Divaina - ආයෝජන මණ්‌ඩලය අනුමැතියදුන් ඉන්දියානු පාවහන් සමාගම නිසා දේශීය පාවහන් කර්මාන්තය අනතුරේ

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

busi2 1VKC නැමති ඉන්දියානු පාවහන් සමාගමක්‌ සඳහා ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය විසින් අනුමැතිය ලබාදී තිබේ.
 
 මෙසේ ආයෝජන මණ්‌ඩල අනුමැතිය යටතේ ලැබෙන බදු සහන හේතුවෙන් ඉන්දියානු පාවහන් සමාගමට ලැබෙන වාසිය නිසා දේශීය පාවහන් කර්මාන්තය දැඩි අවදානමකට ලක්‌ව තිබේ. ඒ සම්බන්ධයෙන් දේශීය පාවහන් නිෂ්පාදන සමාගමක්‌ ලෙස තම සමාගම ඊට දැඩි විරෝධය පළ කරන බව DSI සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ කුලතුංග රාජපක්‍ෂ මහතා පවසයි.
 
 ඒ සම්බන්ධයෙන් දිවයින බිස්‌නස්‌ ලයිෆ් වෙත කරුණු දැක්‌ වු ඒ මහතා මේ ඉන්දියානු පාවහන් සමාගම මෙරටට ගෙනවිත් ඇත්තේ ඩොලර් ලක්‍ෂ දෙකහමාරක මුදලක්‌ පමණයි. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් මිලියන හතළිහක විතර මුදලක්‌. ඒ මුදලින් අඩුම තරමින් කර්මාන්ත ශාලාවකට ගොඩනැඟිල්ලක කොටසක්‌වත් ඉදි කරගන්නට බැහැ. අඩුම තරමින් අලුත් ප්‍රාෙඩ්‍රාa ජීප් දෙකක්‌වත් ගන්න බැරි මුදලක්‌. රටට ගේන විදේශ ව්‍යාපාරයකට ආයෝජන මණ්‌ඩල අනුමැතිය ලබාදීම වැරදියි.
 
 මේ ඉන්දියානු සමාගමට ලංකාවේ සපත්තු අලෙවියට අනුමැතිය ලබාදී තිබෙනවා. ආයෝජන මණ්‌ඩලය ආරම්භ කළේ මෙරට භාණ්‌ඩ නිපදවා පිටරට යවන්නට මිස ලංකාවට විකුණන්නට නෙවෙයි. මේ අය අපේ රටේ නැති කිසිම අලුත් තාක්‍ෂණයක්‌ මෙරටට ගෙන එන්නේ නැහැ.
 
 ඒ වගේම දේශීය අමුද්‍රව්‍ය මේ සපත්තු නිපදවන්නට ඒ අය ගන්නේ නැහැ. ඒවා ගෙන එන්නෙත් ඉන්දියාවෙන්.
 
 මෙරට විශාල පිරිසකට රැකියා සැපයෙන්නෙත් නැහැ. ඉන්දියාවෙන් සේවකයන් යම් පිරිසකුත් ගෙන ආ විට ඔවුන්ගේ වැටුප් ලෙස මෙරට විදේශ විනිමය ඉන්දියාවට යෑවෙනවා. මේ සමාගමට ආයෝජන මණ්‌ඩල අනුමැතිය යටතේ ක්‍රියාත්මක වන්නට නම් අමුද්‍රව්‍ය ලෙස ශ්‍රී ලංකාවෙන් රබර් මිලදී ගත යුතුයි.
 
 මේ සමාගමට සපත්තු කුට්‌ටම් මිලියන දෙකක්‌ හදන්නට දීලා. ලංකාවේ ජනගහනය මිලියන 21 යි. මේ පිරිසෙන් සැලකිය යුතු පිරිසක්‌ පාවහන් පලඳින්නේ නැහැ. ඒ කියන්නේ මේ සමාගමට රටේ සපත්තු අවශ්‍යතාවයෙන් සියයට දහයකට වැඩි ප්‍රමාණයක්‌ හදන්න දීලා.
 
 දැනටත් දේශීය සපත්තු නිෂ්පාදනය ග්‍රාමීයවත් සිදු කරනවා. ඒ නිසා අපේ රටේ දැනටත් මිලියන 4 ක 5 ක නිෂ්පාදන අතිරික්‌තයක්‌ රටේ තිබෙනවා. මීට අමතරව තීරු බදු නොගෙවා පිටරටවලින් මෙරටට සපත්තු ගෙන එනවා. මේ ඉන්දියානු සමාගම නිසා ගමේ කුඩා සපත්තු ව්‍යාපාර වැහිලා යනවා.
 
 මෙරට ඇති ඉන්දියානු සමාගමේ මව් සමාගම අති විශාල ආර්ථික ශක්‌තියක්‌ ඇති සමාගමක්‌. මේ සමාගමට අමුද්‍රව්‍ය ලැබෙන්නෙත් මව් සමාගමෙන්. මව් සමාගමෙන් අර්ධ වශයෙන් නිම වු පාවහන් කොටස්‌ කරන ලද පාවහන් මෙරටට එවිය හැකියි. අවශ්‍ය නම් මෙරට දී අලවන්න විතරක්‌ සපත්තු හදලා එවන්න පුළුවන්. ඒ වගේම බදු අවශ්‍ය ආකාරයට අඩු වැඩිකර මේ සමාගමට තම මව් සමාගම සමඟ කටයුතු කළ හැකියි.
 
 ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට අවුරුද්දක්‌ නොමිලේ සපත්තු ලබා දෙන්නට තරම් ආර්ථික ශක්‌තියක්‌ මේ සමාගමට තිබෙනවා. එහෙම කරලා මෙරට දේශීය පාවහන් කර්මාන්තය වැසීගිය විට කැමති මිලට ඒ සමාගමට පාවහන් අලෙවි කළ හැකියි.
 
 මේ වන විට මෙරට දේශීය පාවහන් කර්මාන්තය සෘජු හා වක්‍ර රැකියා ලක්‍ෂ දෙකහමාරක්‌ සපයා තිබෙනවා. එයින් සැපයෙන පවුල්වල සාමාජිකයන් ලක්‍ෂ ගණනක්‌ මේ ඉන්දියානු සමාගම නිපදවන පාවහන් අපනයනය කරනවා නම් අපේ විරෝධයක්‌ නැහැ. එම සමාගමේ නිෂ්පාදනවලින් සියයට දහයක්‌ මෙරට වෙළෙඳපොළට නිකුත් කලාට කමක්‌ නැහැ. ඒ වගේම පාවහන් නිෂ්පාදනය සඳහා අපේ රටේ නැති අධිතාක්‍ෂණය මේ ඉන්දියානු සමාගම භාවිත කළ යුතුයි.
 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles