Divaina - ශ‍්‍රී ලංකන් ගුවන් සේවය 2019 මැයි මාසයේදී නියමිත වේලාවට මෙහෙයුම් වැඩිවශයෙන් සිදුකළ ගෝලීය ගුවන් සේවය බවට පත්වේ

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

sri1333ශ‍්‍රී ලංකන් ගුවන් සේවය මාස 12 කට අඩු කාලයකදී දෙවැනි වරටත් ලෝකයේ වඩාත්ම නියමිත වේලාවට මෙහෙයුම් වැඩි වශයෙන් සිදුකළ ගුවන් සමාගම ලෙස (world’s most punctual airline) තේරී පත්වී ඇත.
 
 මේ අනුව ශ‍්‍රීලංකන් ගුවන් සේවය 2019 මැයි මාසයේදී 90.75% ක ගුවන් ගමන් මෙහෙයුම් නිසි වේලාවට සිදුකර තිබේ. පසුගිය වසරේ එනම් 2018 සැප්තැම්බර් මාසයේ 91.37% ක ප‍්‍රතිශතයක් වාර්තා කරමින් ලොව වැඩි වශයෙන් නියමිත වේලාවට මෙහෙයුම් සිදුකිරීමේ ගුවන් සේවය බවට පත්වූහ.
 
 මේ පිළිබඳව අදහස් දක්වමින් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා
 
 ප‍්‍රකාශ කළේ ගුවන් සේවය නියමිත වේලාවට පැමිණීම හා නියමිත වේලාවට පිටත්වීමෙන් ගනුදෙනුකරුවන් ඉමහත් ප‍්‍රීතියට පත්ව ඇති බවයි. තවද මෙම ජයග‍්‍රහණය සඳහා කාර්ය මණ්ඩලය නිරන්තරයෙන් කැපවීමෙන් ඔවුන්ගේ කාර්යභාර්ය කළ බවත් ගුවන් සේවා කණ්ඩායම වෙත සුබපැතුම් පිරිනමන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
 
 ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ කේන්ද්‍රස්ථානය වන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආරක්ෂාව ඉහළ නංවා ඇති අවස්ථාවක මෙම ජයග‍්‍රහණය හිමිවීම විශේෂත්වයකි. දුෂ්කර කාල පරිච්ෙඡ්දයක පවා තම ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම සේවාවක් සැපයීම තුළින් ජාතික ගුවන් සේවයේ අසාමාන්‍ය කැපවීම පැහැදිලිව පෙන්නුම් කරයි.
 

 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles