Divaina - නවවැනි වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා විසින් කොමර්ෂල් බැංකුව තෝරාගනී
965x87 01 new
Divaina Wimal

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

comersආසියාවේ ගෞරවණීයම මූල්‍ය ප‍්‍රකාශන සමාගමක් විසින් 2019 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව 09 වන වතාවටත් තෝරාගෙන තිබේ.
 
 හොංකොං පදනම් කරගත් ෆයිනෑන්ස් ඒෂියා සඟරාව 2019 වසරේ කන්ටි‍්‍රඅවෝර්ඞ්ස් සඳහා තුන්වන කණ්ඩායම වන සිංගප්පූරුව, ශ‍්‍රී ලංකාව, දකුණු කොරියාව, තායිවානය, තායිලන්තය සහ වියට්නාමය යන රටවල ජයග‍්‍රාහයකයින් නිවේදනය කරමින් මෙසේ සඳහන් කර තිබේ. ‘මෙවරත් මෙම සම්මාන සඳහා සටන අතිශයින්ම තරඟකාරී වී තිබෙනවා. එයට හේතුවී තිබෙන්නේ අවිනිශ්චිත මූල්‍ය වෙළඳපොළ තත්ත්වයන් යටතේ සහ ඉතාමත් දැඩි නියාමන පරිසරයක් තුළ ශක්තිමත්ව සිටීමේ හැකියාව බොහෝ මූල්‍ය ආයතන පෙන්වා තිබීමයි.’
 
 ෆයිනෑන්ස් ඒෂියා විසින් පසුගිය වසර 11 කට පෙර සම්මානයට පාත‍්‍රකළ ශ‍්‍රී ලංකාවේ පළමු ආයතනය කොමර්ෂල් බැංකුව වූ අතර පිට පිටම නමවන වතාවටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව යන සම්මානය කොමර්ෂල් බැංකුව මෙවර දිනාගැනීම මේ නිසා වඩාත් කැපී පෙනේ.

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles