යුනියන් ඇෂුවරන්ස් සමාගම මේ වනවිට තම වර්තමාන හා අනාගත රක්ෂණ හිමියන් සියලූම දෙනා වෙනුවෙන් නොමිලේ COVID-19 ජීවත රක්ෂණාවරණයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, දැනටමත් ලබාගෙන ඇති හෝ ඉදිරියේදී ලබාගන්නා රක්ෂණ ආවරණ වල වටිනාකමට සමානව, එක් රක්ෂණ හිමියෙකුට රුපියල් මිලියනයක් දක්වා මෙම ආවරණය හිමිවනු ඇත. යුනියන් ඇෂුවරන්ස් යනු, මෙරට COVID-19 රෝගය පැතිරීම ආරම්භ වූ කාලයේදීම නිරෝධායනය සඳහා දෛනික රෝහල් ගාස්තු දීමනාව ලබාදීමට කටයුතු රක්ෂණ සමාගම් කිහිපය අතරින් එකකි. මෙම වසංගතය නිසා සමාජය දැනටමත් විශාල පරිවර්තනයකට ලක්වී ඇති අතර, එම පරිවර්තනය හමුවේ මුහුණදීමට සිදුවන අභියෝග වලදී තම රක්ෂණ හිමියන්ටත් ඔවුන්ගේ පවුල්වල අයටත් විශිෂ්ට මට්ටමේ රැකවරණයක් සැලසීමට යුනියන් ඇෂුවරන්ස් අඛණ්ඩව පියවර ගනිමින් සිටී.
මේ පිළිබඳව අදහස් දක්වමින් යුනියන් ඇෂුවරන්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී (බෙදාහැරීම්) සෙනාත් ජයතිලක මහතා මෙසේ පැවසී ය. ”COVID-19 යනු ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය, ආර්ථික හා සමාජයීය අර්බුදයක් වගේම කිසිදු භේදයකින් තොරව සියලූම දෙනාට බලපාන ගැටලූවක්. ඒ නිසා, මෙවැනි අවිනිශ්චිත සමයක අපගේ ගනුදෙනුකරුවන්ට තම ආදරණීයයන්ගේ අනාගත රැකවරණය සම්බන්ධයෙන් සිතේ සැහැල්ලූව ළඟා කරදීම සඳහා COVID-19 ආවරණයක් නොමිලේම ලබාදීමට අප තීරණය කළා. මේ ආවරණයේ විශේෂත්වය වන්නේ අපගේ වර්තමාන ගනුදෙනුකරුවන්ට පමණක් නොව අනාගතයේදී අප වෙතින් රක්ෂණ මිලදී ගන්නා අයටත් එය හිමිවීමයි.
- Hits: 341