Divaina - මොබිටෙල් පාරිභෝගිකයින්ට ජනප‍්‍රිය අන්තර්ජාල වීඩියෝ විකාශන වේදිකාවන් වෙතින් අසීමිතව HD වීඩියෝ නරඹන්න අගනා අවස්ථාවක්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 mobitel
 
 * ශ‍්‍රී ලංකාවේ ජංගම සන්නිවේදන සේවා ග‍්‍රාහකයින්ට පළමු වරට කෙරෙන හ`දුන්වාදීමක්
 
 
සිය පාරිභෝගික පිරිස වෙත නිරන්තරවම අද්විතීය හ`දුන්වාදීම් සිදුකරන මොබිටෙල් සමාගම, අසීමිතව වීඩියෝ නැරඹීමට සුවිශේෂී පැකේජයක් පසුගියදා හ`දුන්වා දෙන ලදී. මෙවැනි හ`දුන්වාදීමක් ශ‍්‍රී ලංකාවේ සිදුකරන ලද පළමු අවස්ථාව මෙය වන අතර, වීඩියෝ නරඹන්නන් හට මසකට රුපියල් 2,750+(බදු එකතු වේ) වැනි මුදලකට අසීමිතව HD වීඩියෝ නැරඹීමට මේ සමග වරම් හිමිවේ. Datamart යෙදවුම හරහා add-on plan සැලසුමක් ලෙස මෙම පැකේජය සක‍්‍රිය කරගැනීමට හැකියාව ඇත. මෙම පැකේජය වලංගු වන්නේ මොබිටෙල් පසුගෙවුම් පාරිභෝගිකයින්ට පමණි. මෙවැනි ආකාරයේ පැකේජයක අවශ්‍යතාවය කලක සිට පැවැති අතර, ඒ බව මැනවින් හ`දුනාගත් මොබිටෙල් සමාගම සිය පාරිභෝගිකයින්ට පුළුල් පරාසයක වීඩියෝ නැරඹීමට හැකියාව ලැබෙන පරිදි මෙම පැකේජය හ`දුන්වා දුන්නේය.
 
 මෙම නව හ`දුන්වාදීමත් සමග මොබිටෙල් පාරිභෝගිකයින්ට තමන් වඩාත් ප‍්‍රියකරන ටෙලිනාට්‍ය මාලා, චිත‍්‍රපටි, වාර්තා වැඩසටහන් සහ තවත් බොහෝ වීඩියෝ PEO TV GO, YouTube, Netflix, SRIFlix, Amazon Prime Video, iflix සහ ZEE5 ඔස්සේ සුපිරි අධිවේගී 4G තාක්ෂණයෙන් නැරඹීමට අවස්ථාව උදාවී තිබේ. විනෝදාස්වාදය හා තොරතුරු දැනගැනීම වෙනුවෙන් ග‍්‍රාහකයින්ට වැඩිවේලාවක් අන්තර්ජාලය ගවේෂණය කිරීමට දැන් හැකියාව තිබේ. හ`දුන්වාදෙන මෙම නව අසීමිත HD වීඩියෝ නැරඹීමේ පැකේජය සක‍්‍රිය කරගන්නා මොබිටෙල් පාරිභෝගිකයින්ට වීඩියෝ ඩවුන්ලෝඞ් වනතුරු බලා නොසිට, සුපිරි අධිවේගී වීඩියෝ නැරඹුම් අත්දැකීමක් ලබාගැනීමට අගනා අවස්ථාවක් හිමිව ඇත. පසුගිය වර්ෂ කිහිපය තුළ 4G ආවරණය පුළුල් කරමින් පාරිභෝගිකයින්ට සුපිරි වේගවත් බ්‍රෝඞ්බෑන්ඞ් අන්තර්ජාල සබ`දතාවයක් හිමිකරදීම වෙනුවෙන් මොබිටෙල් සමාගම වැදගත් පියවර කිහිපයක්ම ගන්නා ලදී.
 
 තවදුරටත් මෙම හ`දුන්වාදීමට අමතර අගයක් එක්කරමින් මෙම පැකේජය සක‍්‍රිය කරගන්නා පාරිභෝගිකයින්ගේ අනිකුත් අන්තර්ජාල භාවිතාවන් ස`දහා 3ඨඊ දත්ත ප‍්‍රමාණයක් නොමිලේ ලබාදීමටද මොබිටෙල් සමාගම කටයුතු කර තිබේ. විශිෂ්ටතම අසීමිත දත්ත පැකේජයන් පාරිභෝගිකයාගේ ඉල්ලූම හා අවශ්‍යතාවය අනුව සිය නිපැයුම් කළඹට එක්කිරීමට මොබිටෙල් සමාගම කටයුතු කරනු ලබයි. ශ‍්‍රී ලංකාවේ වේගවත්ම දත්ත සන්නිවේදන පැකේජයන් තම නාමය යටතේ ර`දා පවත්වාගැනීමට සමත්ව සිටින මොබිටෙල් සමාගමේ අති නවීන ජාල තාක්ෂණ පහසුකම් ලෝකයේ නවීනතම ස්මාර්ට් ජංගම සන්නිවේදන උපාංග ස`දහා ඉතා පහසු ක‍්‍රියාකාරීත්වයක් ලබා දෙයි. ශ‍්‍රී ලංකාවේ වේගවත්ම ජංගම සන්නිවේදන ජාලය ලෙස මොබිටෙල් සමාගම, Speedtest Award Winner 2019 වශයෙන් ප‍්‍රකාශයට පත්කරන්නට Ookla® ආයතනය පසුගියදා කටයුතු කළේය. වේගවත් බ්‍රෝඞ්බෑන්ඞ් සහ අසීමිත ජාල අත්දැකීම් ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයා වෙත රැගෙන ඒමේ ප‍්‍රමුඛයා බවට පත්වීමේ කීර්තිනාමය මොබිටෙල් විසින් හිමිකරගෙන සිටින අතර, සිය 4G LTE තාක්ෂණ භාවිතය හරහා HD වීඩියෝ නැරඹීමටත්, බහුමාධ්‍ය මාර්ගගත ක‍්‍රීඩාවන්හි (Multimedia Online Gaming (MMOG)) යෙදීමටත් අගනා අවස්ථාවක් උදාකරදී තිබේ.
  

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles