සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත අලෙවි සහායක මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන “ ෘඛඊ සත්කාර ” වෛද්‍ය කඳවුරු මාලාවේ අටවන වෛද්‍ය කදවුර නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා පසුගියදා නුවරඑළිය නගරයේදී පවත්වන ලදී.
මෙම වෛද්‍ය කඳවුර සදහා 400කට ආසන්න පිරිසක් සහභාගි වූ අතර එහිදී වෛද්‍ය පරීක්ෂණ හා වෛද්‍ය උපදෙස් සමගින් ඖෂධ ලබාදීමත් අක්ෂි පරීක්ෂාව සමගින් ඇස් කණ්ණාඩි ලබාදීමත් සිදු විය.
මේ සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා, නුවරඑළිය කලාප කළමනාකරු උපාලි සමන්කුමාර මහතා සහ කොළඔ දිස්ත්‍රික් කලාප කළමනාකරු චින්තක අයිලප්පෙරුම යන අය සහභාගී විය.
සටහන හා ඡායාරූප
නාලක රත්නයක - නුවරඑළිය