Divaina - ‘Selfie Expert and Leader’ නව OPPO F5 දුරකථනය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

oppoSelfie කලාවේ පුරෝගාමියා සහ ප්‍රමුඛයා වන OPPO සමාගම නව OPPO F5 දුරකථනය නිල වශයෙන් මෙරටට හඳුන්වාදීමට පසුගියදා කටයුතු කළේය.
 
 ඊට අමතරව, ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ තමන් ලද සාර්ථකත්වය සංකේතවත් කරමින් ‘Selfie Expert and Leader’ ලෙස නව සන්නාම පාඨයක්‌ද එහිදී හඳුන්වා දෙන ලදී. මේ වන විට OPPO දුරකථන රටවල් 28 ක තරුණ තරුණියන් මිලියන 200 කගේ පමණ හදවත් දිනාගැනීමට සමත් වී තිබේ. ශ්‍රී ලංකාවේදී OPPO දියත් කරන FHD සහ Full Screen තිරයක්‌ සහිත ප්‍රථම දුරකථනය මෙම F5 දුරකථනය වන අතර, Selfie ඡායාරූප තව තවත් අලංකාර කරන පුරෝගාමී තාක්‌ෂණයක්‌ වන A.I. Beauty තාක්‌ෂණයද මීට ඇතුළත්ය. මෙම තාක්‌ෂණය Selfie කලාව නව මානයකට රැගෙන යනු නිසැකය.
 
 මීට අමතරව දැනට OPPO සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරන දීපිකා පදුකෝන්ට (Deepika Padukone) අමතරව තවත් බොලිවුඩ් තරුවක්‌ වන සිද්ධාර්ත් මල්හෝත්‍රාද (Sidharth Malhotra) සන්නාම තානාපතිවරයෙකු ලෙස OPPO හා එක්‌වනු ඇත.
 
 මෙය OPPO Sri Lanka සමාගමට ඉතාමත් සුවිශේෂී කාලසීමාවක්‌ ලෙස හඳුන්වන්නට පුළුවන්. A.I. Beauty Technology සහිත නව F5 දුරකථනය හඳුන්වාදීමට අමතරව සමාගම නව ක්‍රමෝපායික දිශානතියක්‌ කරා අලුත් ගමනක්‌ ආරම්භ කිරීමට සූදානමින් සිටිනවා. නව විශේෂාංග රාශියක්‌ සහිත මෙම දුරකථනය පෙර මාදිලි මෙන්ම මෙරට තරුණ තරුණියන් අතර බෙහෙවින් ජනප්‍රිය වේවි කියා මට විශ්වාසයි යනුවෙන් OPPO Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරි බොබ් ලී මහතා පැවසීය.

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles