Divaina - කුඩාවට ආරම්භ වී දැවැන්තව නැඟී සිටින අබාන්ස් සමූහ ව්‍යාපාරයේ සාර්ථකත්වයේ ගමන් මඟ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new


 
 
 1968 වසරේ ආරම්භ වූ අබාන්ස් සමූහ ව්‍යාපාරය මේ වන විට ශ්‍රී ලංකාව පුරා විශාල ලෙස ව්‍යාප්තව ඇති දැවැන්ත සමාගමකි. භාණ්ඩ අලෙවිය, වාණිජ්‍ය දේපළ වෙළඳාම, නිෂ්පාදන, සැපයුම්, පරිසර කළමණාකරන සහ මූල්‍ය ක්‍ෂේත්‍රය ඇතුළුව අංශ ගණනාවක මේ වන විට ව්‍යාප්තව ඇති අබාන්ස් ව්‍යාපාර සමූහය සමස්ථයක් ලෙස රටේ ආර්ථිකයට වැදගත් දායකත්වයක් සිදු කරයි. ගත වූ කාලය පුරා ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජන ජීවිතය වඩා උසස් තලයකට ගෙන යාම කෙරෙහි අබාන්ස් සමාගම සුවිශේෂී මෙහෙවරක නිරතව ඇත.
 
 ආරම්භයේ සිටම කාලීන අවශ්‍යතාවන්ට ඔබින ව්‍යාපාරික අවස්ථාවන් වඩාත් නිර්මාණශීලී අන්දමින් අත්පත් කර ගැනීමට අබාන්ස් සමාගම සමත්ව ඇත. වසර 50 කට පෙර ගෙදර දොරේ වැඩ සිදු කර ගැනීමේ දී කාන්තාවන් විඳි දුක් ගැහැට පිළිබඳව මනාව අවබෝධ කර ගත් අබාන් පෙස්ටොන්ජි මහත්මිය ඒ සඳහා පිළියමක් අවශ්‍ය බව සිතුවාය.
 
 සංවෘත ආර්ථිකයක් පැවති 60 දශකයේ රට තුලට භාණ්ඩ ආනයනය කිරීම තහනම්ව පැවතුණි. මෙවැනි පරිසරයක් තුල ශ්‍රී ලාංකික ගෘහණියන්ගේ ජීවිත සුව පහසු කිරීම සඳහා අවශ්‍ය ඉලෙක්ට්‍රොනික සහ ගෘහ විදුලි උපකරණ හඳුන්වාදීම අරමුණු කර ගනිමින් 1968 වසරේ ගාළු පාර, බම්බලපිටියේ කුඩා අලෙවිසැලක අබාන්ස් ව්‍යාපාරය ආරම්භ විය. තානාපති කාර්යාල වැනි ස්ථාන වලින් වෙන්දේසි කරනු ලබන උසස් තත්වයේ නිෂ්පාදන මිල දී ගනිමින් වගකීමක් සහිතව ඒවා නැවත අලෙවි කිරීමේ ව්‍යාපාරයක් සහ අලෙවියෙන් පසු සේවාවන් ලබා දීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී.
 
 1978 වසරේ ශ්‍රී ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වාදීමෙන් පසුව ජාත්‍යන්තරව කීර්තියට පත් මහා පරිමාණ බි්‍රතාන්‍ය සමාගම් වෙත සිය නිෂ්පාදන ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සඳහා බලයලත් අලෙවි නියෝජිත අවසරය ලබා දෙන ලෙස ඉල්ලා ලිඛිතව ඉල්ලීම් යොමු කිරීමට පෙස්ටොන්ජි මහත්මිය කටයුතු කරන ලදී. මුල දී කිහිප වරක් එම ඉල්ලීම් ප්‍රතික්‍ෂේප වුවත් පෙස්ටොන්ජි මහත්මියගේ දැඩි අධිෂ්ඨානය නිසා ෑකැජඑරදකමං සමාගමේ නියෝජිතයින් නිවසේ ගරාජයේ පවත්වාගෙන යමින් තිබූ සේවා මධ්‍යස්ථානය නිරීක්‍ෂණයට ලක් කර තෘප්තිමත් වීමෙන් අනතුරුව ෑකැජඑරදකමං නිෂ්පාදන ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදාහැරීමේ අලෙවි නියෝජිතභාවය අබාන් පෙස්ටොන්ජි මහත්මිය වෙත ලබා දීමට කටයුතු කරන ලදී. පසුව ඛඨ සහ ්‍යදදඩැර වැනි ලොව සුපතල නාමයන් අබාන්ස් සමග අත්වැල් බැඳ ගන්නා ලදී.
 
 අබාන් පෙස්ටොන්ජි මහත්මියගේ දරුවන් වන සරෝෂි, ටිටෝ සහ රුසී පෙස්ටොන්ජි යන මහත්ම මහත්මීන් විසින් අබාන්ස් ව්‍යාපාර සමූහය පුළුල්ව ව්‍යාප්ත කිරීම සඳහා ඉමහත් දායකත්වයක් සිය මව වෙත ලබා දෙන ලදී. ශ්‍රී ලංකාවේ මුල් වරට කොරියානු ඛඨ නිෂ්පාදන හඳුන්වාදීමට කටයුතු කරන ලද්දේ අබාන්ස් විසිනි. එමෙන්ම 1981 වසරේ දී පරිසර සේවාවන් පවත්වාගෙන යාම සඳහා අබාන්ස් එන්වයර්මන්ටල් සර්විසස් (පුද්ගලික) සමාගම ස්ථාපිත කරන ලදී. එමෙන්ම 90 දශකය අග භාගයේදී ලොව සුපතල අවන්හල් ජාලයක් වන මැක්ඩොනල්ඞ්ස් සමග අත්වැල් බැඳ ගන්නා ලදී. මෑත කාලයේ 2018 වසරේ දී ක්‍දකදපඉද ක්‍සඑහ ක්‍ැබඑරු විවෘත වීමත් සමග කොළඹ නාගරික ජන ජීවිතයට නැවුම් අත්දැකීමක් එක් විය.
 
 දිවයින පුරා ආවරණය වන පරිදි ව්‍යාප්තව ඇති 400 කට අධික අබාන්ස් ප්‍රදර්ශනාගාර ජාලයක් හරහා ලොව සුපතල නිෂ්පාදන පාරිභෝගික ජනතාව වෙත සමීප කිරීමට අබාන්ස් සමාගම කටයුතු කර ඇත.
 
 වසර 50 ක් පුරා ශ්‍රී ලංකාවේ ජන ජීවිතය උසස් තලයකට ඔසවා තබමින් අබාන්ස් සමාගම ලොව සුපතල වෙළඳ නාම වල භාණ්ඩ හා නිෂ්පාදන රාශියක් පාරිභෝගිකයින්ට ලබා අලෙවියෙන් පසු සේවාවක් ලබා දීමට කටයුතු කර ඇත. මේ අනුව ශ්‍රී ලංකාවේ සෑම නිවහනකම නැතුවම බැරි ලාංකික ජනතාවට ඉතා සමීප වූ සුවිශේෂී නාමයක් සනිටුහන් කිරීමට අබාන්ස් සමූහ ව්‍යාපාරය සමත්ව සිටියි.

 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles