Divaina - 'ගොවි මිතුරු' සේවාව පුළුල් කරමින් කාර්මික තාක්‌ෂණ ආයතනය සමඟ Dialog අත්වැල් බැඳ ගනී

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

dialog
මෙරට ගොවි ජනතාවට සුවසෙත සැලසීමේ හා ඔවුන්ගේ ඵලදාව සුරැකීමේ අරමුණින් Dialog ආයතනය පිරිනමන 'ගොවි මිතුරු' දුරකතන තොරතුරු සේවාව, එහි කෘෂි තාක්‌ෂණික තොරතුරු සේවා වපසරිය වඩාත් පුළුල් කිරීම සඳහා කාර්මික තාක්‌ෂණ ආයතනය සමග පසුගියදා ගිවිසුමකට එළැඹිණ. 2015 වසරේ සිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව Dialog ලබාදෙන මෙම සේවාව ඔස්‌සේ, වී ගොවිතැන, එළවලු හා පලතුරු භෝග වර්ග 15ක්‌ පිළිබඳ උපදෙස්‌ මෙන්ම, කාලගුණික විපර්යාසයන් හා පවුලේ පෝෂණය සම්බන්ධයෙන් ගොවි ජනතාවට මහෝපකාරී තොරතුරු රැසක්‌ ද සැපයේ. මේ වනවිට එහි ප්‍රතිලාභ ලබන ගොවීන් සංඛ්‍යාව 300,000 ද ඉක්‌මවා ඇත.
 
 ප්‍රමිතියානුකූලව පලතුරු ඉදවීමේ තාක්‌ෂණ ක්‍රම, අපනයන විධිවිධාන ගැන ගොවීන් දැනුම්වත් කිරීම, ඇසුරුම් හා ගබඩා නඩත්තු ක්‍රම, එළවලු හා පලතුරු අස්‌වනු නෙළීම හා ඉන්පසු ආරක්‌ෂා කරගැනීම ආදී මූලික කරුණු ඉලක්‌ක කරගනිමින්, කැනඩා රජයේ ආධාර ලබන IDRC/CIFSRF/ITI ව්‍යාපෘතිය යටතේ තාක්‌ෂණික උපදෙස්‌ සපයන කාර්මික තාක්‌ෂණ ආයතනය (ITI) සමග අත්වැල් බැඳගැනීම නිසා ගොවි මිතුරු සේවාව වෙතින් ඉටු වන මෙහෙවර තවදුරටත් ව්‍යාප්ත වනු ඇත. දැනට අඹ වර්ග (TJC ඇතුළු විවිධ අඹ ප්‍රභේද, කර්තකොලොම්බන්, විලාඩ්, වෙල්ලකොලොම්බන්... ආදී) සඳහා තාක්‌ෂණ උපදෙස්‌ සැපයෙන අතර, ඉදිරියේ දී අන්නාසි, රඹුටන් ඇතුළු තවත් අපනයනික පලතුරු වර්ග ගණනාවක්‌ ඊට එකතු කෙරේ. මෙවැනි නවීන තාක්‌ෂණ ක්‍රම හඳුන්වාදීම මගින් ඵලදාවේ ගුණාත්මක භාවය වැඩි වර්ධනය කරගැනීමට, නාස්‌තිය අවම කරගැනීමට හා වඩාත් හොඳ මිලක්‌ ලබා ගැනීමට ගොවීන්ට ඉඩ සැලසෙන අතර, එමගින් උසස්‌ ජීවන තත්වයක්‌ හිමි කරගැනීමට ඔවුන්ට හැකි වෙයි.
 
 ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 70%ක්‌ පමණ වාසය කරන්නේ ග්‍රාමීය පෙදෙස්‌වලය. ඔවුන් අතරින් බොහෝ දෙනෙකුගේ ජීවනෝපාය මාර්ගය ගොවිතැන වේ. ජාතියේ ජීවනාලිය සේ සැලකිය හැකි මෙම ගොවි මහත්වරුන් මෑතක්‌ වනතුරු මුහුණ පෑ එක්‌ ප්‍රධාන බාධකයක්‌ වූයේ තම වගාවන් සාර්ථක කරගැනීමට අත්‍යවශ්‍ය කෘෂිකාර්මික තොරතුරු නිසි කලට, නිවැරදිව ලබාගැනීමට පැවති අපහසුවයි. ශ්‍රී ලාංකික ජනතාව අතර දිගු කලක සිට පවතින ශක්‌තිමත් මිතුදම එහි දී උපයෝගී කරගත් Dialog සමාගම, එතෙක්‌ කතාබස්‌ කිරීමට පමණක්‌ සීමා වී තිබූ ජංගම දුරකථනය, ගොවි ජනතාවගේ ජීවනෝපාය සාර්ථක කරගැනීමට අත්‍යවශ්‍ය දැනුම් සම්භාරයක්‌ මිත්‍රශීලීව බෙදාදෙන ප්‍රවීණ උපදේශකයකු බවට පත් කරමින් එම බාධකය දුරලීමට වැදගත් පියවරක්‌ ගත්තේය.
 
 යම් ගොවි මහතකු, ගොවි මහත්මියක හෝ කෘෂි ව්‍යවසායකයකු ගොවි මිතුරු සේවාවට ලියාපදිංචි වන අවස්‌ථාවේ ඔහු/ඇය වගා කරන භෝග වර්ග පිළිබඳ තොරතුරු ලබාගන්නා අතර, සෑම වගා කන්නයක දීම බීජ සිටුවීමේ සිට අස්‌වනු නෙළීම, ගබඩාකරණය හා නිෂ්පාදන සැකසුම් දක්‌වා එම වගාව පවතින අදියරට හා ඔහුගේ ප්‍රදේශයට අනුකූල ලෙස එම පණිවිඩ සකස්‌ කරනු ලබයි. භෝග වගාව ගැන පමණක්‌ නොව සෞඛ්‍ය සම්පන්න ජීවිතය ගැනත් අත්‍යවශ්‍ය කාලීන තොරතුරු සෑම ගොවි මහතෙකුටම පෞද්ගලිකව අදාළ වෙන ආකාරයට යොමු කරනු ලබන්නේ ඒ අනුවය.
 
 'ඵලදාව සුරැකුමයි, පවුලේ සුවසෙතයි' යන තේමාව යටතේ ක්‍රියාත්මක වන ගොවි මිතුරු සේවාව, වගාව සඳහා බිම සකස්‌ කිරීම, ජලය සම්පාදනය, වැපිරීම, පොහොර යෙදීම, වල් නාශනය හා අස්‌වනු නෙළීම ඇතුළු ගොවීන්ට ප්‍රයෝජනවත් බොහෝ තොරතුරු ස්‌වයංක්‍රීය දුරකථන ඇමතුම් ආකාරයෙන් සතියකට 3 - 5ක්‌ පමණ ලබාදෙයි. මෙවැනි ඇමතුම්වල කෘෂිකාර්මික උපදෙස්‌ පමණක්‌ නොව, පවුලේ සෞඛ්‍යය ආරක්‌ෂා කරගැනීමට අවශ්‍ය වටිනා කාලීන උපදෙස්‌ ද අඩංගු වේ. Dialog ජංගම දුරකථනයකින් 616 ඇමතීමෙන් ගොවි මිතුරු සේවාව වෙත ලියාපදිංචි විය හැකි අතර, ගොවි මහතාගේ මනාපය පරිදි සිංහල හෝ දෙමළ භාෂාව තෝරාගත හැකිය. මෙම අගනා සේවාව වෙනුවෙන් වැය වන්නේ දිනකට රුපියල් 1ක්‌ (සහ අදාළ බදු) වැනි සුළු මුදලකි.
 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles