Divaina - සෙලාන් බැංකුව 2019 තුන්වන කාර්තුවේ රු. මිලියන 2,554 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new


 
 selan
 
 2019 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස නවයක කාලය තුළදී බැංකුව බදු පසු ලාභය රු. මිලියන 2,554 ක් වාර්තා කළ අතර එය පසුගිය වසරේ අනුරූප කාලයට වඩා 1% ක ආන්තික වැඩිවීමකි.
 
 අත්තිකාරම් වර්ධනය සමග පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් පොලී ආදායම 16.77% කින් වර්ධනය සහ පොලී වියදම් 22.28% කින් වර්ධනය සිදුවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශුද්ධ පොලී ආදායම 7.20% කින් වර්ධනය වූ අතර එය රු. මිලියන 13,987 ක් ලෙස වාර්තා විය.
 
 සමාලෝචනයට භාජනය වූ කාල සීමාව තුළ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම 4.54% ක සුළු වර්ධනයක් පෙන්නුම් කළේය. සමාලෝචනයට භාජනය වූ කාල සීමාව තුළ කාඞ්පත් ආශ්‍රිත ආදායම සහ ඇපකර සම්බන්ධ ආදායම් මෙයට ප්‍රධාන වශයෙන් හේතු විය.

 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles