Divaina - රාජ්‍ය බැංකු සම්බන්ධයෙන් මෑතකදී සමහර මාධ්‍යයන් තුළ පළවූ මත සම්බන්ධයෙන් මහජන බැංකුව කරුණු අවධාරණය කරයි

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 peo333

 

රාජ්‍ය බැංකු සම්බන්ධයෙන් මෑතකදී යම් මාධ්‍යයන් තුළ පළ වූ යම් මත සම්බන්ධයෙන් මහජන බැංකුව පහත සඳහන් කරුණු අවධාරණය කර සිටී.

මෙරට වැඩිම ගනුදෙනු කරුවන් පිරිසක් සහ විශාලතම ශාඛා පද්ධතිය හිමි මහජන බැංකුව අසමසම ස්ථාවරත්වයක් සහිත රාජ්‍ය බැංකුවකි.

මහජන බැංකුව සතුව ඇති ඇති මෙම ස්ථාවරත්වය සහ බැංකුව පවත්වාගෙන යන විශිෂ්ටතම වෘත්තීමය ප්‍රමිතීන් හේතු කරගෙන 900 අධික විදේශ බැංකු මහජන බැංකුව සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන යනු ලැබේ. එහි ප්‍රතිපලයක් ලෙසින් සියලු විදේශීය ණය ගනුදෙනු කිසිදු තුන්වන පාර්ශවයක් නොමැතිව ඝෘජුවම සිදු කෙරෙන අතර මෙමගින් අවම පිරිවැයක් යටතේ කිසිදු අක්‍රමිකතාවකට ඉඩක් නොමැතිව එම ගනුදෙනු සම්පූර්ණ කිරීමට මහජන බැංකුව කටයුතු කරයි.

පසුගිය වසර හැට පුරාවටම මෙන්ම ඉදිරියටත් විශිෂ්ටතම ප්‍රමිතීන්ට අනුකූලව මෙරට සෑම ජන කොඨාශයකටම සේවය සැපයීමටත් එමගින් රටේ අභිවෘද්ධියට දායක වීමටත් මහජන බැංකුව ඇපකැපවී සිටී.

 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles