Divaina - Smartpay හරහා ඩිජිටල් ගෙවීම් හඳුන්වාදීමට ලංකා බැංකුව මොබිටෙල් සමග අත්වැල් බැඳගනී

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta


 
 
bus 1 ශ‍්‍රී ලංකාවේ අංක එකේ බැංකුව වන ලංකා බැංකුව QR (Quick Response) කේත පදනම් වූ ඩිජිටල් ගෙවීම් අවකාශයක් වන smartpay හරහා මොබිටෙල් පාරිභෝගිකයන් වෙත මූල්‍ය හුවමාරු සුවපහසුව ලබාදීමට ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් සමග අත්වැල් බැඳගනී.
 
 පහසුව, ඉහළ ආරක්ෂාව සහ වේගවත් ක‍්‍රියාවලියක් හරහා සුවිශේෂී මූල්‍ය අත්දැකීමක් අපේක්ෂා කරන අද කාලේ කාර්යය බහුල පාරිභෝගිකයන්ට මෙය ඉතාම සුදුසු විසඳුමකි. තම දෛනික අවශ්‍යතාවයන් සඳහා කාඞ් රහිත සහ මුදල් රහිත ගනුදෙනු සිදුකර   ගැනීමේ පහසුව ීප්රඑඡු්හ හරහා පාරිභෝගිකයින්ට අත්විඳිය හැක. මෙය පාරිභෝගිකයා මූලික කරගත් ගෙවීම් ක‍්‍රමවේදයක් Push payment නිසා සිදුවිය හැකි වැරදීම් හා අතපසුවීම් ඉතාම අවම වේ. Android  සහ IOS මෙහෙයුම් භාවිතා කරන ජංගම දුරකථන හරහා ඉතාම පහසුවෙන් මෙමsmartpay App  එක බාගත කරගත හැක. ඉතාම සරල සහ ආරක්ෂිත ලියාපදිංචි ක‍්‍රමවේදයක් හරහා මෙම App එක සඳහා තමාටම ලියාපදිංචි වීමටත්, තමාගේ ඉතිරිකිරීමේ හෝ ජංගම ගිණුම් ගෙවීම්   ක‍්‍රමයක් ලෙස එකතු කිරීමටත් ගනුදෙනුකරුවන් හට අවස්ථාව සැලසේ. Lanka QR සහතිකකරණය ලත් අනෙක් බැංකුවල ජංගම දුරකතනApp භාවිතා කරන්නන්හටදLanka QR  සහතික කළ QR කේතය භාවිතයෙන් ගෙවීම් කිරීමට හැකියාව ලැබේ. එලෙසමSmart App  භාවිතා කරන්නන් හට මොබිටෙල්වල Lanka QR  එක ස්කෑන් කර තමන්ගේ බිල් ගෙවීමක් හෝ රීලෝඞ් කිරීමක් පහසුවෙන් කරගැනීමේ හැකියාව ලැබේ. මෙම ගනුදෙනුව සහතික කිරීමේ කෙටි පණිවිඩය ඔබේ දුරකථන අංකයට ක්ෂණිකව ලැබෙනු ඇත.

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles