Divaina - ශ‍්‍රී ලංකාවේ ආයතනික දැවැන්තයකු වන ධම්මික පෙරේරා සුඛෝපභෝගී සන්නාමයන් වන Ritz Carlton සහ JW Marriott සමග අවබෝධතා ගිවිසුම් අත්සන් තබයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

dhamika666

 ශ‍්‍රී ලංකාවේ ආයතනික දැවැන්තයකු වන සීමාසහිත ග‍්‍රීනර් වෝටර්හි (වැලිබල් වන් පීඑල්සී හි පූර්ණ හිමිකාරීත්වය සහිත අනුබද්ධ ආයතනයකි* සභාපති ධම්මික පෙරේරා සහ සීමාසහිත සමර් සීසන් හි සභාපතිවරයා වන මොහාන් පණ්ඩිතගේ යන මහත්වරුන් විසින්, පසුගියදා ශ‍්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර සුඛෝපභෝගී සන්නාමයන් වන Ritz Carlton  සහ JW Marriott ස්ථාපනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් තබන ලදී.
 
 මෙහිදී පෙරේරා මහතා විසින් මැරියට් ඉන්ටර්නැෂනැල්හි ආසියා ශාන්තිකර (චීනය හැර* සභාපති රජීව් මෙනන් සමග අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තබන ලද අතර, හේලීස් පීඑල්සී හි සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා විසින් මිරිස්ස Ritz Carlton සඳහා වන ගිවිසුම අත්සන් තබන ලදී.
 
 මෙම සුවිශේෂී අවස්ථාවට මැරියට් ඉන්ටර්නැෂනැල් හි කලාපීය උප සභාපති ව්‍යාපාර සංවර්ධන ප‍්‍රධානි කිරාන් ඇන්ඩිකොට් සහ හේලීස් පීඑල්සී හි විධායක අධ්‍යක්ෂ සහ හේලීස් ලෙෂර් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් කාර් යන මහත්වරුන්ද සහභාගී වූහ.
 
 අති විශේෂ සුඛෝපභෝගී කාමර 500 කින් සමන්විත මීගමුවේ පිහිටි තරුපහේ හෝටලයක් වන න්‍උ ඵ්රරසදඑඑ 2021 4 වැනි කාර්තුවේදී විවෘත වීමට නියමිත අතර, කාමර 228 කින් සමන්විත මිරිස්ස Ritz Carlton 2022 3 වන කාර්තුවේදී එළිදැක්වීමට නියමිතය.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles