Divaina - උත්සවයේ සමයේ සතුට දෙගුණ තෙගුණ කරන්නට නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌ කාඩ්පත් වෙතින් දීමනා රැසක්‌

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ntbමෙවර වසර අවසාන උත්සව සමයේදීත් සුපුරුදු පරිදි සිය ගනුදෙනුකරුවන්ගේ සතුට දෙගුණ තෙගුණ කිරීම සඳහා නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌ මාස්‌ටර්කාඩ්ස්‌ ඔස්‌සේ ඉතුරුම් හා ප්‍රතිලාභ රාශියක්‌ ලබාදීමට නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌ බැංකුව සූදානමින් සිටී. මේ සඳහා දිවයිනේ ප්‍රමුඛ පෙළේ අලෙවිසල් 200 ක්‌ පමණ නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌ බැංකුව සමග අත්වැල් බැඳගෙන ඇත.
 
 මේ යටතේ නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌ බැංකුවේ කාඩ්පත් හිමියන්ට ඇඟලුම් සඳහා 25% ක්‌ දක්‌වා, ආභරණ හා ආයිත්තම් සඳහා 50% ක්‌ දක්‌වා, නිවාස වල එදිනෙදා භාවිතා වන නිෂ්පාදන සඳහා 35% ක්‌ දක්‌වා, හෝටල්වල නවාතැන් ගැනීමේදී 50% ක්‌ දක්‌වා, ආහාරපාන සඳහා 25% ක්‌ දක්‌වා, සුපිරි වෙළඳසැල්වලින් භාණ්‌ඩ මිලදී ගැනීමේදී 20% ක්‌ දක්‌වා, අන්තර්ජාලය ඔස්‌සේ භාණ්‌ඩ මිලදී ගැනීමේදී 40% ක්‌ දක්‌වා මෙන්ම ගෘහභාණ්‌ඩ හා ගෘහෝපකරණ සඳහා 20% ක්‌ දක්‌වා ඉතුරුම් හා මාස 6 සිට මාස 40 දක්‌වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම ආදියද හිමිවනු ඇත. නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌ ඩෙබිට්‌ කාඩ්පත් සඳහාද තෝරාගත් අලෙවිසල්වලදී විශේෂ ඉතුරුම් හා ප්‍රතිලාභ ලබාදීමට සැලසුම් කර තිබේ. මේ සියල්ල නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌ බැංකුවේ කාඩ්පත් හිමියන්ගේ උත්සව ප්‍රීතිය දෙගුණ තෙගුණ කරනු නොඅනුමානය.
 
 වසර අවසානය යනු උත්සව සමයේ සතුට සිත් සේ අත්විඳින අතරම නව වසරට සූදානම් වීමේ අවස්‌ථාව උදා වන කාලයක්‌. මෙම කාලය තුළ පවුලේ අය සමග එක්‌වී නිවාඩුවක්‌ ගතකිරීමට යැම, සාප්පු සවාරියේ යැම සහ තම නිවෙස්‌ අලංකාර කිරීම වැනි දේවල් සඳහා බොහෝ දෙනෙකු අවධානය යොමුකරනවා. එම නිසා අපගේ කාඩ්පත් හිමියන්ට ප්‍රතිලාභ ලබාදීමට සුදුසුම කාලය මෙයයි. දිවයිනේ ප්‍රමුඛ පෙළේ අලෙවිසල් ඇතුළු හවුල්කරුවන් 200 කට අධික සංඛ්‍යාවක්‌ සමග එක්‌වී ඇඳුම් පැළඳුම්, ගෘහභාණ්‌ඩ, ආහාරපාන සහ නවාතැන් ඇතුළු බොහෝ දේ සඳහා විශාල ඉතුරුම් ලබාදීමට අප කටයුතු යොදා තිබෙනවා. මෙම ඉතුරුම් හා දීමනාවලින් උපරිම ප්‍රයෝජන ලබාගනිමින් උත්සව සමයේ ප්‍රීතිය තම ආදරණීයයන් සමග බෙදාහදාගන්නා මෙන් මා නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌ බැංකුවේ කාඩ්පත් හිමියන්ට ආරාධනා කර සිටිනවා යෑයි නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌ බැංකුවේ කාඩ්පත් ප්‍රධානී නිලුක ගුණතිලක මහතා පැවසීය.

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles