කිරීමට ලැබීම ගැන මම ඉතා සතුටු වෙනවා සියලූ දෙනාටම 2020 ඉතා අභියෝගාත්මක වසරක් වූ බව අප සැවොම දන්නා කරුණක්
එහෙයින් මෙරට ව්‍යාපාරවල නැවත ආරම්භ කිරීමට අවශ්‍ය ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා
ගැනීමට සුදුසුම අවස්ථාවක මෙම වැඩටහන දියත් කිරීම ඉතාම කාලෝචිතයි’’ යනුවෙන් පැවසුවේය.
- Hits: 210