Divaina - නිව්මෝනියාව පරදවා ධනමේනියාව ඉටුකරගත් ප්‍රකෝටිපතියා ලැරී එලිසන්

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

busi4 1මේ වන විට ලෝකය පුරා බිලියනපතියණ්‌ 2000 කට වඩා පිරිසක්‌ සිටිති. එම ගණන තව තවත් ඉහළ යනවා මිස අඩුවීමක්‌ නැත. ඔවුන්ගෙන් සමහරු තමන්ගේම සිතුවිල්ලක්‌ ඔස්‌සේ සිත මෙහෙයවා ධනවතුන් වූ අය ය. තවත් පිරිසක්‌ උරුමයෙන් ලැබුණු ධනය තවත් වර්ධනය කරගෙන ඉහළට පැමිණි අයයි.

නමුත් ලැරී එලිසන්ගේ කතාව මේ දෙකටම වෙනස්‌ය. ඔහුට දෛවයෙන් උරුමව තිබුණේ කඩා වැටීමයි. එහෙත් ඔහු එය වෙනස්‌ කළේය. එහි ප්‍රතිඵලය අද ඔහුට ලැබී තිබේ.

ලෝරන්ස්‌ ජෝසµa එලිසන් 1944 අගෝස්‌තු 17 දා උපන්නේ ඇමරිකන්-ඉතාලි සහිත පියකුට දාව යුදෙව් මවකගේ කුසෙනි. ඔහුගේ පියා එක්‌සත් ජනපද ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකි. නිව්යෝර්ක්‌හි මැන්හැට්‌න් නගRයේ උපන් ලැරීට වැඩිකල් එහි සිටින්නට ලැබුණේ නැත.

අවුරුදු 9 දී දරුණු ලෙස නියුමෝනියාවට ගොදුරු වූ ඔහු මව විසින් භාරකරනු ලැබුවේ නැන්දා හා මාමා වෙතය. එනිසා ඔහු වැඩුණේ චිකාගෝ ප්‍රදේශයේය.

වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉලිනොයිස්‌ මෙන්ම චිකාගෝවල උර්බානා-ශැම්පේන් සරසවිවලට ඇතුළු වුවද වසර දෙකකින් සරසවි ජීවිතයට ආයුබෝවන් කීවේය.

ඔහුට එලිසන් යන නම තැබුවේ ඔහුගේ භාරකාර පියා විසිනි. ඒ තම ඇමරිකානු සංක්‍රමණය හා එලිස්‌ දූපත සිහිවීම සඳහාය. 1966 වසරේදී එනම් අවුරුදු 22 ක තරුණයකු වශයෙන් සිsටියදී ලැරී උතුරු කැලිෆොනියාව වෙත පැමිණියේය.

1970 ගණන්වලදී AMPEX නම් ආයතනයක සේවයට ඔහු එක්‌වූයේය. පසුකලෙක සිය ORACLE ආයතනය සඳහා අඩිතාලම වැටුණේ එහි සිටියදී සිදුකළ පර්යේෂණයකට සම්බන්ධවීම මගිනි. පසුව ඔහු නව පරිගණක මෘදුකාංගයක්‌ නිර්මාණය කිරීමට වෙහෙසුණේය. ඒ සඳහා ඔහු වෙහෙසෙන විට ඔහුගේ යහළුවන් කීවේ එය කාලය නාස්‌ති කරන කිසිදු ලාභයක්‌ නොමැති වැඩක්‌ කියාය. එහෙත් ඔහු පසු බැස්‌සේ නැත. ඉදිරිය පිළිබඳ ඔහු තුළ සුභවාදී දැක්‌මක්‌ මෙන්ම නිශ්චිත ඉලක්‌කයක්‌ද විය. අවසානයේ ඔහු නව මෘදුකාංගය නිර්මාණය කළේය.

මෙම නව මෘදුකාංගයට දැඩි ඉල්ලුමක්‌ බිහිවූ අතර ලැරී තවත් ආයෝජකයන් දෙදෙනකු සමග SDL ආයතනය ආරම්භ කෙරිණි. මෙහි මුල් ආයෝජනය ඩොලර් 2000 ක්‌ වූ අතර ඉන් ඩොලර් 1200 ක්‌ යෙදවූයේ ලැරී එලිසන්ය.

1982 දී එය ORACLE SYSTEMS INCORPERATION ලෙස නම් කරනු ලැබීය. ඔහුගේ ප්‍රගතිය නිසාම අධි තාක්‍ෂණික අංශයෙන් වසරේ හොඳම ව්‍යවසායකයා ලෙස වරෙක ඔහුගේ නමද යෝජනා කෙරිණි.

ඔහු විවාහ කිහිපයක්‌ම සිදුකරගත් අයෙකි. 1967 දී ඇඩ් කුවින් සමග විවාහ වූ ඔහු 1974 දී ඇගෙන් දික්‌කසාද විය. 1977 දී නැන්සි වීලර් විවාහ කර ගත්තේය. එම විවාහය පැවැතියේ වසරක්‌ පමණි. ඔහුගේ ඊළඟ බිරිඳ වූයේ 1983 දී විවාහ කරගත් බාබරා බූත්ය. ඇගෙන්ද දික්‌කසාද වූ ලැරී 2003 වසරේදී මෙලනි ක්‍රාµaට්‌ හා විවාහ විය. 2010 දී ඇගෙන්ද දික්‌කසාද වූයේය. කෙතරම් විවාහයන් කර ගත්තද ඔහුට සිටින්නේ ඩේවිඩ් හා මෙගන් නම් දරුවන් දෙදෙනකු පමණි.

2012 වසරේදී හවායි රාජ්‍යයට අයත් ලනායි දූපත (ISLAND OF LANAI) ඔහු මිලට ගත්තේය. අක්‌කර 90,000 ක්‌ වන එහි වපසරියෙන් අක්‌කර 87,000 ක්‌ම ඔහුට ඒ මොහොතේ අයිති විය. පසුව ලනායි සිට හොනලුලු වෙත ගුවන් ගමන් සේවාවක්‌ද ඔහු ආරම්භ කළේය. මෙම දූපත මිලට ගැනීම සඳහා ඔහු වැය කළ මුදල ඇමරිකන් ඩොලර් මිලියන 300 කි. (එය හවායිහි හයවැනි විශාලම දූපතයි.)

මීට අමතරව සුපිරි පන්නයේ රුවල් නැව් කිහිපයක්‌ද ඔහු සතුය. ඒ මීටර 58 ක්‌ දිග LURSEN මීටර 75 දිග BLOHM මීටර් 138 දිග LURSEN වශයෙනි. මීට කලකට පෙර ලොව එකොළොස්‌වන විශාලතම රුවල් නැව වන RISING SUN ද ඔහුට අයත්ව තිබිණි. මීටර 140 ක්‌ දිග එය සෑදීමට ඔහු ඩොලර් මිලියන 200 ක්‌ වැය කළේය.

මෙපමණක්‌ද නැත. බලපත්‍රලාභී ගුවන් නියමුවකු වන ලැරී එලිසන් තමාගේම ජෙට්‌ යානා දෙකක හිමිකරුවෙකි.

ඔහුගේ වර්තමාන වත්කම ඩොලර් බිලියන 61. 8 කි. ඒ අනුව ඇමරිකාවේ පස්‌වන ධනවතා මෙන්ම ලෝකයේ හත්වන ධනවතා වන්නේද ලැරී එලිසන්ය. ඔහුගේ වැටුප ඩොලර් මිලියන 78.4 කි. සිය වත්කමින් 1% ක්‌ පුණ්‍යාධාර ලෙස වෙන් කිරීමට ඔහු තීරණය කර තිබේ. ලැරී ආ ගමන් මග පුළුන් අතුරා තිබුණේ නැත. රෝගී භාවය හා ඊට සමගාමීව සිදුවූ නොසලකා හැරීම් ඉදිරියේ ඔහු පසුබා ගියේ නම් අද ලැරී එලිසන් කෙනෙකු නැත. ඔහුගේ කතාව අපට කියාදෙන පාඩම නම් "දෛවයෙන් කෙටූ පරාජය පිළිනොගන්න. ඊට එරෙහිව සටන් කරන්න. දිනෙක පරාජය ඔබ ඉදිරියේ පරාජය වනු ඇත" යන්නයි.

වසන්ත විඡේරත්න
 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles