Divaina - ස්ටැෆර්ඞ් මෝටර්ස් මගින් සහතික කළ හොන්ඩා යතුරු පැදි හා ස්කූටර් දැන් රට පුරා

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 div hon
 රට තුළ පැතිර යන කොවිඞ්- 19 වසංගත තත්ත්වය යටතේ පොදු ප‍්‍රවාහන මාධ්‍යන්හී සේවාවන් ලබාගැනීමට මහජනතාව පැකිළීමක් දක්වන පසුබිමක් තුළ එයට පිළියමක් ලෙස, රට තුළ වර්තමානයේ පවතින වාහන ආනයන තහනම මධ්‍යයේ වුවද, තම වටිනා පාරිභෝගිකයන් අතනොහැර ඔවුන් වෙනුවෙන් ආයතනය මගින් සහතික කළ හොන්ඩා යතුරු පැදි හා ස්කූටර් උසස් තත්වයකින් සහ විශ්වසනීයත්වයකින් යුතුව ලබාදීමට ස්ටැෆර්ඞ් මෝටර්ස් ආයතනය කටයුතු කරමින් පවතී.
 
 මෙය ස්ටැෆර්ඞ් මෝටර්ස් ආයතනය විසින් පාරිභෝගිකයන්ට ලබාදෙන නවමු හා සුවිශේෂී අත්දැකීමක් වන අතර මෙහිදී මූලිකවම සිදු වනුයේ පෙර භාවිතා කරන ලද හොන්ඩා යතුරු පැදි හා ස්කූටර් ආයතනය විසින් මිලදීගෙන එහි ප‍්‍රවීණ හා පළපුරුදු කාර්මික ශිල්පීන් අතින් පූර්ණ තත්ත්ව පරීක්ෂාවකට ලක් කිරීමයි. එමෙන්ම එලෙස මිලදී ගනු ලබන යතුරු පැදි හා ස්කූටර්වල ඇති තාක්ෂණික දෝෂ යථා තත්ත්වයට පත්කොට, ප‍්‍රතිස්ථාාපනය කළ යුතු අමතර කොටස් නියම හොන්ඩා අමතර කොටස් යොදා නවීකරණය කර අදාළ යතුරු පැදි හා ස්කූටර් නවතම මුහුණුවරකින් යුතු පූර්ණ ක‍්‍රියාකාරී එ්කක බවට සහතික කිරීමයි.
 
 ආයතනය මගින් සහතික කරන ලද මෙම යතුරු පැදි හා ස්කූටර් සඳහා මාස 3 ක හෝ කිලෝමීටර 3000 ක වගකීම් කාලයක් ලබාදීමට ස්ටැෆර්ඞ් මෝටර්ස් ආයතනය බැඳී සිටින අතර මෙම යතුරුපැදි හා ස්කූටර් අත්පිට මුදලට හෝ ලීසිං පහසුකම යටතේ මිලදී ගැනීමට තම පාරිභෝගිකයන් හට අවස්ථාව සලසාදී ඇත. තවද පාරිභෝගිකයන් විසින් පෙර භාවිතා කරන ලද හොන්ඩා යතුරු පැදි හා ස්කූටර්, ආයතනය විසින් සහතික කරන ලද යතුරු පැදි හා ස්කූටර් සඳහා හුවමාරු කර ගැනීමේ පහසුකමද තම පාරිභෝගිකයින් හට ආයතනය විසින් ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.
 සෑම විටම තම පාරිභෝගිකයන්ගේ ප‍්‍රවාහන අවශ්‍යතා හඳුනාගෙන අදාළ සේවාවන් තම පාරිභෝගිකයන් හට කඩිනමින් ඉටුකර දුන් ආයතනයක් ලෙස ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ අඛණ්ඩව වසර 40 කට වඩා තම සන්නාමය ඉහළම ස්ථානයක රැුඳවූ ස්ටැෆර්ඞ් මෝටර්ස් ආයතනය නවතම මුහුණුවරකින් යුතු පූර්ණ ලෙස නවීකරණය කරන ලද හොන්ඩා යතුරු පැදි හා ස්කූටර් විශ්වසනීයත්වයෙන් යුතුව මිලදී ගැනීමට වඩාත් සුදුසුම ස්ථානය බවට සනාථ කර ඇත.

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles