Divaina - ACCA තිරසාරත්ව සම්මාන උළෙලේදී යුනියන් ඇෂුවරන්ස් වෙත සුවිශේෂී ජයක්

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 acca
2018 ACCA S රස Lanka තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේ මූල්‍ය සේවා හා රක්ෂණ කාණ්ඩයේ ජයග‍්‍රහණය හිමිකරගැනීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම සමත් විය. ACCAවිසින් මෙම සම්මාන උළෙල අඛණ්ඩව පවත්වන ලද 15 වන අවස්ථාව මෙයයි. මේ අතරින් අවස්ථා 11 කදී යුනියන් ඇෂුවරන්ස් සමාගම සිය තිරසාරත්ව ක‍්‍රමවේද වෙනුවෙන් ඇගයීමට ලක්වී තිබේ.
 
 සියලූ‍ම පාර්ශ්වකරුවන් සමග ශක්තිමත් සහ ඵලදායී සම්බන්ධතා පවත්වාගැනීම, තම සාර්ථකත්වය සඳහා ඉතාමත් වැදගත් සාධකයක් බව යුනියන් ඇෂුවරන්ස් සමාගම විශ්වාස කරයි.
 
 ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතු සේවාවක් සමගින් ගනුදෙනුකරුවන්ට පුළුල් පරාසයක පැතිරුණු විසඳුම් ලබාදීම, කාර්ය මණ්ඩලයේ වෘත්තීය සංවර්ධනය හා ප‍්‍රගමනය උදෙසා ආයෝජනයන් සිදුකිරීම, ව්‍යාපාරික හවුල්කරුවන් සමග ශක්තිමත් සම්බන්ධතා ගොඩනංවාගැනීම, සමාජයේ යහපත උදෙසා දායක වීම සහ සමාගමේ කටයුතු වලින් පරිසරයට එල්ල විය හැකි බලපෑම් අවම කිරීම යුනියන් ඇෂුවරන්ස් හි ප‍්‍රමුඛත්ව හිමිවන කරුණු වේ.
 
 ‘‘‍මෙම සම්මානයෙන් පිදුම් ලැබීම අප ලද විශාල ගෞරවයක්. තිරසාර ව්‍යාපාර ක‍්‍රමවේදයන් පවත්වාගැනීම සඳහා අපගේ කණ්ඩායම දරන උත්සාහයට ලැබුණු ඇගයීමක් සහ එම උත්සාහය තවදුරටත් දිරිගැන්වීමක් ලෙස මෙය පෙන්වා දීමට පුළුවන්.”‍ යුනියන් ඇෂුවරන්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ඩර්ක් පෙරෙයිරා මහතා පැවසී ය.
 
 ජීවන වෙනසක බැඳීම ඉලක්ක කරගෙන අඛණ්ඩව මානව සම්පත්, සේවා සහ ක‍්‍රියාවලි වැඩිදියුණු කිරීම වෙනුවෙන් ආයෝජනයන් සිදුකරමින් දිනෙන් දින ශක්තිමත් වෙමින් ඉදිරියට යාම යුනියන් ඇෂුවරන්ස් සමාගමේ අරමුණ වී තිබේ.

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles