Divaina - Dialog Mega වාසනා වෙතින් තවත් කෝටිපතියන් දෙදෙනෙක්‌

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


dialogමෙරට දුරකථන සමාගමක්‌ විසින් සිය පාරිභෝගිකයන් වෙනුවෙන් දියත් කරන ලද විශාලතම ප්‍රසාද දීමනා වැඩසටහන ලෙස පිළිගැනෙන Dialog Mega වාසනා තෑගි තරගය තම ජයග්‍රාහි ගමනේ පියවර 2 ක්‌ ඉදිරියට තබමින් තවත් කෝටිපතියන් දෙදෙනෙක්‌ බිහි කිරීමට පසුගියදා සමත් විය. සෑම සතියකම රුපියල් කෝටියක සුවිශාල මුදල් ත්‍යාගයක්‌ දිනාගැනීමේ සුපිරි වරම පිරිනමන Dialog Mega වාසනා මහා තෑගි තරගයෙන් මෙවර වාසනාවන්තයන් දෙදෙනා ද ඇතුළුව මෙතෙක්‌ බිහිකර ඇති මුළු කෝටිපතියන් ගණන 12 ක්‌ වේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදුලි සංදේශන සේවා සම්පාදන ආයතනය වන Dialog ආසිආටා සමාගම, මෙවැනි විශාල ත්‍යාග මුදල් සම්භාරයක්‌ පිරිනැමීම මඟින්, බලාපොරොත්තු වන්නේ සිය පාරිභෝගිකයන් සවිබල ගන්වන අතරම, ශ්‍රී ලාංකික වැසියන් වැඩිම පිරිසකට වාසනාව උදා කරදීමයි.
 
 Dialog Mega වාසනා මහා තෑගි තරගයෙන් මේ වන විට කෝටිපතියන් 12 දෙනෙක්‌ බිහි කරමින් ශ්‍රී ලාංකීය ජංගම දුරකථන ඉතිහාසයේ අඩුම කාලයකින් වැඩිම ත්‍යාග මුදලක්‌ බෙදා දුන් තෑගි තරගය ලෙස ශ්‍රී ලාංකිකයන් තුළ ඉහළ ප්‍රසාදයක්‌ හිමිකරගෙන ඇත. මෙම තෑගි තරගය මඟින් ලක්‌ෂ සංඛ්‍යාත Dialog පාරිභෝගික සමූහයට සමස්‌තයක්‌ ලෙස මාසිකව රුපියල් කෝටි 5 ඉක්‌මවන මුදල් ප්‍රමාණයක්‌ දිනාගැනීමේ අවස්‌ථාව උදාවේ. ඒ අනුව රුපියල් කෝටිය බැගින් වූ මෙගා ත්‍යාග 12 ඇතුළුව, රු. ලක්‌ෂ 30 ක ජයග්‍රාහකයකු, රු. ලක්‌ෂ 20 බැගින් ජයග්‍රාහකයන් 8 දෙනකු, රු. ලක්‌ෂ 10 බැගින් ජයග්‍රාහකයන් 106 දෙනකු සහ රු. ලක්‌ෂයේ ජයග්‍රාහකයන් 660 දෙනකු ඇතු`ඵ ලක්‌ෂ 17 කට අධික පාරිභෝගික පිරිසක්‌ වෙත රුපියල් මිලියන 500 කට අධික අති දැවැන්ත මුදල් ත්‍යාග ප්‍රමාණයක්‌ මේ දක්‌වා පිරිනමා තිබේ.
 
 Dialog Mega වාසනා 11 වැනි කෝටිපතිs ජයග්‍රාහකයා වීමට වාසනාව හිමිකරගත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි නිසල් ප්‍රනාන්දු මහතා යි. දඹුල්ල ප්‍රදේශයේ පදිංචි රංජිත් වික්‍රමශාන්ත මහතා Dialog Mega වාසනා බිහි කළ 12 වැනි කෝටිපතියා බවට පත් විය. ඔවුන් දෙදෙනාට හිමි රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් චෙක්‌පත් ද්විත්වය පසුගියදා උත්සවශ්‍රීයෙන් ප්‍රදානය කෙරිණ. මෙම අවස්‌ථාවට Dialog ආසිආටා සමාගමේ ව්‍යාපාර ප්‍රධානි, ජංගම දුරකථන සේවා අසංග ප්‍රියදර්ශන මහතා සහ Dialog ආසිආටා සමාගමේ ඌව හා සබරගමු පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකරු ජාතික අලෙවි ශ්‍යාම් හේමන්ත යන මහත්වරු සහභාගි වූහ.

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles